කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පුළුවන් තුන්වෙනි කොටස අරගෙන ආව. ඇත්තටම දෙවැනි කොටසේ කමෙන්ට්ස්වත් කියෙව්වේ නැහැ මේක දෙනකම්. බලන තිබ්බොත් කොහොමහරි අමාරුවෙන් හරි මේක දෙන්න ඕන කියල තියෙන සිතිවිල්ල නැතිවෙන ජාතියේ කමෙන්ට්ස් වැටිලා ඇති කියල හිතුන නිසා. අපේ අයියලාගේ කමෙන්ට්ස් ගැන දන්නවනේ ඉතිං 🙂 කතාවේ පසුගිය කොට…

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පුළුවන් තුන්වෙනි කොටස අරගෙන ආව. ඇත්තටම දෙවැනි කොටසේ කමෙන්ට්ස්වත් කියෙව්වේ නැහැ මේක දෙනකම්. බලන තිබ්බොත් කොහොමහරි අමාරුවෙන් හරි මේක දෙන්න ඕන කියල තියෙන සිතිවිල්ල නැතිවෙන ජාතියේ කමෙන්ට්ස් වැටිලා ඇති කියල හිතුන නිසා. අපේ අයියලාගේ කමෙන්ට්ස් ගැන දන්නවනේ ඉතිං 🙂
කතාවේ පසුගිය කොටස් තුලින්,
පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හිතන්නෙ. ඔයාලත් දකින්න ඇතිනේ? මෙදා සැරේ කතාව පටන් ගත්තෙ වැරදුණු ඔස්වල්ඩ් ඝාතණ උත්සාහයෙන් අවුරුදු හතරකට පසුව වෙන සිදුවීම් දාමයක් විධියට. පෝලි නැන්දගේ චිතකය ළඟ මයිකල් දිවුරනවා ටෝමිගෙන් පළිගන්නවා කියල. ඒ වගේම ඔස්වල්ඩ්ගේ ඝාතණය නැවැත්තුවේ IRA එකෙන් කියලත් පහුගිය එපියෙන් අපිට දකින්න ලැබුනා. IRA එකෙන් කියන විදියට ඔස්වල්ඩ්ව එයාලට වටිනවාලු. හැබැයි ඔස්වල්ඩ් කියන්නේ තනිකරම අමු ෆැසිට්ස්වාදියෙක්. ටොමි පෙනී හිටින්නේ සමාජවාදය වෙනුවෙන්. මේ දනන්ගේ ගැලපීමක් නම් නැහැ ඉතිං. ඒ වගේම මේ වෙනකොට අරක්කු කියන එක නිත්‍යානුකුල දෙයක් වෙලා තියෙන්නේ. ටොමි හදන්නේ ජීවිතේ අන්තිම ව්‍යාපාර ගනුදෙනුව කරන්න. ඒකට එයා ප්‍රංශයට යනව. ඒ අතරේ ටොමිගේ දුව රූබිට අසනීප වෙනවා. ඒ අසනීපය ගැන අහපු හැටියේම ටොමි හොඳටම කලබල වෙලා ආපහු එංගලන්තයට එනවා.
ඒ වගේම අපිට හිට්ලර් ගැන අහන්න ලැබුන. හරියටම නමින් නොකිව්වත් වටින් ගොඩින් කියල දැම්මා. ඒ වගේම ටොමීගේ මෙදා සැරේ ගේම් එක ගැන තවමත් කිසිම හෝඩුවාවක් හිතාගන්න බැරුව ඉන්නෙ. කියන්නේ නම් අන්තිම ගනුදෙනුවට ලෑස්ති වෙනවා කියල. ඒ ලැස්තිවීමට ඇල්ෆිවත් සම්බන්ධ කරගත්ත දකින්න ඇතිනේ දෙවැනි කොටසෙන්. ටොමි කියන්නේ නම් eඒ තමයි ඇල්ෆිගේ අවසන් ජවනිකාව කියල. රුබි අසනීප වෙලා හීනෙන් කියවනවා කියල ටොමිට කිව්වම ටොමි එක පාරම කලබල වෙනවා. කර කර හිටිය වැඩේ අතරමග දාල ආපහු එංගලන්තයට එනවා. ඒ ටොමිවත් හන්ට් කරන ග්‍රේ මෑන් නිසා. පළමු ලෝක යුද්ධ කාලේ සිදුවීම් නිසා ඇතිවුන PTSD තත්වයක් වගේ දෙයක් තමයි මේක. කොහොම නමුත් රූබිට තියෙන්නේ වෙනත් අසනීප තත්වයක් කියලයි වෛද්‍යවරයා කියන්නෙ. ඒ වගේම මයිකල්ව හිරේ තියලා ටොමි ගහන ගේම් එක ලස්සනට ප්ලේ වෙනවා කියල හිතෙනවා. මතක ඇතිනේ මයිකල්ව බලන්න හිරේට ආව කෙනා සහ එයාගේ කතා විලාසය. ඒ වගේම මේ වෙනකොට ආතර් ඉන්නෙ හොඳටම මත් කුඩුවලට ඇබ්බැහිවෙලා. ආතර් එහෙම වෙනවා කියන්නේ ඉතිං ටොමි දුර්වල වෙනවා කියන එක තමයි.
මෙවර කතාංගයෙන්,
අද කතාන්ගයෙන් බලාගන්න ලැබෙන දේ නම් හරි අවාසනාවන්ත දෙයක්. මං හිතන්නෙ අද ටොමි දැනගන්නවා තමන්ගේ සීමාව තමයි මේ. මේ කෙනාව තමයි තමන්ට පරාජය කරන්න බැරි කෙනා කියල. මං හිතන්නෙ අපි හැමෝටම එහෙමයි. අද කොටස බලන්න..
සිව්වැනි කතාංගයෙන්, පීකි F*#$ බ්ලයින්ඩ්ර්ස්ලත් එක්ක මුණගැහෙමු. මේ කොටස නම් ඉක්මනට දිගන්න හැකිවේවි මට. 🙂
Gold
Director: Anthony Byrne
Writers: Steven Knight.
IMDB Ratings : 9.5
Air Date: 06 Mar 2022
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.
31,837 downloadsDownload Peaky.Blinders.S06E03.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
22 comments
Sheshan
lakmi
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sachintha
Vikings: Valhalla episode 08 සබ් එක දෙන්න...
විමා
ඒකත් මේ සුමානේ දෙනවා
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
DMT SANJEEWA
thanks vima aiya sub karana kattiya dannawa sub akka karana akka kochchara amaruda kiyala
Anuja Lakshitha
thanks ayye sub ekt
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Rusiru
බොරු කතා ඔනෙ නෑනෙමේකනම් පට්ටම පරක්කුයි.4 ත් ඕනෙ ඉතින් ටග්ගාලා.20වෙනිදද කොහෙද ගියේ
Sasitha
Sub ekta tnc
Achi
බොහොම ස්තුතියි සබ් එකට
Anonymous
Episode 4කෝ අනේ sub, පට්ට පරක්කුයි epi 5ත් ආවා
Dinuka Dilhara
sub dhunata video ek downlod page ek lord wen ne ni... user drive wala. 404 page not found kiyl enw ni
Mohotti
Thanks
Download karagathtaAnonymous
Supiriiiiiiiii
Mano
Godak sthuthi..Jaya wewa!
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Dewadithya
Thanks for Sub!
Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Hamme දාලානේ එලම බ්‍රෝ.තෑන්න්ක්ස් අද එකත් දෙන්න ආ ඉක්ම්නට සතියක්නම් ගන්න එපා ❤