Watch Trailer

Wrong Turn (2003) with Sinhala Subtitles | භයානකයි, නොදන්නා පාරක්! [සිංහල උපසිරැසි සමඟ]

මේ බයිස්කෝප් එක ගැන කියනවානම් යාලුවනේ මම දන්නවා ගොඩක් කට්ටිය මේක බලලා තියෙනවා. මේ මූවී එක ලංකාවේ හොරර් රසිකයන් අතර අතිශයෙන්ම ජනප්‍රිය වෙච්ච මූවී එකක්. සමහරවිට මේ බයිස්කෝප් අඩවියට එන අයගෙන් 80% ත් වඩා මේ මූවී එක බලලා ඇති. ඉතින් එහෙම තියෙද්දිත් මේ මූවී එකට සිංහල සබ් එක්ක මොන එහෙකටද දුන්නේ කියලා කට්ටි…

මේ බයිස්කෝප් එක ගැන කියනවානම් යාලුවනේ මම දන්නවා ගොඩක් කට්ටිය මේක බලලා තියෙනවා. මේ මූවී එක ලංකාවේ හොරර් රසිකයන් අතර අතිශයෙන්ම ජනප්‍රිය වෙච්ච මූවී එකක්. සමහරවිට මේ බයිස්කෝප් අඩවියට එන අයගෙන් 80% ත් වඩා මේ මූවී එක බලලා ඇති. ඉතින් එහෙම තියෙද්දිත් මේ මූවී එකට සිංහල සබ් එක්ක මොන එහෙකටද දුන්නේ කියලා කට්ටියට හිතෙයි. පළමු කාරනාව තමයි මේ මූවී එක කොතරම් ජනප්‍රිය වූවත් මෙය නොබලපු අය සුලු ප්‍රමාණයක්වත් අනිවාර්යෙන් ඇති. ඉතින් මේ වාගේ අපූරු බයිස්කෝප් එකක් ඔවුන්ට නොබලවලා යවන්න හොඳ නැහැ නේද?අනිත් එකනම් මේ මූවී එක අනිවාර්යෙන්ම බයිස්කෝප් අඩවියේ තිබිය යුතුම එකක්. ඒ නිසා තමයි ලිපියක් පමනක් ලියනවාට වඩා සිංහල සබ් එක්කම දාන්න හිතුනේ.

හරි දැන් මේ මූවී එක ගැන කියනවානම් මේක මම බලලා තිබෙන horror මූවී අතුරින් ඉදිරියෙන්ම තියන්න පුලුවන් වගේම භීතිය, ත්‍රාසය කැටිව එක හුස්මට නරඹන්න පුලුවන් මූවී එකක් කියලා මට බය නැතිව කියන්න පුලුවන්. මේ චිත්‍රපටියේ ජනප්‍රියතාවයත් එක්ක පසු කාලයේ කොටස් කීපයක් එලි දැක්වූවත් ඒ එක කොටසක්වත් පළමු කොටස වන මෙහි අහලකින්වත් තබන්නට නොහැකි වූ බව මේ මූවී එක බලපු කට්ටිය දන්නවා ඇති. ඊට එක් හේතුවක් ලෙස විචාරකයන් හඳුන්වා දුන්නේ මේකේ අධ්‍යක්ශකවරයා වන Rob Schmidt මේ මූවී එකෙන් පසු එලිදක්වපු එක කොටසකවත් අධ්‍යක්ශනයෙන් දායක් නොවීමයි. ඒ වාගේම මේකේ සුපිරි නලු නිලියන් නොසිටියත් මොවුන්ගේ රගපෑමනම් විශිෂ්ටයි කියලා අවිවාදයෙන් කියන්න පුලුවන්. මේකේ කතාව ගැන කියනවානම් Desmond Harrington නම් තරුණයා මාර්ග තදබදයක් හේතුවෙන් තමන් මීට කලින් නොගිය පාරක් ඔස්සේ යෑමට පෙළබෙනවා. එහිදී අනපේක්ෂිත අනතුරකට මුහුණ දෙන ඔහු කැලයේ සංචාරයකට පැමිණි තවත් කට්ටියක් සමග එකතු වී කැළයෙන් එලියට යෑමට මගක් හොයනවා. නමුත් කැළේ ජීවත් වන එක්තරා මනුෂ්‍ය කොට්ඨාසයක් මොවුන් එකින් එකා මරාගෙන කෑමට පෙළඹෙනවා. මොවුන් අන්තිමේදී එම අනතුරින් ගැලවුනාද? කැළයෙන් එලියට ආවාද? කියා අන්තිමේදී ඔබට බලාගන්න පුලුවන්.

ප.ලි. මේ බයිස්කෝප් එක පළමු වතාවට නරඹන අය රාත්‍රී කාලයේ තනියෙන් බැලීමෙන් වළකින්න!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා ලබා දි ඇත.

27,413 downloadsDownload Wrong.Turn_.2003.Sinhala.Sub_.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/01/11

Subtitles by

සංදීප

Subtitles

27,413 downloadsDownload Subtitles19 KB

72 comments

  1. chathurabuddi

    1st

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴.............................good luck

  2. M.D.A Pradeep(අමිල මනනදේව)

    මේකේ එකක් හම්බ වුණා ඒ දවස් වලම.ඒත් ඉතින් දැන් සිංහළ එක්කම තියන නිසා ආයෙමත් බලනවා.
    ස්තුතියි සහෝ තවත් මේ වගේ ඒවා සබ් එක්ක දෙන්න.
    :)

    1. Kashyapa

      SinhalA sub anne nene. Puluwannam balanna link 1 awanawada plz

  3. chamila

    thanks...

  4. [DiN3sH]

    film ekanam blala thiyenawa. ayema balamuko.. thanks!

  5. සාරංග ලියනගම

    ඇත්තටම මේකේ ඉතිරි ෆිල්ම් තුන මේක විතර ගති නෑ.සිංහල සබ් තියෙන නිසා ආයෙම බලන්න පුළුවන්.ගොඩාක් ස්තූතියි.

  6. Hasitha

    ෆිල්ම් එකනම් බලල තියෙනව. සබ් එක්ක අයෙම බලනවා තන්ක්ස් !

  7. විකියා

    අහා...මරුනේ..මේක නම් ආව දවස් වලම බැලුවා දැන්නම් මතකත් නෑ..අයෙත් සබ් එක්ක දැන් බලන්න පුළුවනි..
    සන්දීප සහෝට බොහොමත්ම ඉස්තුතියි..
    ඉස්සරහටත් උපසිරස දෙන්න..

    ජයෙන් ජය~!

  8. CHANA

    ME WAGE PINTHURA WALATA THAMA MAN ASA ..JAYAWEWA.. CHIRAN JAYATHU MACHOOOOO

  9. Tisa හාමි

    macho Real steel,Ra-One,The Scorpion King 3,johnny english reborn wage film wala sub denne nadda???e wage aluth ewath apita denna.sub walata thnkx..............

  10. කේ. යූ. ජී. උදාර

    මාත් Wrong Turn සීරිස් එකේ බලල තියෙන්නෙ මේකම විතරයි. මගෙත් හිතට වැදුණු ෆිල්ම් එකක්. මේකට සබ් දුන්නට බොහොම ස්තූතියි.
    ලිස්ට් එකේ තියෙන ඊළඟ ෆිල්ම් එකත් ඉක්මනටම දෙයි කියල හිතනවා.

  11. kalum gunasekara

    ඇත්තටම මාත් ආසම ෆිල්ම් එකක්. මේකෙ දෙවනි කොටසත් හොදයි. සිංහල උපසිරැසි නිසා ආයෙත් බලන්න ඕන. ගොඩක් ස්තූතියි යාලුවා මහන්සියට. තවතවත් මේ වගේ බයිස්කෝප් සිංහල උපසිරැසි එක්ක දෙන්න ශක්තිය දිරිය ලැබේවා. බයිකෝප් වෙබ් අඩවියට ජය වේවා.

  12. සංදීප

    බොහොම ස්තූතියි comment කරපු ඔක්කෝටම....

  13. ashen malinda

    මේක තමයි මම තාමත් බලපු හොදම හොරර් ෆිල්ම් එක.. ඒ තරම් ගතියක් තියෙනවා මේ ෆිල්ම් එක. අනිත් ෆිල්ම් තුන නම් මෙලෝ රහක් නැති වෙන්න හදලා තියෙන්නෙ . මේ ෆිල්ම් එකට 2010 මට මතක විදියට රේටින් හතයි දශම ගානක් තිබුනා.. හැමෝම බලන්න..
    අද තිබ්බා ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙල.. චිත්‍රපටි කීපයක් ඇරුනු විට මේක එච්චර ගතියක් නෑ,. හොද ෆිල්ම් ගොඩකට සම්මාන නැති උනා.. ස්ටීවන් ස්පීල්බර්ග්ට සහ මාර්ටින් ස්කෝසස් ට සම්මාන හම්බුනා.. ටින් ටින් සහ හියුගෝ චිත්‍රපටි වලට..

  14. සංදීප

    @Tisa හාමි

    ඔය list එකේ තියෙන වලින් හුගක් මම දැක්කා waiting list එකේ තියෙනවා.අනිත් එක තමයි අලුත් movies වලට sub දාන්න ඕන තරම් කට්ටිය ඉන්න්වා.මම බැලුවේ පරණ වුනත් හොද movies walata වලට sub දාන්න.

    @කේ. යූ. ජී. උදාර

    ඔව් මචං ඒකේ භාගයක් ඉවරයි.තව දවස් 2 ,3 කින් ඒක ඉවරකරන්න පුලුවන් වේවි.ඉවරවුනගමන් දෙන්නම්.

  15. සංදීප

    'අනිත් එක තමයි අලුත් movies වලට sub දාන්න ඕන තරම් කට්ටිය ඉන්න්වා'

    මම මේක කරලා ඉවරවෙලා බැලුවට පස්සේ තමයි මට තේරුනේ මෙකෙන් වෙන දෙයක් අදහස් වෙනවාදෝ කියලා....මම අදහස් කරන්න හැදුවේ ඒක් නෙමේ...කව්රුහරි ඒකෙන් වෙන අදහසක් ගත්තානම්...මම ඔවුන්ගෙන් සමාව ඉල්ලනවා....මම මේ comment දැම්මේ වෙන අය විවේචනය කරන්න කලින්...

  16. චන්ද්‍රකුමාර

    එල වැඩක්...........!!

  17. roshan amarakoon

    මමනම් මේක බලලා නැතෝ.සංදීප සොයුරාට ස්තුතියි කියන්නම ඕන.මොකද මම ඉද හිටක හරි ෆිල්ම් 1ක් බලන්නේ යක්කු ගස් නගින වෙලාවට නිසා.ඒත් මේක තව කවුරුහරි අල්ලගෙන බලන්න ඕං මන් තීරනේ කලා.මහන්සි උනාට සංදීපට රම්බෝ තෑන්ක්ස් වෙන්න ඕන.

  18. Anonymous

    Rating thiyenne 6i ne
    :(

  19. B.V.Kajja

    ආසාවෙ බෑ මේ පිල්ම්ස් එක බලන්න.සුදු ගල් දැක්කම එන පන් එක මෙහෙ ඒව දැක්කට එන්නෙ නෑ....

    සන්දීප මලය කොහෙන් හරි හොයල දාන එක නෙ වැඩේ කියන්නෙ.18+ ඒව තනියෙන් රෑට නොබල දවල්ට ලමයි එක්ක බලන්න කියනවද මන්ද. :D

  20. Alaya

    patta pattta..movie1 nam mamath awa kalema baluwa..aye balanawa..kajjage cmmnts1ta 5k danawa :D

  21. තිවංක

    ගොඩක් ස්තූතියි

  22. සංදීප

    මේක 18+ දාලා තිබ්බට රෑට බලන තරමටම අසභ්‍ය සිදුවීමක් නැහැ මචෝ.අනිකුත් movies වලට සාපේක්ශව මේකේ එක තැනක විතරයි පොඩි සිදුවීමක් තිබෙනවා...ඒක් තිබෙන්නේ 16 වෙනි මිනිත්තුවේදී.16 වැනි මිනිත්තුව පටන්ගන්නකොටම ඕනනම් වැඩි පරිස්සමටත් එක්ක මිනිත්තුවක් විතර ඉස්සරහට යැව්වානම් හරි.

    @Anonymous

    කට්ටියම මම දන්න්වා ගොඩක් වේලාවට imbd ratings බලලා තමයි movies download කරන්නේ.ඒත් ඒක මතම යැපෙන්නත් හොද නැහැ.ඒ වුනාට ඔයා කියනවා වාගේ 6 කියන්නේත් imbd වල හොද අගයක්.ඒ කොහොමවුනත් බලලා නැත්තම් මේක අනිවාර්යෙන්ම බැලිය යුතු එකක්.බලලා ඉවරවුනාට පස්සේ imbd rating කෙසේ වෙතත් ඔයා මේ movie එක ගැන හිතපු ratings ප්‍රමානය නම් අනිවාර්යෙන්ම වෙනස් වෙයි.බලා ඉවරවුනාට පස්සේ comment එකක් දන්නකෝ...

  23. buddhu

    ela thansx

  24. B.V.Kajja

    සන්දීප මලයගෙ හිත රිදුනද මන්ද මම කිව්ව එකට.අවන්කෙන්ම මම ඒක හිතා මතා කිව්ව නෙවේ මල්ලි.පලමුවෙන්ම ඒකට සමාව ඉල්ලන්න ඕනි වයස ගැන නොසිත ම.

    මමත් එකඟ වෙනව මේ IMDB Ratings ගැන ඔයා කිව්ව කතාවත් එක්ක.මොකද වැඩි හරියක් ඕව Rate කරන්නෙ බටහිර රටවල උදවිය,එයාල ගෙ ස0ස්කෘතිය අපිට වඩා ගොඩක් වෙනස්.ඒක නිසා එයාලගෙ රුචි අරුචි කම් වෙනස්.ඒව මත ගොඩාක් තීරනය වෙනව දෙයක් දිහා බලන විදිය එහෙම.අපි ගොඩාක් ආදරය කරන චිත්‍ර පටි වලට එහෙ කරන RATINGS ගත්තම ගොඩාක් අඩු වෙච්ච අවස්තා මාත් ඔනි තරම් දැකල තියෙනවා.

    Eg.
    ලන්කාවෙ ගොඩක් දෙනෙක් මුලින්ම බලපු චිත්‍ර පටිය වෙන්න ඇති TITANIC (1997).නමුත් මේක ආරන් තියෙන්නෙ 7.5/10න්.ලන්කාවෙ අයගෙන් මේක බැලුව නම් මේක 9.5/10 විතර වෙන්න ඉඩ තිබුනා.

    නැවත වතාවක් වචන භාවිතය නිසා වෙච්ච වැරැද්ද ගැන මම සමා වෙන්න කියල ඉල්ලා සිටිනව මලයගෙන්.

  25. sub kanna

    මම මේක බලලා තිබුනත් සිංහල උපසිරැසි එක්ක බලන්න ඔනෙ කම තිබ්බා. ඔබට ස්තූතියි කියන ගමන්ම 2 3 ටත් මබ් දෙන්න කියලා ඉල්ලනවා. මගේ අළුත් TOSHIBA LED TV එක සිංහල යුනිකොඩ් වලට සපොට් කරනවා. උපසිරසි නියමෙට පේනවා. කට්ටියට දැනගන්න කිව්වේ.

  26. D_DASH

    Thankss.... fatta film akak oka.. aye balanda oni mathakath na.. sub walata thanks..

  27. Nuwan

    මමත් බලල තියනවා.. සිංහල Sub තියන නිසා අයෙත් බලනවා...
    Thanks

  28. kanta

    sinhaa sub ekka film eak dunnaa thanks very much........

  29. සංදීප

    @B.V.Kajja

    අඩේ නැහැ මචං....මම මේක දැම්මේ බලපු නැති කට්ටිය බලයිනේ මේක පොඩි උන්ත් එක්ක බලන්නම බැරි එකක්ද කියලා...ඒකයි මම එහෙම දැම්මේ.සමාවෙන්න නෙමේ මච්ං උඹට ස්තූතියි එහෙම comment එකක් දාපු එකට...මේකේ 18+ කියලා කරලා හින්දා කට්ටිය හිතයිනේ මේක බලන්නම බැරි එකක් දෝ කියලා.....

  30. chinthaka

    hemadamath meaka dekala thibunath mama beluwe nee. meda para nam balanawa. thanks machan

  31. Hansa

    mama nam balala tibbe na, dan balanava thanks machan

  32. කේ. යූ. ජී. උදාර

    @සංදීප
    //මම බැලුවේ පරණ වුනත් හොද movies walata වලට sub දාන්න.//

    අනිවාර්යයෙන්ම සහෝ. සබ් දෙන කොට අවුරුද්ද බලන්නෙ නැතුව හොඳ ෆිල්ම්ස් දීපන් මචෝ... ජයවේවා!!!

  33. chathura

    thanks macho mama meka balala thibun ne...onna bevenna demma....jaya wevaaa...

  34. රාම් රාජ්

    මම බලලා තියෙන් සුපිරි හොරර් චිත්‍රපට වලින් එකක්.මේක දෙවෙනි වෙන්නේ ද රින්ග් http://www.baiscopelk.com/?p=4837 සීරිස් එකට විතරයි.මටනම් මේ සීරිස් එකේ 3 වෙනි එකත් සුපිරි.බලලා නැති හොරර් වලට ආස අය අනිවාර්යයෙන්ම බලන්න.නැත්තං ඉතිං හොරර් බලලා වැඩක් නෑ.

  35. theekshanax

    සන්දීප සහෝ සබ් වලට තැන්කූ... අනික තමා ගැන IMDB ගැන කියනවනම් අච්චර ලස්සන twilight ‍ෆිල්ම් වල imdb බලන්නකො 5 ටත් වඩා අඩුයි මට මතක හැටියට

  36. shiwantha

    niyamai thanx machan

  37. Madushanka Gamage

    මම මේක බලල තියෙන්ව මචන්...මේකනම් බාන්නේ නෑ කොල්ලෝ...තැන්ක්ස් මචන් සබ් වලට.. :)

  38. Roshan

    Niyanmai sandeepa saho pattama patta horror film ekaka meka. api wenuwen kalaya weya karala sub dammata thankx godak thanks(:(:(: .,

  39. sujeewa

    thanks saho lassan film akak mama sarayak balala thiyanawa sub thiyana nisa ayath balanawa

  40. B.V.Kajja

    <<
    ටිකක් කාලීන වශයෙන් වැදගත් මාතෘකාවකට මට මේ මල්ලි ලගෙ අවදානය යොමු කරවන්න හිතුන නිසයි මේ ලිපිය මම ලියන්න තීරනය කලේ.

    මොකද මේ සයිට් එක යූස් කරන සහ ප්‍රතිචාර වලින් දායක වෙන වයසින් වැඩිම කෙනා මම වෙන්න ඇති.

    ඔයාල කල්පනා කරල බලාවි ඇත්තටම කව්ද මේ B.V.Kajja කියල කියන්නෙ කියල.මම 1991 දි පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ ඉගෙන ගන්න කාලේ මාව කවුරුත් ආදරයට කතා කල නම තමයි කජ්ජා කියල කියන්නෙ.

    ඇත්ත නමින් තවත් සාම්ප්‍රදායික කොටුවකට හිර වෙන්නෙ නැතුව හරිම ෆ්‍රී එකේ මේකෙ COMMENT කරන්න,ලිපි ලියන්න පුලුවන් නිසයි මම මේකට ජොයින් උනෙත්.පවතින කාරි‍ය බහුල බව නිසා මට තාමත් මේකට SUBTITLE 1ක් වත් දෙන්න නම් බැරි උනා....

    මම මේකෙ ෆිල්ම්ස් ඩවුන් ලෝඩ් කරන නන්ගිල මල්ලිල දූල පුතාල ගෙන් එක ඩෙයක් ඉල්ලන්නම්,මේ ලිපි දාන හැම කෙනෙක්ම ආසඉ එයාල ගෙ ලිපියට වචනයක දෙකක හරි Comment එකක් දානව නම් අපි කරන්නෙ ලොකු දිරි ගැන්වීමක්.අනිත් එක තමඉ ගොඩක් දෙනෙක්න් තමන් Download එක ඉවර වෙච්ච ගමන්ම කරන දෙය තමයි Torrent tracker ,remove කරල close කරන එක.ඔයාලම කල්පනා කරල බලන්න ඒක හරිද කියල.Seed
    කරන එක අපි හැමෝගෙම යුතුකමක්.ඒක අපිට පැහැර අරින්න බෑ.

    ඔයාල දන්නව නෙ පැය 1.5 ක ෆිල්ම් එකක් බලන්න අපි ල0කාවෙ කට්ටිය පැය 3/4 වගේ download කරන්න නාස්ති කරන්න වෙලා තියෙනව.ඒකට බලපාන ප්‍රධානම හේතුව තමයි අපේ රටේ ඉන්ටර්නෙට් ගොඩාක්ම slow.නමුත් අපිට පාලනය කරන්න පුලුවන් සාධකයක් වෙන seeds අඩු කම නිසා ඇති වෙන අපහසුතාවයන් මග ඇරවගන්න අද ඉදන්ම හිතා ගම්මු.අපිට කවඩ හරි අපේ සි0හල ෆිල්ම්ස් වලත් ටොරන්ට්ස් බාගන්න පුලුවන් දවසක් උදා කරගන්න පුලුවන් එතකොටයි.ජය වේවා.......

  41. Anonymous

    @ kajja,

    "ඔයාල කල්පනා කරල බලාවි ඇත්තටම කව්ද මේ B.V.Kajja කියල කියන්නෙ කියල.මම 1991 දි පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ ඉගෙන ගන්න කාලේ මාව කවුරුත් ආදරයට කතා කල නම තමයි කජ්ජා කියල කියන්නෙ."

    ඉංජිනේරුවොත් පුංචි ළමයින්ට කුනුහරුප පිංතූර බලන්න, පස්සෙ ඒව ඉගෙනගෙන කරන්න උපදෙන් දෙනව නේද? ඉස්සෙල්ල මම හිතුවෙ කෙහෙල් වත්තෙ පොට්ට සිරා කියල.

    ROLF

  42. Anonymous

    @ Anonymous January 17th, 2012 at 2:12 pm..

    what so ever,what he says is correct.We respect your ideas sir.(Kajja)

    The fault with our people is,they dont like the leaned people to be simple and ground to earth,if they see such a great gentleman they insult and criticize the demeanor.

  43. සංදීප

    මමත් ඒ කියමනත් එක්ක එකගයි.සාමාන්‍යයෙන් පිටරටකනම් 700 ඩවුන්ලෝඩ් වෙන්න ගතවෙන කාලය පැය භාගයයි.අපේ රටේ ඒක සාමාන්‍යයෙන් පැය 3 සිට 5 වෙනකම් ගත වෙනවා.....අපිට අඩුගානයේ පැයක්වත් seed කරන්න පුලුවන් වුනානම් මේක හුගක් අඩු කරන්න පුලුවන්.....

    1. harsha

      link eka nane.error message ekak enawa.mokakda solution eka.error message is STOP - there might be a problem with the requested link

      please me film eka sinhala sub ekka balanna puluwan widiyak e mail karanna

  44. uda

    @ Anonymous Says: January 17th, 2012 at 4:26 pm

    සහෝ ඔයා පටලවගෙන කජ්ජා මේ දාලා තියෙන කමෙන්ට් එක ගැන නෙමේ Anonymous January 17th, 2012 at 2:12 pm සඳහන් කරන්නේ.

    මීට කලින් කිහිප තැනක ඔහු විසින් යොදා තිබූ කමෙන්ට් කිහිපයක් ගැනයි. Anonymous January 17th, 2012 at 2:12 pm සඳහන් කරන වාගේ අපහරණාත්මක ස්වරූපයේ, එවන් අදහසක් ජනිත වන ආකාරයේ කමෙන්ට් කිහිපයක් මෙයා(කජ්ජා) යොදලා තිබුණා. ඒ ගැනයි මේ ඔහු සඳහන් කරන්නේ. ඔයා ඒක නොදැන අනිත් Anonymous January 17th, 2012 at 2:12 pm ට මේක කියන්න ඇත්තේ මයෙ හිතේ...

    කොහොම වුණත් ඊට කලින් ඇත්ත තත්ත්වය දැනගත්තානම් හොඳයි. නමුත් මෙතෙන්දිනම් කජ්ජා සුද්දයි. මොකෝ මෙතන කියල තියෙන එක ඇත්ත. මෙතන අර වගේ දෙයක් කියලාත් නෑ. නමුත් තමන් පැසුණු බුද්ධියකුත් සහිත බොහොම උගත් අයෙකු යැයි කියන කෙනෙක් අර වගේ අදහසක් එන කමෙන්ට් යෙදීම තුළ ජනිත වෙන්නේ වෙනමම අදහසක් ඒකයි මේ කියන්නේ...

  45. Uraj Deemantha

    මේ වගේ හින්දි එකකුත් තිබුනා නේද....?? "කාල්" වගේ මට නම නම් මතක......!!

  46. Anonymous

    @ Anonymous, January 17th, 2012 at 4:26 pm

    "The fault with our people is,they dont like the leaned people to be simple and ground to earth,if they see such a great gentleman they insult and criticize the demeanor."

    The fault here is you don't like admitting what is wrong & what is correct. Being down to earth means not shouting filth in public. Anyone can get open & say whatever he wish, but it is only the gentlemen who can select when & where to make noise.

    @ Uda,

    ඔව් මචෝ, ඔයා හරි. මම ඒක දැම්මෙ මේ ස්ට්‍රිං එකේ තියන පෝස්ට් එක ගැන කියල නෙවෙයි.

    මේ කජ්ජා කියන එකා කොහොමටවත්ම උගතෙක් වෙන්න බෑ, දෙකයි පනහෙ සිමයියෙක් මිසක. එක්කො පොතෙන් උගත් විකෘති මානසික අමාරුවක් තියන කෙනෙක්. ඉංජිනේරුවන්ට කරන නින්දාවක් ඒක.

  47. DAMER

    එළකිරි තමා... 8)
    Wrong Turn 4 ෆිල්ම් එකටත් පුලුවන්නම් සබ් දාන්න... :D
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
    ජයවේවා කිවුවා හැමෝටම…! 👍

  48. Sanka malavi

    niyamai film eka. thanks sub walata. thawa me
    wage film ekak lagadima labei kiyala hithanawa.

  49. MarK

    tnX brO

  50. ලෝචන

    සබ් වලට ගොඩක් ස්තූතියි....:D :P

Load more comments