“ස’තුරා. අවධානයයි, අභ්‍යවකාශ ක්‍රියාදාමය. ස’තුරා බලා සිටී. ඔබට මන්දාකිණියේ සැරිසරන්න අවශ්‍ය දේ තිබේද? මෙය දුර්වලයන්ගේ දෙයක් නොවේ. වරක් ඔබ ගමන ආරම්භ කල පසු… ස’තුරා වෙත ළඟා වනතුරු නැවත හැරීමක් නොමැත. සෑම තරඟයක් අවසානයේදීම කොටස් නැවත සකස් වේ. නැවත නැවතත් ක්‍රීඩා කර වෙනස්ම අත්දැකීම් ලබා ගන්න.” උඩ තියෙන…

“ස’තුරා.
අවධානයයි, අභ්‍යවකාශ ක්‍රියාදාමය.
ස’තුරා බලා සිටී.
ඔබට මන්දාකිණියේ සැරිසරන්න අවශ්‍ය දේ
තිබේද?
මෙය දුර්වලයන්ගේ දෙයක් නොවේ.
වරක් ඔබ ගමන ආරම්භ කල පසු…
ස’තුරා වෙත ළඟා වනතුරු
නැවත හැරීමක් නොමැත.
සෑම තරඟයක් අවසානයේදීම
කොටස් නැවත සකස් වේ.
නැවත නැවතත් ක්‍රීඩා කර
වෙනස්ම අත්දැකීම් ලබා ගන්න.”
උඩ තියෙන්නේ සෙල්ලමේ විස්තර.දැන් අපි කතාවට හැරෙමු. ඉස්සර TV එකේ එහෙම ගිය Jumanji (1995) චිත්‍රපටයට කැමති අය මේ චිත්‍රපටයටත් ගොඩක් කැමති වෙයි. මොකද මේකෙත් තියෙන්නේ අමුතුම සෙල්ලමක් ගැන. මේ සෙල්ලමේ කතා නායකයෝ වෙන්නේ එකම පවුලේ අයියයි මල්ලියි. අයියගේ නම වෝල්ටර්, මල්ලිගේ නම ඩැනී. දන්නවනේ ඉතින් අපි පොඩි කාලේ වගේම මුන් දෙන්නගේ වැඩෙත් පොඩි දේටත් මරා ගන්න එක. ඔහොම දෙන්න රණ්ඩු වුනු වෙලාවක ගෙදර බිම් මහලේ අස්සක දාලා තිබිලා මල්ලිට හම්බ වෙනවා සෙල්ලමක්.
නම Zathura. මෙතනින් තමයි කතාව හරියට පටන් ගන්නේ. උඩ තියෙන සෙල්ලම ගැන විස්තරේ කියෙව්වම ඔයාලට තේරෙනවනේ මේක අභ්‍යවකාශය සම්බන්ධ සෙල්ලමක් කියලා. මේ සෙල්ලමේ බෝඩ් එකක් තියෙනවා, කරකවන්න යතුරක් තියෙනවා, තව බොත්තමක් තියෙනවා ඔබන්න. දෙන්නටයි සෙල්ලම කරන්න පුළුවන්, දෙන්නට බෝඩ් එකේ ඉබේම වැඩ කරන යානා දෙකක් තියෙනවා. මේකේ යතුර කරකවලා, බොත්තම එබුවට පස්සේ කාඩ් එකක් එනවා. හැබැයි වැඩේ කියන්නේ මේක අපි සාමාන්‍යයෙන් කරන සෙල්ලම් වගේ නෙවේ, මේ එන කාඩ් එකේ තියෙන දේ ඔයාලට ඇත්තටම ඇත්ත ලෝකෙදි සිද්ධ වෙනවා. නියමයි නේද? මෙහෙම දෙයක් දන්නැති ඩැනී මේ බොත්තම ඔබනවා. ඉතින් නොදැනුවත්වම මේ අයියයි මල්ලියි දෙන්නා අමුතුම, සුන්දර ඒවගේම භයානක ගමනකට එකතු වෙනවා.
මේ සෙල්ලම කරද්දී ගොඩක් වෙලාවට මේ අයියා මලෝ දෙන්නට හොඳ දේට වඩා වෙන්නේ නරක දේවල්. ඇත්තම කියනවානන් ගොඩක් දරුණු දේවල් තමා වෙන්නේ. උඩින්ම තියෙනවනේ සෙල්ලම පටන් ගත්තොත් ඉවර කරනකන් නැවත හැරීමක් නෑ කියලා. ඉතින් මෙයාලා අකමැත්තෙන් උනත් සෙල්ලම දිගටම කරනවා. සෙල්ලම අතරමගදී මෙයාලට අභ්‍යවකාශයේ ඉඳලා අමුත්තෙකුත් හම්බවෙනවා. මේ අමුත්තා මෙයාලට ගොඩක් උදව් කරනවා, ඒ වගේමයි මෙයාලට සෝර්ගන්ස්ලවත් හම්බවෙනවා. කියන්න අමතක උනා මෙයාලගේ අක්කා තමා ලීසා, ලීසත් මේ ගමනට වක්‍රව සහභාගී වෙනවා. ඉතින් මේ අක්කා ගමනට එකතු වෙන්නේ කොහොමද? අභ්‍යවකාශයේ ඉඳලා හම්බෙන අමුත්තගේ අමුතු කතාව මොකක්ද? සෝර්ගන්ස්ලා කියන්නේ කවුද? හැමතිස්සෙම මරා ගන්න අයියයි මල්ලියි එකතුවෙලා මේ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද? මේ ඔක්කොම දැන ගන්න කතාව නරඹන්නම වෙනවා.
මේ චිත්‍රපටයේ මල්ලිගේ චරිතේ Jonah Bobo ත්, අයියගේ චරිතේ Josh Hutcherson ත් රඟපානවා. අභ්‍යවකාශයේ අමුත්තගේ චරිතේ Dax Shepard රඟපානවා. ඒ වගේමයි අපි කවුරුත් දන්න Twilight series එකේ Kristen Stewart ලීසාගේ චරිතේ රඟපානවා. IMDb අගය 6.1 ක් වුනාට මගේ මතය අනුව නන් 6.5+ ක විතර අගයක් ලැබිය යුතු චිත්‍රපටයක්, කිසි කම්මැලි කමක් නැතුව බලන්නත් පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම මේක බලන්න අරාධනා කරනවා. පහලින් අදහසකුත් දාලම යන්න.
750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
228502D093EF9A9E4E6EA7B2A9EEF419E1BECA921.4 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
B65594A605F8CE8939346FCDD81EBE30639A2FA7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,000 downloadsDownload Zathura_A_Space_Adventure_2005_baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Ysa” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
Ysa
Subtitles
26 comments
L c Demel
Asel
Patta Film 1 meka
aniwa balana balapu nathi aya
elaz broනලින්
ස්තුතියි යසා...!
මේක කලින් ටීවී එකෙත් බැලුවා මතකයි. මාරු ෆිලුමක් මේක. බලපු නැති අය ඔන්න බලන්න එහෙනම්!
ජය වේවා!
Mayura
Meka dubbing ekka baluwa. Dubbing Nam awul ITN eke :) piluma Nam patta.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
achi
ස්තුති සහෝ!!! ජය!!!
Kulanjana Maduranga
niayamai…thanks YSA saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය
tiron
නියමයි ස්තුතියි සහෝ.
“චූටී මල්ලි”
tnx
prabhath
thanks
අසිත
එල එල.මේක tv එකේ ගියා.බලන්න උනේ නෑනේ.
බොහොම පින්.ජය වේවා!!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
channa
උපසිරැසියට ස්තූතියි
ජය වේවාඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
kalana
thnks bro pattai
nuwan
Uba ela pora bn.thaanks aaa.ohoma yan
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DNuraj
patta...
Tharaka
බලපු ෆිල්ම් වලින් මේක හරිම ලස්සන හොඳ කතාවක් කියන්න පුලුවන්. සබට බොහෝම ස්තූතියි.
Kingdomd
Thanks sub akata
malith
Ela ela
Supun M. Hettigoda
Thanks a lot...
geeganagamage
thank you
Kd nimna
පට්ට අපෙ එකහ්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Ysa Elz