Watch Trailer

Woman in Gold (2015) | ස්වර්ණමය කාන්තාවගේ චිත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… කට්ටියට මාව මතකද මන්දා? ඔන්න මාත් කාලෙකට පස්සෙ හොඳ නාට්‍යමය සලරුවකට උපසිරස යෙදුවා. මේක ඉතිහාසයේ සිදුවුණ සත්‍ය කථාවක්. මේක කරන්න වෙන් කරලා දෙන්න උදව් කරපු හැමදාම මතක් කරන සමීර චතුරංග සහෝව අදත් මතක් කරනවා. ඒ වගේම මේක කරන්න ඉඩ දුන්නට රොයිලි සහෝටත් ස්තූතියි. මේක කරන්න ටිකක් විතර අමාරු ව…

Woman in Gold (2015)

කොහොමද යාළුවනේ… කට්ටියට මාව මතකද මන්දා? ඔන්න මාත් කාලෙකට පස්සෙ හොඳ නාට්‍යමය සලරුවකට උපසිරස යෙදුවා. මේක ඉතිහාසයේ සිදුවුණ සත්‍ය කථාවක්. මේක කරන්න වෙන් කරලා දෙන්න උදව් කරපු හැමදාම මතක් කරන සමීර චතුරංග සහෝව අදත් මතක් කරනවා. ඒ වගේම මේක කරන්න ඉඩ දුන්නට රොයිලි සහෝටත් ස්තූතියි. මේක කරන්න ටිකක් විතර අමාරු වුණා. මොකද මේකේ ජර්මන් භාෂාව ගොඩක් තිබුණා වගේම නීතිඥයො භාවිත කරන වචන තිබුණා වගේම සමහර කාල රේඛා හදලා තිබුණේ නැහැ ඒවත් හදන්න වුණා. ඒ නිසා අඩුපාඩු තිබුණොත් සමාවෙන්න ඕණේ. හරි දැන් සලරුව පැත්තට හැරෙමු.

මේ සලරුව අප්‍රේල් මාසේ 10 නිකුත් වුණූ අළුත් එකක්. කට්ටියට මතකද Helen Mirren ව, මතක නැද්ද එහෙනම් මතකද The Hundred Foot Journey ඒකෙ හිටිය මැඩම් මැලෝරි. එහෙම කිව්වම මේක බැලුව අයට මතක් වෙන්නැතිනේ. එයා තමයි මේකෙත් ප්‍රධාන චරිතේ. මේ කථාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Simon Curtis විසින්. මේක රචනා කරලා තියෙන්නේ Alexi Kaye Campbel වගේම, තමන්ගේ ජීවිතේ සත්‍ය අත්දැකීම කිව්වේ රැන්ඩෝල් ෂෝන්බර්ග් සහ මරීයා ඕල්ට්මන්. මේකේ Budget එක $ මිලියන 11 ක් වන අතර Box office වාර්ථාව $ මිලියන 48.8 ක් වනවා.

මතකයි නේද හිට්ලර්ගේ නාට්සිවාදය? හිට්ලර් ඉන්න චිත්‍රපට බලලා ඇති නේ. මේ කථාව ඒ කාලෙට ඔබව ජීවමානවම ගෙනියයි. ඒ කාලෙදි මිනිස්සුන්ගේ චිත්‍ර, දේපළ ඔවුන් බලෙන්ම අරගත්තා. මිනිස්සුන්ට සැළකුවේ දරුණු විදිහට, හිංසා, පීඩා කළා. මිනිසුන් ජීවත් වුණේ පුදුම භයකින්. ඒකට මුහුණ දුන්නු පවුලක් තමයි බ්ලොක් බවර් පවුල කියන්නේ. මේ පවුලේ ඉන්න පොඩි එකා තමයි මරීයා ඕල්ට්මන් (Helen Mirren). හොඳයි, මේ කථාව පටන්ගන්නේ බ්ලොක් බවර් පවුලේ, අඩේලාව, (මරීයා ඕල්ට්මන්ගේ නැන්දා) ක්ලිම්න්ට් නැමැති චිත්‍ර ශිල්පියා චිත්‍රයට නඟන මොහොතේ සිටයි. අඩේලාගේ සිතුවම ඉල්ලා එය අනුමත කර තම අන්තිම කැමැත්ත ලියන ලෙස නාට්සිවාදියෝ ඇයට බල කරනවා. නමුත් කලකට පසු මේ චිත්‍රයට අත් වන්නේද මා පෙර සඳහන් කළ ඉරණමය. මෙය නාට්සි වාදීන් සොරකම් කර ඔස්ට්‍රියාවේම බෙල්වෙඩෙයා චිත්‍රාගාරයට ගෙනියනවා. අවුරුදු කීපයකට පසු මාරීයා ඕල්ට්මන්ට තමාගේ සහෝදරිය මිය යාමෙන් පසු ඇය ගාව තිබූ ලියුම් කිහිපයක් හමු වෙනවා. ඕල්ට්මන් මහත්මිය, මේ ලියුම් ගැන දැනගන්න නීතිඥයෙක්ව තම මිතුරෙක් වන ෂෝන්බර්ග් මහත්මිය මගින් හොයාගන්නවා. ඒ ඇයගේ පුතායි. ඔහු රැන්ඩි ෂෝන්බර්ග්.

මින් පසු ඔවුන් අඩේලාගේ අන්තිම කැමැත්ත සොයාගනියිද? ඕල්ට්මන් මහත්මිය ආශාව අඩේලාගේ චිත්‍රය නැවත ගන්න උත්සහ කරනවා. මෙය සොයාගැනීමට හැකි වේද? තම බලාපොරොත්තු ඉටු වේද? රැන්ඩි ෂෝන්බර්ග් සාර්ථක වේද? මේ හැම දෙයක් ගැනම දැනගන්න දැන්ම ඩවුන්ලෝඩ් කරගෙන බලන්න…

ඔන්න එහෙනම් මම ගියා. ළඟදිම තවත් උපසිරසකින් හමු වෙමු. බයිස්කෝප් එකට යන එන ඔබට ජය…

Woman in Gold (2015) on IMDb

 

 

810 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

2BE9595BC6FCA45C93D1D5651362105CA4B19692

1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

FCA5C4C46B69C5A4714FCCBDECD48F94A3321C14 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,369 downloadsDownload Woman_in_Gold_2015_baiscopelk.zip114 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/10962019_1534777746788903_719957800_n-e1423212120140.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

1,369 downloadsDownload Subtitles114 KB

24 comments

  1. කැලුම් ගුණසේකර

    අමාරුවෙන් අමාරුවෙන් කොහොම හරි දුන්නා නේ? ස්තුතියි සහෝ උපසිරැසියට.

  2. achi

    ස්තුති සහෝ!!! ජය!!!

  3. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ.
    ටික කාලෙකට පස්සේ නේ.
    වෙනදා වගේම වටින අර්ථවත් සලරුවක් ගෙනල්ලා නේ. එල එල
    ලිපියටත් ස්තූතියි සහෝ.
    කවදා බලන්න වෙයිද කියලා නොදනිමි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි දමැල් සහෝ.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!එළ!

  7. “චූටී මල්ලි”

    tnxxz

  8. චාමික දිල්හාර (දිලා)

    අම්මේ......... මේක දුන්නද
    කොල්ලා කාපු කට්ටට.........
    නොබා කොහොමෙයි..........
    මෙන්න බෑවා...........
    එල

  9. chamod

    නියමයි සහෝ........

    Whiplash (2014) ෆිල්ම් එකටත් සබ් එක දෙනවද????

  10. අසිත

    බොහොම පින් සහෝ!
    සබක් නැති නිසා බෑවේ නෑ.
    ජය වේවා!

  11. Jack

    නියමයි මචො.
    බොහොම ස්තුතියි සබ් එකට.
    ජය.

  12. රොයිලි

    බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක් තමා. ජය෴෴ :P :P

  13. indika

    thn Q :)

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. තිලිණ නදීෂාන්

    ස්තුතියි සහෝ ....

  16. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    මෙහෙම වටිනාකියන එකක් වග දන්නේ නැහැ නොව
    අනිවා බෑමක් එහෙනම්
    ජය!

  17. ඉසු ඩිපි (Isu DP)

    බලන්න ඔනේ එකක් වගේ. 100 එකත් ලගදි බැලුවා එකත් පට්ට.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  18. හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි එල්.සී. සහෝ උපසිරැසියට...
    මේකත් ඔන්න බලන ෆිල්ම් ගොඩට දාගත්ත
    ඔබට ජය :D

  19. Amalka

    සබට තුති සහෝ

  20. Lasitha

    tnks

  21. nidi

    harima asawen film eka beluwa. niyama kathawak, ekatama obinna subs deela. thawa honda films godakata api wenuwen subs denna, pls!

  22. Ricado Damien

    what a beautiful movie.........thank you එල්.සී.දමැල් & baiscope team for the sub. all the best

  23. Gayan Chathuranga

    thank you so much!!