කොහොමද යහළුවනේ? ඔන්න මම මගේ 52වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක IMDb වල 6.4 ක් ලෙස සටහන්වී තිබෙනවා. මේ චිත්‍රපටය Womb (2010) වගේම Clone (2010) යන නමිනුත් හඳුන්වනවා, හරි එහෙමනම් කතාව ගැන අපි පොඩ්ඩක් විමසා බලමු. ටොමී නමැති වයස අවුරුදු 10ක පිරිමි ළමයෙක් සහ රොබෙකා නමැති වයස අවුරුදු 9ක ළමයෙක්…

කොහොමද යහළුවනේ? ඔන්න මම මගේ 52වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක IMDb වල 6.4 ක් ලෙස සටහන්වී තිබෙනවා. මේ චිත්‍රපටය Womb (2010) වගේම Clone (2010) යන නමිනුත් හඳුන්වනවා, හරි එහෙමනම් කතාව ගැන අපි පොඩ්ඩක් විමසා බලමු.
ටොමී නමැති වයස අවුරුදු 10ක පිරිමි ළමයෙක් සහ රොබෙකා නමැති වයස අවුරුදු 9ක ළමයෙක් මුහුදු වෙරළකදී හමුවී හිතවත් වෙනවා. නමුත් දින කිහිපයකින් ඇයට ඇගේ මව රැකියාව කරන ජපානය වෙත යන්න වෙනවා. වසර 12කට පසු නැවත ඇය ඔහුව සොයාගෙන එනවා. ඇවිත් ඔවුන් දෙදෙනා අතර යළි හිතවත් කමක් ඇතිවෙනවා. නමුත් මොවුන් දෙදෙනා ගමනක් යනවිට අතරමඟ යම් අවශතාවයක් නිසා වාහනය නවත්වනවා. ඒ අවස්ථාවේ ඔහු පිටුපසින් එන වාහන ගැන නොබලා දොර අරගෙන බිමට බහින විට පිටුපසින් එන වාහනයක හැප්පිමෙන් මරණයට පත්වෙනවා. පසුව ඇය රජයෙන් අවසර ගන්නවා ඔහුගේ පටකයන් අරගෙන ඒ මගින් ඇගේ ගර්භාෂයේ තැන්පත් කර ගන්න. ඒ වෙනකොටත් ඇය කන්‍යාවියක්. එයට අවසර ඔහුගේ දෙමවුපියන්ගෙන් කෙසේ හෝ ඇය ලබාගෙන ඇය ඒ කළලය ඇගේ ගර්භාෂයේ රෝපණය කර ගන්නවා, ඉන්පසු කතාව කෙසේ වෙයිද කියල බලන්න ඔබත් කැමතිනම් මෙය රැඟෙන බලන්න කියා ඉල්ලමි. ඒ වගේම මෙය එක් සම්මානය ලැබූ සහ තව එකකට නාම යෝජනා වෙලත් තියෙනවා. ඇය ඇගේ ගර්භාෂයේ එම පටකය තැන්පත් කළත් ඇය නියමම අම්ම කෙනෙක්ද, නැත්නම් කුලියට ගැනීමක් වගේද යන්න තමයි මෙයින් කතා වෙන්නේ මට හැඟුණ විදියටනම්. සහ ක්ලෝනිය කරණය මඟින් ලබා ගන්නා දරුවෙකු පිළිබඳව.
කෙසේ වුවත් කථාවේ අවසානයේ නම් වෙන්නේ නින්දිත පිළිකුල් වු ක්‍රියාවක්, මටනම් ඒක කොහෙත්ම මේ චිත්‍රපටය නිර්මාණය කල අය සාධාරණිය කරන්න හැදුවත් එය ජරා පිළිකුල් දෙයක්ම තමයි. එහෙමනම් ඔයාලගේ අදහසුත් පහළින් ලියා යන්න කියා ඉල්ලමින්. හැකිනම් චිත්‍රපටය නරඹලත් අදහසක් එක් කරන්න කියා ඉල්ලමින් මම නවතිමි. ජයවේවා.
f555d1a6ac301730991ff6fc58dd8454fb2378e2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,473 downloadsDownload Womb.2010.baiscopelk.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු තරංග
Subtitles
43 comments
shk hasara
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)යසිත
බොහොම ස්තුතියි
නලින්
ස්තුතියි දිමුතු සහෝ
ජය වේවා!
dilshan
ela,thanks saho
nalaka
balamu ehenam awasanaya kumak wevida kiya..sthuthyi dimutu saho meweni nirmana labadenawata
වලාකුළ
අනිවා එක හරිම නින්දිත පිළිකුල් සහගත දෙයක් ..... සබ් වලට තුති
හර්ෂ ලහිරු
නියමයි දිමුතුවා උඹ දුන්නොත් අමුතුම කේස්එකක් තමයි :D
බලමුකෝ මොකක්ද සීන්එක කියලා :D ජයchandima
නියමයි තැන්ස් පට්ට කතාවක්තමා බලනව අනිවා ඔබට තුති..
Chami
Thank you very much dear.......
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
dinesh vimukthi
නියමයි සහෝ...............එල වැඩක්
අමිල ප්‍රසාද් පතිරණ
ස්තූතියි
බලලම කියන්නම් හොද නරකme
Thanks
Sanjaya
Balalama Wisthara kiyannam Saho.. Thanks Sub Dunnata
dinidu madushanka
ela ela saho jaya wewa
Kulanjana Maduranga
amthuma film 1k ne.balalama thama kynn wenne.good work.subata thanks DIMUTHU saho.digatama sub denn.jaya wewa.......
Nandana
Thank You Dimuthu.
jack
අමුතුම කතාවක් සහෝ.
බොහෝම ස්තුතියි.Asheka
hoda athi...balannama one itin
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. උපසිරැසි දැම්මට මොකද හොඳටම තරහ ගිහින් වගේ අවසානය හින්දා. ජය෴෴ :P :P
Saman Prasad ( Black Panther )
ela ela Dimuthu saho. sub ekata thanks.
වරුණ රංගජිත් (වරූ)
නියමයි!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..“චූටී මල්ලි”
අමුතුයි වගෙ මේකනම්
එලම තමා
සබට තුති
ඔබට ජය...........චමී
දිමුතු සහොත්.. දැන් හරියට අපේ සනත් අයියා වගේ..50 න් පස්සේ ලවක් දෙවක් නැතිව පට්ට පාරවල් වලටමයි යන්නෙ. එලව එලව ගහනවා.. ගගහ එලවනවා. ආසාවේ... බැරුවා.. යමු යමු 100 ට
herry
බොහොම ස්තූතියි
deneth
harima jara end ekak thiyne.. shit
KORN
Super machan....
fazal
saho onna Ada movie 1a balanawa
වරුණ නිරෝෂණ
thanks saho sub akata..........
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍P.K
Thanx saho...
Aruna Shaminda
කතාවේ අන්තිමට වෙන්නේ නම් මහ එපා කරපු දෙයක් තමා....සබට බොහෝම ස්තුතී සහෝ...
tharindu
ela ela jaya wewa kiwwa....:D
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට
nidi
දිමුතු, දිමුතු මුතු වගේ දිදුලන චිත්රපටයකට සබ් කරලා තියෙනවා.
ඒත් කාලයක පටන් නිශ්ශබ්ද වෙලා. අපරාදේ. සයිට් එකට වගේම අපටත් බර පාඩුවක්.
මට නම් ච්ත්රපටය සුපිරියි!
සබ්ස් ටිකත් මරැ.
දිමුතුත් අවසානය ජුගුප්සාජනකයි කිව්වාට මට හිිිතුණේ,
එළැඹි තත්ත්වය සහ අවස්ථාව අනුව ඒක නොවැළැක්විය හැකියි වගේ.
රෙබෙකා වගේ අසීමිතව ආදරයට ආදරය කරන, කළ කෙනෙකුගෙන්
මේ වැනි දෙයක් සිදුවීම අමානුෂික නැහැයි කියලායි
මට හිතුණේ.
දිමුතුට ගොඩක් ස්තුතියි යළිත්.
යළි බයිස්කෝප් සයිට් එකේදී ඔබ හමුවන්නට ලැබේවා!Chulender kasun
ස්තුතියි සහෝ ..කොහොම උනත් තනියම බලන්න වෙන සීන් එකක් තියෙන්නෙ
Anonymous
Elam
ශලිනි මල්ෂා
දරුවෙකු බිහි කල පමනින් කාන්තාව උත්තර මවක් වන්නේ නැත.
Pramod
තෑන්ක්ස් සහෝ...
ජය වේවා.Anonymous
නින්දිත ක්‍රියාවට මග පාදන්නෙ ඒ අම්මා ම තමයි.... ලංකාව වගේ නෙවෙයි පිටරට... උන් අර අන්තිමට දාපු කොටස සාධාරණීකරණය කරන්න යන්නේ නෑ.... මොකද ඒ කතාව ගලාගෙන යන විදිහට ඒවගේ දෙයක් වෙන්න පුළුවන්......
Anonymous
thank you
Anonymous
උපසිරැසිය හරියට කරන්න බැරි නම් නිකන් ඉන්න එක තමා හොඳ. අනික සබ්ටයිට්ල්ස් කළ එකාගෙ නම ෆිල්ම් එක ඉවරවෙනකල්ම ඇපියර් වෙනවා. ඩිරෙක්ටර්ටත් නැති කුලප්පුවක්නෙ මූට තියෙන්නෙ.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Great work dear !!