රාහුල් කියලා අහිංසක කොල්ලෙක් ඉන්නවා. කොල්ලගේ ලොකු හීනයක් තියනවා ලොකු ඒජන්සියක ලොක්කෙක් වෙන්න. මෙයාගේ ලොක්කා, ඒ කියන්නේ මෙයාගේ බොස්, රාහුල්ට ඒ හීනේ හැබෑ කරගන්න උදවු කරනවා කියලා රාහුල්ගෙන් එක එක වැඩ කරගන්නවා. ඒ කියන්නේ.. බොසා හෙන මනමාලයා, මිනිහා කසාද බැඳලා. ඒ වුණාට තමන්ගේ ආයතනයේ වැඩකරන නිරූපිකාවන්ට ම…

රාහුල් කියලා අහිංසක කොල්ලෙක් ඉන්නවා. කොල්ලගේ ලොකු හීනයක් තියනවා ලොකු ඒජන්සියක ලොක්කෙක් වෙන්න. මෙයාගේ ලොක්කා, ඒ කියන්නේ මෙයාගේ බොස්, රාහුල්ට ඒ හීනේ හැබෑ කරගන්න උදවු කරනවා කියලා රාහුල්ගෙන් එක එක වැඩ කරගන්නවා. ඒ කියන්නේ.. බොසා හෙන මනමාලයා, මිනිහා කසාද බැඳලා. ඒ වුණාට තමන්ගේ ආයතනයේ වැඩකරන නිරූපිකාවන්ට මේකා බැල්ම දානවා, ඔය වැඩවලට උදවු ගන්නේ රාහුල්ගෙන් තමා. මුලින්ම රාහුල් අහිංසකයි කියලා කිවුවට එයත් හෙන ගල් කාස්ටයා! ලොක්කගේ හොර වැඩ වලට උදවු කරන ගමන් පුළුවන් තරම් ලොක්කාගෙන් ගලවගන්න තමා බලන්නේ. එක අතකට එකේ වරදකුත් නෑ. ඔන්න ඔය අතරේ ඒක දවසක රාහුල්ට පාරේදී වෙන අකරතැබ්බකින් ලස්සන කෙල්ලෙක්ව මුණගැහෙනවා. එයාගේ නම සීමා. එයත් නිරූපිකාවක්.
මෙයා රාහුල් වැඩ කරන සමාගමේ දැන්වීමකට ආවම ලොක්කා එයාව දැකලා දැලේ දාගන්න හදනවා. සීමාටත් අවශ්‍ය ලොකු මිනිහෙක්ව කසාද බඳින්නයි. ඉතින් රාහුල්ගේ බොසාගේ ගැට වලට එයාව අහු වෙනවා. ඒත් ඒ වනවිට රාහුල්, සීමාට ආදරේ කරන්න පටන් අරන්. ඉතින් රාහුල් තමන්ට පුළුවන් විදිහර සීමාව ආරක්ෂා කරනවා. මෙහෙම යනකොට රාහුල්ගේ ලොක්කගේ බිරිඳට සැක හිතෙනවා. එතකොට ලොක්කා කියනවා සීමා කියන්නේ රාහුල්ගේ බිරිඳ කියලා. එතන ඉඳන් ඒ දෙන්නට අඹු සැමියන් විදිහට රඟපාන්න සිද්ධ වෙනවා. එහෙම ඉන්න අතරේ සීමාත් රාහුල්ට දන්නෙම නැතුව ආදරේ කරන්න ගන්නවා….
රාහුල් විදිහට රංගනය ඉදිරිපත් කරන්නේ කොයි කවුරුත් දන්නා ‘ෂාරුක් ඛාන්’. බොහෝ විට අපේ සිත් තුළට කාවැදුණේ එයාගේ මැදි වියේ සංවේදී රංගණයනේ. පොඩ්ඩක් බලන්නකෝ තරුණ කාලේ කරපු කෙළිලොල් රංගනයත් කොහොමද කියලා. සීමාගේ චරිතය ඉදිරිපත් කරන්නේ, සුරූපී නිළි ‘ජුහී චවුලා විසින්’. මම බොහොම කැමති නිළියක් වුණත් දැන් නම් එයාව වැඩිය පේන්න නැති ඒක නම් කණගාටුයි. මේකේ ලොක්කා නැත්නම් ‘බොස්’ ගේ චරිතය ඉදිරිපත් කරන්නේ ‘ආදිත්‍ය පන්චෝලි’ විසින්.
මෙහි අධ්‍යක්ෂණය ‘අසීස් මිර්සා’ විසින්. IMDB අගය නම් 6.7 ක් වගේ තමා…. වැඩිය යමක් නම් කියන්න නෑ ඉතින්.
කණගාටුවෙන් කියන්න තියෙන්නේ, අන්තර්ජාලයෙන් ලබාගත් උපසිරසියේ ගීත වලටනම් උපසිරසි තිබුණේ නෑ. ඉතින් මම හිතුවා පළවෙනි ගීතය ඉතාමත් ලස්සන නිසා එකට ටයිම් ලයින් හදාගෙන උපසිරසි ගන්වන්න, හිතුවා වගේ වැඩේ ලේසි නෑ.. ටයිම් ලයින් හදනවා කියන්නේ පිස්සු වගේ තමා. සමහර චිත්‍රපට සඳහා ටයිම් ලයින් හදාගෙන උපසිරසි ලබාදෙන අපේ සහෝදරවරුන්ට බොහොම ස්තුති වන්ත වියයුතුයි.
ආ… ” සුබ නව වසරක් වේවා හැමෝටම!”
Due to copyright issues, we do not provide any torrent links.
4,309 downloadsDownload Yes.Boss_.1997.baiscopelk.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමික සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නාමික සඳරුවන්
Subtitles
50 comments
harsha bandula
nirmal
onna mulimma gatta. thanks
isuru
ela kiri sahrukge film aka
Gayashan
ස්තූතියි යාළුවා...
vee
maxxa saho
was
මේක පට්ටම ෆිල්ම් එක සින්දු සෙට් එකකුත් තියෙනවා සුපිරිම සබ් වලට පින්
eranga
elane :D
ccnp
Thanks
yasomal
mey wage parana awata subs dena akata tx sahota
ganidu
තෑන්ක්ස් වේවා!
wow
wow,,, maru :D
samith
old is gold :D
tharanga
බොහොම තුති!
Ashan ravihansa
patta film ekak vage siz eka hena lokune 700mb ekakuth dendako bro
sampath
ස්තුති වේවා.. පුළුවන් නම් ශාරුක්ගේ 1st film එකටත් sub ලබා දෙන්නකෝ. මට හිතෙන්නේ 1st film එක darr(1993) වෙන්න ඕනේ..
ගයාන් රූකාන්ත (ජෝනා)
http://www.imdb.com/title/tt0126871/
නැ සහෝ ෂාරුක් ගේ පලවෙනි ෆිල්ම් එක මේක
Amia Madhusankha
නෑ මචං ෂාරුක් රංඟන දායකත්වය දුන් ප්‍රථම චිත්‍රපටය 1992 Deewana.. හැබැයි ප්‍රධාන චරිතය නෙමෙයි. උප ප්‍රධාන චරිතය. රිෂි කපූර් සමඟ දිව්‍යා භාති සමග ෂාරුක් ඛාන් හා අමරිෂ් පූරි...
sanju lakshan
thanx
Aditha Praween
පස්ට සහෝ
එලකිරි
දිගටම ශාරුක්ගෙ පරණ ඒව දෙන්නScofield
Jai Ho 2014 Hindi Non-Retail DVDRip x264 MP3
awillooooooooooooooo..Sub denno....
ගයාන් රූකාන්ත (ජෝනා)
සබට තුති කොල්ලෝ ඔන්න ගත්තා ජය වේවා !
Sewwandi
thank u sooo much, ald is gold ne :D ,apahu sub ekka balanna oone,
suranandana
patta meakath hoya hoya hetapu ekak duplicate wage ma thama
janaka
Thanks yaluwa mama asawenma balanan hitya film ekak sub dunnata godak pin
sahan
Thanks bro.... shahrukh ge parana film set eka nam ela...
ruwan kasun
pattay machoo..
prabath
machan pata film 1ka koila sharukge puluwannam denna
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි නාමික සහෝ සිංහල උපසිරැසියට. බලලා තියෙන ලස්සන චිත්‍රපටයක්. උපසිරසි එක්ක ආපහු බලමුකො එහෙනම්. ජය෴෴ :P :P
කේ.යූ.ජී. උදාර
නියමයි කොල්ලො...........
90 දශකයේ ආපු මේ ෆිල්ම් අදටත් වටිනවා.
සිංහල සබට බොහොම ස්තූතියි.thilina
tnx bro...DAAR 1993 movie 1 sub dennako
anuradha
Chalte chalte ekat denako sharuk ge
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.................නලින්
ස්තුතියි නාමික සහෝ
ජය වේවා!
mudiya / මුදියා
එලකිරි නාමිකයා.
බලල තියෙනවද කොහෙද.
හොඳට හිනාවෙන්නත් පුළුවන් වගේ.
බලන්න ඕනි ආයිමත්.
ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!Nelson
Good Post Friend, Thanks!
Chathura Madusanka
kolla niyamay....mama gawath me wage parana film tikak tyenawa...love storyk nam ithin parana hindima tama.....ela mcn...
namika
ඔව් මචං, පරණ ඒවාට තමා මමත් ආස. සබක් දුන්නත් පරණ එකක් හොයලා තමා දෙන්නේ.
ඒවාගේ තියන ගතිය මේ අලුත් ඒවායේ නෑනේ.
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Uraj Deemantha
Trailer එකට තියෙන්නේ වෙන මොකක්ද එකක් මචන්ලා...... !!
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
suranandana
meakath hodai hodata karala theyenawa eath oyala tv serious
dena eke dandako ara parana herculius tv serious ekatath kochchara parana wunath eakath patta serious ekak puluwannam
godak pin yaluwaneDAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම..! 👍sisiya
කාලෙකට පස්සේ පරණ හින්දි චිත්‍රපටයක් නැරඹුවා.. ඒ කාලේ මියුරු සංගීතයත් එක්ක අපූරුවට ගලාගෙන ගියා.. ශාරුක්ගේ පරිණත නොවූ කෙළිලොල් රංගනයක් දක්නට ලැබුණා.. ජුහී-ශාරුක් යුවල කදිමට ගැලපුණු අතර ආදිත්‍ය පංචෝලි වගේ නළුවන් දැන් දක්නට නොලැබෙන එක අවාසනාවක්..
නාමික මේ වගේ පරණ එව්වටම සබ් දෙන්න.dewthilina
Thanks machan
krish
Hum Tumhare Hain Sanam film eketh sub ekath dapallako mchnla.. ekath sharukge super filumak ne
akitha_ransilu
Thank u very much..✌️
Hashh
web dl ekth sub dennko
Pramod
Me file eka open wenne nane :(
Ravindu Heshan - Admin
Dan Wada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks machan