Watch Trailer

Wish Upon (2017) with Sinhala Subtitles | සංගීත නාදය අවසන් වූ විට ඔබේ පැතුම ඉටුවේවී, නමුත් එයට වන්දිය රැධිරයෙන් ගෙවීමට සිදුවේවි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරිම චිත්‍රපටියක් අරන් තමයි මම මේ ආවේ, මේක ගැන කියනවනම් 2017.07.14 තමයි මේ චිත්‍රපටිය ලොව පුරා තිරගතවීම ආරම්බ කරලා තියෙන්නේ. මේක අයිති වෙන්නේ Fantasy, Horror, Thriller ගනයට. ඒවගේම මේ වනවිට මේකට 4.8ක IMDb අගයක් ලැබිලා තියනවා. Joey King, Ryan Phillippe (ශූටර් ටීවී සීරිස් එක බලන අයට නම් ම…

ඔන්න තවත් සුපිරිම චිත්‍රපටියක් අරන් තමයි මම මේ ආවේ, මේක ගැන කියනවනම් 2017.07.14 තමයි මේ චිත්‍රපටිය ලොව පුරා තිරගතවීම ආරම්බ කරලා තියෙන්නේ. මේක අයිති වෙන්නේ Fantasy, Horror, Thriller ගනයට. ඒවගේම මේ වනවිට මේකට 4.8ක IMDb අගයක් ලැබිලා තියනවා. Joey King, Ryan Phillippe (ශූටර් ටීවී සීරිස් එක බලන අයට නම් මෙයා ගැන අමුතුවෙන් කියන්න ඔනි නැහැනේ), Ki Hong Lee (THe Maze Runner බලපු අයනම් මෙයාව දන්නවා ඇති), වගේ හොලිවුඩ් වල දක්ෂ නළුනිලියෝ රැසක් මේකට රංගනයෙන් දායක වෙලා තියනවා. ඉතින් තවදුරටත් කියනවනම් අමුතුම කතාවක් යන්නේ. අපේ ඇඩ්මින් මඩුල්ලේ සිසිල ප්‍රසාද් අයියා තමයි මට මේක කරන්න කියලා බාර දුන්නේ එයාට ස්තූති කරන්න ඔනි ඒකට, ඒවගේම ගැටළු නිරාකරනය කරගන්න උදව් කරපු නුවන්ත දුලාන්, කලිදු වසුක අයියලා දෙන්නටත් මේ වෙලාවේ ස්තූති කරනවා. එහෙනම් වැටි විස්තර ඔනි නැහැ කතාව පැත්තට යමු.

ක්ලේයා.. හුගක් ලස්සන තරැණ ගැහැනු ළමයෙක්, ඇය කුඩා කාලයේදිම ඇයගේ අම්මා අවාසනාවන්ත විදිහට මිය යනවා, මවගේ වියෝවෙන් පස්සේ ක්ලේයගේ ලෝකය වෙන්නේ එයාගේ තාත්තයි මැක්ස් කියන බලු පැටියයි. ඉතින් මෙයාලට වැඩි වත්කමක් නැහැ, ඒක නිසා ක්ලේයා හැම දාම පන්තියේ ඉන්න පෝසත් ළමයින්ගේ කෙනහිලිකම් වලට ලක්වෙනවා. ක්ලේයගේ තාත්තාගේ රැකියාව පරණ යකඩ බඩු එකතු කරන එක… ඉතින් ඔයාමෙ යකඩ බඩු හොයන්න ගිය වෙලාවක එයාට පොඩි පෙට්ටියක් හම්බ වෙනවා, ඒ චීන අකුරින් කැටයම් කරලා තියන නිසා ඔහු ඒක ඔහුගේ දුව ක්ලේයට තෑගි කරනවා,ඒ පෙට්ටිය අරින්න බැහැ, ඒකේ තියෙන චීන අකුරැ වලින් ක්ලේයට කියවගන්න පුළුවන් වෙන්නේ ප්‍රාර්ථනා හතක් කියන එක විතරයි.. ඉතින් ක්ලේයා ඒක උඩ අත් දෙක තියාගෙන පැතුමක් පතනවා.. පහුවෙනිදි බලද්දි එයාගේ පළවෙනි පැතුම ඉටුවෙලා, ඒත් වැඩේ කියන්නේ එයාගේ හුරතලා මැක්ස් ආගි අතක් නැහැ, පස්සේ ගෙදර පහළ ගබඩාවේ තිබිලා මැක්ගේ මල සිරැර ක්ලේයා හොයාගන්නවා, ඉතින් මේ ගැන වැඩි අවබෝදයක් නැති ක්ලේයා තවත් ප්‍රාර්ථනාවක් කරනවා.. ඒකත් ඉටුවෙනවා.. ඉතින් ඒ ප්‍රාර්ථනාවෙන් පස්සෙත් ක්ලේයට එයාගේ සමීපම කෙනෙක් අහිමි වෙනවා…

ඉතින් පස්සේ ක්ලේයා එයාගේ යාලුවා රයන් එක්ක එකතුවෙලා මේ පෙට්ටිය ගැන හොයන්න ගන්නවා, එයා ඒක ගැන හුගක් දේවල් හොයාගන්නවා, ඒත් ඒ එකක් වත් හොද දේවල් නෙමෙයි, ප්‍රාර්ථනාවක් කලාට පස්සේ පෙට්ටිය ඇරිලා සංගීතයක් වාදනය වෙනවා, ඒක ඉවර වෙනවත් එක්කම ඒ ප්‍රාර්ථනාව ඉටුවෙනවා. හැබැයි ඒ වෙනුවෙන් එයාගේ සමීපම කෙනෙක්ට මිය යන්න සිද්ද වෙනවා. ප්‍රාර්ථනා පෙට්ටිය නිසා ක්ලේයට හැම දෙයක්ම ලැබෙනවා. එයා ඉස්කෝලේ කැපී පෙනෙන චරිතයක් වෙනවා. ඉතින් දවසක් ක්ලේයා කොහොම හරි මේ පෙට්ටියේ තියන අනිත් චීන අකුරැ වල තේරැමත් හොයාගන්නවා, ඒකේ තියන විදිහට මේ ප්‍රාර්ථනා හත අවසානයේ…….

එතනින් එහාට කියන්න යන්නේ නැහැ, ඉතින් ගොඩාක් බයානක දේවල් සිද්ද වෙනවා, කුතුහලය උපරිමයි ඇසට කදුලැලි උනන අවසානයක් තියෙන්නේ, හැමෝටම මේක රසවිදින්න කියන ඉල්ලීමත් එක්ක මම නවතිනවා. හැමෝටම බුදු සරණයි!

Wish Upon (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා අදාළ වේ.

7,878 downloadsDownload Wish-Upon-2017-updated.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sachintha.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

7,878 downloadsDownload Subtitles35 KB

32 comments

  1. shashika

    tnks broo..

  2. අසිත

    ELAMA SAHO THANKS

  3. brt

    thanx bro.. wenas film 1k wage....

  4. sumed

    sub ekata thanks bro

  5. kanthaDLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  6. Krishan Niluka

    Patta Film Eka
    Thanks Macho....!
    GOOD LUCK

  7. Krishan Niluka

    Patta Film Eka Macho
    Thanks SUB Ekata.
    Good Luck....!

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. C. R. ජයලත්

    Niyamai Sachiya Jaya Wewa!!!!!

  10. asan

    ලස්සන බලන්න ආසා හිතෙන ෆිල්ම් එකක්. හොරර් ෆිල්ම් බලන්නේ නැති උනත් මේක නම් බලනවා.ගොඩක් ස්තුතියි!!!

  11. Sohan Jayasooriya

    ෆට්ට ෆිලුමක් වගේ සචියො අනිවා බලනවා මේක.. සබට තෑන්ක්ස් වේවා!!

  12. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  13. Dulanga

    Thanks

  14. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. Nirodhauthpala

    Thx sachiya subata digatama denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  16. Amila Mudalige

    Sub ekta thanks☺️☺️

  17. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  18. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  19. madusara manawasinghe

    එල

  20. Amalka

    තැන්ක්ස් සචී සබ් එකට

  21. Udaya Fernando

    Thanks Sachi

  22. dhaushka

    thnxxxxxxxxxxx

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. විදුෂාන් සජිත්

    නියමයි සහෝ, ලස්සන ෆිලුමක්, පට්ට.. ගොඩක් ස්තුතියි... ජය වේවා....!

  25. mindika

    Thanks !!!!!!!!!!!!!

  26. සෝමපාල

    බොහොම ස්තූතියි සහෝ

  27. Ravindu Rukshan

    thx

  28. akila13

    thanx for sub

  29. Danuka0522

    Thanks....

  30. Lakshansilva18

    Thanks for sub

  31. Hashan M. Priyadarshana

    Thank you

  32. Shaggy

    Thank you very much