Narivetta (2025) Sinhala Subtitles | දඩයක් කරුවා සහ දඩයම [සිංහල උපසිරැසි]
Narivetta (2025) Sinhala Subtitless
ආයුබෝවන්. මැයි මාසෙ 23 දින සිනමා ශාලා ප්‍රදර්ශනය ආරම්භ කල ඉතා හොඳ ප්‍රේක්ශක ප්‍රතිචාරයක් සහිතව තිර ගත වෙන තාමත් OTT නිකුත් නොවුන චිත්‍ර පටයක HQ Pre DVD කොපියක් සඳහා මේ උපසිරැසිය කලා. ඉදිරියේදී යාවත්කාලීන කරන කල් මේ කොපියෙන් චිත්‍රපටය බලන්න කැමති අය උප සිරැසිය ලබාඅ ගන්න.
ඉතිං මේකෙන් නැවතත් ප්‍රධාන චරිතය හැටිය ටොවිනො තෝමස් ඉදිරියට එනවා. නැවතත් ඔහු ඉන්නෙ පොලිස් චරිතයකට.ඔහු සමග සුරාජ් වෙන්ජාරමුඩු, දමිළ නලු චේරාන් සහ ආර්‍යා සලිම් මෙහෙ අනිත් චරිත රඟපානවා. ඉෂ්ක් චිත්‍රපටය අධ්‍යක්ෂනය කල අනුරාජ් මනෝහර් මේකත් අධ්‍යක්ෂණය කරනවා. මේ වෙන කොටත් හොඳ ආදායමක් උපයා ගන්නට මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා.
කතාවට ගියොත් වාගීස් නම් තරුණයා හොඳ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණයෙක්, ඔහුට රැකියා කිහිපයක් ලැබුනත් ඊට වඩා ඉහල රැකියාවක් අපේක්ෂාවෙන් සිටීම නිසා නිතරම සිය මවගේ මෙන්ම පෙම්වතියගේ විවේචනයට ලක් වෙනවා. අවසානයේ ඔහුට ඒ සියල්ල පසෙක තබා පොලිස් කොස්තාපල් තනතුරකට යන්න සිදු වෙනවා. ඒත් ඉහල රැකියාවක් ලබා ගැනීමේ අපේක්ෂාව තවමත් ඔහුගේ සිත් තුල තිබෙනවා.
කෙසේ වෙතත් ඔහුගෙ ජීවිතය වෙන අතකට හැරෙන්නෙ ශීතල වයනාඩ් කඳුකරයේ රක්ෂිත වනාන්තරයක් ආශ්‍රිත ගෝත්‍රික ජන පිරිසකගේ විරෝධතාවයක් හැසිරවීමට පොලිස් පිරිසක් සමග ගිය අවස්තාවේදී. සිය රැකියාව සහ හෘද සාක්ෂිය අතර බරපතළ ගැටුමකට මෙන්ම ජීවිතය රැක ගැනීමේ සටනකටද ඔහුට එක වර මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ ලස්සන චිත්‍රපටය නරඹලා ඉන්න.
එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු
Narivetta (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය Malayalam HQ PreDVD පිටපත් සඳහා පමණක් වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 45 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.