සත්‍ය කතාවක් මත පදනම්ව නිර්මාණය වූ Woodlawn සිනමාපටය IMDb දර්ශකයේ නාට්‍ය, ක්‍රීඩා ලෙස වර්ගීකරණය කරනු ලැබූ සිනමාපටයක්. ඉතිං මේක මට කරන්න හොයල බාර දුන්නට හසන්ත වික්‍රමරත්න අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනව. 2015 ඔක්තොම්බර් මස 16 වැනි දින ඇමරිකාවේදී තිරගත වීම ඇරඹි පැය 2යි මිනිත්තු 3ක් පුරා දිවෙන මෙම සිනමාපට…

සත්‍ය කතාවක් මත පදනම්ව නිර්මාණය වූ Woodlawn සිනමාපටය IMDb දර්ශකයේ නාට්‍ය, ක්‍රීඩා ලෙස වර්ගීකරණය කරනු ලැබූ සිනමාපටයක්. ඉතිං මේක මට කරන්න හොයල බාර දුන්නට හසන්ත වික්‍රමරත්න අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනව. 2015 ඔක්තොම්බර් මස 16 වැනි දින ඇමරිකාවේදී තිරගත වීම ඇරඹි පැය 2යි මිනිත්තු 3ක් පුරා දිවෙන මෙම සිනමාපටය Andrew Erwin සහ Jon Erwin යන අධ්‍යක්ෂක වරු දෙපල විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. නවක නළු Caleb Castille (ටෝනි නේතන් ලෙසින්) මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනු ලබනවා. මෙම සිනමාපටය මේ වන විට IMDb දර්ශකයේ 6.3/10 ක අගයක් වගේම Rotten Tomatoes ප්‍රේක්ෂක ප්‍රතිචාර 83%ක් දිනාගන්නටත් සමත්වෙලා තියෙනවා.
70 දශකය කියන්නෙ වර්ණභේදවාදය ඇමරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකයන්ට තදින්ම බලපෑ සමයක්. මේ කාලය වන විට ඔවුන් වෙනුවෙන් පෙනී ඉටි බොහෝමයක් පුද්ගලයන්ව ඝාතනයට ලක්ව තිබූ සමයක්. නීග්‍රෝ ජාතිකයන්ගේ ඇති උදාසීනත්වය සහ සෑහීමට පත්වීමේ ස්වභාවය නිසා ඔවුන් මේ අසාධාරණයන්ට විරුද්ධ වන්න මැලි වෙනව. මෙන්න මෙවැනි සමයක තමයි අපේ කතා නායක “ටෝනි නේතන්” වුඩ්ලෝන් උසස් පාසලේ පාපන්දු කණ්ඩායමට සම්බන්ධ වෙන්නෙ. (පාපන්දු කිව්වට අපි පාපන්දු කියල හඳුන්වන ක්‍රීඩාව නෙවෙයි, මේක ඇවිල්ල ඇමරිකානු පාපන්දු).එක කණ්ඩායමක් උනාට මේ පාපන්දු කණ්ඩායම තුලත් සුදු කලු කියල දෙකට බෙදිල හිටියෙ. එතකොට වුඩ්ලෝන් කියන්නෙ පොදු පාසලක් ඒ කියන්නෙ රජය මගින් පාලනය වන උසස් පාසැලක්. ඉතිං සමාජයේ වගේම පාසල තුලත් සුදු කලු භේදය තදින්ම බලපැවැත්වුනා. ටෝනි කලු ජාතිකයෙක්. ඒ වගේම එයාට මේ පාපන්දු ක්‍රීඩාවට තිබුනෙ සහජ හැකියාවක්. ටෝනිගෙ පුහුණුකරු වන “ටැන්ඩි ජෙරල්ඩ්ස්” ටෝනිගෙ මේ හැකියාව හඳුනගෙන හිටියෙ. ඔහු කණ්ඩායමේ බෙදීම අඩු කරන්න හුඟක් උත්සාහ ගත්තත් ඒ උත්සාහයන් එතරම් සාර්තක උනේ නෑ. මේ අතරෙ තමයි “හෑන්ක්” කියන පුද්ගලය මේ පාසලට එන්නෙ. එයා කණ්ඩායමට කතා කරන්න අවස්ථාවක් පුහුණුකරුගෙන් ඉල්ලනව. මුලින් පුහුණුකරු වැඩේට කැමති වෙන්නෙ නෑ. ඒත් එක දවසක පුහුණු වීම් වලින් පස්සෙ විනාඩි පහක් කතා කරන්න අවස්ථාව ලැබෙනව. විනාඩි පහක් කියල ඉල්ලගත්තට මොකද පුහුණුකරු එලියට ගිහින් එනකොට එයා පැයක් යනකල්ම කතා කරල. මෙන්න මෙතන ඉඳන් තමයි කණ්ඩායම වෙනස් වෙන්න පටන් ගන්නෙ. හැම දෙනාම පුහුණුවීම් පටන් ගන්න කලින් ආගම මෙනෙහි කරන්න ගන්නව ඉවර වෙනකොටත් ආගම මෙනෙහි කරනව. පස්සෙ තමයි ටැන්ඩි(පුහුණුකරු) වැඩේ දැනගන්නෙ, හෑන්ක් මුළු කණ්ඩායමටම ක්‍රිස්තියානි දහම ප්‍රචාරය කරල.
මේ අතරෙ මේ පාසලේ සිදුවන විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් රජය මේ පාසල වහන්න තීරණය කරනව. ටැන්ඩි කොහොම හරි පාසල පවත්වාගෙන යාමට තව අවස්ථාවක් ඉල්ලගන්නව. ඔන්න ඔය අතරෙ තමයි වුඩ්ලෝන් පාසල එන්ස්ලි පාසල සමඟ පවත්වන පාපන්දු තරඟය, ටෝනිට තරඟයක් ක්‍රීඩා කරන්න ලැබුන පළමු අවස්ථාව එළඹෙන්නෙ. ඒත් ටෝනි බෝලය අවසාන සීමාවට අරගෙන ගියාට ලකුණක් රැස් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒත් දෙවැනි තරඟය හේස් පාසල සමඟ තරඟයේදී ටෝනි දක්ෂ ලෙස ලකුණු රැස් කරනවා. ඒත් ටොනිගේ හැකියාවන් රටටම ප්‍රදර්ශනය වන්නේ අපරාජිත “හෆ්මන් වයිකිංග්” කණ්ඩායම පරාජය වීමත් සමඟයි. එතනින් පසුව ටෝනි ටිකෙන් ටික ජනප්‍රිය තරුවක් බවට පත්වනවා. මේ ගමන බොහෝමයක් බාධක මැදින් යන ගමනක්. අන්තිමේ ටෝනි පාපන්දු තරුවක් විතරක් නෙවෙයි මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙන සංකේතයකුත් වෙලා තමයි නවතින්නෙ. ටෝනි මුහුණ දෙන බාධක, හෑන්ක් මුළු පාසලම බෙදීම් නැති කරල එකමුතු කිරීම, ටැන්ඩි පාසලත් කණ්ඩායමත් ටෝනිවත් පාලකයන්ගෙන් වගේම වර්ගවාදීන්ගෙන් බේරා ගන්නට දරන වෑයම වගේ ගොඩක් දේවල් මේ පැය 2ක තුළදි සිදු වෙනව.
කම්මැලි නැතිව බලන්න පුලුවන් කතාවක්. ඉතිං කතාව බලන්න කියල හැමෝටම ආරාධනා කරනව. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀
710 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න
A2154C8C3CE09680AB188936E2E2A7E41F0090B0999 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
347D828A8ABD4F17A3825E60536AF1DF4A51CB8F1.82 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
93724E61ED93501FEB2119CE0464F089E90BE2E9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,891 downloadsDownload Woodlawn-2015-baiscopelk.zip176 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත මාලිංග
Subtitles
11 comments
chandima
Kaveen Conara
thnkx bro!
kanushka
thank u mcn
sam
thanks for good films like this
Kulanjana Maduranga
niayamai…menna download wenna damma..thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thisal
දෙනකම් උන්නෙ තැන්ක්ස් සබට
indika
බොහෝම ස්තූතියි..
D Chamara
aniwa balanna oni thanks sahoo
Dulanga
Thanks
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manuka
Hey job well done
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුති !!