සුභ දවසක් යාළුවනේ. ඔන්න ඉතින් මම අද ගෙනාවා ඔයාලට නියම ෆිල්ම් එකක්. මේක 2001 වසරේ රිලීස් වෙච්ච නියම කොමඩි ෆිල්ම් එකක්. ඒවගේම කියන්න ඕනේ මේ මගේ දෙවෙනි උපසිරැසිය. මම මේ ෆිල්ම් එක ගැන දැන ගත්තෙත් මේකේ 2 එක රිලීස් වුනාට පස්සෙයි. එතකන් මේකේ නාමයක්වත් අහලා තිබුනේ නෑ. කොහොමහරි මම දැන් සබ් එකත් කරානේ. පළවෙන…

සුභ දවසක් යාළුවනේ. ඔන්න ඉතින් මම අද ගෙනාවා ඔයාලට නියම ෆිල්ම් එකක්. මේක 2001 වසරේ රිලීස් වෙච්ච නියම කොමඩි ෆිල්ම් එකක්. ඒවගේම කියන්න ඕනේ මේ මගේ දෙවෙනි උපසිරැසිය. මම මේ ෆිල්ම් එක ගැන දැන ගත්තෙත් මේකේ 2 එක රිලීස් වුනාට පස්සෙයි. එතකන් මේකේ නාමයක්වත් අහලා තිබුනේ නෑ. කොහොමහරි මම දැන් සබ් එකත් කරානේ. පළවෙනි එකේ ගොඩක් අඩුපාඩු තිබ්බා. මේ සබ් එකේ නම් එහෙම අඩුපාඩු නෑ කියලා මම විශ්වාස කරනවා. මොකද මම මේක කරපු විදිහට නම් මට ශුවර් එකක් තියෙන නිසා. හදිසියෙවත් එහෙම පොඩි පොඩි මිස්ටේක් ටිකක් තිබ්බොත් ඒවට සමාව ඉල්ලනවා.
හරි එහෙනම් අපි යමුකෝ වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට. මේකේ නම සුලැන්ඩර්. මේක ආවේ 2001. ඒවගේම මේක පොඩි සුවිශේෂ දෙයක් තියෙනවා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් මේකේ සුලැන්ඩර් චරිතෙට සහය දක්වන බෙන් ස්ටිලර් නැත්නම් ඕගොල්ලෝ කවුරුත් දන්නා නයිට් ඇට් ද මියුසියම් චිත්‍රපටියේ ඉන්න ප්‍රධාන නළුවයි. එක සුවිශේෂී ඒකයි, මොකද සාමන්‍යයෙන් නළුවෝ කරන ෆිල්ම් ගොඩක් වේලාවට සාර්ථක නෑ. ඒත් මේකේ නම් එහෙම අසාර්ථක බවක් පෙන්නේ නෑ. එකයි මම මේ ෆිල්ම් එක පට්ට කිව්වේ. මේකේ IMDB Rateඑකත් 6.6 තියෙනවා. ඒවගේම ඕගොල්ලෝ දන්නවත් ඇති මේකේ සුලැන්ඩර් 2, 2016 මුල වගේ රිලීස් වුණා කියලා. පුළුවන් වුනොත් එකෙ සබ් එකත් මම දෙන්නම්කෝ.
අපි යමුකෝ ෆිල්ම් එකේ කතාව පැත්තට. මේකේ කතාව තමා මේ සුලැන්ඩර් (Ben Stiller) කියන කෙනා නිරුපනශිල්පියෙක්. ඒවගේම හරිම මෝඩ නිරුපණ ශිල්පියෙක්. මෙයාගේ මෝඩකම් ප්‍රයෝජනයට අරන් මුගාටු කියලා කෙනෙක් මැලේසියාවේ අගමැතිව මරන්න හදනවා එක හේතුවක් නිසා. ඉතින් සුලැන්ඩර් ව යොදන් මේක කරාට මේකෙන් එයාව බේරගන්න උදව් කරන්න මෙයාගේ පරම හතුරෙකුත් මෙයා එක්ක යාළුවෙනවා. ඒ තමා හැන්සල් (Owen Wilson). ඔයා විදියට තමා මේකේ කතාව යන්නේ. අගමැතිව මරන්න ඒ හේතුව මොකක්ද කියලා දැනගන්නත් මැලේසියාවේ අගමැතිව මරනවද කියලා දැනගන්න නම් ඔයාලා ෆිල්ම් එක බලන්න ඕනේ.
මේකේ රඟපාන නළු නිලියෝ නම් ඕගොල්ලෝ ගොඩක් දන්නා අය තමා ඉන්නේ. -Ben Stiller, Owen Wilson, Christine Taylor, Will Ferrell, Milla Jovovich, David Duchovny, Jon Voight, Judah Friedlander, වගේ අයව ගන්න පුළුවන් .මම කියන්නේ මේ ෆිල්ම් එක නම් මරු. මේක ගෙදර කට්ටියට එකට බලන්න පුළුවන් කියලා තමා IMDBවල නම් තියෙන්නේ. ඒත් මේකේ චූටි චූටි අවුලක් වගේ නෑ වගේ එවා තියෙනවා. ඒ කිව්වේ නිරුවත් කේස් නෙවෙයි. ඔගොල්ලොම බලන්නකෝ. සමහර විට ඒවා සාමාන්‍ය දේවල් වෙන්න ඇති. හරි එහෙනම් මට මේ සබ් එක කරන්න උදව් කරපු හැමෝටමත් ඒවගේම රොයිලි අයියාටත් ස්තුතියිවන්ත වෙමින් මම අදට සමුගන්නවා යාලුවනේ. ඕගොල්ලෝ හැමෝටමත් බයිස්කෝප් හැමෝටමත් සුභම සුබ දවසක් වෙන්න ඕනේ.
750 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න
F49514E2623FE71ABD39F1FA9FF8B08E2DB95551955 MB (1080p.x265) කොපිය මෙතනින් බාගන්න
65D8512634CB1D0DCA59397AF517C225174AB110 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,212 downloadsDownload Zoolander-2001-with-Sinhala-Subtitles.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Lakshan1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් පියුමන්ත
Subtitles
21 comments
mithun
Lakshan
iternet එකේ තියෙන්නේ මේක 2013 කියලා එකද movie එක
Lakshan
movie එකේ link එකක් මට එවනවද?
mithun
ඔයා හරි සහො මෙක 2013 තම. Imdb රෙටින් එක 5.5 තියෙනව . මෙ මුවි එක ඔයාලෙ සයිඩ් එකෙ නෑ.. පුලුවන් නම් සබ් දෙන්න එහෙම උනොත් ගොඩක් තුති ඔයාට. සරල කතාවක් උනත්
ත්‍රසය ,බිතිය තියෙන ෆිල්ම් එකක්mithun
මෙක universal ෆිල්ම් එකක් සහො
බලන් හිටිය ගොඩ කාලයක් සබ් දෙයි කියල තවම නෑ එත්Lakshan
man try ekak dennam..
Dulanga
Thanks
Balasooriya MG
thank you
puluwannam melody of love eke sub dennako
Kulanjana Maduranga
niayamai…thanks LAKSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
D Chamara
bohoma sthuthi sahooo
Amila
Thanks bro...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!kys
thank you brother. meka nam ketha wedak hode me sub eka karapu kenata comments 10ta thiyenne. meyalage kaalaya api wenuwen weya karanawata thanks ekak daala giyanam monawa wenawada
Supun
supiri yalu supiri
රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින් පෙරේරා
ස්තූතියි වේවා ලක්ෂාන් සිංහල උපසිරැසියට. ජය වේවා෴
thilina
සුභපැතුම්.
venuka
thanx bro
chami
godak thanks
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
SD
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට බොහොම තුති බ්‍රො..
මෙකට සබ් එකක් දෙන්න පුලුවන්ද ..
(Green inferno. 2015)
Imdb 5.6