මේ අවුරුද්දේ නිකුත් වුන ආදරණීයම සිනමා සිත්තමක් අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ.ආදායම් අතින් සුපිරි තරු රඟපෑ චිත්‍රපට අභිබවා යමින් වාර්තා පොත් අලුත් කරන්නට මේ චිත්‍රපටය සමත්කම් දැක්වුවා. තමිල්නාඩුවෙන් තෙලුගු චිත්‍රපටයක් පළමු දවසේ ලද ආදායම් අතරින් දෙවෙනි වන්නේ බාහුබලි චිත්‍රපටය ලබාගත් ආදායමට විතරයි. කෝටි 15…

මේ අවුරුද්දේ නිකුත් වුන ආදරණීයම සිනමා සිත්තමක් අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ.ආදායම් අතින් සුපිරි තරු රඟපෑ චිත්‍රපට අභිබවා යමින් වාර්තා පොත් අලුත් කරන්නට මේ චිත්‍රපටය සමත්කම් දැක්වුවා. තමිල්නාඩුවෙන් තෙලුගු චිත්‍රපටයක් පළමු දවසේ ලද ආදායම් අතරින් දෙවෙනි වන්නේ බාහුබලි චිත්‍රපටය ලබාගත් ආදායමට විතරයි. කෝටි 15ට අඩු වියදමක් දරා නිපදවූ මෙම චිත්‍රපටය දින 35ක් ගතවද්දී කෝටි 130ට අධික ආදායමක් ලබාගෙන දකුණු ඉන්දීය සිනමාව හොල්ලන්නට සමත්කම් දැක්වූවා වගේම වාර්තා රැසක් තබන්නටත් සමත්කම් දැක්වූවා.
එයින් කිහිපයක් නම්,
එදා මෙදාතුර වැඩිම දළ ආදායම් ලද තෙලුගු චිත්‍රපට 10 අතරට පැමිණීම.
දකුණු ඉන්දියාවේ කෝටි 100ට වඩා වැඩි ආදායමක් ලබාගත් එකම රොමෑන්ටික් කොමඩිය වීම. එම සමත්කම දැක්වූ එකම ඇක්ශන් කාන්ඩයේ නොවන චිත්‍රපටයත් මෙයයි.
දකුණු ඉන්දියාවේ සුපිරි නලුවන් වන සූර්යා , අජිත් කුමාර් සහ අල්ලු අර්ජුන්ගේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපට වන පිලිවෙලින් Singam2 , Vivegam , Sarrainodu ලැබූ ආදායම අභිබවා යෑම.
තමිල්නාඩුවේ සහ කේරල ප්‍රාන්ත වල තෙලිඟු චිත්‍රපටයක් ( හඬනොකවා ) ලැබූ වැඩිම ආදායම වාර්තා කිරීම.
වැඩිම කාන්තා ප්‍රේක්ශක ප්‍රතිශතයක් චිත්‍රපටය නැරඹීමට පැමිණීම. ( ඔව් ඔව් විජේ නිසා තමයි 😛 )
විජේ දේවරකොන්ඩාගෙ පිට පිටම ‘බ්ලොක්බස්ටර් ‘ වුන තුන්වන චිත්‍රපටය වීම.
සුපිරි බොලිවුඩ් තරු දෙකක් වන John Abraham සහ Akshay Kumarගේ, පිළිවෙලින් Satyameva Jayate සහ Gold චිත්‍රපට ප්‍රදර්ශන කටයුතු ආරම්භ කළ දිනයේදීම, එනම් අගෝස්තු 15 වෙනිදා ප්‍රදර්ශන කටයුතු ආරම්භ කළ නමුත් ඒ චිත්‍රපට දෙකටම වඩා සාර්ථක වෙමින් ආදායම් ඉපයූවේ කවුරුත් මවිතයට පත්කරමිනුයි.
Romantic, Comedy කියන කාණ්ඩයට. පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Parasuram විසින්. සංගීතය Gopi Sundar ගෙන්. රංගණයෙන් දායකත්වය දක්වා තිබෙන්නේ කවදත් කියනවා වගේ පෙරළිකාර විජේ දේවරකොන්ඩා සමඟින් සුරූපී නිළි රෂ්මිකා මන්දනා. ඒ වගේම දර්ශන කීපයක් සඳහා Nithya Menon සහ Anu Emmanuel සහය රංගණයයෙන් දායකත්වය දක්වා තිබෙනවා. Pelli Choopulu, Arjun Reddy, Mahanati, NOTA වගේ චිත්‍රපට පලපු අය විජේගේ රංගණය ගැන හොඳටම දන්නවා ඇති. ඒ වගේම Kirik Party, Chamak, Chalo, වගේ චිත්‍රපට බලපු අය රෂ්මිකාගේ රංගණය ගැන දන්නවා ඇති. නැගීගෙනම එන සුපිරි තරු දෙකක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම 3700+ මනාප සංඛ්‍යාවකින් IMDb දර්ශකයේ 8.2 ක අගයක් මේ වන විට ලබා තිබෙනවා. ලස්සනම සින්දු ටිකක් තියෙන නිසා ඉංග්‍රීසි පරිවර්තන හොයාගන්න පුලුවන් වුන සියලුම ගීත සිංහලට පරිවර්ථනය කළා. ඒ ටිකත් රස විඳිය යුතුම ගීත පෙළක් කිව්වොත් නිවැරදියි.
කතාව ගැන නම් වැඩ්ය කියන්න යන්නේ නෑ. මොකද මේ වගේ එකක් කතාව වැඩිය නොදැන බලනකොටයි චිත්‍රපටයේ රස දැනෙන්නේ. විජේ කියන්නේ ගුරුවරයෙක්. හිතේ ඇඳිලා ඉන්න ගෑනු ළමයා ගැන හීන දකිමින් ඉන්න මෙයා දවසක් කෝවිලකදී හිතේ ඇඳිලා තියෙන විදිහේ ගෑණු ළමයෙක්ව දකිනවා. ඉතින් ඊට පස්සේ දවසක එයාගේ නංගිගේ විවාහය වෙනුවෙන් ගමට යන්න යනකොට මේ තරුණියත් ඒ බස් එකටම ගොඩවෙලා එයාගේ ලඟින්ම වාඩි වෙනවා. එතනදී සිදුවන සිදුවීමක් නිසා වැඩේ දුර දිග යනවා. ඒ සිදුවීමත් එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ. ඉතින් ඒ සිදුවීම මොකක්ද? මේ සොඳුරු ආදර කතාව ගොඩනැගෙන්නේ කොහොමද? ඒ සියල්ලට උත්තර සොයාගැනීම ඔබට බාරයි.
ප.ලි: මේ චිත්‍රපටයට තවම කිසිදු භාෂාවක උපසිරැසියක් නිකුත් වී නැහැ. අසා ලිවීමක් කරලා තමයි මේ උපසිරැසිය අරන් ආවේ. ඉංග්‍රීසි උපසිරැසිය ආවම අඩුපාඩු නැතුවම දෙනවා කියලා හිටියට ෆිලුම එනකල් බලාගෙන හිටිය ප්‍රේක්ශකයින්ගේ දැඩි තර්ජන හමුවේ දෙන්න තීරණය කළා. 😛 ඒ නිසා පොඩ් පොඩි අඩුපාඩු විඳ දරා ගනිමින් රසවිඳින්න කියලා ආරාධනා කරනවා. වෙනත් තැන් වලින් චිත්‍රපටය ගන්න අයට කියන්න තියෙන්නේ ඩිරෙක්ටර් කට් (DC) කොපිය ගන්න එපා කියන එකයි. මොකද ඒ චිත්‍රපටය නෙවෙයි. චිත්‍රපටය සංස්කරණයට පෙර, රූගත කළ දර්ශන එකතු කර සෑදූ වීඩියෝවක්. HDTV කොපිය කලින්ම නිකුත් වුන නිසා ඒ කොපිය ගත්ත අය වෙනුවෙන් ඒකට හරියන උපසිරැසි ගොණුවත් ඇතුලත් කරලා තියෙන්නේ. අනිත් අය HD කොපිය අරගන්න. මේ උපසිරැසියේ අඩුපාඩු අවම මට්ටමට ගෙන එන්න උදව් කරපු තරිඳු රුක්ෂාන් අයියාටත් බොහාම ස්තූතියි කියන්න ඕන. ඒ වගේම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා ඇතුලු වාර්තා ටික හොයලා දුන්න සඳුන් රණතුංග සහෝදරයාටත් බොහොම ස්තූතියි. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper True HQ HDRip / HQ HDTV-Rip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
115,485 downloadsDownload Geetha-Govindam-2018.update.zip136 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
198 comments
Udith
gihaniluki
Thanks machoo... fatta...
Tharaka Nuwan Dilhara
ස්තුතියී උපසිරසියට..
දෙනකන් බලන් හිටියේ..
ඕං ගන්නවා
ජයෙන් ජය..Nishara F'do
Thankz machnn....mechchra kal baln unne meka enkm
ලහිරු උදය
Meka enakam dathakata madagena idiye thanks sho sub ekta, digatama sub denna
ahinsapiyumali
THank uuuuuuuuu
ss.sinhala
පට්ට බ්‍රෝ තැන්ක්ස්.ගුඩ් ලක්
sanjaya thilakarathna
මචන් ගින්දර බන්
සිරාවටම english sub එකක් වත්
තාම නැ හරියට උබ මේ ගහපු මේ ගේමට
ස්තුති මචන්පැතුම් ඉෂාර
හම්මේ දෙනකන් බල්න් ඉදියේ!!! සබට තෑන්ක්ස් ඈ!!! ☺️
spd
මේක නම් පට්ටම ෆිලුමක් තමයි.
සබක් දෙනකම් ඉවසගන ඉන්න බැරි නිසා සබක් නැතුවම බැලුවා.
ආයේ පාරක් බලන්න ඕන. බොහොම ස්තුතියි ශසිත් සහෝ...!!
සබට රේටින් දැනට 5.2.
ෆිලුම බලන්නත් කලින්ම ඇවිත් අඩුවෙන් රේට් කරලා යන කැ...යෝ ගැන දුක් වෙන්නෙපා මචං.
කිසිම භාෂාවකින් සබක් නැතිව සබක් කරන එක කොච්චර කට්ටක්ද කියල අපි හොඳටම දන්නවා.
බොහොම ස්තුතියි...!!
ජයවේවා...!!sadun J
ගින්දර මචන්
ෆිල්ම් එක රිලීස් වුන දවසේ ඉඳන් බලන්න ඇඟිලි ගැන ගැන හිටියේ
ඉංග්‍රීසි සබ් එකක්වත් නැති වෙලාවේ මේ විදිහට සබ් එක කරලා දුන්නාට ගොඩක් ස්තූතියි ❤️sadun J
මේවගේ මහන්සි වෙලා කරන වැඩේටත් ගරු නොකර කමෙන්ට් එකක් දලා වෝට් එකක් දාලා යන්න තරම් මනුස්සකමක් නැති උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට උන් ගැන හිතන් නැතුව දිගටම සබ් දෙන්න
kushan.nishshanka
thanks you for sub..
Malith Weeramuni
අම්මෝ ගොඩක් තෑන්ක්ස් අයියේ, ගොඩක් ආසාවෙන් හිටියේ මේක බලන්න. උපසිරසට ගොඩක් ස්තූතියි. ජය වේවා!
NuwanK
Thank u bro..
vas0303
thanks bro
Udaya Saman
තෑන්ක් යූ සදේ අයියා.අනිවා බැලිල්ලක් තමයි.බොහොම ස්තූතියි සබට
Kanchaka
Thanks bro
Ayesh Prashan
Supirie Saho Supirie.. Thank You
lahiru sadaruvan
mekanam denakan balagena hitiye.. thank you so much aiye
Pathum N Herath
එල බං තන්කූ ඩිරෙක්ටර් කට් එකේ ඉදන් මාර විදිහට ඩේට කාගන ඩවුන්ලෝඩ් කරල බලෆු පිලුකම් ඒත් සබ් නෑ . තේරෙන්නෙත් නෑනෙ තෙලිඟු ඉතින් මේ ෆිලුමට තාම ඉංග්‍රීසි සබක්වත් නෑ.උබ අසාලිවීමක් කරක මේක දුන්නට රොම්බ තෑන්ක් ඩා එල ජයෙන් ජයම වේවා
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sub ekata broo..
geeganagamage
බොහොම ස්තුතියි සුපිරිම වැඩක්
Stranger
thanks
gihan perera
ස්තුතියි සහෝ...එනකන් බලන් හිටියේ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Athula Kariyawasam
සබ් එක දෙනකම් හිටියෙ.
Wpm-Wijelath
Thanks bro godak asawen hitiye film eka balanda
Sajiya99
Thanks saho sub ekata
sooriyapatabadige
Thanks for sub bro.............(Thikka 2016 & Majnu 2016) films walata sub dennako please................ Godak pin
යුරාන් ධනුක
බොහෝම ස්තූතියි සහෝ...
sooriyapatabadige
Me naluwagema DWARAKA 2017 film ekata sub denne nadda bro...........
SupunT
ado thanks bn sub ekata. enankn bala bala htye...elama
Pasindu7365
Supiri,Thanks mchn
bavantha78
Dhadak eke sub
dulanjalidassanayake
ammo anthimata awa....... <3 <3 <3
Dilshan Kelum
Thanks bro...
kelumchathuranga
thanks
thimalF
patta machan supiri
thimalF
Thanks wewa
Nilush Angana
Sub ekata thanx
Amal_indika
sub ekata thank you bro..........
ela.........රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dilshananjana
Thaks for the sub bro....
Eranda Malith 2.0
Thanks mcn jayawewa
ranatunga
sub ekata thanks mcn
subodha
Thanks
hirunovod
සුපිරි බොක්ක විජේගෙ එන හැම ෆිල්ම් එකකටම සබ් කරපන් මචං අපි බලන් ඉන්නවා
Lasantharathnasirirox
Tnx සහෝදරයා..... බලන්න විදිහක් නැතුව හිටියෙ.
Lahiru@imanshana
thnkz bro
Helili Hemamali
නියම වැඩක් ශසිත්. ඉදිරියටත් මෙවන් නිර්මාණ වලින් හමුවෙමු.
Achi
THANKS BOKKA
Achi
කොරියන් TV සිරියස් එකක් ඕනි අක්කේ හොද එකක්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ammo thanx machooo digatama tamil telugu fil denna jayen jaya