බයිස්කෝප්වාසී සහෝදර සහෝදරියන්ට සුබ දවසක් වේවා කියලා පතනවා.ඔන්න මේ පාර ඔයාලට ගෙනාවෙ කම්මැලි නැතුව හිනාවෙලා බලන්න පුලුවන් චිත්‍රපටයක්. මේක Horror පැත්තට නැබුරු වෙලා තිබ්බට ගොඩක්ම කොමඩි ගතියක් තමයි තියෙන්නෙ.මේ ෆිල්ම් එක කරද්දිත් පොඩි පොඩි ජරමර සිද්ධ උනා.වෙච්ච ලොකුම දේ තමයි ලැප් එකේ හාඩ් එක ගිය එක. ඉති…
බයිස්කෝප්වාසී සහෝදර සහෝදරියන්ට සුබ දවසක් වේවා කියලා පතනවා.ඔන්න මේ පාර ඔයාලට ගෙනාවෙ කම්මැලි නැතුව හිනාවෙලා බලන්න පුලුවන් චිත්‍රපටයක්. මේක Horror පැත්තට නැබුරු වෙලා තිබ්බට ගොඩක්ම කොමඩි ගතියක් තමයි තියෙන්නෙ.මේ ෆිල්ම් එක කරද්දිත් පොඩි පොඩි ජරමර සිද්ධ උනා.වෙච්ච ලොකුම දේ තමයි ලැප් එකේ හාඩ් එක ගිය එක. ඉතින් සති දෙක තුනක්ම හිරවෙලා හිටියෙ.කොහොම උනත් වෙලාවට මේක පොඩ්ඩක් විතර පරණ ෆිල්ම් එකක් නිසා ලොකු අවුලක් නෑ.අනික සබ් එක ඉක්මනට කරලා දෙන්න ඕනි නම් උඩින් පල්ලින් කරලා දෙන්නත් තිබ්බා.ඒත් මං හැමවෙලේම සබ් එකක් හොදම තත්වෙන් කරලා තමයි දෙන්න උත්සහ කරන්නෙ. ඒ නිසා ටිකක් පරක්කු උනා..හරි ඉතින් කොහොමහරි ඔයාලා එන්නෙ මේවා කියවන්න නෙමෙයිනෙ.සබ් එක අරන් ෆිල්ම් එක බලන්නනෙ.ඒ නිසා ඉක්මනට ෆිලුමෙ විස්තර ටිකක් දෙන්නම්.
Netflix මගින් නිපදවපු මේක රිලීස් උනේ 2017 සැප්තැම්බර් පළවෙනිදා. Netflix ලගෙ වැඩ ගැන කියන්න ඕනි නෑනෙ ඉතින්. Eli Craig ගෙ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් යුතු මේක නිශ්පාදනය කරලා තියෙන්නෙ Scott Stuber සහ Jason Michael Berman දෙදෙනා. Horror/Comedy ගණයට අයත් මේ චිත්‍රපටය පැයකුත් විනාඩි 35ක කාලයකින් යුක්තයි. ෆිල්ම් එකේ IMDb අගය 5.7ක් වගේම Rotten Tomatoes 91% ක් ලැබිලා තියෙනවා. හැමෝම ආදරේ කරන Ant-Man and The Wasp එකේ Wasp ට පණ පොවපු Evangeline Lilly, Adam Scott සහ පුංචි Owen Atlas ප්‍රධාන චරිත වලටදායක වෙනවා. Bridget Everett, Russ Mitchell, Chris D’Elia, Donald Faison, J ames Weir ආදී නලු නිලියන් රැසකුත් ෆිල්ම් එකට නොඅඩුව රංගනයෙන් දායකත්වය සපයනවා.ඔන්න ඔය ටික තමයි මේකෙ ප්‍රධාන විස්තර වෙන්නෙ.
කතාව ගැන කිව්වොත් ගැරී (Adam Scott)කියන්නෙ ඉඩම් නියෝජිතයෙක්.ඉතින් මෙයා සමන්තා (Evangeline Lilly)කියන පොඩි ළමයෙකුත් ඉන්න ගෑනු කෙනාව කසාද බදිනවා. ගැරී මේ ලූකස් ( Owen Atlas) කියන පොඩි ළමයගෙ අසාමාන්‍යතා කසාදෙ දවසෙ ඉදලම දකිනවා.ඒත් ඒවා වැඩිය ගාණක් ගන්නෑ.මොකද ගැරී ලූකස්ට ගොඩක් ආදරේ කරනවා වගේම ලං වෙන්න උත්සහ කරනවා.ඒත් පස්සෙ මෙයා දැනගන්නවා ලූකස් කියන්නෙ සාතන්ගෙ (යක්ෂයා) යක්ශ ආවේශයක් තියෙන කෙනෙක් කියලා.සමන්තට එයා මේක පැහැදිලි කරන්න යද්දි එයා හිතන්නෙ ගැරී ලූකස්ගෙ සුළු පියා හින්දා එයා ලූකස්ට කැමති නෑ කියලා.ඉතින් සමන්තගෙ කලින් සැමියන්ට වගේම ගැරීටත් ලූකස්ගෙන් කරදර (මරන්න හදනවා) සිද්ධ වෙනවා.ඒකෙන්ම තමයි කතාව පටන්ගන්නෙත්. කොහොමහරි ඉතින් සාතන්ගෙ අනුගාමිකයො ටිකක් සාතන්ව පුංචි ලූකස්ගෙ මාර්ගයෙන් අපායෙ දොරටු වලින් මේ ලෝකෙට ගන්න හදනවා.ගැරී එයාගෙ යාඵවො ටිකයි එකතුවෙලා ලූකස්වයි සමන්තවයි සාතන්ගෙ අනුගාමිකයො අතින් මැරෙන්න නොදී බේරගන්න හදද්දි වෙන ජරමර ඔයාලටම බලලා තමයි දැනගන්න වෙන්නෙ. හරි,මං හිතනවා මේ ලිපිය ලිව්වා ඇති කියලා.මොකද කවුරු කොච්චර මහන්සි වෙලා ලිව්වත් ලිපි කියවන අය ගොඩක් අඩුයි.ගොඩ දෙනෙක්ට ඕනි සබ් එක අරන් ෆිල්ම් එක බලන්නනෙ. ඒ වගේම කියන්න ඕනි මේකෙ ටිකක් සැර වචන ටිකක් තියෙනවා.සමහර වචන වලට ඒ තේරුමම නොදී ඊට වඩා ටිකක් හිනායන තේරුමක් තියෙන වචන දැම්මා.ඉතින් ඔයාලා ඒවට කැමතිනම් හරි අකමැතිනම් හරි ඔයාලගෙ ගුණ දොස් කියන්න කියලත් ඉල්ලනවා. ඉතින් කියන්න තියෙන්නෙ මේ ටික තමයි.එහෙනම් දෙසැම්බර් වලට බලන්න හොද ෆිල්ම් එකකුත් අරගෙන ඉක්මනටම එන්නම්.
හැමෝටම ජයවේවා !!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
4,228 downloadsDownload Little-Evil-2017.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුභාෂණ බණ්ඩාර
Subtitles
29 comments
thilina5312
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......!
geeganagamage
ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Lakshithakavinda63
Thank you බයිස්කෝප්
M.W. Dilhani
thank you so much. mamanam ennema lipi kiyawanna thama. film nobaluwath lipiya nam aniwaryayen kiyawanawa
madhubashana bandara
thanks saho
යුරාන් ධනුක
බොහෝම ස්තූතියි සහෝ...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
subata thanks
Nivom
thank u
kavintha
thanks
Sandeepmadushan
Ela saho..
Rashmika dumidu
Thanks bro
Rashmika dumidu
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harshani11112
ස්තුති සහො....ගොඩක් වෙලාවට සබ් එක ගන්නෙ විස්තරය බලලා..නැත්නම් ඉක්මනින් බලන්නමෛාන චිත්‍රපටයද කියලා තීරණය කරන්නෙත් විස්තරය බලලා.ඒ නිසා ඒක අපතෙ යන්නේ නෑ.ගොඩාක් ස්තුති ඔයාලගෙ කාලය කැපකර මේ කරන් සේවයට...
madhubashana bandara
thanks saho
Hiranhiru
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
මං නම් ලිපිය කියවලා තමයි තීරණය කරන්නෙ පිලුමක් බලනවද නැද්ද කියලා. එ නිසා ලිපිය වැදගත්.
ඔන්න මාත් ගත්තා උපසිරැසිය.
ජයවේවා.. තෙරුවන් සරණයි...!madhubashana bandara
thanks saho
mindika
Thanks !!!!!!!!!!!!!!
Nadeesha rox alahakoon
Tnx bro subata. Apinum aniwa wisthara kiyawalama thama suba baganne. Ake thiyena wachanawalata e therumama thibbanum thama hoda. Sara wadi awwa ahema denna bari hinda akata galapena wema wachanayak dammata aulak na.
Lakshansilva18
බොහොම ස්තුති උපසිරසියට
Lanka k
Thank you
MAALnath
Thanks ..................good luck ........................
Juanluis
ස්තූතියි
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Buddhima.Sandamali
thank you
santhusha319
thanks bro
chamali sewwandi
thank you good luck
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks for sub.....