Police Academy 4: Citizens on Patrol (1987) with sinhala subtitles | පොලිස් ඇකඩමි 4, ගමේ ආච්චිලත් පොලිසියට. [සිංහල උපසිරසි සමඟ]
මේ පොලිස් ඇකඩමි චිත්‍රපට මාලාවෙ හතරවෙනි චිත්‍රපටය. සිටිසන් ඉන් පැට්‍රෝල්. මොකද මේ සාමාන්‍ය ජනතාවත් පොලිස් රාජකාරි වලට සම්බන්ධ කරගන්න යන්නෙ? හේතුව තමා ජනතාව අතර පොලිසිය ගැන තියෙන අප්‍රසාදය ඉවත් කිරීම. කොමිශනර් ලසාර්ඩ් අලුත් අදහස තමා මේ. තමන්ගෙ පොලිස් බලය වැඩිකරගන්න අතරම ජනතා ප්‍රසාදය දිනාගන්න එක. මැහෝනිගෙ කණ්ඩායම මේකට එකපයින් කැමතියි. ඒ වගේම හොඳ සහයෝගයකුත් ලබාදෙනව. ඒත්, ඇප්ටන් හැරිස් බලාගෙන ඉන්නෙ මේකටත් බාල්දියක් පෙරලන්න.
මේ වැඩේට එකතුවෙන කට්ටිය අතරෙ උද්යෝගිමත් තරුණ තරුණියන් වගේම හැට පැනපු ආච්චිලත් ඉන්නව. ටැකල්බෙරිටම හරියන ආච්චි.ටවුමෙ රස්තියාදු ගහන කොල්ලො දෙන්නෙකුත් මැහෝනි මේකට ඇදල ගන්නව.
මේ අතරෙ කමිශනර් ලසාර්ඩ් ට නිවාඩු ලැබෙනව. වැඩ බලන්න අනුයුක්ත කරන්නෙ කැප්ටන් හැරිස්ව. ඉබ්බ දියට දනකොට ඇන්නෑවෙ කිව්ව වගේ මේක හැරිස් ට හොඳ අවස්ථාවක් ලසාර්ඩ්ව කපලම දාන්න.ඒත් ලසාර්ඩ්ගෙ ගෝලයො ටික නිසා එක්ක ලේසි වෙන්නෙ නෑ.
ලසාර්ඩ් යන්නෙ පොලිස් ලොක්කන්ගෙ සමුලුවකට. එතනදි නගරාධිපතිතුමාගෙ ආරාධනාවෙන් තවත් පොලිස් ප්‍රධානීන් කට්ටියක් එක්කගෙන එනව තමන්ගෙ අලුත් වැඩසටහනේ සාර්ථකත්වය පෙන්නන්න. තමන්ගෙ ගෝලයො ටික වැඩේ හරියට කරල ඇති කියල හිතුවට එක මොහොතකට හැරිස් වැඩ පෙන්නනව. අවුරුද්දක් තිස්සෙ කරගෙන ආපු පරීක්ෂණයක් සී ඕ පී කට්ටිය හින්ද ගැස්සිලා යනව. ඒක හේතුවකට අරගෙන වැඩසටහන නවත්තනව.
අමුත්තො කට්ටිය ආපුහාම පෙන්නෙන්නෙ එයාගෙ නවීන තාක්ෂණය අනුව හදපු හිර කාමර ටික. ඒවගෙ දැනටමත් අපරාධකරුවන් රඳවල ඉන්නෙ. අමුත්තන්ට ප්‍රොක්ටර්ගෙ ගොන්කම් දකින නිසා මේ හිර කාමර ටික පරීක්ෂා කරන්න මෙතනට එවනව. හිරකාරයො ප්‍රොක්ටර්ව ගොනාට අන්දල පොලිසියෙ ලොක්කොයි ආපු අමුත්තොයි ඔක්කොම ඇතුලට දාල පොලිසියෙන් පනිනව.
හැරිස් පැත්තකට දැම්මත් ආපු මේ අපරාධකරුවන්වත් අල්ලල ඇතිලට දාල ඇතුලෙ හිටපු කට්ටිය එළියට ගන්නෙත් ලසාර්ඩ්ගෙ සී ඕ පී කට්ටියගෙ පිහිටෙන්. හැරිස් බාල්දිය පෙරලන්න හැදුවට බාල්දිය පෙරලෙන්නෙ එයාටමයි. යාලුවන්ගෙ වැඩකිඩ බලාගන්න ඔයාලත් මේක බලන්නම ඕන. චිත්‍රපටය yify torrent වල තියෙනව.
Police Academy 2: Their First Assignment (1985)
Police Academy 3: Back in Training (1986)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි YIFY පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1871 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanQQQQ machooooooo
ela
බුද්ධික නුවන් malli me film set eka supirii, SRT sub1 YIFY web site 1n ma aragena sub karanna, goda denek Police Academy films set eka download karagena thiyenne YIFY site 1n, please! machan. good luck!
man phone number1 dennam, email karahan ishan
innawa innawa machan ishaan. email karahan ishaanaya, [email protected]
ජය වේවා සහෝ!!!
tnx saho
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….
මේ කොටසත් දෙනකම් බලන් හිටියෙ බං.. Thankz.. ඉතිරි ටිකත් දෙන්න…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිලින කොමෙන්ටුවක් දාපන් කොහෙඩ ඉන්නෙ? ෆිල්ම්ස් Exchange කරගන්නෙ කොහොමද කියලා
machan “police academy 1 (1984)” subtitle eka YIFY rip ekata match wennah! poddak balala eka hadala denna! timeline wenas godak! Thank you… 🙂
තිලින කොමෙන්ටුවක් දාපන් කොහෙඩ ඉන්නෙ? ෆිල්ම්ස් එංචන්ගෙ කරගන්නෙ කොහොමද කියලා
පට්ට මචන් පට්ට….. මන් සෑහෙන්න දවසක් බයිස්කෝප් එකට අවිත් බැලුව 4 සුබ් එක එනකන්…. ජයවේව බන්……ඉක්මනට ඉතුරු ටිකත් දියන්