හින්දි දුන්නට කට්ටියගෙන් සැලකිය යුතු තරමේ කමෙන්ට්ස් ගාණක් වැටෙන්නේ නැහැ කියල දන්නව වුණත් මේක බැලුවට පස්සෙ මේකට සබ් දැම්මොත් හොඳයි කියල හිතුණ. සම්ප්‍රදායික රාමුවෙන් පිට පැනල හැදුණ මේ චිත්‍රපටයේ තිබුණු අමුතු ගතියම තමයි මාව ඒ සඳහා පෙළඹෙව්වේ. Dhobi Ghat චිත්‍රපටය අමීර්ඛාන්ගේ සහ ඔහුගේ බිරිඳ කිරන් රාඕගේ…

හින්දි දුන්නට කට්ටියගෙන් සැලකිය යුතු තරමේ කමෙන්ට්ස් ගාණක් වැටෙන්නේ නැහැ කියල දන්නව වුණත් මේක බැලුවට පස්සෙ මේකට සබ් දැම්මොත් හොඳයි කියල හිතුණ. සම්ප්‍රදායික රාමුවෙන් පිට පැනල හැදුණ මේ චිත්‍රපටයේ තිබුණු අමුතු ගතියම තමයි මාව ඒ සඳහා පෙළඹෙව්වේ.
Dhobi Ghat චිත්‍රපටය අමීර්ඛාන්ගේ සහ ඔහුගේ බිරිඳ කිරන් රාඕගේ නිෂ්පාදනයක්. මෙහි අධ්‍යක්ෂවරිය වගේම රචිකාවිය වන්නෙත් කිරන් රාඕම තමයි. IMDb Ratings වලත් 7.3/10 ක් වගේ ඉහළ අගයක් ලබා ගන්න මේ චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. ඒ වගේම අමීර් ඛාන් හැරුණහම මෙහි එන අනෙක් ප්‍රධාන චරිත සියල්ලටම නවක නළු නිළි පිරිසක් සම්බන්ධවීම ද මෙහි ඇති විශේෂත්වයක්.
චිත්‍රපටයේ කථාව නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රධාන චරිත හතරක් කේන්ද්‍ර කරගෙනයි. මේ හතරදෙනාම ජීවත්වෙන්නේ මුම්බායිවල. එක් කෙනෙක් හුදෙකලාව ජීවත්වෙන සිත්තරෙක් (අරුන්). තව කෙනෙක් තමයි නළු හීනය කරගහගෙන පාරවල් ගානේ රෑට මීයෝ මරණ තරුණයා (මුන්නා). මීට අමතරව මිනිහ අනුන්ගේ රෙදි හෝදන වැඩෙත් කරනවා. අමෙරිකාවේ ඉඳන් ආපු ඡායාරූපකරණයට පෙම් බඳින කෙල්ලෙකුත් මේ අතර ඉන්නවා (ෂායි). මාස කීපයකට කලින් කසාද බැඳල මුම්බායිවලට ආපු තරුණිය තමයි අනිත් කෙනා (ජස්මින්). අරුන්, මුන්නා, ෂායි තුන්දෙනා වරින්වර එකිනෙකාව මුණ ගැහුණත් ජස්මින්ව නම් මුණ ගැහෙන්නේ මේ තුන්දෙනාගෙන් එක් කෙනෙකුට විතරයි. ඒකත් බොහොම අහම්බයක් කිව්වත් වැරදි නැහැ. ඒ එයාම දාල ගිය ලියුම් තුනක් හින්ද සිද්ධවෙන දෙයක්. ඇත්තටම මේ ලියුම් මොනවද ?, ඒවයේ මොනවද තියෙන්නේ ?, මීයෝ මරණ කොල්ල නළුවෙක් වෙයිද ? ආදී මේ හැම දෙයක්ම දැනගන්න ඔයාලත් චිත්‍රපටය බාගෙන බලන්න.
මේ ලිපිය අහවර කරන්න කලින් මුලින් කියපු චිත්‍රපටයේ අමුතු ගතිය ගැනත් යමක් කියන්න හිතුව.
චිත්‍රපටයේ එන සමහර රූපරාමු සහ දර්ශන පුරවන්න අධ්‍යක්ෂවරිය උපයෝගී කරගෙන තියෙන්නේ දෙබස් වෙනුවට සංගීතයයි. ඒක හුඟක් විරල අවස්ථාවක්. විශේෂයෙන්ම හින්දි චිත්‍රපටවල. ඒවගේම මෙහි එකදු හෝ සිංදුවක්වත් අන්තර්ගත වෙන්නේ නැහැ. හැබැයි ඒ අඩුව යන්නත් එක්ක අපූරු පසුබිම් සංගීතයක් තියෙනවා. මීට අමතරව භාවිත කැමරා කෝණ සහ සංස්කරණ රීතිය පවා සම්ප්‍රදායික වට්ටෝරු හින්දි සිනමාව අභිබවා ගිහින් තියෙනවා.
කොහොමවුණත් මං මේ හැම දෙයක්ම කිව්වේ බොරු වර්ණනාවක් ගෙන එන අදහසින් නෙවෙයි. සැකයක් තියේ නම් trailer එකක් බලලම බානව ද නැද්ද කියල තීරණය කරන්න. මීට අමතරව මේක දැනටමත් බලපු අයත් ඇතිනේ. ඒ අයත් මේ ගැන ඔයාලගේ අදහස් කියන්න. එහෙම නම් හැමෝටම වෙනස් අත්දැකීමක් එක්ක මුසු වෙන්න ඇරයුම් කරමින්ම මං සමුගන්නම්.
හැමටම ජය….

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා ලබා දි ඇත.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/udara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කේ.යූ.ජී.උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011/08/16
Subtitles by
කේ.යූ.ජී.උදාර
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
98 comments
theekshanax
Alaya
awwwwww udenma mama..thankx kolla sub walatayi movie ekatayi..jaya wewaaa kiyala 1st cmmnt1 onnnaa :)
theekshanax
අඩෙ අප්පා මම එකනේ :D ;)
darshana
ela kiri machan,,,mamat beva,,,tnxxxxxxxxx
සාරංග ලියනගම
පට්ටයි සහෝ..මේක ගිය අවුරුද්දේ රිලීස් වුන හින්දි ෆිල්ම්ස් වලින් පට්ටම ෆිල්ම් එකක්.ඒත් මේකේ හොඳ කොපි එකක් එන්න සෑහෙන කාලයක් ගියා.මම මේක බැලුවත් සිංහල සබ් එක්ක ආයෙම බලනවා.ගොඩක් ස්තූතියි සහෝ..
ජයවේවා....Asabha
thankx !!
රාම් රාජ්
hindi nam banne ne. namuth film ekata thanks.
D_DASH
Film aka hoda athi... balanda asa hithuna thanks.. sub dunnata elakiri wadak... download karanda damma on....
චන්ද්‍රකුමාර
එල...............!
dilan
thanks.............
ම
මේ චිත්‍රපටිය ගැන ජනවාරි පෙරඹර සඟරාවේ හොඳ ලිපියක් තිබ්බා. ඒක බැලුවම මට මේක හොයාගෙන බලන්න උවමනාව තිබ්බා. ස්තූතියි මේක සිංහල සබ් එක්කම දුන්න එකට
Djwathila
තැන්ක්යු මචෝ.................
විකියා
මේක සුපිරි නිර්මාණයක්... අමීර් ඛාන් ඉන්නවා කියන්නේ ඉතින් ආයෙත් අහන්න දෙයක් නෑ..මචෝ කමෙන්ට් අඩු වෙන්නේ නෑ..කවුරු නොදැම්මත් අපි දානවනේ.. :)
ජයෙන් ජය~!
[DiN3sH]
අනිවාර්යයෙන්, විකියා කියපු කථාව හරි. අමීර් ඛාන් ඉන්නවනම් ගොඩක් අය බලනවා! ඉදිරියටත් මේවගේ හොඳ නිර්මාණවලට සබ් දෙන්න ධෛර්යය ලැබේවායි පතනවා! ජය!
අනුත්
බොහොම ස්තුතියි,310mb එක ගොඩක් වටිනව.
uda
මම දන්න තරමින් මේකට English ෆිල්ම් එකක ආභාෂයක් තියෙනවා.(මම කීවේ කතා තේමාව ගැන හොඳේ... ෆිල්ම් එක ගැනම නෙමේ) මේ වගේම English ෆිල්ම් එකක් ගැන(කිහිප දෙනෙකුගේ ජීවිත වටා ගෙතීගෙන යන කතාවක් ගැන) මම මූවී ලිස්ට් එකක කියෙව්වා, හැබැයි චරිතනම් වෙනස්. මම මේ ලිපිය දුටු වෙලාවේ ඉඳලා තැත් කළා ඒකේ නම හොයාගන්න, මොකද ඒක මා ගාව නෑ. ඉතිං ඒකත් හොයාගන්න මට හිතුණා මේක දැක්කම ඒකයි ඒ.
නමුත් මට නම මතක නෑනේ. හොයලා හොයලා හම්බුණේ නැති තැන, කොමෙන්ට් එකක් දාලා පස්සේ හොයනවා කියලා හිතුවා. හම්බුණොත් ඒ ගැනත් කියන්නම්....
කවුරුහරි දන්නවානම් පොඩ්ඩක් ඒ ගැන සඳනක් කරන්න.Tharanga Darshana Ekanayaka
;)
තැන්ක්ස්.........
ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.....
තවත් ඉදිරියට උපසිරස කරන්න හැකියාව ලැබේවා..!!Vidura Imesh
thanks saho :)
Rumesh
මම මේ ෆිල්ම් එක බලල තියනව, මුලින්ම කියන්න ඕන මේක ආට් හව්ස් ෆිල්ම් එකක්,මේක රිලීස් කලෙත් බොහොම අඩු පිටපත් ගනනක්,ඒත් ෆිල්ම් එක පාඩු උනේ නම් නෑ, මම හිතන්නෙ ඒ ආමීර් ඛාන් ඉන්න හින්ද වෙන්න ඇති, මේක අමුතුම ෆිල්ම් එකක්,මෙකෙ මතු පිට තේරුමට වඩා තවත් තේරුමක් තියනව,
උදාහරනයක් විදියට ගත්තොත් මම දැක්ක ලිපියේ තියනව මීයො මරන තරුනයෙක් ගැන, ඇත්තටම කිව්වොත් ඔහු ඩෝබි කෙනෙක්(රෙදි සෝදන්නෙක්) ෆිල්ම් එක මුලදි පෙන්නන්නෙ රෑට ඔහු ගිහිල්ල පරෙ අයිනෙ තියන මොනවටද ගහනව විතරයි. නමුත් ෆිල්ම් එක අනිතිම හරියෙදි තමයි පෙන්නන්නෙ ඔහු රෑට මීයො මරනව කියල. ඒ මොකද කියනව නම් ඒක ඔහුගෙ රස්සාවට බලපාන නිසා,මොකද මීයො ඉඳල රෙදි කන නිසා,අපට ඔහු ෆිල්ම් එක පුරාම අහිංසකයෙකු විදිහට පෙනුනත් ඔහුත් අපි හිතන පුද්ගලයම නෙමෙයි,ඒ වගේ මිනිස්සුන්ගෙ සියුම් රටවන් පිලිබඳ කියෙවෙන සරල ඒත් සංකීර්ණ ෆිල්ම් එකක්, මේ වගේ ෆිල්ම් බොලිවුඩ් වල කොහොමටවත් හැදෙන්නෙ නැති උනත් ආමීර් ඛාන් ඒ අභියෝගයත් බාර අරගෙන ඒක ජය අරගෙන තියනව තියනව, මොකද ලොකු කමර්ෂල් ෆිල්ම් flop වෙනකොට මේ ෆිල්ම් එක පොඩි රිලීස් එකකින් උනත් සාර්තකත්වයක් ලබාගෙන තියන නිසා, අන්තිමට කියන්න ඕන ඔයගොල්ලන්ට මෙහි නියම තේරුම ගන්න නම් කිහිපසැරයක් බලන්න වෙයි,විකියා
උදාර සහෝ මට ඔයාගේ ඊ මේල් එක දෙනවද?>< උපසිරස නිර්මාණයකට ඔයාත් හවුල් කර ගන්න හිතුවා...
මේල් එකක් දාන්න...
chamila
thanks....
luckyaaaaaaaaaaa
tnxsssssssssss
uda
අයියෝ........
සබ් එකට ස්තුති කරන්න බැරි වෙලානේ.
ටැන්කූ සහෝAkalanka Yapa
ජයෙන් ජය~!
ස්තුතියි උදාර සහෝsujeewa
thanks ona mamath down wana danawa hindi unath hoda adahasak athi film akak
Heart
Thz Udara saho... mamath meka balala tiyenawa.. patta film akak.. SUb Nisa aith balanawa...
Jaya wewa...සයිලන්ට් හන්ට(ර්)
අඩේ අප්පා රොයිලි අයියා බැදලද මට මාරම හැපී :) :D ;)
සුබ පැතුම් රොයිලියෝසංදීප
මමත් බාමි...එළකිරි කොල්ලෙක්නේ...thanks මචං movie එකට සහ sub එකට.
kodizz
niyamaiiiiiiiiii
Tharindu Chat
බොහොම ස්තූතියි සහෝ!!!!!
@උදා - මචන්, ඒක Crash කියලා එකක්ද???
කේ. යූ. ජී. උදාර
අදහස් දක්වා දිරි දුන් හැමට ස්තූතියි.
@ විකියා
මං හිතාගෙන හිටියේ මේ චිත්‍රපටයෙන් පස්සෙ සිංහල සබ් දෙන වැඩේ කෙටි කාලයකට හරි නවත්තන්නයි. කොහොම වුණත් කමක් නැහැ මං උඹට මේල් එකක් දාන්නම්.Jayan Chamal
ela ela machan mama meka apu davsama baluva... meka baladdi mata hithune meka nikan France ho Italy film ekak kiyala athatama Hindi kiyalanam danunema na ... lasana movie ekak ela.
තිවංක
Thanks aaa,,, Ela Kiri Film Eka,,
chathuranga
sihala sub valata thankz
Dina
මම නම් හින්දී දැන් වැඩිය බලනේ නෑ.. කමක් නෑ උදාර,ගොඩක් thankz. ඒත් එක්කම රොයිලි අයියාට සිරි සුභ මoගලම්.. එල ඈ.....දැන් ඉතින් පව්ල් පන්සල් උනාම sub දෙන එක අමතක කරන්න එපා ඈ.. :) :D
charith danushka
නියමයි....... නියමයි....... හොද චිත්‍රපටියක් මේක ස්තුතියි සිංහල සබ් එකත් එක්ක දුන්න එක. තව තව සබ් දාන්න ශක්තිය දහිරය නිබදවම ලැබේවා....!!! ජය ශ්‍රී.....
AL1717
Thanks Macho Sinhala Sub Thgiyana nisa hodai..
Thanks Wewaa Kiyala onna Mamath Banawa
Jaya Wewaaa
KT
hindi & tamil rocks............
shehan
බොහොම පින් ..මම කලින් බැලුව තේරුණා මදි....දැන් නම් හොදට බලන්න පුළුවන්
sanju
ස්තුතියි
hare :-)
මමත් 2011 අවුරුද්ද තුල බලපු හොඳම හින්දි චිත්‍රපටිය විධියට සලකන්නෙ මේක. සිංහල සබ් දිලම තියෙන නිසා තව කීපදෙනෙකුටවත් පෙන්නගන්න පුළුවන් වෙයි :D ඉතිං ස්තූති වේවා උදාර!
mahes
balamu hodaida kiyala onna mamat demma dowunlode
mahes bandara
balamu hodaida kiyala onna mamat demma dowunlode
me
Thanks
අමීර
බොහොම ස්තූතියි සහෝ........
ashan suranga
thanks machan........
anjana lakmal
ela,ela keep it up,,,
Anonymous
niyamai ne thanks!!!!!!!!
thushan
thanks machaaaa....
vernie
Thanks ඒක මරූ
Advertisement
ස්තුතියි උදාර සහෝ