Watch Trailer

Zapped (2014) Sinhala Subtitles | කොල්ලො මෙල්ල කරන අරුම පුදුම ෆෝන් රාජයා [සිංහල උපසිරැසි සමඟ]

සින්ඩියා කිව්වම කවුද දන්නෙ නැත්තෙ? ස්පයිඩර්මෑන් එකේ MJට හිටියේ. ඒ ෆිලුමෙන් තමයි එයා මගේ හිතගත්තේ. මේ දවස්වලනම් අපේ ස්පයිඩි ටොමුයි සින්ඩියයි අතරේ මොකක්ද ඇයි හොදයියක් තියෙනවා කියලා මාවල් රසිකයෝ කියනවානෙ.(අපිට මොකටද ඕව නේ?)මේ ෆිලුම සින්ඩියාගෙ පලවෙනිම ෆිළුම් වලින් එකක්. ගෑණු ළමයි මේ ෆිලුමට කැමති වුනාට…

සින්ඩියා කිව්වම කවුද දන්නෙ නැත්තෙ? ස්පයිඩර්මෑන් එකේ MJට හිටියේ. ඒ ෆිලුමෙන් තමයි එයා මගේ හිතගත්තේ. මේ දවස්වලනම් අපේ ස්පයිඩි ටොමුයි සින්ඩියයි අතරේ මොකක්ද ඇයි හොදයියක් තියෙනවා කියලා මාවල් රසිකයෝ කියනවානෙ.(අපිට මොකටද ඕව නේ?)මේ ෆිලුම සින්ඩියාගෙ පලවෙනිම ෆිළුම් වලින් එකක්. ගෑණු ළමයි මේ ෆිලුමට කැමති වුනාට පිරිමි ළමයි නම් කැමතිවෙයිද දන්නෙ නෑ. හේතුව නමින්ම තේරෙනවා ඇතිනේ!

සෝයි තමා මේ කතාවෙ කතා නායිකාව. එයාට රගපාන්නෙ සින්ඩියා. ඉතින් සෝයිගෙ අම්මාගේ දෙවනි විවාහය නිසා සෝයිට සහෝදරයෝ ලැබෙනවා. සෝයි කලින් පිරිමි ළමයිව ආශ්‍රය කරලා නැති නිසා එයාලත් එක්ක බොහොම අමාරුවෙන් දවස ගෙවන්නේ. සෝයිට අලුත් සහෝදරයන්ගේ විකාර වැඩ වලට පිස්සු හැදෙන්නෙ නැති ටික විතරයි. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ මෙයාට යන්න වෙන්නෙ මිශ්‍ර උසස් පාසලකට. ඉතින් මේකෙ ඉන්න කොල්ලො හරිම අමුතුයි. සමහර කොල්ලෝ කල්පයකට නාලා, මූණ හෝදලා නෑ. පිරිසිදුකම කියන එකේ තේරුමවත් දන්නෙ නෑ. තවත් සමහරුන් මෙලෝ සිහියක් නැතිව වීඩියෝ ගේම් ගහනවා. තවත් කස්ටියක් ජිම් ගිහිල්ලා ඇග පුම්බගෙන ෂර්ට් නැතුව ඉන්නවා. සෝයිගෙ අලුත් සහෝදරයින්ගෙන් ලොකුම කෙනා ඇඩම්.. වගේ අය ජීවිතේම පැසි පන්දු කියලා හිතාගෙන ඉන්නෙ. ඒ අතරේ හොඳම හොඳ කොල්ලෙකුත් ඉන්නවා.

මේ අතරේ සෝයිගේ මළයටයි බල්ලටයි වෙච්ච වැරදීමක් නිසා ෆෝන් එක වතුරට වැටිලා ඊට පස්සෙ වහලෙට වැටිලා ලොකු ජංජාලයක් වෙනවා. ඊට පස්සෙ තමයි මරුම වැඩේ වෙන්නෙ. සෝයි බල්ලව මෙල්ල කරන්න දාගත්ත ඇප් එකෙන් කොල්ලොන්ව මෙල්ල වෙන්න ගන්නවා. ඒ ඇප් එකෙන් සෝයි අර ඉස්කෝලෙ කලින් කියපු කොල්ලො ටිකව හොද අතට හරවනවා. නාන්නෙ නැති කොල්ලො අන්තිමේදි ෆේශල් කරන්න ගන්නවා..විඩියෝ ගේම් ගහන අය යෝගා කරන්න පටන් ගන්නවා. ඔය වගේ ලෝකයේ වෙනස්කම් ගොඩාක් එයා කරනවා. එයාගෙ පවුලෙ අයටත් පොඩි වෙදකම් වගයක් ඒ ඇප් එකෙන් කරනවා.

ටිඅක දවසක් ලෝකය මෙහෙම ලස්සන තැනක් බවට එයා හැරෙව්වට කූඩැල්ලව මෙට්ටෙ තියන්න බෑ වගේ සමහර පිරිමි ළමයිට හිතෙනවා එයාලා කළින් හිටපු හැටි හොදයි කියලා. සෝයිත් කැමති නෑ ඇප් එකේ මැජික් බලෙන් කොල්ලොන්ව මෙල්ල කරන්න. ඔය අස්සෙ ටේලර් කියලා නපුරුම නපුරු ආත්මාර්ථකාමී කෙල්ලෙක්ගෙ අතට ෆෝන් එක ගිහින් වදුරට දැලි පිහිය අහුවුනා වගේ වැඩක් වෙනවා. තව හයි ස්කූල් මියුසිකල් වල වගේ තරගයක් තියෙනවා. නැටුම් තරගයක්. මේ නැටුම් තරගයෙන් සෝයිගෙ කණ්ඩායම දිනයිද නැත්තම් නපුරු කෙල්ලගේ කණ්ඩායම දිනලා ප්‍රාන්ත තරග වලට යයිද? පැසිපන්දු තරගෙන් සෝයිගෙ සහෝදරයා ඇඩම් දිනයිද? එයාට එයා හිතන තැනට යන්න පුළුවන් වෙයිද? අර ඇප් එකෙන් මෙල්ල කරපු පිරිමි ළමයිට මොකක් වෙයිද? සෝයිට සිකුරා ලබලා පිරිමි ළමයෙක් ගැන ආල හිතක් පහල වේවිද? ෆෝන් එක හොරකම් කරපු කෙල්ල වදුරට දැලි පිහිය අහුවුණා වගේ කොල්ලො ටිකට මොනවා කරලා දාවිද? සෝයිගෙ අලුත් සහෝදරයන්ගෙ පිස්සු වැඩ නවතියිද? මෙව්වට උත්තතර IMDb 5.4ක අගයක් ලබාගත්ත Comedy, Fantasy, Teen වර්ගීකරණයන්ට අයිතිවෙන මේ ෆිලුම අස්සෙ තියෙනවා. මේක ඩිස්නි ෆිලුමක්. පිරිමි ළමයින්ගෙ වගේම ගෑණු ළමයින්ගෙ සමහර වැඩත් මේකෙන් උපහාසයට ලක් කරලා තියෙනවා.

ඒ හින්දා පිරිමි පාර්ශවය මාත් එක්ක තරහා වෙන්න එපා ඔයාලට අසාධාරණයක් ෆිලුමෙන් හරි ලිපියෙන් හරි වුනා කියලා. එහෙම මුකුත් අපහාසයක් කලේ නෑ හරිය. ඔයාලට සුන්දර සින්ඩියාගෙ නර්තන දක්ෂතාත් බලාගන්න පුලුවන් වේවි(කෙල්ල ඇත්තටම නටන්න දක්ෂයි.). මේක හොදට හිනාවෙන්න පුළුවන් කොමඩියක්!

පලි.
දැනට මට උපසිරසි කරන්න වැඩිම කාලයක් ගිය ෆිලුම තමා මේක. මොකද මේකෙ කාල රාමුවේ වැරදි ගොඩක් තිබ්බා. අවුලක් නෑ මන් ඒ ඔක්කොම හරියට හැදුවා. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ මේකේ ඉංග්‍රීසි උපසිරසියේ කිසිම දෙයක් බෙදලා තිබ්බෙ නෑ. එක ගොඩේ තිබ්බේ. ඉතිං ඒකත් හරියට හැදුවා. ඉංග්‍රීසි උපසිරසියේ තීරු අංකනයේ වැරදි ගොඩයි. (අංක ටිකනම් ඔක්කොම හැදුවෙ නෑ තවත් වෙලා යන නිසා. ඒක රසවින්දනයට බාධාවක් වෙන්නෙ නෑ නෙ.) ඔන්න ඔය අඩුපාඩු හදන්නම මට සති එකහමාරක් විතර ගිය නිසා තමයි දෙන්න පරක්කු වුනේ. මොනවා වුනත් හිතට අල්ලලා ගියපු ෆිලුමක්. නැත්තං අද උදේ 8ට වාඩි වෙච්ච පාර ලිපිය ලියන වෙලාව වෙනකල් (රෑ 12.35) එකදිගට සබ් ගහයි යැ.(අද course 1කේ සර් නිවාඩුවක් දුන්න නිසා තමා අදවත් දෙන්න පුළුවන් වුනේ)

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,661 downloadsDownload Zapped-2014.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,661 downloadsDownload Subtitles59 KB

27 comments

  1. Thilankadissanayake

    ස්තූතියි sis . Good luck !

  2. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු....

  3. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා...!!

  4. යුරාන් ධනුක

    උපසිරැසියට බොහෝම තුති .....!!!
    ජය ... :D

  5. dsdkavishka

    Thenks for sub sis

  6. Hiran Eranda

    thanks for sub. good luck!

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  8. sampath n perera

    thanks for sub

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. Kulanjana Maduranga

    subata thanks sis..keep it up....

  11. UK_Fernando

    Thanks sis

  12. SadeepaT

    sub eka denna wechcha mahansiyata sthuthiyi

  13. Hashan M. Priyadarshana

    Thank you wewa sis sub ekata..
    Jaya wewa!

  14. Sandeepmadushan

  15. nishannw

    ස්තූතියි උපසිරසියට

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. harshani11112

    ස්තුති සෙව්මිණි...සබ් එක ගත්තා...හිතට වදින කතාවක්...
    ⁣තෙරැවන්සරණයි..

  18. thiwanka anuhas

    thanks siz

  19. Hiranhiru

    අවුලක් නෑ ඉතින් ඒ පිලුමෙ ඉන්න එවුන් විතරයි නාන්නෙ නැත්තෙ. ලංකාවෙ කොල්ලො එහෙම නෑනෙ..
    කෝකටත් කියලා මේකත් බලනවා.
    එච්චර මහන්සියෙන් හදන උපසිරැසි වලට ගොඩක් පින්.
    ගොඩක් ස්තුතියි.
    තෙරුවන් සරණයි...!

  20. Chathu_OO

    ඒක නම් පට්ට චිත්‍රපටියක්...

  21. dilani.i

    thank you

  22. kavinuweerakkody

    tnkq akke!!
    jaya wewa...

  23. Lanka k

    Thank you

  24. Haritha245

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  25. බොබී

    සබ් එකට බොහොම තුති. කොමඩි ෆිල්ම් වලට තමයි අපි කැමති.

  26. Hesh

    සබ්ටයිට්ල් එකේ ෆොන්ට් එකත් එක්ක අවුලක් තියෙන්නේ මට විතරද?

  27. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!