Outlander [S01 : E04] | සමෝධානය… [සිංහල උපසිරැසි සමඟ]
මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ හතරවන කොටස. පසුගිය කොටස වෙනුවෙන් අදහස් දැක් වූ සියල්ලන්ටම ස්තූතියි. මතක් කරලා ඉන්නම් පසුගිය කොටසේ දී සිදු වුනු දේවල්. ඉංග්‍රීසි ඔත්තුකාරියක් ලෙසට සැක කරන ක්ලෙයාර්ව කොලම් මැකැන්සී විසින් තවදුරටත් මාළිගයේ රඳවා තබා ගැනීමට තීරණය කරනවා. ඒ මාළිගයේ සුව කරන්නිය ලෙසට. කලින් සිටි සුව කරන්නා විසින් ශල්‍යාගාරය ලෙස භාවිතා කළ කුටියම තමයි, ක්ලෙයාර්ටත් ලැබෙන්නේ. ඉතින් තමන්ට අත්විඳින්න වෙලා තියෙන අලුත්ම ක්‍රියාදාමය ක්ලෙයාර් ආරම්භ කරන්නේ, එම ශල්‍ය වෛද්‍ය කුටියේ ඇති අනවශ්‍යය සහ අවශ්‍යය බෙහෙත් කළමානාදිය වෙන් කරමින්. මේ සඳහා ඇය, තමන් ගැන ඔත්තු බැලීමට යොදවා ඇති දෙපළගේ සහයත් ලබාගන්නවා.
කොලම් මැකැන්සීගේ කුටියට පැමිණෙන ලෙසට ලැබෙන ආරාධනාව පිළි අරගෙන ඔහු හමුවට යන ක්ලෙයාර්ට යම් තාක් දුරකට කොලම් කියන්නේ මොන වගේ පුද්ගලයෙක්ද යන්න හඳුනාගන්න ලැබෙනවා. ඔහුගේ පාද වලට වැළඳී ඇති රෝගය සුව කළ නොහැකි එකක් බව ඇය වටහා ගෙන සිටියත්, කොලම්ගේ ඉල්ලීම පරිදි කරන සම්බාහන සත්කාරය හේතුවෙන් කොලම් යම්කිසි සුවයක් ලබනවා. ඒ නිසාවෙන් ඇයට ඔහු ආරාධනා කරනවා මාළිගයේ වන්දිභට්ටයාගේ වාදනයන් අසන්නට ඔහුගේ අමුත්තියක ලෙස පැමිණෙන ලෙසට. තම සහෝදරයා යම් කිසි සුවයක් ලැබූ නිසාවෙන් ඩූගල් විසින් ඒ පිළිබඳව ක්ලෙයාර්ගෙන් විමසනවා. තමන්ට සේවයක් කරන්නට හැකි වීම සම්බන්ධයෙන් සතුටු වන බව ඇය පැවසුවත්, ඩූගල් ඇයව විශ්වාස කරන්නේ නැහැ.
ඔසු උයනේදී ක්ලෙයාර්ට නැවත වාරයක් ගේලිස්ව මුණ ගැහෙනවා. ඇයගේ මාර්ගයෙන් ක්ලෙයාර්ට දැනගන්නට ලැබෙනවා ෆිට්ස් මහත්මියගේ බෑනනුවන් වන ටාමස්ට යක්ෂයෙක් ආරූඪ වී ඇති බවත්, බේන් පියතුමන් විසින් ඒ යක්ෂයා පළවා හරින්නට යාතුකර්මයක් කරන්නට උත්සහ කරන බවත්. ඒ අනුව ඔහුව බලන්නට යන ක්ලෙයාර් තමන් සතු වෛද්‍යය දැනුම යොදාගනිමින් ඔහුව පරීක්ෂා කර බලද්දී ඇය දැනගන්නවා ඔහුට විසක් කැවී ඇති බවක්. නමුත් බේන් පියතුමන් එයට එකඟ වන්නේ නැහැ. රෝගියාව බැඳ දමා යක්ෂයා පළවා හරින්නටයි ඔහු උත්සහ කළේ. නමුත් සැමගේ විරෝධය මධ්‍යයේ, ක්ලෙයාර්, ජෙමීගේද සහාය ඇතිව ඒ දරුවාට කැවී ඇති විෂ වර්ගය සොයාගෙන එම විෂ නැසීම සඳහා දරුවාට ප්‍රතිකාර කරනවා. ක්ලෙයාර්ගේ ප්‍රතිකාර නිසාවෙන් රෝගී තත්වය දරුවා තුළින් පහව ගියත් පියතුමන්ගෙන් ක්ලෙයාර්ට එල්ල වන්නේ දැඩි දෝෂාරෝපණයක්. කෙසේ වෙතත් මේ සුව කිරීම හේතු කොටගෙන ක්ලෙයාර්ට හැකි වෙනවා තවදුරටත් කොලම්ගේ හිත දිනාගන්නට. නමුත් ඇය සිතූ ලෙසට එයින් සිදු වූයේ ඇයට නැවත ඉන්වර්නර්ස් වලට යාමට අවසර ලැබීම නොව, ඒ වෙනුවට තව දුරටත් සුව කරන්නිය ලෙස මාළිගයේ රැඳී ඉන්නටයි.
සියලු බලාපොරොත්තු සුන් වී සිටි ක්ලෙයාර් නැවත වාරයක් ජෙමී සමඟින් වන්දිභට්ටයාගේ ගායනාවන් ඇසීමට සහභාගී වෙනවා. ඒ එක් ගායනාවකින් කියවෙන්නේ තමන්ට සිදු වූ දේම සිදු වූ තවත් එක් කාන්තාවක් ගැන බව ජෙමීගේ අර්ථ දැක්වීමට ඇහුම් කන් දෙන ක්ලෙයාර්ට තේරුම් යනවා. ඒ ගායනාවට අනුව ගල් කණු වළල්ලෙන් වෙනත් දේශයකට ගමන් කරන එකී කාන්තාව සෑහෙන කාලයක් එම දේශයේ ගතකොට නැවතත් එම ගල් කණු වළල්ල හරහාම තමා කලින් සිටි දේශයට පැමිණෙනවා. එය ඇසීමෙන් සුන් වූ බලාපොරොත්තු යළි ඇය තුළ දළු ලා වැඩෙනවා. ඒ අනුව ඇය තීරණය කරනවා මාළිගයෙන් පලා ගොස් නැවත ඒ ගල් කණු වළල්ල වෙත යන්නට. ඔය විදියට තමයි ගියවර කොටස හැඩ ගැසුනේ. බලන්න එහෙනම් එකී අරමුණ ඇයට මෙවර කොටසේදී ඉටු කරගන්නට හැකි වෙයිද කියලා….
[button link=”http://tinyw.in/F8M5″ type=”icon” “center” newwindow=”yes”] 248 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/fhww” type=”icon” “center” newwindow=”yes”] 412 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/eTQG” type=”icon” “center” newwindow=”yes”] 1.27 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3584 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thankyou mcn season 2th diyan….patta
ස්තුතියි යශෝද උපසිරසියට……ජයවේවා…මේක අමුතුම කතාවක්…ගොඩාක් අසාවෙන් බලනවා අපි..
thanks saho mama godaak aasaawen balana kathaawak mEka
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks dude… This is turning out to be a superb TV series
මමනම් කියන්නේ සබ් ලේට් වෙන එකට
ඔයාට ගතු කියන එක අසාදරනයි
මොකද ඔයා අපි වෙනුවෙන් අලි කට්ටක් කනවා
ඒක දැනෙනවා
සබට තුති
ඔබට ජය……….
නියමයි යශොධ අයියේ. 😛
වැඩ පාඩු නොකරගෙන හැකි විදිහට දෙමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
niayamai…thanks YASHODA saho..sub ekata.. digatama sub demu.jaya wewa……
ස්තුතියි යශෝධ සහෝ!
ජය වේවා.
niyamai yashoda male niyamai…
ikmanatama mekath banna oni
danata sub 1 gaththa
jaya wewa…!!!
thx macho,,,
ikmanata anith kotas dekatath sub denna
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
Thnks But harima late Dan meke 7 kotasath yanwa kotas 3k passen thami Apeta labenne Pls kawru hari Help ekata aragena hari Tv seriouse ekata samanthrwa denna aneth TV seriouse denawa wage
ස්තූතියි සහෝ අදහසට. මේ සතියේ, ඒ කියන්නේ එන ඉරිදා තමයි හත් වෙනි කොටස අපිට ලැබෙන්නේ. ඊට කලින් පස්වන සහ හයවන කොටස් වලට උපසිරැසි ලබාදෙන්න උපරිම උත්සාහ කරනවා. ජය..!
ok . thinks reply for me ..Go ahead
එල එල ආව නේ. නියම කතා සෙට් එකක්
Hondatoma Parakkui Neda.But Thanks
ELA ELA ONNA BAWA thaz subapatum.