Odeya (2019) Sinhala Subtitles | හිමිකරු ඔහුය! [සිංහල උපසිරසි සමඟ]
ඔයාගේ සහෝදරට අවුරුදු 12 යි මං ගාව වැඩට එනකොට.
දවල් කෑම වෙලාව ආවම මම එයාට කෑම එකක් දෙනවා.
එයා ඒක අර ගත්ත ගමන් ගෙදර දුවනවා.
මම එයාගෙන් ඇයි ඕක අරන් දුවන්නේ කියලා ඇහුවම?
එයාගේ පොඩි මල්ලිලාට මේ කෑම එක දෙන්න යනවා කියලා කිව්වා.
මම එතකොට ඔයාට කෑම කියලා ඇහුවම?
එයා කියනවා, මට තේ එක බීලා ඉන්න පුළුවන් කියලා!
ඔයාලගේ ළමා කාලයේදී ඒ ඔයාලගේ සහෝදරයා ඔයාලට අම්මා කෙනෙක් වගේ සැළකුවේ.
උඔ වෙනුවෙන් මේ පවුල උඔට මොනවද කරේ?
එකක්, කන්න බොන්න දුන්නේ මේ අම්මා.
එක්කෙනෙක්, ඉගැන්වුවේ මේ තාත්තා.
මේ පවුල මට ඒ දෙකම ලබා දුන්නා.
මේ මගේ පවුල!
බයිස්කෝප් සහෘද සැම වෙනුවෙන් ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියකට උපසිරසි අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කන්නඩ චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Odeya (2019) මේහි අධ්‍යක්ෂනය M.D. Sridhar අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කන්නඩ නළු Darshan රංගනයෙන් දායක වේ. මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sanah Thimmayyah රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Devaraj / Chikkanna / Sadhu Kokila / Sharath Lohitashwa / Pankaj Narayan / P. Ravi Shankar / Yashas Surya වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත. සටන් සහ නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.6/10 ලැබි ඇති අතර. විනාඩි 164 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් ලෙස හදුන්වාදීමට පුළුවනි. මෙම චිත්‍රපටය 2014 දමිල චිත්‍රපටයක් වන වීරම් veeram (2014) චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක් ලෙස හැදින්විය හැක.
ගජේන්ද්‍ර කියන්නේ දෙම්පියන් අහිමි වී සිටින සහෝදරයන් 4 දෙනෙකු සිටින ආදරණීය අයියා කෙනෙක්. මේ ගජේන්ද්‍ර(අයියා) තමයි පොඩි කාලේ තම සහෝදරයන්ව දුක් මහන්සියෙන් බලාගන්නේ. මෙයා සෘජු මිනිහෙක්, ඔහුට වැරදි නොඉවසිය හැකි අතර අසාධාරණයට එරෙහිව නිතරම රණ්ඩු, ඇති කරගනී. මෙයාට කසාදය කියන වචනයනම් අහන්නවත් අකමැති කෙනෙක්. එයා කියන්නේ කසාදයක් කරගත්තම මුළු ජීවිතයම විනාශ වෙනවා කියලයි. ඒත් මෙයාගේ මල්ලිලා හතරදෙනානම් කාටත්ම හොරෙන් අවුරුදු ගානක් තිස්සේ ආදරය කරනවා. ඉතින් මෙයාලා දන්නවා අයිය කවදාවත් මෙයාලට කැමති වෙන්නේ නෑ අයියට කසාදය කියන දේ කැමති කියලා ඔප්පු නොකරොත් මිසක් කියලා. ඒක නිසා මෙයාලට මෙයාලගේ පෙම්වතියන්ගේ සම්බන්ධකම් වලට අවසර ගන්නනම් අයියටත් පෙම්වතියක් හොයල දෙන්න ඕනි කියල හිතල එයාට සුදුසු කෙනෙක්ව හොයනවා. ඒ අතර තමයි පංසල් වලට දේව, ප්‍රතිමා පිළිසකර කරන්න එන කණ්ඩායමක, සක්කු කියලා ගැහැණු ලමයෙක්ව ගැන දැනගන්නේ. ඒ ගජේන්ද්‍රා පාසල් කාලයේ ආදරය කරපු කෙනෙක්ගේ නමක් නිසා එයාට මේ නම තියෙන කෙනෙක්වම හොයා ගන්නේ. ඉතින් කොහොම හරි සක්කුව ගජේන්ද්‍රාට සෙට් කරන වැඩේ මල්ලිලා ටික සුපිරියටම කරනවා අයියටත් හොරෙන්ම.
දෙන්නා ආදරය කරන්න අවසර ගන්න සක්කුගේ ගමට යනවා. සක්කුගේ පවුල තමයි ඔඩෙයාර් කියන පවුල. ඒ ගමේම කෝලහාල වලට විරුද්ධව වැඩ කරන්නේ සක්කුගේ තාත්තා නිසා ගමේ අය මෙයාට ගොඩක්ම ලෙන්ගතුයි, ගමේ මිනිස්සු මෙයා කියන වචනෙකට පිටින්වත් යන්නේ නෑ. ගජෙන්ද්‍රායි, සක්කුත් එක්ක එයාගේ ගමට යන්න දුම්රිය පොලට එද්දී පිරිසක් ඔවුන්ව ඝාතනය කරන්න පන්නනවා. ඒ තරහා තියෙන්නේ ලජේන්ද්‍රා එක්ක කියලයි ඔහු හිතන්නේ. ඒත් අවසානයේ දැන ගන්නේ එදා ඔහු මරන්න නෙමෙයි ඔවුන් පැමිණ ඇත්තේ තම පෙම්වතිය මැරීමට බව. ඒ ඔඩෙයාර් පවුල එක්ක ඇති ආරවුලකට බව. ඉතින් ඔඩෙයාර්ගේ පවුල ඉන්න ගමට ගියාම ගජේන්ද්‍රාට මොනවා වෙයිද බලන්න ඔයාලටම භාර කරමින් අදට සමුගන්නවා. සියළු දෙනාට තෙරුවන් සරණයි!
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
අධ්‍යක්ෂණය : M. D. Sridhar
නිෂ්පාදනය : N Sandesh
කථාව රචනය : Prashanth Rajappa (Dialogues), M. D. Shridhar
වර්ගීකරණය : Action, Drama
රංගන ශිල්පීන් : Darshan, Sanah Thimmayyah, Devaraj, P.Ravi Shankar
ධාවන කාලය : 164 mins
තිරගත කල දිනය : 12 December 2019
සංගීතය : Arjun Janya
IMDB අගය : 4.7/10
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Web/HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2995 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks…
සබට තුති වේවා මලේ…
දිගටම සබ් දෙමු ආ… ජය!
ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කර ගන්නෙ කොහොමද
ස්තුතියි සහො !!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks a lot bro
bohoma Sthuthii Sahoo!!
THANKS SUB EKATA JAYAWEWA – BUDU SARANAI…………
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .
ස්තූතියි සමන් සහෝ