ඔන්න ආයේ වැඩි කල් නොගිහින් තවත් සත්‍ය කතාවක් අරගෙන ආව. අහම්බෙන් තමයි මේක මට බලන්න හම්බුනේ. පවුලේ අයත් එක්ක පොඩි ළමයි එක්ක එකට බලන්න පුළුවන් හරිම අපුරු සංවේදී සත්‍ය කතාවක් මේක. The Zookeeper’s Wife (2017) ෆිල්ම් එක බලල හිත ගිය කෙනෙක් නම් ඔන්න මේකත් අත් හරින්න එපා කොහෙත්ම 😀 මේ සිනමාපටය සඳහා IMDB 6.7…
ඔන්න ආයේ වැඩි කල් නොගිහින් තවත් සත්‍ය කතාවක් අරගෙන ආව. අහම්බෙන් තමයි මේක මට බලන්න හම්බුනේ. පවුලේ අයත් එක්ක පොඩි ළමයි එක්ක එකට බලන්න පුළුවන් හරිම අපුරු සංවේදී සත්‍ය කතාවක් මේක. The Zookeeper’s Wife (2017) ෆිල්ම් එක බලල හිත ගිය කෙනෙක් නම් ඔන්න මේකත් අත් හරින්න එපා කොහෙත්ම 😀 මේ සිනමාපටය සඳහා IMDB 6.7 වගේම කුණු තක්කාලි 88% ක් ලැබෙනවා. ඒ අගය ලැබෙන්නේ Average Rating: 7.1/10 ක් විදියට. ඒ අගය ලැබෙන්නේ විචාරකයින්ගේ විචාර 17කින්.හොඳයි කියල 15 ක් ලැබෙනකොට හොඳ නැහැ කියල ලැබෙන්නේ විචාර 2යි. එහෙමනම් බලමු මොකක්ද මේ සිනමාපට පාදක වුණ සත්‍ය කතාව මොකක්ද කියල.

බෙල්ෆාස්ට් සත්ව විද්‍යා උද්‍යානය, එහෙමත් නැත්නම් බෙල්ෆාස්ට් සූ එක තියෙන්න උතුරු අයර්ලන්තයේ.සත්ව විශේෂ 116ක් මේ වෙනකොට මේ උද්‍යානයේ නවාතැන් අරගෙන ඉන්නවා. පෞද්ගලිකව සත්තුන්ව හිරකරලා තියෙන ඒවාට අකමැතියි මම. ඒත් මේ සත්වෝද්‍යානය ලංකාවේ දෙහිවල තියෙන එකට වඩා සිය දහස් ගුණයක් හොඳයි කියල තෙරයි ගුගල් කරලා බැලුවම පොඩ්ඩක්. ඉතින් මේ අරගෙන ආව කතාවට පාදක වෙන්නේ දෙවැනි ලෝක යුධ සමය. හරියටම කිව්වොත් 1941 වසර. සිදුවීමේ මුලිකම චරිත ද්විත්වය වෙන්නේ බස්ටර් කියන අලි පැටියා සහ ඩෙනිස් ඔස්ටින් කියන අයර්ලන්ත කාන්තාව. මේ දෙන්නම ජිවත් උනේ අයර්ලන්තයේ බෙල්ෆාස්ට්වල. මේ සිදුවීම වෙනකොට ඔස්ටින් මහත්මිය සත්තු වත්තේ වැඩ කරන සත්ව නියාමකවරියක්.ෆිල්ම් එකේ අලි පැටියගේ නම බස්ටර් උනාට මෙයාගේ ඇත්තටම නම ශිලා, ඒ වගේම අලි පැටියෙකුත් නෙමේ මෙයා කෙනරක්. 😀 ඉතිං ජර්මානුවන් මේ ප්‍රදේශයට බෝම්බ දාන්න සුදානමක් තියෙනව කියල දැනගන්න අයර්ලන්ත රජය, බෙල්ෆාස්ට් සත්තුවත්තේ ඉන්නේ මාරාන්තික සත්වයින් 33 දෙනෙක් වෙඩි තබා ඝාතනය කරන්න කියල නියෝග කරනවා.එහෙම කරන්නේ බෝම්බ දානකොට සත්තුවත්තේ ඉන්න භයානක සතුන් එලියට පැන්නොත් එහෙම මිනිස්සුන්ගේ ජිවිත වලට ඒක තවත් භයානක තත්වයක් උදා කරවන නිසා. ඉතිං මේ ලැයිස්තුවට ශිලාව එකතු කරන්න අමතක වෙනවා රජයට. ඩෙනිස් කරන්නේ එදාම ශිලාව හොරෙන් අරගෙන ඇවිල්ල තමන්ගේ බැක්යාඩ් එකේ එහෙම නැත්නම් ගෙදර පිළිකන්නේ හංගලා තියනවා. සාමාන්‍යයෙන් පිටරට ගෙවල් වල පිළිකන්න තමා ඉදිරිපස මිදුලට වඩා විශාල සහ එයාල පොඩි පොඩි සාද එහෙම පවත්වන්නේ එයාලගේ බැක්යාඩ් එකේ.ඩෙනිස්ගේ පිහිටෙන් ලෝක යුද්ධයේදී හිට්ලර්ග්ගේ බෝම්බ වලිනුත් අයර්ලන්ත රාජයේ මාරාන්තික උණ්ඩවලිනුත් තමන්ගේ ජිවිතේ බේරගන්න ශිලා 1960දි ජිවිතයෙන් සමුගන්නවා.. ඔස්ටින් මහත්මිය මිය යන්නේ 1990දී. මේ ජායාරුපයෙන් පෙන්නුම් කෙරෙන්නේ සත්‍ය ලෙසටම ශිලා ඔස්ටින් මහත්මියගේ පිළිකන්නේ ඉන්න විදිය
ඒත් ෆිල්ම් එකේ තියෙන විදියට නම් ඔස්ටින් මහත්මිය සෑහෙන්න වයසයි වගේම අලියාගේ නම බස්ටර්. ඒ විතරක් නෙමේ පුංචි ළමයි තුන් හතර දෙනෙක් තමයි බස්ටර්ව සත්තුවත්තෙන් හොරකම් කරගෙන ඇවිල්ල ඔස්ටින් මහත්මියගේ ගෙදර හංගන්නේ… කතාවේ නිර්මාණාත්මක අවශ්‍යතාවයන් නිසාවෙන් ඒවා වෙනස් කරලා තියෙන්නේ ඉතිං. කොහොම නමුත් මම ඉහත කිව්වා කතාව තමා සිද්දවෙලා තියෙන්නේචිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Colin McIvor විසින්. ප්‍රධාන චරිත විදියට Toby Jones, Penelope Wilton, Amy Huberman, Art Parkinson.. ඇතුළු පිරිසක් එකතු වෙනවා. එහෙම නම් ඉතිං ඔන්න මෙතනින් එහාට ඔයාලට බාරයි. තවත් උපසිරසකින් මුනගැසෙමු එහෙනම් 😀

Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web/HD පිටපත් සඳහා පමණක් ලබා දි ඇත.
2,711 downloadsDownload Zoo.2017.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
29 comments
පැතුම් ඉෂාර
leekim
legend of the ancient sword chinese movei 2018 sinhala subtitle dennako
Sajiya99
Thanks saho sub ekata
Kulanjana Maduranga
niyamai subata thanks saho...
albus98
Ela විමා බොහොම ස්තූතියි..
සෑහෙන කාලෙකින් "පවුලේ සැමට" :| ටයිප් එකේ බයිස්කෝප් එකක් බලන්නෙ
thanksgihan perera
නියමයි සහෝ...ස්තුතියි පට්ට ෆිලුමක් දුන්නට...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
indika75
thanks..
Pasindu_Amanda
ඒක මරු....ස්තූතියි විමා....
Tharaka
THANKS............................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
Ela saho thanks
IduFdo
Dhadak 2018 Hindi Movie eke sub dennako
බොබී
විමාගේ උපසිරැසියක් නම් නොබලා බෑනේ. ඔන්න බෑවා එහෙනම්. උපසිරැසියට තුති.
Su
Thanks saho sub ekta.. :)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයThilankadissanayake
ස්තූතියි සහෝ !
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
දිගටම සබ් දෙමු....Sandeepmadushan
Supiri sahoo
Nivom
Ela ....
sampath n perera
super...thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ශාන් සහෝ.
ජයෙන් ජය.Ishan007
Thanx machn sub ekata.. vima trailer eka nm weradi wage
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
sasala
thanks
kelumchathuranga
thanks
Viraj
thanks saho..
MAALnath
Thanks ...................good luck ............................
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Zoo (2017) Sinhala Subtitle | බෙල්ෆාස්ට් අලි මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/11/Zoo-2017-PIC.jpg)
ස්බට තුති සහෝ