1928 ජුනි මස 14 වන දින ආජන්ටිනාවේ උපත ලැබූ සුරතල් ටෙටේ, සැබෑ නාමය අර්නස්ටෝ ගවේරාඩි ලාසෙනා. ලෝක පොලිස්කාරයාට පවා හිසරදයක්ව බරපතල ලෙස ඇදුම රෝගයෙන් පිඩාවිදී මේ කෙසග මිනිසා වෙන කවුරුකුත් නොව. ලොවක් ආදරය කරන අර්නස්ටෝ චේ ගුවේරා නොහොත් ආදරණිය චේ නම් සැබෑ මානව හිතවදියායි. පාසල් යාමට වයස අවුරුදු නවය වනතෙක්…

1928 ජුනි මස 14 වන දින ආජන්ටිනාවේ උපත ලැබූ සුරතල් ටෙටේ, සැබෑ නාමය අර්නස්ටෝ ගවේරාඩි ලාසෙනා. ලෝක පොලිස්කාරයාට පවා හිසරදයක්ව බරපතල ලෙස ඇදුම රෝගයෙන් පිඩාවිදී මේ කෙසග මිනිසා වෙන කවුරුකුත් නොව. ලොවක් ආදරය කරන අර්නස්ටෝ චේ ගුවේරා නොහොත් ආදරණිය චේ නම් සැබෑ මානව හිතවදියායි. පාසල් යාමට වයස අවුරුදු නවය වනතෙක් සිටීමට සිදුවූ මොහු වෛද්‍ය උපාධියක් ලබමින් තම අධ්‍යාපනයට සමුදුන්නාය. මොහුගේ විශ්ව විද්‍යාල ගජයා වූ ඇල්බර්ටෝ ග්‍රනාඩො සමගින් කිලෝමීටර පන්දහසක් පමණ පුරා මස නවයක් තිස්සේ දකුණු ඇමරිකානු මහාද්වීපය පුරාම කසි-කබල් මොටෝ බයිසිකලයකින් කල සවාරිය මොහුගේ දිවිය වෙනතකට යොමු කරවීමට සමත් විය. The Motorcycle Diaries (2004) යන නමින් සිනමා පටයකටද නැගුණු එය විවිධ භාෂාවන් ගණනාවකට පරිවර්තනය වූ චේ ගමන්කළ ඒ ගමනේ සටහන් පොතයයි. එපමණක් නොවේ ලොවක් ආදරය කරන මේ සොදුරු මිනිසාගේ අභ්‍යන්තරයේ සැගවහුන් ඒ මානුෂවාදියා ටිකෙන් ටික අවදි වීගෙන එන කාලයක් ඉදිරියට එමින් පැවතිණි.
තම වෛද්‍ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව තම දිවිය මිනිසුන් වෙනුවෙන් කැපකිරීමට ඉටාගත් ටෙටේ ග්වතමාලාවේ ලාදුරු කොලණියකින් තම මෙහෙය පටන්ගත්තේය. එකල වන විටදී ග්වාතමාලාවේ සිවිල් විප්ලවයක් ආරම්භවී තිබිණ, ඇමෙරිකාවේ CIA සංවිධානයේ සහය ඇතිව මෙහෙයවුණු එම විප්ලවයට එක්වුණු මේ කෙසග මිනිසාගේ සිරුර තුළ සැගවහුන් විප්ලවවාදියාද නැගිසිටින්නට පටන් ගැනුණේ මින් අනතුරුවය. ග්වාතමාලාවේ කැරැල්ල සාර්ථකවිමෙන් අනතුරුව මොහුගේ අවධානය යොමු වුවේ එකල වන විටදී කියුබාවේ ඒකාධිපති පාලක බටිස්ටාට එරෙහිව රැවුල්කාරයා (ෆිදෙල් කස්ත්‍රෝ) විසින් ආරම්භකර තිබු විප්ලවය වෙතටය. ග්වාතමාලාවේ කැරැල්ලේ අත්දැකීම් උපයෝගිකරගත් මොහු කියුබානු විප්ලවයේ නොනිමි ගිනිසිළුව වීය. ලොවක් හදුනන “චේ” යන ආදරණිය නාමය මොහුට පට බැදුනේද කියුබානු විප්ලවය අතරතුරදීය. සාර්ථක විප්ලවයකින් පසුව බැටිස්ටාගේ ඒකාධිපති පාලනය අවසන් කල ෆිදෙල් කස්ත්‍රෝ විසින් පිහිටවූ සමාජවාදී රජයෙන් ලද තනතුරු සියල්ලම අත්හළ මොහු බොලිවියාව බලා පිටත් විය, ඒ එවකට එහි ඇවිලෙමින් පැවති විප්ලවයට නායකත්වය දීම සදහාය, එහිදී ඇතිවූ සටනකින් අනතුරුව බොලිවියානු හමුදාවන්ට මැදිව අතකට සහ පාදයකට වෙඩි වැදිහුන් අයෙකු හසුවිය. ඔහුට වෙඩි තබා මරාදැමීමට යනවිටදී මට තමයි චේ ගුවේරා කියන්නේ ඔබ මාව පණපිටින් අල්ලගන්න එක හොදයි යනුවෙන් පවසා ඇත.
එලෙසින් බොලිවියානු හමුදාවන්ගේ ග්‍රහණයට අසුවූ චේව මරාදැමීමට බොලිවියානු ජනපතිට උවමනාවිය. ඔහු චේ සමග බද්ධ වෛරයකින් පසුවිය. එය කෙතෙක්ද යත් ඇමෙරිකානු CIA සංවිධානය පමණක් නොව හිට්ලර්ගේ යුද අපරාධකාර සගයෙක් වු ක්‍රාවුස් කැතින්තා (මට මතක විදියට) නමැත්තාවද සහයට ගෙන තිබුණා. එහෙත් ඇමෙරිකාවට උවමනාවී තිබුණේ මොහුව සදාකාලික සිරකරුවෙක් කිරීමටයි. මන්ද මොහුව මරා දැමුවොත් මිනිසුන් අතර සදාකාලික වීරයෙක් වනබව ඔවුන් තේරුම් ගෙන සිටි හෙයිනි. එහෙත් බොලිවියානු ජනපති නියෝග කොට තිබුණේ කිසිදු වග විභාගයකින් තොරවම වෙඩි තමා මරා දමන ලෙසයි. එම නියෝගය කනවැකුණු වහාම චේව සුදුමැලි වී ගිය බව CIA නිලධාරියා පවසා ඇත. පීඩිතයින්ගේ නිදහස යහපාලනය වෙනුවෙන් තම ජීවිතය කැපකළ වයස අවුරුදු 39ක් වු මේ සොදුරු මිනිසාගේ අවසන් හුස්ම පොද 1967 ඔක්තෝම්බර් මස 9වනදා බොලිවියාවේ ලා හිගුඒරා හිදී වා තලයට මුසු වුවේ හෙයිට් බේරන් නමැති බොලිවියානු සෙබළා M2 අවියෙන් නිකුත් වු උණ්ඩ කිහිපයකිනි. වෙඩි තැබීමට පෙර තම සිරුර විකෘති නොකරන මෙන් ඉල්ලාසිටි බවද පැවසේ. එලෙස චේ මරා දැමු බොලිවියානු සෙබළා පසුකාලීනව පවසා තිබුණේ එය ඔහුගේ දිවියේ සිදුවූ අවාසනාවන්තම සිදුවීම බවත්. ඔහුට එදින උවමනා වී තිබුණේ චේට වෙඩි තබා සෙබළුන් අතර වීරයෙක් වීම බවත්ය. එහෙත් එය මැරෙනකම්ම විදවන්න වෙන දෙයක් වෙයි කියලා ඔහු හිතුවේ නැත යනුවෙනුයි. චේව ඝාතනය කල පසු ඔහුගේ සිරුරේ ඡායාරුප ගැනීමට ෆ්‍රෙඩි ඇල්බෝටා නම් ඡායාරුප ශිල්පියා කැදවා තිබිණ. ඔහු විසින් ලබාගත් ඡායාරුප සිය ගණනකින් ජනප්‍රියම ඡායාරුපය වුවේ මිලිමීටර දෙකේ උණ්ඩයක් විසින් සිදුරු කරන ගිය චේගේ පපුව දෙසට හමුදා නිලධරයෙකු ඇගිල්ලක් දිගු කරන සිටිනා ඡායාරුපයයි.
එදා එලෙසින් මරා දැමුවද ඇමෙරිකාව සිතු ලෙසින්ම අද ඔහු නොමළ මිනිසෙකි. උපන් මහා පොළවට ණයගැත්තෙක් නොවූ මේ සොදුරු මිනිසා අද තාප්ප බිත්ති පුරා ටියුෂන්කඩ කරුවන්ගේ ප්‍රචාරක මෙවලමකි. චේ යනු කවුරුන්දැයි ඔහු කළේ කුමක්දැයි නොදන්නා එවුනගේ විලාසිතාවකි. පසුගිය වසරේ ඔහුගේ 46වැනි ගුණ සමරුව තිබු බව ඔවුන්ගෙන් කීයෙන් කීදෙනෙක් දන සිටින්නට ඇත්ද? මෙම උපසිරස ලබාදෙන ලෙසද ඉල්ලීමක් කර තිබුණේ එම සැමරුම වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසිනි. නමුත් අවාසනාවට අපට එම ඉල්ලීම ඉටු කිරීමට නොහැකි විය. අප උපසිරසි කණ්ඩායම ඔවුන්ට මහත් කනගාටුව ප්‍රකාශ කරනවා ඉල්ලීම එලෙස වෙලාවට ඉටු කිරීමට නොහැකිවීම පිළිබදව. ඒ වගේම ඒ ඉල්ලීම පමා වී හෝ ඉටුකිරීමට කැමැත්තට පළකළ දිල්ශාන් කාලිංග සහෝට බොහොම ස්තුතියි මෙවැනි වටිනා වැඩකට තම කාලය මහන්සිය කැපකිරීම සම්බන්ධව. ඔබ සැමට ජය හා සතුට!
Last Words Of Che Guevara: “I knew you were going to shoot me; I should never have been taken alive. Tell Fidel that this failure does not mean the end of the revolution, that it will triumph elsewhere. Tell Aleida to forget this, remarry and be happy, and keep the children studying. Ask the soldiers to aim well.”
“මම දැනන් හිටියා නුබලා මට වෙඩිතියන්න යනවා කියලා. මට කවදාවත් පණපිටින් අහු නොවෙන්නයි තිබුණේ. ෆිදෙල්ට කියන්න මේ අසමත්වීම විප්ලවයේ අවසානය නොවේ කියා. මෙය එම විජයග්‍රහණයෙන් ඔබ්බට යාමක්වෙයි. මගේ බිරිද ඇලෙයිඩාට කියන්න මේක අමතක කරන්න කියලා. ආයේ විවාහ වෙලා සතුටින් ඉන්න ඒ වගේම ළමයින්ට හොදට ඉගෙනගන්න කියන්න. සෙබළුන්ගෙන් ඉල්ලාහිටිනවා හරියට ඉලක්කේ ගන්න කියලා”
ශාන් විමුක්ති [විමා]
Due to copyright issues, we do not provide any torrent links.
7,186 downloadsDownload Che.Part_.One_.2008.baiscopelk.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් කාලිංග
Subtitles
57 comments
Rashmika
Rashmika
mekta sub dunna eknm loku dyk saho..Gr8 work :D
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.....දිගටම උපසිරැසි ලබාදෙන්න...ජයවේවා!!!!!!
ccnp
Thanks
ccnp
Maxxxa meyka nma watinawa
naleen
Super filmsssss meywa thama
lk
Pattttttta films dekath demu
සමීර කරුණාරත්න
අගේ ඇති කතාවක් මේකේ දෙවැනි කොටසත් මෙහෙමම දෙනකම් මේක බලලා තියාගන්නවා. බොහොම ස්තුතියි සහෝ...
විමා ලිල්පිය හොඳයි නමුත් ලිපි වගේම සබ් දෙන ඒක ගැනත් හිතහන්... මගහැරලා යන්නේ නැතුව.Kaush
me sub eka denakal balan hitiye...
godak thuthi...
campuss yana noyena hemotama meka balanna kiyala aradana karanawa.
taman kauda kiyana eka,,
tamangen ratata monawada wenna ona kiyana eka apuuruwata theriwi...
sthuthiy saho...jana
aye ahala niyamayi
was
මැක්සා මචං මේවා තමා ඕනේ
quik
thanks
mihin ලංකා
බොහොම පින්
asiri
bohoma pin
tharanga
එලම එල කතාවක් අපි චේ ගැන අහලා තිබ්බට පින්තුර දැකලා තිබ්බට
දන්නා දෙයක් නෑ නේ අගනා වැඩක් එකෙන්මwow
wow,,, maru :D
ositha
gr8 film
chamath cafe
බොහොම තුති සහෝ
dinidu madushanka
ela ela bro me wage films walatath sub dena eka godak watinawa jaya wewa
champi
sthuuuthi....
Jagath
thanks saho.
හර්ෂ ලහිරු
චේ ගැන අහලා තිබුනට මොකද
මේ වගේ දේකින් තමයි ලුණු ඇඹුල් ඇතුව
විස්තරේ බලා ගන්න පුලුවන් වෙන්නෙ :p
ස්තුතියි සහො මේකට සබ් දුන්නට :P ජය
( විමාගෙ ලිපියත් සුපිරියටම ලියලා තියෙන්නෙ හරියට උදා ලියනවා වගේ :D )Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Nisha
Nice Work brother
Siraj
සිංහල උපසිරැසිය වෙනුවෙන් කාලිංග සහෝට ස්‍තූති වන්‍ත වනවා.
ඒ වගේම හරවත් ලිපියක් ලබා දීම සම්‍බන්‍ධව වීමා අයියාට ස්‍තූතියි.
දිගටම උපසිරැසි දෙන්‍න හැකියාව ලැබේවා.රොයිලි
බොහොම ස්තූතියි දිල්ශාන් සහෝ සිංහල උපසිරැසියට. වටින කියන චිත්‍රපටියක් අපි එක්ක බෙදාගත්ත එක නම් ලොකුම දෙයක්. ජය෴෴ :P :P
කේ.යූ.ජී. උදාර
බයිස්කෝප් එකෙන් මේක දෙනකම් මං කාලෙක ඉඳන් බලන් හිටියා............
බොහොම ස්තූතියි දිල්ශාන්.
ඊළඟ කොටසත් ඉක්මනට ම දෙමු...........Sahan
Thanks machan
“චූටී මල්ලි”
එල එල
2නි එකත් දෙන්නෝ
සබට තුති
ඔබට ජය.................uda
මටත් හරියට "චේ" වගේ දැනෙනවා. මාත් බයිස්කෝප් එකේ පුංචිම පුංචි විප්ලවයක් කරලා තියෙනවනේ බැලින්නම්.
"යතුරු පැදියේ දිනපොත" සබ් කරනවත් එක්කම තමා මම චේ'ට ආදරය කරන්න ගත්තේ. ඒ වෙනකම් මම එයාව හරිහැටි දැනන් හිටියෙ නෑ. දැනන් හිටියෙ විප්ලවවාදී ප්‍රතිරූපයක් විදියටයි. නමුත් චේ කියන්නේ විප්ලවවාදියෙක්ම නෙමෙයි.
ඔහු සමාජ ශෝධකයෙක්! බාගවිට, විපලවවාදී අදහස් දැරූ අය ගැන මුලින්ම සබ් දුන්නේ මම වෙන්නත් ඇති. චේ'ගේ මුල් කාලෙ කතාව! ටෝල්ස්ටෝයි'ගේ කතාව!
ඒ අරඹපු වැඩේ අද වෙනත් අය ඉදිරියටම ගෙනියනවා. තව තවත් කාරණා තියෙනව, මෙතනට අදාල නැති. ඒත් දැන් අයින් වෙලා ඉන්න ගමන් මේ දේවල් දකිද්දී මතක්වෙද්දී අහිංසක සතුටකුත් තියෙනවා.
ඇත්තෙන්ම අගෙයි. ජයවේවා!
ශාන් විමුක්ති [විමා]
අනිවාර්යෙන්ම උදෝ
ඒත් ඉතින් ඒ විප්ලවවාදියා දැන් නැති අඩුවත් දැනෙනවා
Jayan Chamal
pataiiiiiiii
harith
ela ela part two akath ikmanata denna...............
Bandu
ජය ඔයාට......... බොහොම ස්තූතියි
kushen
Sub ekata godak thanks.Saho meke part one part two 395mb dvdrip thiyanawa.a dekatath sub update karala denna puluwannam godak thanks.
2nd part ekatath ikmanatama sub denna labenna kiyala wish karanawa.Amil
මෙන්න ෆිල්ම්ස්.... මම මිට පෙර මේක බලලා තියෙනවා.. එත් සිංහල උපසිරසි එක්ක බලන්න ලැබුනු එක ලොකු දෙයක්.. තැන්ක් සහෝ.. මේකේ part two එකත් සබ් එක දෙවි කියලා හිතනවා...
නලින්
ස්තුතියි දිල්ෂාන් සහෝ
මෙක නම් මම බලන්නම හිටි එකක් එත් පහුවුනා..
මෝටර් සයිකලේ කථාව නම් බැලුවා! මාර විදිහට එන ෆිල් වුනා!
ජය වේවා!
tharindu
Fatta vageee.....onna che gana adathamai mn hariyatama danagaththe..mn hithuve cheva maruve cia eken kiyala..baladdi boliviyavenne marala thiyennee..meka balanava aniva..thankss sahoo sub ekatahh..
mudiya / මුදියා
නියමයි දිල්ෂාන්.
ගොඩක් අගේ ඇති කතාවකට තමයි සබ් කරල තියෙන්නෙ.
බලන්න ඕනි ඉක්මනටම.
වීමාත් ලස්සනම වැඩේ කරල තියෙනව.
ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ, දෙවැනි කොටසත් දෙන්න,ජයවේවා.
Shakil
maxaaaa.... thanks..real story 1k.
Uraj Deemantha
එල එල.... බොහොමත්ම ස්තූති සබ් එකට..... :)
tharindu
machan best life mama dakapu.ela machan ela
thawath hodata karapan sub dana vadeeeශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි ඩිලා සබට
අදයි ආවේ සැහෙන කාලෙකින් මේ පැත්තට
එළකිරි වේවා!දිල්ෂාන් කාලිංග
උඹටත් ස්තුතියි ලිපියට.
;-)
sip
thanx ,godak watinawa.
Krish
Hoda lipiyak samagin Supiri film ekak..Godak sthuthi sahoo
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම..! 👍Jayantha
ආදරණීය චේ,
නොදුටුවද, අපිද ඔහුට ආදරය කරන්නෙමු.
උපශිර්ෂයට තුති සහෝ.Mithudam
Film eka tikak booring... aeth godak vadagath. sub denna vada karapu okkotama thanks
NILAN
නියමයි මචන් මම ආස්කරපු ෆිල්ම් එකක් නියමට වඩේ කරලා තියෙනව........
muditha
බොහොම ස්තුතියි සහෝදරයා
විප්ලවයට ජය
Gayan Chathuranga
බොහොම ස්තුතියි සහෝදරයා..
Chamil kumara
ස්තූතියි .මේකට හරියන coyය මොකද්ද
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
me 1st