මිනිස් සංහතිය බිහි වූයේ වසර ලක්ෂ 2 කට පෙර සිටයි නිරුවතින් හිරු රෂ්මියේ පවා සැරිසැරු අතීත කාලයේ සිට වායුසමීකරණය සමග පදිංචිව සිටින මේ වර්තමානය දක්වාම විවිධ වෙනස් කිරීම් වලට භාජනය වෙලා නමුත් දෙවියන් වහන්සේ ඔහුට වටිනා දෙයක් ලබා දී ඇති බවට ඇති කටුක සත්‍යය අප හෙළි කළහොත් මෙච්චර කාලයක් පුරාම ඔහු සමඟ ගමන්…

මිනිස් සංහතිය බිහි වූයේ වසර ලක්ෂ 2 කට පෙර සිටයි
නිරුවතින් හිරු රෂ්මියේ පවා සැරිසැරු අතීත කාලයේ සිට
වායුසමීකරණය සමග පදිංචිව සිටින මේ වර්තමානය දක්වාම
විවිධ වෙනස් කිරීම් වලට භාජනය වෙලා
නමුත් දෙවියන් වහන්සේ ඔහුට වටිනා දෙයක් ලබා දී ඇති බවට ඇති කටුක සත්‍යය අප හෙළි කළහොත්
මෙච්චර කාලයක් පුරාම ඔහු සමඟ ගමන් කළ,
වැසි, කුණාටු සහ ගංවතුර හරහා ඔවුන්ට සොයාගැනීමට කිව්වොත් විශ්වාස කිරීමට අපහසුය.
එම වටිනා වස්තූන් ආරක්ෂා කරන හමුදාවන්
විවිධ පරිවර්තනයන් හරහා ද ගමන් කර ඇත
පසුගිය අවුරුදු 20 දහස පුරා නිධානය තම පාලනය යටතේ තබා ගත් සංවිධානය හැඳින්වෙන්නේ
ලගරම් කියල හැඳින්වෙන දෙමළ නමකින්
අපි අපේ ඉතිහාසය දෙස සමීපව බැලූ විට,
අපගේ ව්‍යසනයේ උච්චතම අවස්ථාව වන විට
සිය රාජකාරි ඉටු කිරීමට
මෙම නිධානය නැවත පණ ගැන්වී ඇති බව අපට දැක ගත හැකියි
නමුත් යමෙකු මෙම වටිනා වස්තුව සන්තකයේ තබා ගැනීමට උත්සාහ කරන්නේ නම්,
ඔවුන්ගේ ජීවිත ලගරම් සංවිධානය විසින් අවසන් කරනු ඇත.
තවමත් ලගරම් දඩයම් සිදුවෙමින් පවතී
අකිල් වැඩ කරන කාර්යාලයට එයාගෙ සීයගෙ යාලුවෙක් එනව සිවඥානම් කියල. නිකමට කතාව පටන් ගන්නෙ රාජන්(අකිල්ගෙ සීයා) අන්ත්‍රා වුණා කියල ආරංචි වුණා, ඒකයි බලල යන්න ආවෙ කියල. අකිල් කියනව පුස්තකාලයේ ඉද්දි හදිසි පපුවෙ අමාරුවක් හැදිල සීයා අන්ත්‍රා වුණේ කියල. නමුත් සීයගෙ යාලුවා කියනව නැ පුතා සීයා මරල තියෙන්නෙ,සීයව හම්බවුණ වෙලාවෙ ඔයාට මොකක් හරි ලියවිල්ලක් දීල ගියාද අහනව. යාල්පානම් පුස්තකාලයේ සීයා වැඩ කරන කාලෙදි වෙච්ච සිද්දියක් නිසා සීයව මරල තියෙන්නෙ, ඔයාගෙ ජීවිතේටත් අනතුරක් වෙන්න පුලුවන්,මම ඔයාගෙ උදව්වට ඇවිල්ල ඉන්නෙ ඒ නිසා දන්න දෙයක් තියෙනව නම් කියන්න කියල. නමුත් අකිල් මේව විශ්වාස කරන්නෙ නැතුව සීයගෙ යාලුවව යන්න කියල පිටත් කරනවා. අකිල් එදා හවස වැඩ ඉවරවෙලා යද්දි එයාගෙ බයික් එක අනතුරකට ලක්වෙලා සුලු තුවාල ලබල ගෙදර එක්ක ගෙන යනව. ගෙදරදි අකිල්ගෙ තාත්තා සීය දුන්නා කියල උපන්දින තෑග්ගක් අකිල්ගෙ අතට දෙනව. දිග ඇරල බලනකොට සීයගෙ ලියුමකුයි,එක පැත්තක 8 විතරක් සදහන් දාදු කැටේකුයි,තවත් හිතාගන්න බැරි විදියේ අකුරු සදහන් කොලේකුයි. ලියුමේ සදහන් කරල තියෙනව නිධානයක් ගැනයි ඒක හොයාගන්න ඕන කරන ඉඟි වගේකුයි තියෙනවා, සීයා වෙනුවෙන් ඒ ඔක්කොම හොයාගෙන විනාශ කරන්න,නැතිනම් මේක වෙන අයට හම්බවුණොත් එහෙම මුළු ජාතියම විනාශයට පත්වෙනව කියල. ඒ එක්කම නන්නාඳුනන අංකයකින් කෝල් එකක් එනව හරියට අකිල් දිහාම බලාගෙන ඉන්නව වගෙ විස්තර කරල කොහොමහරි නිධානය හොයල දෙන්න නැතිනම් එයාටයි එයාගෙ අම්මටයි තාත්තටයි අනතුරක් කරනව කියල තර්ජන කරමින්. මේ ගැන යාලුවෝ එක්ක කතා වෙවි ඉන්නකොට ආයෙත් අර නන්නාඳුනන අංකයෙන් කෝල් එකක් ඇවිත් 3 දෙනාටම තර්ජනය කරල කොහොම හරි නිධානය හොයල දෙන්න කියල තර්ජනය කරනව. වෙන කරන්න දෙයක් නැති නිසා,
මේ කවුද ?
මගේ සීයා කොහොමද මැරුණේ ?
මේ නිධානය මොකද්ද ?
මේ සිවඥානම් කවුද ?
මේ ඔක්කොටම උත්තර හොයාගන්න වෙන්නෙ නිධානය හොයාගත්තොත් තමා කියල තුන් දෙනාම නිධානය හොයන්න තීරණය කරනවා.
2019 අප්‍රේල් මස 19 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Adventure, Thriller ගණයට අයත් පැයකුත් විනාඩි 53ක් පුරා දිවෙන IMDb අගය 6.6 අරගෙන තියෙන Nandha Durairaj, Eden Kuriakosse, Meenesh Krishnaa,Vishnu Bharath චරිත නිරූපණය කරන වෙනස්ම මාතෘකාවක් ඔස්සේ දිවෙන කතාවක් මගේ 62 වන උපසිරැසි නිර්මාණය විදියට මම අපේ යාළුවන්ට අරගෙන ආවා.
එන්න
අකිල් එන්න
ඔබගේ පැමිණීම සඳහා ඉතිහාසය බලා සිටී
නිධානය ඔබේ ස්පර්ශය බලාපොරොත්තුවෙන් සිටී
දෛවයට වඩා බොහෝ සෙයින්
සෞන්දර්යයෙන් ප්‍රී තිබූ සෞභාග්‍යයමත් ඉඩම්
ආත්මාර්ථකාමී කුසගින්නෙන් විනාශ කරන ලද
මෝඩයන්ට පාඩමක් ඉගැන්වීම සඳහා
හිරු රශ්මියෙන් ගැලවීගෙන
සුළඟේ ඇස්වලින් සැඟවීගෙන
දෑතින් ඔබ්බට ඇති දර්ශනය දැකීමට පැමිණෙන්න
ලේ පැල්ලම් සහිත යුධ බිම්
ස්වාභාවික විපත් වලින් බේරී ඇති
ඔබගේ අඩිපාර බලාපොරොත්තුවෙන් සිටීන
ඔබේ වස්තුව බේරා ගැනීමට එන්න
ලගරම්….වේදනාවන් නසන්න
අකිල්…..ඔබ එන්න විරුවාණෙනි

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත සඳහා අදාළ වේ.
6,992 downloadsDownload Zhagaram-2019.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
29 comments
Kantha_DLA
Sampathkelum
Thanx bro
gihan perera
ස්තුතියි සහෝ....නියමයි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා......
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi ...
palithadesilva
thankyou.
Lalith Susantha
බොහොම ස්තුති යාලුවා තෙරුවන් සරනයි
dinu123456
godak sthuthi :)
A Cinderella Story Christmas Wish 2019 meke sub ek denna puluwnnm loku deyakUdaya Saman
දෙනකල් බලන් හිටියෙ..බොහොම ස්තුතියි සහෝ උපසිරසියට ....ඔන්න බාගත්තා ...
hatharasingha
Supiriyak. Thankyou
thushanchamil
Sub Akata thanks
Lalani Maduwanthi
Thank you malli
Wpm-Wijelath
Thanks bro sub ekata.. 2015 tag kiyala movie ekak awa. Ekata sub eka denna puluwanda
kodagoda
tnx macho sabata suiriyak wage
ඔෂද ධනංජය
therune ne
Ranidu
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
හැබැයි ෆිලුම නම් ගතියක් නෑ
ජය වේවා!!!Me film eke deweni kotasakuth thiyenawa neda
arawindasunimal
ස්තුතියි උපසිරසියට (ඔෂධ ධනංජය) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌
nish47
ස්තූතියි සහෝ
santhusha319
thanks බොක්ක......
Sharada Dilshan
Boiscopedownload eken userdrive eken download krnna beri ei
Prasanna123
සබට තෑන්ක්ස් බ්‍රෝ.. ෆිලුම නම් චොර....
D.Chamara
bohoma sthuthi sahooo jaya
danushka-bandara
සුභ පැතුම් සහෝ වැඩේ දිගටම කරගෙන යන්න..
Shehan putha
ස්තුතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prasadorit
Tnx bro
geethi320
tnx..
LakmalST
Thank you saho sub ekata
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!