Watch Trailer

Ee Maya Peremito (2018) AKA Ee Maaya Peremito sinhala subtitles | ආදරේ ගෙනෙනා හැඟීම් පහකි [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම. අද උපසිරැසිය ගෙනාවෙ ලස්සන තෙලිඟු ෆිලුමකට. මේක ගිය අවුරුද්දෙ තමයි තිරගත වෙලා තියෙන්නෙ. Drama/Romance කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ. IMDB හි 6.8 වැනි ඉහළ අගයක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා. තවත් විශේෂත්වයක් වෙන්නෙ “Natural Star” Nani මේ චිත්‍රපටයේ අවස්ථා කිහිපයකදීම කතාව ප්‍රේක්ෂකයන්ට කියන්…

සුභ දවසක් හැමෝටම. අද උපසිරැසිය ගෙනාවෙ ලස්සන තෙලිඟු ෆිලුමකට. මේක ගිය අවුරුද්දෙ තමයි තිරගත වෙලා තියෙන්නෙ. Drama/Romance කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ. IMDB හි 6.8 වැනි ඉහළ අගයක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා. තවත් විශේෂත්වයක් වෙන්නෙ “Natural Star” Nani මේ චිත්‍රපටයේ අවස්ථා කිහිපයකදීම කතාව ප්‍රේක්ෂකයන්ට කියන්න සහභාගී වෙලා තිබීම. වැඩේ චොරනම් Nani ගරු සම්බන්ධ වෙන්නෙ නෑනෙ නේද? “චන්දු”කියන ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකවෙලා තියෙන්නෙ Rahul Vijay. ඔහු මේ වසරෙ තිරගත වුණු “Suryakantham” චිත්‍රපටයේදී ඔබ දැක ඇති. නමුත් එහි කළ චරිතයට වඩා ගොඩක් වෙනස් චරිතයක් තමයි මේ චිත්‍රපටයේ ඔහු ඉදිරිපත් කරන්නෙ. ප්‍රේමවන්තියගෙ චරිතයට Kavya Thapar තමයි සහභාගී වෙලා තියෙන්නෙ. මීට අමතරව Murali Sharma, Rajendra Prasad, Pavitra Lokesh ඇතුළු තෙලිඟු චිත්‍රපටවල ඔබ නිතර දකින බොහෝ පිරිසක් මේ සඳහා රංගනයෙන් දායකවෙලා තියෙනව. Ramu Koppula තමයි මෙය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Divya Vijay නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙනව. ඉතින් පවුලෙ හැමෝටම නරඹන්න පුළුවන් ලස්සන ෆිලුමක් තමයි.

දැන් කතාව ගැන පොඩි දෙයක් කියන්නම්කො. චන්දු කියන්නෙ මධ්‍යම ප්‍රාන්තික පවුලක ඉපදුනු කොල්ලෙක්. මිනිහ වැඩක් පලක් නොකර යාලුවො එක්ක රස්තියාදු ගගහ තමයි දවස ගෙවන්නෙ. මෙයාගෙ පවුලෙ අම්මයි, තාත්තයි,නංගියි තමයි ඉන්නෙ. ඉතින් මිනිහ රෑ වෙලා ගෙදර එන හින්ද පහුවදා ඇහැරෙන්නෙ දවල් වෙලා. ඒත් අම්මගෙන් කොසු පාරවල් කාල. මිනිහ උදේට කනකොට දවල්ට කන වෙලාවත් වෙලා. රස්තියාදු ගැහුවට මොකෝ චන්දු කියන්නෙ හිත හොද කොල්ලෙක්. මිනිහ කොලනිය මොකක් හරි ප්‍රශ්නයක් නම් එකෙන්ම ඉදිරිපත් වෙන ඩයල් එකක්. ඉතින් මෙයා දවසක් කෙල්ලන්ට වැරදි පණිවිඩ යවනව කියල එකෙක්ට අල්ලන් ගහනකොට තමයි ශිතූ මේ කොල්ලව දකින්නෙ. පස්සෙ ඉතින් මෙයා පස්සෙන් ගිහින් මෙයා කරන කියන ඒව හා එයාගෙ ගති ගුණ ගැන හොයල බලනව. කොටින්ම කිව්වොත් චන්දුගෙ අම්ම කියල නොදැන චන්දු කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියල අම්මගෙන්ම අහනව. මේ කතාවෙ හැටියට දෙන්නෙක් ආදරයෙන් බැදෙන්න නම් හැඟීම් 5 ක් සම්බන්ධ වෙන්න ඕනි.

ඒ තමයි,

1 දැකීමෙන්
2 රසයෙන්
3 සුවදින්
4 කටහඩින්
5 ස්පර්ශයෙන්

ඉතින් මේ පස් විදිහෙන්ම බැදිල මේ ආදර කතාව ගලාගෙන යන හැටි බලන්න, ඔවුන්ට එන බාධක මොනවද දැකගන්න දැන්ම උපසිරැසියත් අරන් ෆිලුම බලන්න ආරාධනා කරනව. තවත් උපසිරැසියකින් නැවත් හමුවෙමු. ගිහින් එන්නම්.

ඔයාල හැමෝටම,
බුදු සරණයි!!! ජයෙන් ජය!!!

 

 

 

 Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

7,678 downloadsDownload Ee-Maya-Peremito-2018.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බාසුර ඉන්ද්‍රචාප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-10-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

බාසුර ඉන්ද්‍රචාප

Subtitles

7,678 downloadsDownload Subtitles39 KB

15 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. ඔෂද ධනංජය

    ස්තූතියි සහෝ

  3. nrjayasinghe

    Thanks Malli

  4. dinu123456

    thankss sub ekat
    KS 100 eke sub ek ndd

  5. Rukshan37

    Ela ela

  6. Aravinda sampath

    Ee me theligu filmss patta bann. Thankss... oyala ina hinda thamai apita me vage patta film ekak hari therena basavakin balanna puluvan unee

  7. Anusha rathnayake

    thanksssss... a lot

  8. Aravinda sampath

    Ee me theligu filmss patta bann. Thankss... oyala ina hinda thamai apita me vage patta film ekak hari therena basavakin balanna puluvan unee

  9. nish47

    ස්තූතියි සහෝ

  10. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    අනිවා බැලිල්ලක්...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  11. Kumal

    Basuraya..thnq bkkh sub eka

    1. L.G.T.Dilshan Liyanage

      Thank u wewa

  12. Devrish

    එල. Gaddalakonda Ganesh - 2019 සබ් එකත් ඉක්මනටම ඔනා

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. sublove

    bohoma sthuthi me film ekata sub aragena awata api venuven.