අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Moving [S01: E14] Sinhala Subtitles | මෝඩයා [සිංහල උපසිරසි]

Rating: 9.2/10. From 14 votes.
Please wait...

හැමෝටම කොහොමද ඉතින්?

MOVING (무빙) සීරීස් එකේ දහතුන්වෙනි එපිසෝඩ් එක අරන් අද ආවේ. මේවෙද්දි Disney+ එකේ Ranking No #1 Series එක වෙන්න MOVING සමත් වෙලා තියෙනවා. ඒවගේම Disney+ සහ Hulu කියන OTT Platform දෙකේම වැඩිම පිරිසක් නරඹපු කොරියන් සීරීස් එක වෙන්නත් MOVING සමත් වෙලා තියෙනවා. ඉතින් MOVING කියන්නේ මේ අවුරුද්දේ එන්න තිබ්බ Highly Anticipated සීරීස් එකක්. ඒවගේම දැනට සීසන් එකක් වෙනුවෙන් වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු කොරියන් සීරීස් එක තමා මේක. වොන් බිලියන 65ක වියදමකින් හදපු මේ සීරීස් එක එපිසෝඩ් 20කින් සමන්විතයි. MOVING කතාමාලාවේ අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ Kingdom S2 අධ්‍යක්ෂක Park In Je. තිරරචනයෙන් එකතු වෙන්නේ Kang Full. Kang Full ගේ MOVING කියන වෙබ්ටූන් එක පාදක කරන් තමා මේ සීරීස් එක හදලා තියෙන්නේ. Action, Thriller, Fantasy, Supernatural, Sci-fi කියන ගණයන්ට MOVING අයත් වෙනවා. ඉතින් කිව්වා වගේම MOVING ස්ක්‍රිප්ට් එක Kang Full ගේ තනි වැඩක්. මුලින්ම 2020 සැප්තැම්බර් 9 Jo In Sung ට සීරීස් එකට එකතු වෙන්න ආරාධනා ලැබෙනවා. 2021 අගෝස්තු වල MOVING සීරීස් එකේ නිෂ්පාදන ආයතනය විදියට Studio&NEW එකතු වෙලා නිෂ්පාදන වියදම වොන් බිලියන 65ක් කියලා නිවේදනය කරනවා. 2021 අගෝස්තු 26 වෙනිදා රූගත කිරීම් ආරම්භ කරනවා. ඉතින් අවුරුදු දෙකක් තිස්සේ අපි හැමෝම එනකම් බලන් ඉදපු MOVING මේ විදියට 2023 අගෝස්තු 9 වෙනිදා Disney+ හරහා නිකුත් වෙනවා. සැප්තැම්බර් 20 වෙනකම් හැම සතියෙම බදාදට එපිසෝඩ් දෙක ගානේ නිකුත් වෙනවා. එහෙනම් දැන් කාස්ට් එක පැත්තට යමු. හැමෝම වගේ දන්න සුපිරි නළු නිළියෝ සෙට් එකක් තමා MOVING සීරීස් එකට රංගනයෙන් දායක වෙන්නේ.

CAST – රංගන දායකත්වය

• Ryu Seung Ryong – ජන්ග් ජූ වොන්
• Han Hyo Joo – ලී මී හ්යුන්
• Jo In Sung – කිම් දූ ශික්
• Cha Tae Hyun – ජොන් ග්යේ දෝ
• Kim Sung Kyun – ලී ජේ මන්
• Kim Hee Won – චෝයි ඉල් හ්වන්
• Lee Jang Ha – කිම් බොන්ග් සොක්
• Go Youn Jung – ජන්ග් හී සූ
• Kim Do Hoon – ලී ගන්ග් හූන්
• Ryu Seung Bum – ෆ්‍රෑන්ක්

෴දහහතරවන කථාංගය෴

අද එපිසෝඩ් එකෙන් අපිට ගන්ග් හූන්ගේ තාත්තා වෙන ලී ජේ මන්ගේ කතාව බලාගන්න පුළුවන් වෙනවා. ලී ජේ මන්ට මානසික ආබාධයක් තියෙනවා. ඒවුනාට එයා එයාගේ පුතා වෙන ගන්ග් හූන්ට නම් මාරම විදියට ආදරෙයි. ඒවගේම විශේෂෙ තමා ජේ මන්ට අධිමානුෂික බලයක් තියෙනවා. ඔහොම යද්දි දවසක් සිද්ධියක් වෙලා ලී ජේ මන්ගේ බලය ගැන මින් ප්‍රධානිතුමාට දැනගන්න ලැබෙනවා. ඉතින් එයාව අල්ලගන්න වැඩේට ප්‍රධානි මින් යවන්නේ ජු වොන්ව. කොහොමහරි ජේ මන්ව එයාගේ ගෙදරදි අල්ලගන්න පුළුවන් වෙනවා. එවෙලේ ප්‍රධානි මින් දැනගන්නවා බලය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙනවයි කියලා. ඉතින් දැන් මොකක් වෙයිද? එහෙනම් පහළොස්වෙනි එපිසෝඩ් එකෙන් හම්බෙමු. හැමෝටම සුභ දවසක්!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

6 thoughts on “Moving [S01: E14] Sinhala Subtitles | මෝඩයා [සිංහල උපසිරසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තූතියි…

    Reply
  • සුපිරි සබ් 1 + සුපිරි කතාව ❤

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *