කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පුළුවන් සිව්වැනි කොටස අරගෙන ආව. කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හ…

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පුළුවන් සිව්වැනි කොටස අරගෙන ආව.
කතාවේ පසුගිය කොටස් තුලින්,
පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හිතන්නෙ. ඔයාලත් දකින්න ඇතිනේ? මෙදා සැරේ කතාව පටන් ගත්තෙ වැරදුණු ඔස්වල්ඩ් ඝාතණ උත්සාහයෙන් අවුරුදු හතරකට පසුව වෙන සිදුවීම් දාමයක් විධියට. පෝලි නැන්දගේ චිතකය ළඟ මයිකල් දිවුරනවා ටෝමිගෙන් පළිගන්නවා කියල. ඒ වගේම ඔස්වල්ඩ්ගේ ඝාතණය නැවැත්තුවේ IRA එකෙන් කියලත් පහුගිය එපියෙන් අපිට දකින්න ලැබුනා. IRA එකෙන් කියන විදියට ඔස්වල්ඩ්ව එයාලට වටිනවාලු. හැබැයි ඔස්වල්ඩ් කියන්නේ තනිකරම අමු ෆැසිට්ස්වාදියෙක්. ටොමි පෙනී හිටින්නේ සමාජවාදය වෙනුවෙන්. මේ දනන්ගේ ගැලපීමක් නම් නැහැ ඉතිං. ඒ වගේම මේ වෙනකොට අරක්කු කියන එක නිත්‍යානුකුල දෙයක් වෙලා තියෙන්නේ. ටොමි හදන්නේ ජීවිතේ අන්තිම ව්‍යාපාර ගනුදෙනුව කරන්න. ඒකට එයා ප්‍රංශයට යනව. ඒ අතරේ ටොමිගේ දුව රූබිට අසනීප වෙනවා. ඒ අසනීපය ගැන අහපු හැටියේම ටොමි හොඳටම කලබල වෙලා ආපහු එංගලන්තයට එනවා.
ඒ වගේම අපිට හිට්ලර් ගැන අහන්න ලැබුන. හරියටම නමින් නොකිව්වත් වටින් ගොඩින් කියල දැම්මා. ඒ වගේම ටොමීගේ මෙදා සැරේ ගේම් එක ගැන තවමත් කිසිම හෝඩුවාවක් හිතාගන්න බැරුව ඉන්නෙ. කියන්නේ නම් අන්තිම ගනුදෙනුවට ලෑස්ති වෙනවා කියල. ඒ ලැස්තිවීමට ඇල්ෆිවත් සම්බන්ධ කරගත්ත දකින්න ඇතිනේ දෙවැනි කොටසෙන්. ටොමි කියන්නේ නම් ඒ තමයි ඇල්ෆිගේ අවසන් ජවනිකාව කියල. රුබි අසනීප වෙලා හීනෙන් කියවනවා කියල ටොමිට කිව්වම ටොමි එක පාරම කලබල වෙනවා. කර කර හිටිය වැඩේ අතරමග දාල ආපහු එංගලන්තයට එනවා. ඒ ටොමිවත් හන්ට් කරන ග්‍රේ මෑන් නිසා. පළමු ලෝක යුද්ධ කාලේ සිදුවීම් නිසා ඇතිවුන PTSD තත්වයක් වගේ දෙයක් තමයි මේක. කොහොම නමුත් රූබිට තියෙන්නේ වෙනත් අසනීප තත්වයක් කියලයි වෛද්‍යවරයා කියන්නෙ. ඒ වගේම මයිකල්ව හිරේ තියලා ටොමි ගහන ගේම් එක ලස්සනට ප්ලේ වෙනවා කියල හිතෙනවා. මතක ඇතිනේ මයිකල්ව බලන්න හිරේට ආව කෙනා සහ එයාගේ කතා විලාසය. ඒ වගේම මේ වෙනකොට ආතර් ඉන්නෙ හොඳටම මත් කුඩුවලට ඇබ්බැහිවෙලා. ආතර් එහෙම වෙනවා කියන්නේ ඉතිං ටොමි දුර්වල වෙනවා කියන එක තමයි. තුන්වෙනි කොටසෙදි ටොමි තනිකරම කඩා වැටීමකට ලක්වුණා. ක්ෂය රෝගය නිසා ටොමිගේ දුව වෙන රූබිව ටොමිට අහිමිවෙනවා. රුබිට එහෙම වෙන්නේ යම් කෙනෙක් නිසා කියල එස්මේ ටොමිට කියනවා. ඒ වගේම, මිස්ටර් නෙල්සන්, ඔස්වල්ඩ් සහ ඒඩා අතර මුනගැහිමක් වෙනවා. ඒ මුණගැසීම ගිය හැටි මතක ඇතිනේ?
මෙවර කතාංගයෙන්,
සිව්වැනි කොටසෙදි රුබිගේ අවමංගල්‍යයෙන් තමයි කතාව පටන් ගන්නේ. අවමංගල කතාවේදී ටොමි කියනවා එයා යහපත් විධියට ඉන්නව කියල. හැබැයි යහපත් විධියට ඉන්න ගන්න කලින් යම් දෙයක් කරලා ඉන්නව. ඒත් එක්කම අද ටොමිට අලුත් හතුරෙක් මුණගැහෙනවා. මේ තමයි ටොමිගේ අන්තිම හතුරා…
එහෙමනම් පස්වැනි කතාංගයෙන්, පීකි F*#$ බ්ලයින්ඩ්ර්ස්ලත් එක්ක මුණගැහෙමු. පරක්කු වෙච්ච දවසට බැනල දාල තිබ්බ කමෙන්ට් පනහ හැට දාගෙන ගියානම් එහෙනම් ඔන්න අද.. 🙂
Director: Anthony Byrne
Writers: Steven Knight.
IMDB Ratings : 8.6
Air Date: 20 Mar 2022
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.
31,056 downloadsDownload Peaky.Blinders.S06E04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
76 comments
Supun Kaushalya
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Anonymous
වයිකින් වල්ලේ අන්තිම එපිය නැතෙයි?
DMT SANJEEWA
Thanks vima aiya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Sub ekat thanks
Nilush Angana
Sub ekata thanx
rasor
ela bro
Anuja Lakshitha
thanks ayye sub ekt
spider
vima ayye patta aa
bohoma sthutiyAnonymous
විමා එල කොල්ලෙක්නෙ
අනිත් ටිකත් ඉක්මනින් දෙමුThushara
ආදරෙයි
Anonymous
supiriy vima ayye
Malaka prasad
Thanxx brooo
Anonymous
Baiscopedownloads eke link na neh
Hoda quality copyak danna, me wage supiri ewa low quality copyakin balala wadak naWayne
Thanks bosa
Pavith
thanks bro
රසික
සහෝ ඉංග්‍රිසී සුපිරි ෆිල්ම් ගොඩකට සබ් සයිට් එකෙ නැහැ
Nightmare Alley
Death on nile
Deep water
The cursed etc ...
පුලුවන් විදියට මේ සෙට් එකට සබ් දෙමු බයිස්කෝප් , වෙන සයිට් වලින් සමහර ඒවට සබ් දීල තිබුනත් ඒ සබ්වල කොලිටිය දන්න නිසා බයිස්කෝප් දෙනකන්ම බලන් ඉන්නවාasantha kumara
supiriyak thama.puluwannam strike back tv seires ekath dennako link ekkama
Achi
බොහොම ස්තුතියි සබ් එකට
Anonymous
Ade tkz brooh iye ekath demu a takgala
Rasor
බ්‍රෝ ඊයෙ ආපු එකේ සබ් එකත් දෙමු
විමා
අද රෑ වෙලා දෙන්නම්.
Jack
Aniwa deepan kollo
Sahan
Elm bro.
Pasindu Deshan
ko pgo
Sunna
danna
Yashii
ane thama nahne
Mm
තාම රෑ උනේ නැද්ද මචන්
Jade
තාම රෑ උනේ නැද්ද බං
Rashid
ඒ කෝ බන් සබ් දීලා නැනෙ
Sahan
Ko bn
Induwara
Ado daaapaaaaaan
Pavith
Vima bro adath na wagene
Kyle
Ai bn denne natte sub epawenane
Ayesh
අඩ්වෙ විමා මේ ටිකේ අවුල් තමා පුලුවන්නම් දීපන් ආ
Induwara
Ado why bng
cyril
epawenawa bn
Ururanga
Denne ndda bn
seth
28 wenida episode eka awe bn . ada 1 . ikmanata dapanko
Idusara
Ane bng 5,6 dipanko pissu wage balan iddi
Iron
අනේ බන් මොනාද කරන්නෙ උබ 28 එපිය ආවෙ අද කවද්ද ????
Ryder
ඊලග එකත් ආවට පස්සෙම දෙන්නකො මහත්තයො නෙදකින් එපාවෙනව
Ravi
Ado mokad bn karanne dapnko oka
Tehan
හැම එකක්ම සතියක් ඇද්දනෙ මූ. චාටර් ඈ
Kasun
උබත් ස වගේනෙ බන්. දෙනවා කියලා දෙන්නෑ
anonymous
Thama nane adawth denn sathik balagen hitia sub ek denkn. anthim episode ekth release wenwa
Arther Shelby
ඉක්මනට ඕක දාපන්
-By order of the peaky blinders-Dilshan
E5 denne kwdada mcn
Ryder
උබ පට්ට චාටර්
Samuditha
ඒ බන් අදත් දවසම බලන් හිට්යා දායි කියලා. Disappointed. අඩුම දාන්නෙ කවද්ද කියලවත් කියප්න්කො.
Anonymous
koi bn 5 weni episode eke sub
Anonymous
Set na bn uba
anonymous
mokakd bn ekko wena kenekt dennko oka
Jhye
අනේ ඕක දීපන්කො කරන්න පුලුවන් එකෙකුට
Kandula
ඉංගිරීසි බැරි හන්දනෙ මේ හැම දෙයක්ම
#gohomewima
අද අන්තිම ර්ක එන්වා ඒ උනාට තාම 5 එකවත් දුන්නෙ නෑ ඔයාට බරුව ඇති ඒක සාදාරණයි පුලුවන් අය ඕනෙ තරන් ඉන්නෙ බ්‍රො අනිතෝනෙ එක්කට ආපු ගමන් සබ් දෙන්වනෙ මේකෙ
Choka
gemmac cago, ikmanta anit evat damu, jaya
Snk
Dala thibbata download karanna ba be epi 5 eka
Anonymous
Episode 5 Page not found කියලා එනවනේ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


තෑන්ක්ස් සබ් එකට