Watch Trailer

Witness for the Prosecution (1957) with Sinhala Subtitles | යුක්තියේ තුලාව [සිංහල උපසිරසි සමඟ]

2009 මාර්තු මස 10 වන සඳුදා…… ශ්‍රී ලාංකික සිනමා රසික රසිකාවියන්හට අනුස්මරණිය දවසක් වුවාට කිසිදු සැකයක් නෑ. එදා මෙදාතුර රසික රසිකාවියන් ලද වටිනා සම්පත් අතරින් දියමන්තියක් බඳු වූ බයිස්කෝප් වෙබ් අඩවියේ පළමු වෙඩි මුරය තබන්නේ එදායි. ඉසිර ගුණතිලක හෙවත් පොතේ ගුරා නම් වූ ඔහු තමා නැරඹු Wild Hog නම් වූ සිනමා…

2009 මාර්තු මස 10 වන සඳුදා…… ශ්‍රී ලාංකික සිනමා රසික රසිකාවියන්හට අනුස්මරණිය දවසක් වුවාට කිසිදු සැකයක් නෑ. එදා මෙදාතුර රසික රසිකාවියන් ලද වටිනා සම්පත් අතරින් දියමන්තියක් බඳු වූ බයිස්කෝප් වෙබ් අඩවියේ පළමු වෙඩි මුරය තබන්නේ එදායි. ඉසිර ගුණතිලක හෙවත් පොතේ ගුරා නම් වූ ඔහු තමා නැරඹු Wild Hog නම් වූ සිනමා පටය පිළිබඳව රසවින්දනාත්මක ලිපියක් ලියන්නේ සහෘදයන්හට තතු විත්ති කියන්නයි. එයින් ඇරඹුන මේ ගමන වෙනස්ම මානයක් කරා රැගෙන යමින් 2009 ජූනි මස 26 වෙනිදා ප්‍රථම නිදහස් සිංහල උපසි‍රැස අන්තර් ජාලයට නිකුත් කරන්නේ රොයිලි ප්‍රනාන්දු විසිනි. එයින් ඇරඹුනා මේ සුවිශාල ගමන වසර 09 පුරාවටම විවිධ බාධක පසුකරමින්, සියළු අභියෝගයන් ජය ගනිමින් ලාංකික සිනමා රසික රසිකාවියන්ගේ හදවතේ බයිස්කෝප් යන නාමය රන් අකුරින් සනිටුහන් කෙරුවාට කිසිදු සැකයක් නෑ. ඉසිර ගුණතිලක හා රොයිලි ප්‍රනාන්දු සහෘදයන්ගෙන් ඇරඹුන මේ වෙබ් පල අද උපසිරසිකරුවන් 867ක්, සිංහල උපසිරසි 12000ට අධික ප්‍රමාණයක හිමිකම් කියන්නේ මහත් ආඩම්බරයෙනි. එදා මෙදාතුර විවිධ බාධක පසුකරමින් ආ මේ සුවිශේෂී ගමනේ අද එක් කඩයිමක් පසු කරන මේ මොහාතේ අපගේ සොයුරු සොයුරියන්ගේ කැපවීමෙන් නිමාව දුටු උපසිරස ගණනාවක් ඔබට දායාද කරන්නේ ඒ සුවිශේෂී මොහොත තවත් වර්ණවත් කරමිනියි.

Internet Movie Database හෙවත් හැමෝම දන්නා IMDb චිත්‍රපට වර්ගීකරණයට අනුව හොඳම චිත්‍රපට 250 යනු සිනමාවට ආදරය කරන සියල්ලෝ අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්‍රපට ගොන්න එකතුවකි. එම නිසාම මේ සුවිශේෂී මොහොතේ IMDb TOP 250 චිත්‍රපට ගොන්නෙන් චිත්‍රපට ගණනාවක උපසිරස ඔබට දායාද කරන්නේ එදා මෙදාතුර ඔබ අප කෙරෙහි දැක්වූ සහයෝගයට තුටු පඬුරක් ලෙසිනුයි. එසේනම් මේ සුදානම ඒ දෙසට හැරෙන්නයි.

Witness for the Prosecution…. 1957 වර්ෂයේ නිර්මිත අග්‍රගණ්‍යයේ චිත්‍රපටයකුයි. 1925 වර්ෂයේ දී Agatha Christie විසින් රචනා කරන ලද The Witness for the Prosecution ග්‍රන්ථය පාදක කරගනිමින් Billy Wilderගේ අධ්‍යක්ෂණයෙන් නිර්මිත මෙම සරලුව 1957 දෙසැම්බර් මස 17 වන දින සිමා සහිතව ඇමෙරිකා වේ ද, 1958 ජනවාරි මස 30වන දින ලන්ඩනයේ දී මංගල දර්ශන වාරය ද සිද්ධ කරනු ලැබුවා. පුරා මිනිත්තු 116ක් පුරා දිවයන මේ සරලුව සඳහා නිෂ්පාදන දායකත්වය ලබා දෙන්නේ Arthur Hornblow Jr. විසිනුයි. රංගනයෙන් ලෙනාඩ් වෝල් ලෙස Tyrone Power ද,ක්‍රිස්ටීන් වෝල්/හෙල්ම් ලෙස Marlene Dietrich ද ,ශ්‍රීමත් විල්ෆ්‍රිඩ් රොබට් ලෙස Charles Laughton ඇතුළු නළු නිලියන් 55ක් පමණ දායකත්වය ලබා දෙනවා. Crime, Drama, Mystery ගණයෙහි ලා සැලකෙන මේ සරලුව IMDb ශ්‍රේණිගත කිරීමේ 66 වන ස්ථානය ලබා ගන්නේ 8.4/10 ක අගයක් ලබා ගනිමිනුයි. කුණු තක්කාලි අගය 100% ලබා ගන්න මේ සරලුව ඇකඩමි සම්මාන ඇතුළුව සම්මාන 13ක් සඳහා නිර්දේශ වෙමින් එයින් සම්මාන 03ක් ජයග්‍රහණය කරනුවේ තවත් සම්මාන දෙකක දෙවන හා සිව්වන ස්ථාන දිනා ගනිමිනුයි. එමෙන්ම ඇමෙරිකානු චිත්‍රපට සංස්ථාවේ හොඳම අධිකරණ නාට්‍ය චිත්‍රපට අතර 06 වන ස්ථානය ලබා ගැනීමට ද මෙම සලරුව සමත් වෙනවා.

චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කෙටියෙන් මුත් පහදා දීමට අවශ්‍යයි. මන්දයත් මෙය වර්ණ චිත්‍රපටයක් නොවන නිසා ඇතැමෙක් මෙය වැඩකට නැති චිත්‍රපටයක් යැයි සලකා බැහැර කිරීමේ සම්භාවිත ඉතා වැඩියි. එනමුත් ආරම්භයේ පටන් රසිකයා තම ග්‍රහණයේ තබාගෙන අවසානය තෙක් රසිකයා අන්ද මන්ද කොට අවසානයේ වල් වැදුන රසිකයා නැවත වරක් කරකවා අතාරින වර්ගයේ කතා තේමාවකුයි මෙහි අන්තර්ගත වෙන්නේ. එම නිසා කෙටියෙන් හෝ ඒ ගැන සටහනක් දැමිය යුතුයැයි මා අදහස් කරනවා. ශ්‍රීමත් විල්ෆ්‍රිඩ් රොබර්ට්, අති දක්ෂ අධි නීතිඥයෙක්. රෝගාතුරව සිට පැමිණි ඔහුට ලැබෙන නඩුව වනුයේ අභිරහස් ලෙස මියගිය එමිලි ෆ්‍රෙන්ච්නම් ධනවත් කාන්තාව ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති ලෙනාඩ් වෝල් නමැති පුද්ගලයා ගලවා ගැනීමයි. සියලු සාක්ෂි ඔහුට විරුද්ධව තිබිය දී මේ නඩුව විල්ෆ්‍රිඩ් රොබර්ට් විසින් භාරගනු ලබන්නේ ලෙනාඩ් අහිංසකයෙක් යැයි විශ්වාස කරන නිසාවෙනුයි. එනමුත් අධිකරණයේ දී සියලු සාක්ෂි ලෙනාඩ්ට විරුද්ධව ඔප්පු වද්දී විල්ෆ්‍රිඩ් කෙසේ නම් මේ අහිංසකා බේරාගනිවි ද? ලෙනාඩ් අහිංසකයෙක් යයි සැලකෙන විල්ෆ්‍රිඩ්ගේ සිතුවිල්ල නිවැරදි එකක් වේවිද? කවුරුන් ලෙනාඩ්ට විරුද්ධව සාක්ෂි කුඩුවට නගිවිද? ඒ ගැටළු විසඳා ගැනීම ඔබට භාරයි.

පෙර කියූ පරිදිම පුරා වසර 09ක් මුළුල්ලේම ඔබගේ රස වින්දනය වෙනුවෙන් අල්පමාත්‍රයක දෙයක් බලාපොරොත්තු නොවෙමින්, හුදෙක් ආත්ම තෘප්තිය වෙනුවෙන් කැපවුන සුවහසක් උපසිරස්කරුවන්ට හා දිරි දීමෙන්, වැටුන විට අත දිගු කිරීමෙන් නිරතුරුවම අප හා රැඳී සිටි රසිකයන්හට සුබාසිංසන ඉදිරිපත් කරමින් තවත් වසර ගණනාවක් මුළුල්ලේම ඉහෙන් වැජබෙන්නට බයිස්කෝප් වෙබ් අඩවියට ඉතින් ආයුබෝ වේවා!

 

Witness for the Prosecution (1957) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  BR පිටපත් සඳහා අදාළ වේ.

2,304 downloadsDownload Witness-for-the-Prosecution-1957-1.zip83 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

2,304 downloadsDownload Subtitles83 KB

19 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. AsithaDilruwan

    IMDb 250 පෙරහරක් වගේ..
    ජය වේවා නුවන්ත දුලාන් සහෝ
    ගොඩාක් පින්
    තවත් IMDb 250 ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
    "අපේ සයිට්අ එකේ" 9 වෙනි සැමරුමට "අපේ බයිස්කෝප් සෙට්" එකටම සුභ පතනවා..!!

    1. AsithaDilruwan

      සමාවෙන්න අනුරුද්ධ (ලියෝ) සහෝ

  3. Krishan NiShalya

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    බැරිම තැන යාලුවෙකුට කියල English sub එක translate කරවගත්තා සිංහලට

    IMDb TOP 250 යේ අඩු පාඩු තියන් නැතිව සබ කරන්න පටන් ගත්ත එකම ලොකු දෙයක්
    බොහොම ස්තුතියි…!
    ඉතුරු ටිකත් හැකි වෙලාවට දීලා ඉවර කරන්න …
    ☺☺☺☺♥♥♥
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. Udara Damith Dissanayaka

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    happy බිර්ත් day

  6. Nirosh C

    ස්තුතියි ලියෝ.ජයවේවා!

  7. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අනුරුද්ධ සහෝ.
    සංවත්සරයට උණුසුම් සුබ පැතුම්.
    වටිනා කියන චිත්‍රපටයක් ඒ වගේම වයින ලිපියකුත් එක්ක ගෙනල්ලා තියෙන්නේ.
    ජයෙන් ජය.

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. Priyantha Dayakeerthi

    IMDb ඉහළ එකක් නම් අනිවාර්යයෙන් නරඹනවා, ස්තුතියි!!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. akalankagayan

    Thnx......

  12. ricadodamien

    without a doubt this movie goes to best movies list in my life, like always Thank You very much Anurudda brother & Baiscope Team for giving SUB for these kinds of movies, it's a great movie to enjoy. All the Best to Baiscope team...........

  13. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  14. HarshaJ

    අපගේ රසාස්වාදය වෙනුවෙන් ඔබගේ කැපකිරීමට මෙන්ම මේ උපසිරැසිය වෙනුවෙන්ද දහස්වාරයක් ස්තූතියි සහෝදරයා .

  15. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  16. NIPUNASAMPATH91

    මේ ෆිල්ම් එකේ 2016 එකට සබ් දෙන්න පුළුවන්නම්.

  17. Waruna Kamalawansha

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  18. Maduwa306

    Thanks bro