Ponniyin Selvan: Part Two (2023) Sinhala Subtitles | වෛරය, උමතුව, උරුමය. [සිංහල උපසිරසි]
චෝල රාජාවලියේ අදටත් කීර්තිය පතුරුවන, දමිළයෙකුගේ මතකයට පළමුවෙන්ම එන රජු වන්නේ රාජ රාජ චෝලන් රජුයි. කොටස් 5කින් යුත් කල්කිගේ සත්‍යය මුසු ප්‍රබන්ධය පොන්නියින් සෙල්වන් පාදක කරගනිමින් නිර්මාණය වුණ දෙමළ සිනමාවේ සිහින ව්‍යාපෘතියේ දෙවන වගේම අවසන් දිගහැරුමයි මේ. මේ පොන්නියින් සෙල්වන් කතාව සිනමාවට නගන්න MGR, කමල්හසන්, මනිරත්නම් ආදී දෙමළ සිනමවේ දැවැන්තයින් උත්සාහ කළ අකාරයත් මෙහි ඉතිහාසයත් විස්තර කරලා පොන්නියින් සෙල්වන් පාර්ට් 1 ලිපියෙන් දක්වලා තියෙනවා.
නැවත හැරී බැලීමක්…
චෝල ඉතිහාසය චේර, චෝල, පාණ්ඩ්‍ය යන මූවේන්දර් රජවරු තිදෙනාගේ රජ සමයටත් එහා සංගම යුගය දක්වා අතීතය කරා යනවා. මේ මූවේන්දර් නම් ද්‍රවිඩ රජවරුන් තිදෙනා මෞර්යය රාජ්‍යයේ ආක්‍රමණ වලට විරුද්ධව යුද්ධ කර තම ද්‍රවිඩ බල ප්‍රදේශය රැකගත්තා. චේර රාජ්‍යය කේරළයේත්, තමිල්නාඩුවේ මේර්කු ප්‍රදේශයත් පාලනය කලා. චෝල රාජ්‍යය තිරුච්චි, තංජාවූර් ප්‍රදේශයේත් පාණ්ඩ්‍යවරුන් මදුරෛ ප්‍රදේශයේත් පාලනය ගෙන ගියා. පාණ්ඩ්‍යවරුන් මේ මූවේන්දර් වරුන් අතරින් වඩාත් ශක්තියෙන් හෙබි වූවන් වනවා. කොහොම වුණත් පෙරදී චෝලයන් වෙනත් රාජ්‍යයකට යටත්ව තිබූ රාජ්‍යයක් පමණයි. චෝල රාජ්‍යය නමින් රාජ්‍යයක් වෙනම නිර්මාණය කරන්නේ විජයාලය චෝලන් රජුයි.(ක්‍රි.ව. 848 – ක්‍රි.ව. 891) ඔහු උරෛයූර් නුවර සිට චෝල රට පාලනය කරනු ලබනවා. මේ සමයේදී පාණ්ඩ්‍යවරුන් හා පල්ලවයන් අතරේ ගැටුම් ඇතිව තිබුණා. මෙහි වාසියද විජයාලය චෝලන් ප්‍රයෝජනයට ගන්නවා. ඇතුන්, අශ්වයින් හා සේනාවෙන් විශාල ප්‍රමාණයක් ද අහිමිව පරාජයේ කටටම ගොස් තිබූ යුද්ධයේදී විජයාලය චෝලන්ගේ උපායක් මඟින් එම යුද්ධය ජය ගන්නවා. පලුවේට්ටරෛයර්වරුන් දෙදෙනා බැගින් පේළියට සිටින්නට කියා දෙපා වාරු නැති විජයාලය චෝලන් මේ පේළියේ ඉදිරියෙන්ම සිටි පලුවේට්ටරෛයර්වරුන්ගේ කර මත ආධාරයෙන් හිඳ ගන්නවා. ඉදිරිපෙළ සිටි සෙබළෙකු තුවාල වූවොත් පිටුපසින් සිටි අයෙකු ඉදිරියට පැමිණෙන්නට නියෝග කලා. මේ ආකාරයෙන් ඉදිරියටම ගමන් කර විජයාලය චෝලන් සතුරන් කඩු ගාමින් චෝල දේශය ජයග්‍රහණය කලා. මෙයට කෘතගුණ වශයෙන් පලුවේට්ටරෛයර්වරුන්ට ගෞරවය ලබා දුන් ආකාරය පලවෙනි කොටසේ ලිපියේ සඳහන් කලා. ආදිත්‍ය චෝලන් හා විජයාලය චෝලන් රාශ්ට්‍රකූටවරුන් පූනෛ වලටත් එපිටට පන්නා දමනවා. ආදිත්‍ය චෝලන්ගෙන් පසුව ඔහුගේ පුත් පරාන්තක චෝලන් රජකමට පත්වනවා. මේ පළමු පරාන්තක රජුට රාජාධිත්‍ය, ගන්ඩරාදිත්තර්, අරින්ජය චෝල නම් දරුවන් තිදෙනෙක් සිටියා. කලින් ලිපියෙදි කිව්වා වගේ වැඩිමහල් කුමරු රාජාධිත්‍යගේ මරණය නිසා ගන්ඩරාදිත්තර් රජකමට පත් වෙනවා. ශිව බැතිමතෙක් වූ ගන්ඩරාදිත්තර් රාජ්‍ය පාලනයට ආශාවක් නොතිබුණත් ඔහුට කිරුළ පැළඳීමට සිදුවනවා. දැඩි ශිව භක්තිය නිසාවෙන් විවාහයක් කර ගැනීමටද බොහෝ කාලයක් ගත වනවා. ඔහුද වසරක් පමණ කෙටි කාලයක් රාජ්‍ය පාලනය කර මිය යනවා. ඉන් පසු රජකම බාරගැනීමට ගන්ඩරාදිත්තර්ගේ පුතනුවන් ළදරුවෙකු වූ මදුරාන්දගන්ට නොහැකි නිසා අරින්ජය චෝලන් රජ වෙනවා. වසරක් පමණ පාලනය ගෙන යන අරින්ජයද මරණයට පත් වීමෙන් පසු ඔහුගේ පුත් දෙවැනි පරාන්තක රජකමට පත්වනවා. මොකද ඒ වනවිටත් මදුරාන්දගන් කුමරු ළදරුවෙක්. දෙවැනි පරාන්තක හට සුන්දර චෝලන් යන නම පට බැඳෙනවා. මොකද ඔහු රූමත්, සූර්යයාගේ ප්‍රභා කාන්තියක් මෙන් ස්වරූපයක් හිමි කුමරෙක් වුණා. සුන්දර චෝලන්ට ආදිත්‍ය කරිකාලන්, කුන්දවෛ හා අරුන්මොළි වර්මන් නම් දරුවෙන් තිදෙනෙකු සිටියා. සුන්දර චෝලන්ට තමන්ගේ සීයා පළමු පරාන්තක චෝලන්ගේ සමයේ චෝල රාජ්‍යයට යටත්ව තිබූ මදුරෛ නැවත අත්පත් කරගැනීමට අවශ්‍යව තිබුණා. විජයාලය චෝලන් විසින් ජයගත් චෝල රාජ්‍යයට සතුරු රාජ්‍යවලින් තර්ජන, නිරන්තරයෙන් යුධ ගැටුම් ඇති වුණා. සුන්දර චෝලන් සේනාව රැගෙන ගොස් එවකට පාණ්ඩිය රජු වීරපාණ්ඩියන් සමඟින් යුද්ධ කර ජයගන්නවා. යුද්ධයෙන් පැරදී පලා යන වීරපාණ්ඩියන් සැඟවී සිට නැවතත් මදුරෛ වෙත පැමිණ එහි පාලනය ගෙන යනවා. මදුරෛ මුළුමනින්ම යටත් කරගැනීමට සුන්දර චෝලන් තම වැඩිමහල් පුත් කරිකාලන් පාණ්ඩිය රට වෙත පිටත් කර හරිනවා. සතුරන් යෞවන වියේ කරිකාලන් කුමරුව අවතක්සේරු කලත් වැඩිකල් යන්නට මත්තෙන් ඊට පිළිතුරු ලැබුණා. මේ යුද්ධයේදීත් පරාජය වන වීරපාණ්ඩියන් පලා යනවා. පලාගිය වීරපාණ්ඩියන් පසුපස හඹාගිය කරිකාලන් ඔහුගේ හිස ගසා දමනවා. ඒ විතරක් නෙවෙයි, කරිකාලන් වීරපාණ්ඩියන්ගේ හිස අතින් ගෙන පෙරහැරින් ගොස් රජ මාළිගය ඉදිරියේ කණුවක ගසා හිටුවා තබනවා. සුන්දර චෝලන් ඔහුගෙන් පසුව රජ වන්නේ කරිකාලන් බවට නිවේදනය කරමින් යුවරජ ලෙසින් කිරුළු පලන්දනවා. මෙවන් භයානක යුව රජෙකු චෝල රාජ්‍යයේ කුඩා රජවරුන්ට ද තර්ජනයක් වනවා නිසැකයි. ඒ නිසාවෙන් කරිකාලන් රජ වනවා දැකීමට ඔවුන් අකමැති වූවා.
කරිකාලන් කුමරු යෞවන වියේදී නන්දිනී නම් කෝවිලේ පූජකයාගේ දියණියට ප්‍රේම කරනවා. කුන්දවෛ කුමරිය හා නන්දිනී අතරේ කුඩා කල සිටම වෛරයක් දළු දමින් තිබුණා. කරිකාලන් කුමරු නන්දිනීට පෙම් කරන බව දැනගන්නට ලැබීමෙන් පසු නන්දිනීව, කරිකාලන්ගෙන් වෙන් කිරීමට බොහෝ ප්‍රයත්න දැරුවා. එක් අවස්ථාවක රජු විසින්ම නන්දිනීව ඇයව බලාගත් පවුලද සමඟින් රටින් පිටුවහල් කර දමනවා. නන්දිනී නැවතත් චෝල රටට පැමිණෙන්නේ කරිකාලන් යුවරජු ලෙසින් ඔටුණු පළඳන දිනයි. ඒ පෙරිය පලුවේට්ටරෛයර්ගේ බිරිඳ ලෙසින්. මෙයින් ඉමහත් කෝපයටත්, පිළිකුලටත් පත්වන කරිකාලන් කුමරු නැවත නොපැමිණෙන බව කියමින් තංජයි මාළිගයෙන් පිටත් වී කාංජි වෙතට යනවා. එහි සිට තම සීයා මලෛයමාන් සමඟින් එක්ව සතුරන්ට එරෙහිව යුද්ධ කර චෝල රාජ්‍යය පුළුල් කිරීමෙහි නිරත වුණා. මේ යුද්ධ වලදී ඔහුගේ සහයට කරිකාලන්ට වන්දියදේවන් හා පාර්තිබේන්ද්‍රන් නම් යටත් රාජ්‍යවල මිතුරන් දෙදෙනෙකුගේ සහයෝගයත් ලැබුණා. දිනක් කරිකාලන් තම මිතුරා වන්දියදේවන්ට හසුනක් ලබා දී එය තංජයි වෙසෙන තම පිය රජු වෙත රැගෙන යන්නට අණ කරනවා. වන්දියදේවන් කරිකාලන් කුමරු අතහැර යන්නට කැමති වූයේ නැතත් අණට පිටුපෑමට නොහැකි නිසා තංජයි වෙත බලා පිටත්ව යනවා. නිකන්ම නෙවෙයි, තංජයි යන මග දිගටම අවට සිරි නරඹමින් රස විඳිමින් ගමනේ යෙදෙනවා.
Ponniyin Selvan Part 1 චිත්‍රපටයෙන්…
චිත්‍රපටයේදී නම් කරිකාලන්, වන්දියදේවන්ට කඩම්බූර් සම්බුවූරයර්ගේ මාළිගයේ රහස් මණ්ත්‍රණයක් පැවැත්වෙන බවත් එහි විස්තර දැනගෙන තංජයි මාළිගයේ සිටින තම පියරජුටත් පලෛයාර් පැරණි මාළිගයේ සිටින තම නැගෙණියටත් පවසන ලෙසටත් වන්දියදේවන්ට නියෝග කරනවා. කරිකාලන්ට යුවරජු ලෙසින් ඔටුනු පළන්දන්නේ සෙම්බියන් දේවියගේත් කුන්දවෛ කුමරියගේත් කීමටයි. එයට යටත් රාජ්‍යවල රජවරුන් මෙයට උරණ වී සිටියා. මදුරාන්දගන් සිහසුනේ තබා අල්ලේ නැටවීමට යටත් රාජ්‍යවල රජවරුන් උත්සාහ කලා. ඒ වුවත් ඔවුන් සතුරු රාජ්‍ය සමඟින් එක් වූයේ නැහැ. මේ සමයේ චෝල රාජ්‍ය පාලනය තුළට එල්ල වූ තවත් තර්ජනයක් නම් පාණ්ඩිය හදිසි අවස්ථා උදවුකරුවන්ගේ උවදුරයි. ඔවුන් නන්දිනී දේවියගේ සහයෙන් චෝල රාජ්‍යය පුරා රහසේ වෙස්වලාගෙන සැරිසරමින් සිටියා. නන්දිනී මහළු පෙරිය පලුවේට්ටරෛයර්ව වශී කරගෙන ඇයට උවමනා පරිද්දෙන් මේ මහල්ලාව හැසිර වූවා. චෝල රාජ්‍යය තුල ඥාතීන් භේද බින්න කිරීමට කුමණ්ත්‍රණය කලා. පලුවේට්ටරෛයර්ට හොරෙන් හදිසි අවස්ථා උදවුකරුවන් උමං මගකින් චෝල රාජ්‍යය තුලට ගෙන්වා ගත්තා. ඔවුන්ට මුදල් හා වෙනත් ආකාරයෙන් උපකාර කලා. ආදිත්‍ය කරිකාලන් නන්දිනී බැගෑපත්ව ඉල්ලා සිටියදීත් වීරපාණ්ඩියන්ගේ හිස කඳින් වෙන් කර මරා දමනවා. වීරපාණ්ඩියන් ආරක්ෂා කිරීම සඳහාම ‘ආබත්තුඋදවිගල්’ නම්( අනතුරු වලින් ගලවා ගන්නන්) නමින් සියදිවි නසාගැනීමට වුවද සූදානම් කණ්ඩායමක් පත් කර තිබුණත් ඔවුන්ටද වීරපාණ්ඩියන් රැකගැනීමට නොහැකි වනවා. වීරපාණ්ඩියන්ගේ මරණය වෙනුවෙන් පළිගැනීමට දිවුරුම් දුන් පාණ්ඩිය හදිසි අවස්ථා උදවුකරුවන්ගේ සහයද නන්දිනීට හිමි වෙනවා. පසුව වීරපාණ්ඩියන්ගේ ලාබාල පුත්‍රයාව ඔටුනු හිමි කුමරු ලෙසින් අභිෂේක කරවනවා. මේ කුමරාව රැක බලාගැනීමේ වගකීමද නන්දිනීට පැවරී තිබුණා.
Ponniyin Selvan Part 1 චිත්‍රපටයේදී, කරිකාලන්ගේ නියෝගය මත වන්දියදේවන් කඩම්බූර් බලා ගමන් කරනවා. ඒ ගමන අතරතුරේ චෝල දේශයේ සිරි නරඹමින් ගිය හැටි මතක ඇති. ඔය අතරතුරේදි වන්දියදේවන්ට ආල්වාර්කඩියන් නම්බි හමුවනවා. මේ නම්බි වෛෂ්ණවරයෙක් වූවත් මහ ඇමති අනිරුද්දගේ ඔත්තුකරුවෙක්. එදින රෑ කඩම්බූර් මාළිගයේ දේවරලාන් විසින් කුරවෛ කූතු නම් නැටුමක් පවත්වනවා. මේ දේවරලාන් සැඟව සිටින පාණ්ඩිය උදවුකරුවෙක්. බලා සිටි අය දන්නේ නැති වුණත් මෙහිදී දේවරලාන් සහ පිරිස ගායණා කළ ගීතයෙන් කියැවුණේ චෝල රාජ්‍යයේ කොටින් තිදෙනා ලෙස නම් කල සුන්දර චෝලන් හා කරිකාලන්, අරුන්මොළි යන දෙදෙනාව මරා දැමීම ගැනයි. චෝල අහසේ වල්ගා තරුවක් පායා තිබුණා. එය රජ පවුලට අන්‍තරායක් බව අනාවැකි පළ වුණා. ඉතින් පලවෙනි කොටසේ ලිපියෙදී මම ඉඟි කලා වගේම බිලි වෙන්නෙ කවුද කියලා බලාගන්න පුළුවන්.
එදිනම මහ රෑ චෝල රාජධානියේ යටත් රාජ්‍යවල කුඩා රජවරුන් කිහිප දෙනෙකු රහසේම එකතු වී රහස් මණ්ත්‍රණයක් පවත්වනවා. මේ කුටුකුටුව වන්දියදේවන්ට ඇහුණා. රහසේම මාළිගයේ ඉහළට නැග කවුළුවකින් මේ මණ්ත්‍රණය දිහා බලාගෙන, ඇහුම්කන් දීගෙන හිටියා. ඒ වගේම මාලිගයේ වහළයේ තවත් පැත්තකින් ගෝනියක් මෙන් බඩ ගෙඩියක් ඇති නම්බි ඉන්නවා වන්දියදේවන් දකිනවා. ඒත් නම්බි වන්දියදේවන්ව දකින්නේ නැහැ. කඩම්බූර් සම්බුවූරයර්ගේ මාලිගයේ මේ මණ්ත්‍රණය පැවැත්වුණේ පෙරිය පලුවේට්ටරෛයර්ගේ ප්‍රධානත්වයෙන්. පසෙකින් පලුවේට්ටරෛයර්ගේ බිසව නන්දිනීගේ දෝලාවද පෙනෙන්නට තිබුණා. කුඩා රජවරුන්ට නන්දිනී දේවියගේ දෝළාව මණ්ත්‍රණ කුටියට රැගෙන පැමිණීම ගැනත් ගැටලුවක් වී තිබුණා. ඒත් දෝළාවෙන් පිටතට පැමිණියේ නන්දිනී දේවිය නම් නෙවෙයි. ගන්ඩරාදිත්තර්ගේ පුත් මදුරාන්දගන්. උරුමය අනුව රජ වීමට නියමිතව තිබූ මදුරාන්දගන් ගන්ඩරාදිත්තර් රජු මිය යද්දී බාල වියේ(අත දරුවෙක්) පසුවුණා. නිවැරදි ආකරයට නම් මදුරාන්දගන් තරුණ වියට එළඹි පසුව කිරුළ ඔහුට හිමිවිය යුතුයි. ඒත් රාජ්‍යය පාලනය කරන සුන්දර චෝලන් කුඩා රජවරුන්ගේ එකඟතාවයද ලබාගෙන රාජ්‍යය තමන්ගේ වැඩිමහල් පුත් කරිකාලන්ට ලබා දෙන්නට සූදානම් වුණා. මදුරාන්දගන්ගේ මවටද ඔහුව රජෙකු නොකර, ශිව බැතිමතෙක් කිරීමට බොහෝ උවමනාවක් තිබුණා. ඊට ඉතාමත් වැදගත් හේතුවක් තියෙනවා. චිත්‍රපටයේදී මේ කාරණාව දැනගන්න ලැබෙන්නෙ නැහැ. කොහොම වුණත් මේ ස්ථානයට රජවරුන් එක් වූයේ මදුරාන්දගන් රජ කරවීම සඳහා කුමණ්ත්‍රණය කිරීමටයි. නම්බි දිගින් දිගටම වන්දියදේවන් පසුපසින් ලුහුබැඳ ආවා. මේ නිසා සැක හිතුණ වන්දියදේවන් නම්බිගේ බෙල්ලෙන්ම අල්ලාගෙන තමාගේ පස්සෙන් ලුහුබඳින්නේ ඇයිද කියලා අහනවා. තවත් කරුණු කාරණා දැනගන්නවා. නම්බිගෙන් නන්දිනී දේවියගේ බාල කාලය ගැනත් විස්තර ටිකක් දැනගන්නට ලැබෙනවා. ඉන් පසු තංජයි බලා ගමන් ගන්නා වන්දියදේවන් නන්දිනී දේවිය හමුවීමට ක්‍රමයක් සොයාගන්නවා. නන්දිනී දේවියට තමන් ආදිත්‍ය කරිකාලන්ගේ දූතයෙක් බවත් ඔහු දුන් හසුනක් රැගෙන පැමිණි බවත් කියනවා. නන්දිනී හසුන කියවා බලා පිළිතුරු හසුන තමන්ට ගෙනත් පෙන්වන්නට කියා ඉල්ලනවා. ඉන් පසුව තංජයි මාළිගය තුලට හොරෙන්ම ඇතුල්වන වන්දියදේවන් කරිකාලන් ලබාදුන් හසුන ලබා දෙනවා. මොකද පලුවේට්ටරෛයර් සහෝදරවරුන් සුන්දර චෝලන්ව මාළිගය තුළම රූකඩයක් කරගෙන ඔවුන් සිතූසේ පාලනය කරා. වන්දියදේවන් සුන්දර චෝලන්ව බැහැදැක සම්බුවූරයර් මාළිගයේ සිදු වූ මණ්ත්‍රණය ගැන කියනවා. ඉන්පසුව වන්දියදේවන් ගමන වූයේ පලෛයාර් පැරණි මාළිගය වෙතටයි. කුන්දවෛටද කඩම්බූර් මාලිගයේ සිදු වූ රහස් මණ්ත්‍රණය පිළිබඳව විස්තර කියනවා. එහිදී කුන්දවෛ, වන්දියදේවන්ට වහාම ලංකාවට පිටත්ව යන ලෙසට අණ කරනවා. වන්දියදේවන් අතේ අරුන්මොළිට ලබා දීමට හසුනක්ද යවනවා. නන්දිනී දේවී මේ රවිදාසන්, සෝමන්, ඉඩුම්බන්ක්කාරි, දේවරලාන් යන අයව ලංකාවේදීම අරුන්මොළි වර්මන් කුමරු මරා දැමීමට පිටත් කර එවනු ලැබුවා. එක් වරක් අරුන්මොළි, වන්දියදේවන් හා නම්බි හදිසි අවස්ථා උදවුකරුවන්ගෙන් ප්‍රහාරයකට ලක් වෙනවා. සූක්ෂම ලෙස ආක්‍රමණය කළ එම අවස්ථාවේදී ඌමෛ රාණිය එතැනට පැමිණ අරුන්මොළිව බේරාගන්නවා. අරුන්මොළි මේ ඌමෛ රාණිය මීට පෙර දැක ඇති බවත්, ඔහු කාවෙරි ගඟට ඇද වැටුණු විට ඔහුව බේරාගත්තේ මේ ඌමෛ රාණිය බවත් වන්දියදේවන් හා නම්බි සමඟින් කියනවා. ඒ අතරෙදී චෝල රාජ්‍යයේ පලුවේට්ටරෛයර් සහෝදරවරු දෙදෙනා සුන්දර චෝලන්ව රූකඩයක් කරගෙන පාලනය කරා. අරුන්මොළි ලංකාවේ වෛතුල්‍යවාදීන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුව සිරබාරයට ගැනීමට රජුන් ලවාම නියෝගයක් නිකුත් කර හැරියා. මේ වෛතුල්‍යවාදීන් භික්ෂූන් ලෙසින් පෙනී සිටි හින්දු ධර්මය සමඟින් බුද්ධ ධර්මයද මිශ්‍රව ඇදහූ මහණුන් පිරිසක්. ඒ අනුව චෝල බන්ධනාගාර නෞකාවක් අරුන්මොළි සිරභාරයට ගැනීමට ලංකාව බලා පිටත් වූවා. කොහොම වුණත් ලංකාවට පිටත් වූ නෞකාධිපති ඇතුළු පිරිස ලංකාවේ සැඟවී සිටි පාණ්ඩියවරුන් විසින් ඝාතනය කරනවා. පාණ්ඩ්‍යවරු අරුන්මොළිව මරා දැමීමට සිංහල රජු මහින්දගේ උපකාරය ලබාගන්නවා. පියරජු තම මලනුවන් අරුන්මොළිව සිරභාරයට ගැනීමට නියෝගයක් ලබා දුන් බව දැනගන්න කරිකාලන් බොහෝ සෙයින් කෝප වනවා. කුන්දවෛ කුමරිය කරිකාලන් කුමරුට තංජයි වෙතට පැමිණෙන්න කියා ඉල්ලා සිටියත් නන්දිනී සිටින තංජයි පුරයට ඔහු නොඑන බව තරයේම කීවා. ඒ වෙනුවට තම නැගෙණියටත්, පියාටත් කාංජි පුරයට පැමිණෙන්න කියනවා. කරිකාලන් තම පියරජු වෙනුවෙන් රන් මාළිගාවක් තනා තිබුණා. මෙය චිත්‍රපටයේ සඳහන් වෙන්නේ නැහැ. කරිකාලන්, වන්දියදේවන්ව තංජයි වෙත පිටත් කර හරින්නේද පිය රජුට කාංජිපුර මාළිගාවට පැමිණෙන්නට කියා හසුනක් යවමින්. මේ මාළිගය පිළිබඳව චෝල රාජ්‍යය තුළ මතභේදාත්මක ප්‍රකාශ ඇති වුණා. කෙසේ වුවත් කරිකාලන් තම මිතුරා වූ පල්ලව රජු පාර්තිබන්ව, අරුන්මොළි කාංජි වෙත කැඳවාගෙන එන ලෙසට කියා ලංකාව වෙත පිටත්කර හරිනවා.
පිය රජු තමන්ට සිරබාරයට යටත් වන ලෙසට නියෝග කර තිබුණා. තම අයියණ්ඩිය ඔහුව කාංජි වෙත කැඳවාගෙන යාමට පාර්තිබන්ව එවා තිබුණා. ලංකාවේ චෝල සෙන්පති පෙරිය වේලාර් අරුන්මොළිව ලංකාවේම රඳවා ගැනීමට උත්සාහ කලා. අරුන්මොළි කුමරු පිය රජුගේ ආණට කීකරු වී සිරබාරයට යටත් වීමට තීරණය කලා. අරුන්මොළි කුමරු ඔහුගේ ඇඳුම් ආයිත්තම් හා ඔටුන්නද වන්දියදේවන්ට පළඳා සාමාන්‍ය වැසියෙක් ලෙසින් වෙස්වලාගෙන වේලාර්ගේ බලකොටුවෙන් පිටව යනවා. අරුන්මොළි වර්මන් පූංගවල්ලි සමඟින් වෙනත් මගකින් පිටව යද්දී, කුමරුන් මෙන් පැළඳ සිටි වන්දියදේවන් පාණ්ඩියවරුන්ට අසුවනවා. අරුන්මොළිව ගෙන්වා ගැනීම සඳහා වන්දියදේවන්ව පාණ්ඩිය නැවේ ගැට ගසා තබනවා. පාණ්ඩ්‍යන් සිතූ පරිද්දෙන්ම අරුන්මොළි පාණ්ඩිය නැවට පැමිණෙනවා. එහිදී දෙපිරිස අතර දරුණු සටනක් ඇති වෙනවා. ඒ අතරෙදී මුහුදේ කුණාටුවක් ඇතිවෙනවා. අකුණු වැදී නැව ගිනි ගන්නවා. නැව පළුදු වී කැඩී බිඳී අරුන්මොළි, වන්දියදේවන් හා අනෙක් පාණ්ඩියවරුන් සමඟම මුහුදේ ගිලී ගියා. කොහොම වුණත් පලවෙනි කොටසේ අවසානයේදී ඌමෛ රාණි මුහුදේ කිමිදී යනවා දකින්න පුළුවන් වුණා. ඌමෛ රාණි පෙනුමෙන් නන්දිනී හා සමානයි. ඒත් ඇය මුහුණ රැලි වැටී, කෙස් ඉදී ගිය මහළු කතක්. අරුන්මොළි මිය ගිය පුවත සැල වූ කරිකාලන් තම සේනාවද සමඟින් තංජයි පුරය ආක්‍රමණය කිරීමට පැමිණෙනවා. මොකද, අරුන්මොළිගේ මරණයට හේතුව නන්දිනීගේ කුමණ්ත්‍රණයක් බව තදින්ම ඔහු විශ්වාස කලා. අරුන්මොළි මිය ගිය බව පියරජුන් ඇතුළු චෝල රාජ්‍යයම විශ්වාස කලත් පාණ්ඩියවරුන් විශ්වාස කරන්නේ නැහැ. හදිසි අවස්ථා උදවුකරුවන් දිගින් දිගටම අරුන්මොළිව සොයමින් සිටියා. දියේ ගිලී මිය යාමට සිටියදී මන්දාකිනී විසින් දිවි ගලවාගත් අරුන්මොළි කුමරුට දරුණු ලෙස උණ හටගන්නවා. නම්බි හා පූංගවල්ලි දෙදෙනා ඔහුට වෛද්‍ය ප්‍රතිකාර කිරීමට විහාරස්ථානයකට රැගෙන යනවා. පාණ්ඩිය උදවුකරුවන්ගේ අවදානය වෙනත් මගක යොමු කිරීම්ට දැරූ ප්‍රයත්නයේදී වන්දියදේවන්ව අහුවෙනවා. වන්දියදේවන් අල්ලාගෙන ගොස් ගැටගසා කැලයක් තුලට රැගෙන යනවා. කැලය තුලදී පාණ්ඩ්‍යවරුන් කරිකාලන්, සුන්දර චෝලන්, අරුන්මොළි, කුන්දවෛ මරා දැමීමට සැලසුම් කරනවා. අඩ සිහියේ ඉන්න වන්දියදේවන්ට මේ සැලසුම ඇහෙනවා. මේ ස්ථානයට නන්දිනීද පැමිණෙනවා. මේ අතරේ ආදිත්‍ය කරිකාලන් අතින් පරාජයට පත් වූ රාශ්ට්‍රකූට රාජ්‍යයේ රජු ඛෝට්ටිගා, චෝල රාජ්‍යයට විරුද්ධව යුධ වැදීමට සේනාව එක්රැස් කලා.
Spoiler Alert! මේ ලිපිය කියවන PS 2 චිත්‍රපටය තවම නොබලපු අය මෙතනින් නතරවෙන්න!
පහළ කොටසින් දැක්වෙන්නේ පොන්නියින් සෙල්වන් කතාවේ සිදුවන චිත්‍රපටයේ සාරංශ කර පෙන්වන සිද්දීන්ට සම්බන්ධ සිදුවීම්. චිත්‍රපටය නරඹා කුතුහලයක් සහිත තැන් ඇත්නම් එයින් පැහැදිලි කිරීමක් ලබා ගත හැකියි. ඒ ඇරෙන්න මේ පොන්නියින් සෙල්වන් කතාවේ සාරාංශයක් ද නොවේ.
ඌමෛ රාණි නොහොත් මන්දාකිනි
මුහුදේ නැවක ගමන් ගනිමින් ඉන්න සුන්දර චෝලන් කුමරුන්ට පාණ්ඩියවරුන්ගෙන් ප්‍රහාරයක් එල්ල වනවා. එම ප්‍රහාරයෙන් නැවට හානි සිදු වනවා. ගොඩබිමක් සොයා යාත්‍රා කරන පහර කෑ සුන්දර චෝලන්ට උදවු වන්නේ කරෛයර් ස්ත්‍රියක් වූ මන්දාකිනියි. කරෛයර් යනු ලංකාවේ කරාවේ නම් කුලයට නෑකම් කියන කුලයක්. ඒත් ඔවුන් දකුණු ඉන්දීය සම්භවයක් සහිතයි. සුන්දර චෝලන්ගේ දිවි බේරාගත් මන්දාකිනිට ඔහු ප්‍රේම කරන්න ගන්නවා. ඔවුන්ගේ අශ්‍රය පෙමකට මාරු වනවා. ඒත් වැඩි කාලයක් ඔවුන්ට එකට සිටීමට ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ. එක් දිනෙක චෝල කුමරුන් නැවතත් මවුරටට කැඳවාගෙන යාමට චෝල රටේ සිට තවත් නැවක් පැමිණෙනවා. නැවතත් පැමිණ මන්දාකිනිව රැගෙන යන පොරොන්දුව මත ඔහු මවුරට බලා යන්නට නැව් නගිනවා. සුන්දර චෝලන්ට ඇය අමතක වූවා යැයි සිතන මන්දාකිනි ප්‍රදීපාගාරයෙන් පැන සියදිවි නසාගන්න උත්සාහ කරනවා. මෙය දකින කරුතිරුමන් නම් තොටියා ඇයව බේරගන්නවා.(චිත්‍රපටයේ කරුතිරුමන්ගේ චරිතයට මුරුගයියන්ගේ චරිතයට එක් කර තනි චරිතයක් ලෙසින් ඉදිරිපත් කර තිබෙනවා.) කිහිප දිනකට පසු මේ දූපතට පැමිණෙන වීරපාණ්ඩියන් ඇයට ප්‍රේම කරනවා. මෙහෙම දින ගෙවෙද්දී මන්දාකිනි ගර්භනී වනවා. ඒ අතරේදී සුන්දර චෝලන් මන්දාකිනීව චෝල රටට ගෙන එන්නට මහ ඇමති අනිරුද්ද බ්‍රහ්මරායර්ට නියෝග කරනවා. ඒත් මහ ඇමති ආපසු පැමිණියේ අසුබ පුවතක් සමඟයි. ඔහු “කරෛයර් දියණිය මුහුදේ ගිලී ගියා” යනුවෙන් කියනවා.
සේන්දන් අමුදන් හා මදුරාන්දගන්.
ගැබ් ගත් මන්දාකිනි රහසේම චෝල රජ මාළිගාවට පැමිණෙනවා. ඒත් සුන්දර චෝලන්ට මේ බවක් දැනගන්න ලැබෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී සෙම්බියන් මහ දේවියද ගැබ්ගෙන සිටියා. මන්දාකිනි දරුවන් දෙදෙනා බිහිකර එහිම අතහැර මාළිගයින් පිටව යන්නට ගියා. සෙම්බියන් දේවිය ඇයට ඉපදුණු පිරිමි දරුවා මිය ගියා යැයි සිතුවා. ඒ නිසාවෙන් මන්දාකිනිට ලැබුණු පිරිමි දරුවා තමන්ගේ දරුවා සමඟින් මාරු කරගත්තා. ජිවතුන් අතර සිටි ගැහැනු දරුවා නන්දිනීව තිරුමලෛගේ(නම්බිගේ) පවුලට ලබා දෙනවා. මේ සියල්ලක්ම කරන්නේ මන්දාකින්ගේ සහෝදරිය වූ වානි අම්මාල් විසිනි. වානි අම්මාල් ගොළු හා බිහිරියි. වානි අම්මාල්, මහදේවියගේ පුතාව මිය ගියා යැයි සිතා වළ දමන්නට සූදානම් වෙද්දි, එක්වරම මේ දරුවා අඬන්නට ගන්නවා. ඒත් මේ හඬ වානි අම්මාල්ට ඇසෙන්නේ නැහැ. ඒ අසල සිටී කරුතිරුමන්ට දරුවා අඬන ශබ්දය ඇසී ඔහුව බේරාගන්නවා. චෝල සිංහාසනයේ නියම උරුමක්කරු මේ දරුවා සේන්දන් අමුදන්. කතාවේදී මදුරාන්දගන් රජ වූවා නම් සැබෑවටම රජවන්නේ චෝල උරුමක්කාරයෙක් නොව පාණ්ඩිය උරුමක්කාරයෙක්. ඒත් මේ බව වානි අම්මාල් හා කරුතිරුමන් ඇරෙන්නට වෙන කිසිවෙකු දන්නේ නැහැ. සේන්දන් අමුදන් වානි අම්මාල්ගේ පුතා විදියට හැදුණත් සේන්දන් කියන්නේ මහ දේවි සෙම්බියන්ගේ පුතායි. නන්දිනීගේ පුත් මදුරාන්දගන්ට රාජ්‍ය පාලනය ලබා නොදීමට සෙම්බියන් මහදේවි කටයුතු කලා. කුඩා කාලයේ සිටම ශිව ඇදහීම කෙරේ හිත යොමු කෙරෙව්වා. මදුරාන්දගන් වැඩිවියට පත් වුණත් රාජ්‍ය පාලනය පිළිබඳව ආශාවක් ඇති වෙන්නේ නැහැ. චින්න පලුවේට්ටරෛයර් සහ අනෙක් කුඩා රජවරුන් ඔහුගේ සිතේ ඒ පිළිබඳ ආශාවක් ඇති කෙරෙව්වා. ඒ අනුව ඔහුට රාජ්‍ය පාලනයට ආශාවක් ඇතිවෙනවා. ඒත් ගන්ඩරාදිත්තර්ගෙන් පසු රජකමට පැමිණි ඔහුගේ මලනුවන් අරින්ජය, ඔහුගේ පුත් සුන්දර චෝලන්, ඊලඟට ඔහුගේ පුත් කරිකාලන් ද ආදී ලෙසින් නියම චාරිත්‍රයෙන් පිට කිරුළ ඔවුන්ගේ ඉදිරි පරම්පරාවට දායාද වනවා දැක දැක නිකරුණේ බලා ඉන්නට මදුරාන්දගන්ට බැරි වුණා. ඒ අනුව මදුරාන්දගන් පලුවේට්ටරෛයර් සහෝදරවරුන් සහ කුඩා රජවරුන් සමඟ එක් වී චෝල කිරුළ පැහැර ගැනීමට කුමණ්ත්‍රණය කරනවා.
සෙන්දන් අමුදන් බොහෝ යහපත් ගුණ ඇති අහිංසක චරිතයක්. උත්තම චෝලන් ලෙසින් අවසානයේදී රජ වන්නේ මේ මල්කරුයි. එක් අවස්ථාවක වන්දියදේවන්ට උදවු කිරීම නිසාවෙන් සේන්දන්ට සිරගෙයි ලැගුම් ගැනීමටද සිදු වෙනවා. පූංගවල්ලිට ඔහුගේ ආදරය ප්‍රකාෂ කලත් ඇය ඔහුව ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසාවෙන් ඔහු වෛරයක් ඇති කරගත්තේද නැහැ. (පූංගවල්ලි වානි අම්මාල්ගේ සහෝදරයෙකුගේ දුවෙක් වූ ඇය මන්දාකිනි නැන්දනියත් සමඟින් ජීවත් වනවා.) සේන්දන් සරලව, අවංකව, සත්‍යවාදීව ජීවත් වූ චරිතයක්. සේන්දන්ගේ චරිතය චිත්‍රපටයේදී දකින්නට ලැබෙන්නේ කොටස් කිහිපයකදී පමණයි. ඒ නිසාවෙන් ඔහුව රජකමට පත් කල හොත් එය කතාව කියවපු නැති අයට අතාත්ත්වික බවක් ඇති කරනවා.
චිත්‍රපටය හා කතාව අතර වෙනස්කම්.
පොන්නියින් සෙල්වන් පලවෙනි කොටසෙන් මේ දෙවන කොටස පිළිබඳව ලොකූ බලාපොරොත්තුවක් දුන්නා. බොහෝ අය මේ දෙවන කොටස මනි රත්නම් සිනමාවට නගන්නේ කොහොමද කියන එක ගැන කුතුහලයක් තිබුණා. PS – 1 තිරගතවෙලා මාස 6ක් වගේ ඉක්මන් කාලයකින් මේ PS -2 නිකුත් කරනවා. කොටස් පහකින් යුක්ත නවකතාවක් චිත්‍රපට තිරකතා දෙකකට බෙදන එක බොහෝ අසීරු කටයුත්තක් වුවත් දෙවන කතාවේ තිරකතාව බලාපොරොත්තු සුන් කරවනවා. කුන්දවෛ, අනිරුද්ද බ්‍රහ්මරායර් හෝ නන්දිනීගේ තියුණු උපක්‍රම ගැන වැඩි පැහැදිලි කිරීමක් තිබුණේ නැහැ. ඒත් පලවෙනි කොටසින් කුන්දවෛ කුමරිය පලුවේට්ටරෛයර් හා කුඩා රජවරුන් එක්ව කිරීමට සැරසුණු කුමණ්ත්‍රණයක් ව්‍යර්ථ කර හරිනවා. ඌමෛ රාණිගේ චරිතය මුළුමනින්ම අපතේ දැම්මා හා සමානයි. මොකද ඒ වෙද්දිත් ඇයගේ චරිතයට බොහෝ වටිනාකමක් එක් කර තිබුණා. ඒ වගේම සේන්දන් අමුදන් හා පූංගවල්ලිත් කොනකට කර තැබුවා. නවකතාවේදී අරුන්මොළි මුහුදට ඇද වැටුණු අවස්ථාවේ ඔහුව බේරාගන්නේ පූංගවල්ලි යි. ඔහුව පමණක් නොවෙයි වන්දියදේවන්ගේද ජීවිතය බේරාගන්නවා. චිත්‍රපටයේදී මදුරාන්දගන්ව සෙම්බියන් දෙවියගේ පුත්‍රයා ලෙසින් ස්ථාවර කර පෙන්වනවා. වීරපාණ්ඩියන් මන්දාකිනිව කෙලෙසූ බවත් එය කරුතිරුමන් විසින් නන්දිනීට කියා පාන ආකාරයක් දිගහැර පානවා. ඇත්තටම නන්දිනී වීරපාණ්ඩියන් තමන්ගේ පියා බව දන්නවා. වික්ෂිප්ත කරවන කාරණයක් නම් නන්දිනී වීරපාණ්ඩියන්ව විවාහ කරගත් බවට හෝ එලෙසින් පවුල් කෑ බවට කතාවේ ඉඟියක් දෙනවා. එයම චිත්‍රපටයේදීත් ඉඟි කර තිබෙනවා. වීරපාණ්ඩියන් රජුගේ ජීවිතය අතහරින ලෙසට කරිකාලන්ගෙන් අයැද සිටින්නේද ඒ නිසයි. වීරපාණ්ඩියන් නන්දිනීගේ පියා බව කරිකාලන් ඝාතනය වීමට මොහොතකට පෙර ඔහුගේ කනට කර කියනවා. කෲර අනුකම්පා විරහිත කුමරෙකු වූ කරිකාලන් ‘මාව මරන්න! මරන්න!’ කියමින් ස්ත්‍රියක් අතින් මිය යා හැකිද යන්න තර්කයක්. කරුතිරුමන් යනු මුරුගයියන් නමින් කතාවේ සඳහන් වන පූංගවල්ලිගේ සහෝදරයායි. මන්දාකිනි වසර ගණනාවකට පසු දකින ඇඳට වැටී සිටින සුන්දර චෝලන් පා තබා ඇවිදින්නට ගන්නවා.
චෝල කුමරවරුන් හා රජුන් යන තිදෙනාම මරා දැමීමට කුමණ්ත්‍රණය කළා යන්න චිත්‍රපටයේදී නොපැහැදිලි කාරණාවක්. කරිකාලන්ව කඩම්බූර් මාලිගය තුලදී මරා දැමීමටත්, ලංකාවේ සිට පැමිණෙන අරුන්මොළිව එන මගදී මරා දැමීමටත්, සුන්දර චෝලන්ව තංජයි මාලිගය තුලදීම මරා දැමීමටත් නන්දිනී කුමණ්ත්‍රණය කරා. නන්දිනී කන්දමාරන් හට හසුනක් ලබා දී එය කරිකාලන්ට ලබා දෙන්නට කියනවා. එහි තිබුණේ ‘මට ඔබව ඉක්මනින්ම හමුවිය යුතුයි’ වැන්නක්. මේ හසුන කියවූ කරිකාලන් වහා කඩම්බූර් මාළිගාව බලා පැමිණෙනවා. සුන්දර චෝලන් මරා දැමීමට එල්ල කල කඩු පහරට හරස් වී මන්දාකිනී ජීවිතය පරිත්‍යාග කලා. අරුන්මොළි මරා දැමීමට අලින් කුලප්පු කර එවනු ලැබුවත් අරුන්මොළිට අලි ඇතුන් සමඟින් කතා කිරීමට තිබූ හැකියාවෙන් දිවි ගලවා ගන්නවා. ඒත් නන්දිනීගේ ඇරයුමට කරිකාලන් කඩම්බූර් මාලිගයේ නන්දිනී වෙනුවෙන් වූ කාමරය තුලට ඇතුල් වනවා. නන්දිනීගේ කුමණ්ත්‍රණය පිළිබඳ දැනගන්නා පෙරිය පලුවේට්ටරෛයර් කරිකාලන්ව ගලවා ගැනීමට මේ කාමරයට ඇතුළු වනවා. කරිකාලන් බැන වැදී පලවා හැරි වන්දියදේවන්ද, තමන්ට බැන්නත් කමක් නැහැ, ඔහුව ආරක්ෂා කිරීම මගේ යුතුකමක් යැයි සිතා මේ කාමරයට ඇතුල් වෙනවා. එක් වරම එම කාමරයේ ගිනි පන්දම් සියල්ලක්ම නිවී යනවා. නැවතත් ගිනි පන්දම් දල්වද්දී කරිකාලන් හා වන්දියදේවන් බිම වැටී සිටිනු දකින්න ලැබෙනවා. කරිකාලන්ව ඝාතනය කර තිබුණා. වන්දියදේවන් සිහි නැතිව ඇද වැටී තිබුණා.
කරිකාලන්ගේ මරණය අදටත් අභිරහසක්. සෙල්ලිපි ආදී මූලාශ්‍රවල කරිකාලන්ගේ ඝාතකයින්ට දඬුවම් ලබා දුන් බව සඳහන් වෙලා තියෙනවා. කල්කි ද පොන්නියින් සෙල්වන් කතාවේ කරිකාලන්ගේ මරණය අභිරහසක්ම වෙන්නට හැර තිබුණා. ආදිත්‍යා කරිකාලන් වෛරයෙන් පිරුණු කෙනෙක් ලෙසත්, නන්දිනී පිස්සුවෙන් පිරුණු කතක්ලෙසත් වන්දියදේවන් සිතා සිටින ආකාරයෙන් කල්කි කතාව ඉදිරිපත් කර තිබුණා. කතාවේ සඳහන් වන පරිදි කරිකාලන්ගේ මරණය සිදු වන අවස්ථාවේ කරිකාලන් හා නන්දිනී ඇරෙන්නට එම කුටියේ සිටියේ වන්දියදේවන්, රවිදාසන් ඇතුළු හදිසි අවස්ථා උදවුකරුවන් සතර දෙනෙක් හා පෙරිය පලුවේට්ටරෛයර් යන අයයි.
ඝාතනය සිදු වූ කාමරයේ සිට පිටතට පැමිණෙන වන්දියදේවන්ව ඝාතකයා බව කියමින් සියල්ලෝම දොස් කියන්නට වුණා. සම්බුවූරයර්ගේ පුත් කන්දමාරන් මෙම මරණය සිදුකලේ වන්දියදේවන් බව තරයේම පැවසුවා. පෙරදී වන්දියදේවන්ගේ මිතුරෙක් වූ කන්දමාරන් මෙලෙසින් කියන්නේ පෞද්ගලික හේතුවක් වෛරයක් හේතුවෙන්. කන්දමාරන්ට මණිමේකලෛ නම් නැගෙණියක් සිටියා. මණිමේකලෛ වන්දියදේවන් හට ඒකපාර්ශ්විකව පෙම් කරනවා. එම අවස්ථාවේදී සැවොම වන්දියදේවන් අපරාධකාරයා යැයි කියද්දී, වන්දියදේවන් බේරා ගැනීමට මණිමේකලෛ ඇය මත වරද පටවා ගන්නට උත්සාහ කරනවා. කතාවේ මුල් භාගයේදි කන්දමාරන් උමං මාර්ගයේදී පහර කෑමකට ලක්ව සිහිසුන්ව ඇද වැටෙනවා. ඒ දිනත් පහර දුන්නේ වන්දියදේවන් බව කියනවා. ඒ නිසයි ඔහුගේ පියා සම්බුවූරයර් කරිකාලන්ගේ මරණය පිළිබඳ ප්‍රශ්න කිරීමේදී රාජ මාළිගයේදී “මේ මෝඩයා එදා කීවෙත් මෙයමයි, අද කියන්නේත් මෙයමයි.” ලෙසින් කියනවා. කෙසේ වුණත් වන්දියදේවන් එහි වරද බාරගෙන සිර දඬුවම් විඳීනවා. කිහිප දිනකට පසුව සිර දඬුවමින් නිදහස් වනවා. කතාවට අනුව නන්දිනී මිය යන්නෙ නැහැ. එහෙත් කරිකාලන්ගේ මරණයත් සමඟින් පලා යන ඇය අතුරුදන්ව යනවා.
ඒ වගේම කතාවේදී කරිකාලන් හා අරුන්මොළි මුණ ගැසෙන්නේ නැහැ. ඔවුන් දෙදෙනා අතර මැදිහත්කරු ලෙස කටයුතු කලේ වන්දියදේවන් හා කුන්දවෛ කුමරියයි.
ස්වර්ණවාහිනීයේ පුවත් අතරතුර ද පොන්නියින් සෙල්වන් 2 චිත්‍රපටයේ දැන්වීම් පළ වුණා.
මේ නව කතාව කියවා රස වින්ද පරම්පරාවට අනුව කල්කි පුරාවෘත්තාන්තයක්. කල්කි මේ කතාව වසර 3 හමාරක් පමණ පුවත් පතට ලිව්වා. කල්කි වන්දියදේවන් හා කුන්දවෛගේ ප්‍රේමය, පැරණි මදුරාන්දගන්ට සිදු වූයේ කුමක්ද යන්න ආදිය ගැන සඳහන් කරලා තිබුණේ නැහැ. ඒ නිසාවෙන් පාඨකයින් ඔහුට ප්‍රශ්න අසමින් ලියුම් එවා තිබුණා. මුළුමනින්ම ප්‍රබන්ධ කතාවක් ලීවා නම් ඔහුට මේ චරිත වලට සිද්ද වුණ දේ ගැන ගොතා ලියන්නට පුළුවන්. සත්‍ය සිදුවීම් පාදක කරගත් නිසා ඔහුද යම් සීමාවකට හිර වෙනවා. කොහොම වුණත් කල්කි පොන්නියින් සෙල්වන් කතාවෙන් නොනැවතී රාජේන්ද්‍ර චෝලන් රජු ආශ්‍රය කරගත් කතාවක් රචනා කිරීමට අදහසක් තිබී තිබෙනවා. ඒත් මේ කතාව ලියා වසරකට පමණ පසු ඔහු මිය යනවා.
මනිරත්නම් මේ චිත්‍රපට දෙකම මස 5 වගේ ඉතා කෙටි කාලයක් තුල දිගින් දිගටම රූගත කර තිබෙනවා. මනිරත්නම් කරිකාලන්ගේ මරණය සිදුවන ආකාරය වෙනස් කර සිනමාවට නැගීම නිසා කරිකාලන්ගේ මරණය පිළිබඳව නැවතත් කතාබහක් සමාජ මාධ්‍යයේ ඇතිවී තිබෙනවා. ඒත් මනිරත්නම්, බී. ජෙයාමෝහන් හා ඉලංගෝ කුමාරවේල් කතාවේ හරයට හානියක් සිදු නොකරමින් තිර කතාව රචනා කර තිබුණා. ඒ වගේම මෙය IMAX, 4DX හා EPIQ යන ආකෘතියන් වළින්ද නිකුත් කිරීම විශේෂයි. මේ චිත්‍රපටයේ ඩිජිටල් විකාශන හිමිකම ඇමසන් ප්‍රයිම් ඉ.රු. කෝටි 125ක මුදලකට මිළදී ගෙන තිබෙනවා.
සත්‍ය සිදුවීම්.
යුධ පිටියේ පරාජය වූ රජෙකු පසුපස ගොස් හිස් ගසා දැමීම මූවේන්දර් වරුන් ඇති කරගත් එකඟතාවයන්ට පටහැනියි. එය මහත් බරපතළ වරදක්. කොහොම වුණත් කරිකාලන්ට පෙර මේ නීතිය කඩන්නේ වීරපාණ්ඩියන් රජුයි. වීරපාණ්ඩියන් රජු යුධ පිටියේදී පළමු පරාන්තක චෝලන්ගේ පුතෙකු වූ උත්තමසීලන් කුමරුගේ හිස ගසා දමනවා. එය “චෝල හිස ගසා දැමූ පාණ්ඩියන්” ලෙසින් සෙල්ලිපිවල සඳහන් කර තිබෙනවා. ඊට හේතුව වුණේ පළමු පරාන්තක චෝලන්, පාණ්ඩිය රටේ තෙවැනි රාජසිම්මන් සමඟින් යුධ වැදී ඔහුව පරාජය කර මදුරෛ අත්පත් කරගන්නවා. ලංකාවේ කොටස් කිහිපයක්ද ඔහුගේ යටතට ගන්නවා. රාජසිම්මන් රජුව මදුරෛ නගරයෙන්ද පලවා හරිනවා. එය පාණ්ඩ්‍යවරුන්ට මහත් අවමානයක්. රාජසිම්මන් පාණ්ඩියන්ගේ පුත් වීරපාණ්ඩියන්ගේ හිතට මේක ලොකු වේදනාවක් වුණා. චෝලයන් සමඟ ඇති වූ යුද්ධයකදී වීරපාණ්ඩියන් පළමු පරාන්තක චෝලන් රජුගේ බාලම පුත්‍රයා වූ උත්තමසීලන්ගේ හිස ගසා දමා පළිගන්නවා. චෝල රජවරුන්ව එයින් ඉමහත් කෝපයට පත් කලා. එයට පළිගැනීමට සුන්දර චෝලන් රජුගේ බිසව, වානවන් මහ්දේවියගේ පියා මලෛයමාන් මේ උත්තමසීලන් නම් සීයාගේ මරණය ගැන කියනවා. කරිකාලන්ව එයින් පළිගැනීමට පොළඹවනවා. ඒ නිසාම කරිකාලන් කුමරුට කුඩා කාලයේ සිටම වීරපාණ්ඩියන් පිළිබඳ බලවත් වෛරයක් උපදිනවා. කරිකාලන් කුමරුන් වයස අවුරුදු 14 වියේදීම යුද්ධ පිටියට පිවිසීමට සිදුවුණා. සේවූර් යුධ පිටියේදී වීරපාණ්ඩියන් පරාජය කර හිස ගසා දමා, අතින් ගෙන පෙරහැරින් තංජයි මාලිගය වෙත පැමිණ මාලිගාව ඉදිරියේ උස් කණුවක හිස ගසා තබනවා. උකුස්සන් ආදී මාංශ භක්ෂක පක්ෂීන්ට හිසේ කැබලි කඩාගෙන කන්නට හරිනවා. සුන්දර චෝලන්ගෙන් පසු රජකමට පත් වන්නේ කරිකාලන් බව නිවේදනය කරමින් ඔහුට යුවරජ තනතුර ලබා දෙනවා. සුන්දර චෝලන්ගේ මරණයෙන් පසු රජවීමට නියමිතව තිබුණේ කරිකාලන් වුවත් සුන්දර චෝලන් ජීවතුන් අතර සිටිද්දීම ඔහුව ඝාතනය වනවා. යුද්ධ පිටියේදී කඩු, හෙල්ල, ඊතල වගේ ආයුධ වලින් මරා දැමිය නොහැකි අයෙක් ද්‍රෝහිකමකින් මරා දමනවා. කරිකාලන් යුවරජු වුවත් ඔහු කිසිම කෝවිලක් ඉදිකර තිබුණේ නැති බව පැවසෙනවා. ඒ වෙනුවට තම පියා වෙනුවෙන් විශාල රන් මාලිගයක් තනනවා. බදු මුදල් මෙලෙස අවභාවිතා කිරීම පිළිබඳව ජනතාව බොහෝ කෝප වී සිටියා.
ඉතිහාස මූලාශ්‍රවල සඳහන් විදියට කරිකාලන් ඝාතනය වෙද්දී අරුන්මොළි කුඩා අවදියේ සිටියා. එබැවින් කුන්දවෛ අරුන්මොළිව මවගේ ස්ථානයේ හිඳිමින් සතුරන්ගෙන් විය හැකි අනතුරු වලින් ආරක්ෂා කලා. ඒ වෙනුවෙන් කෝවිලක් කෝවිලක් ගානේ ගොස් රැකවරණය පැතූ බවත් සඳහන්. විනාශ වෙමින් පැවති චෝල රාජ්‍යයේ සුන්දර චෝලන්ගෙන් පසු රජකමට පැමිණිය යුත්තේ අරුන්මොළි යනුවෙන් ජනතාව කියන්නට වුණා. ඔහුව ඒ තරම් ප්‍රශංසාවෙන් කතා කල ජනතාවගේද බලාපොරොත්තු වූයේද අරුන්මොළි රජ වනවා දැකීමටයි. එහෙත් අරුන්මොළි වර්මන් තම බාප්පා මදුරාන්දගන්ව උත්තම චෝලන් යන නාමයෙන් චෝල කිරුළ පළඳවනවා. ඒ බව සෙල්ලිපි, තඹ සන්නස් ආදියෙන් තහවුරු වනවා. උත්තම චෝලන් පාලනය ගෙන ගිය වසර 14 කාලය තුල යුද්ධ ඇති වූයේ නැහැ. ඉතාමත් නිස්කලංක ලෙසින් මේ කාලය ගතවුණා. රාජ රාජ චෝලන්ගේ පාලන සමය චෝල රාජ්‍යයේ ස්වර්ණමය යුගයේ පිබිදීම ලෙසින් හඳුන්වනවා. රාජ රාජ චෝලන් නාවුක හමුදා බලඇණියක් පත්කර රටරටවල් බලා යාත්‍රා කර තම බල ප්‍රදේශයට ඈඳා ගන්නවා. එම රටවල සම්පත් ලබා ගන්නවා. ඒ වගේම ශිව ධර්මය පතුරුවා හරිනවා. ඔහුගේ පුත් රාජේන්ද්‍ර චෝලන් රටවල් කිහිපයකම පාලනය ගෙන යනවා. මේ චෝල රජා අත තබපු හැම කටයුත්තක්ම සාර්ථක වුණා කියලයි පැවසෙන්නේ. රාජ රාජ චෝලන් ජීවිතයේ අවසන් සමයේ ශිව බැතිමතෙක් ලෙසින් ගත කර තිබෙනවා.
කල්කි පොන්නියින් සෙල්වන් කතාවට රචනා කල මනඃකල්පිත චරිත අතරින් මන්දාකිනි සැබෑවටම ජීවත් වූ ස්ත්‍රියක් පාදක කරගත් චරිතයක් බව පැවසෙනවා. පොන්නියින් සෙල්වන් යන නම බිහි වන්නට හේතුව වූයේත් මේ මන්දාකිනි නම් ගොළු බිසවයි. මන්දාකිනි යන චරිතය සැබෑවටම ජීවත් වූ “සිංගල නාචියාර්” සම්බන්ධ කර රචනා කරන්නට ඇති. රාජ රාජ චෝලන් සිංගල නාචියාර් නමින් සිංහල ස්ත්‍රියක් නම් කර සිංගල නාචියර් කෝවිල ඉදි කරනවා. තංජාවූර් ප්‍රදේශයේ පිහිටා තිබෙන මේ කෝවිල වර්ථමානයේ සෙන්ගමල නාට්චි අම්මන් කෝවිල නමින් හඳුන්වනවා.
ප්‍රබන්ධයක් වෙනස් කරන්න පුළුවන් ඒත් කාටවත්ම ඉතිහාසය වෙනස් කරන්න බැහැ. එයට අයිතියක් නැහැ. එක් අවස්ථාවකදි විහාරයක බෞද්ධ ධජයක් දකින්න පුළුවන්. ඇත්තටම බෞද්ධ ධජය නිර්මාණය කරලා මුල් වරට ප්‍රදර්ශනය කළේ 1885 වසරේ මැයි 05 වෙසක් පොහොය දිනයි. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි සහ හෙන්රි ස්ටීල් ඔල්කට් තුමා ඇතුළු “බෞද්ධාරක්ෂක සභාව” මීට දායක වුණා. ඉතින් මේ පොන්නියින් සෙල්වන් කතාව සිද්ද වෙන්නේ මීට සියවසකට පමණ කලින්. ඒ කියන්නේ හරියටම ක්‍රි.ව. 968 දි විතර. 1952 වසරේදී ලෝක බෞද්ධ කොංග්‍රසය බෞද්ධ කොඩිය අන්තර්ජාතික වශයෙන් පිළිගන්නවා.
ආදිත්‍ය කරිකාලන්ගේ අභිරහස් මරණය.
වසර 1000ක් පමණ ගෙවී ගියත් අදටත් අභිරහසක් වූ ආදිත්‍ය කරිකාලන්ගේ මරණය ගැන කටකතා කිහිපයක්ම ජනප්‍රවාදයේ පවතිනවා. එකක් නම් රජකම ලබා ගැනීමට අරුන්මොළි විසින්ම තම සහෝදරයා මරා දැමුවා යන්නයි. එයට කුන්දවෛගේ සහය ලැබුණු බවත් පැවසෙනවා. කොහොම වුණත් අරුන්මොළි වර්මන් කරිකාලන් ඒ වහාම රජ වෙන්නෙ නැහැ. රාජ රාජ චෝලන්ව මේ ආකාරයෙන් සැකයට භාජනය වන්නට හේතුව ඔහු විසින් වරදකරුවන්ට කිසිදු දඬුවමක් ලබා නොදී ලබා නොදී පිටුවහල් කිරීමයි. මොකද මොවුන් බ්‍රාහ්මණයන් නිසාවෙන් දඬුවම් නොකල බව පැවසෙනවා. රාජ රාජ චෝලන් රජ වී අවුරුදු ගණනාවක් යනකල්ම තම වැඩිමහල් සහෝදරයාගේ මරණය වෙනුවෙන් පළිගැනීමට කටයුතු නොකිරීම සැක මතුවූ කරුණක්. මදුරාන්දගන්ව උත්තම චෝලන් නමින් රජ කරවනවා. වසරක් දෙකක් නොවෙයි මදුරාන්දගන් අවුරුදු 15කට ආසන්න කාලයක් රාජ්‍ය පාලනය ගෙනයනවා. තවත් කටකතාවක් නම් මදුරාන්දගන් බලය ලබා ගැනීමට කරිකාලන්ව මරා දැමුවා යන්නයි. එයද අසත්‍යක් යැයි කිව හැක්කේ අරුන්මොළිගේ පුතනුවන්ට මදුරාන්දගන් යන නම ලබා දී තිබෙනවා. ඒ වගේම තමන්ගේ පුතනුවන් වුවද වරදක් කලා නම් සෙම්බියන් මහදේවී නිකරුණේ බලා සිටින්නේ නැහැ. ඇයගේ චරිතය ගැන නිදසුන් වන්නේ බාහුබලී චිත්‍රපටවල දකින්නට ලැබෙන ශිවගාමි දේවියයි. පෙරදී කිව්වා වගේම මේ ශිවගාමි දේවියගේ චරිතයට ආභාෂය ගෙන තිබෙන්නේ පොන්නියින් සෙල්වන් කතාවේ සෙම්බියන් දේවියගෙන්. ඊටත් කරිකාලන්ගේ බාප්පා මදුරාන්දගන්ට කරිකාලන් තමන්ගේ දරුවෙකු වැනියි. පිළිගත හැකි කතකතාව නම් පාණ්ඩියවරුන් විසින් කරිකාලන්ව මරා දැමුවා යන්නයි. කඩලූර් දිස්ත්‍රික්කයේ කාට්ටුමන්නර් කෝවිල් ග්‍රාමයේ උඩෛයාර්කුඩි නම් කෝවිලේ සෙල්ලියක ආදිත්‍ය කරිකාලන්ගේ මරණය වෙනුවෙන් දඬුවම් ලබා දුන් අය පිළිබඳව සඳහන්ව තිබෙනවා. එයට අනුව කරිකාලන්ගේ ඝාතකයින් වන්නේ ‘පාංජවන් බ්‍රම්මාධිරාජන්’ රවිදාසන්, සෝමන් සාම්බවන් සහ ‘ඉරුමුඩිචෝලන්’ පරමේශ්වරම් යන තිදෙනායි. මොවුන් තිදෙනා සහෝදරවරුන් බවත් ඔවුන් චෝල රාජ්‍යයේ බ්‍රාහ්මණයන් ලෙසින් සැඟවී ජීවත්ව තිබෙන බවත් උඩෛයාර්කුඩි සෙල්ලිපියෙන් තහවුරු වෙනවා. ඒ අනුව කිව හැක්කේ කරිකාලන්ව ඝාතනය කර ඇත්තේ ද්‍රෝහිකමක් කිරීමෙනි. ඔවුන් ද්‍රෝහීම් යනුවෙන් පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. ඔවුන් චෝල රාජ්‍යයේ රාජ්‍ය නිලධාරීන් ලෙසින් කටයුතු කර තිබෙනවා. පාංජවන් යන්න පාණ්ඩිය රජු විසින් පිරිනමන පදවියක්. ඉරුමුඩිචෝලන් යන්න චෝල රජුන් විසින් ලබා දෙන පදවියක්. සෝමන් හටව යම් පදවියක් තිබෙන්නට ඇති. මොකද සෝමන්ගේ නමට ඉදිරියේ ඇති කොටසක් විනාශ වී ගොස් තිබෙනවා. කරිකාලන් මරා දැමූ පසු ඔවුන් පලා යනවා. ඒ වගේම ඔවුන් බ්‍රාහ්මණයන් වූ බවත් සඳහන්. මේ තිදෙනාට පමණක් නොව ඥාති, සම්බන්ධකම් පැවැත්වූ සියල්ලන්ම දඬුවම් පනාවා තිබෙනවා. ඊට අමතරව රේවදාස ග්‍රාමවිද්දන් නම් සතරවැන්නෙකුගේ නමක්ද කියැවෙනවා. එය කොතරම් දුරට ඇත්තද කියන්න දන්නෙ නැහැ. කරිකාලන්ව නිදාගෙන සිටියදී මරා දැමූ බව තවත් කතාවක්. එයටද විශ්වාස කල හැකි මූලාශ්‍රයක් නැහැ. දුන් දඬුවම් කුමක්ද යන්නත් අපරාධකරුවන්ට දඬුවම් කලේ කාගේ රාජ්‍ය පාලන සමයේදීද යන්න පිළිබඳව උඩෛයාර්කුඩි සෙල්ලිපියේ සඳහන් කර නැහැ. මේ ඝාතකයින් තිදෙනා වූ රවිදාසන්, සෝමන්, පරමේශ්වරම් යන අයගේ දේපළ විකුණා දමන ලෙසට රාජ රාජ චෝලන් නියෝග කරනු ලැබූ බවට රාජ රාජ චෝලන්ගේ ශ්‍රී මුගම්(රාජ නියෝගයක් ඇතුලත් යම් දෙයක්.) ඇතුලත්ව තිබෙනවා. ඇත්තටම මේ උඩෛයාර්කුඩි සෙල්ලිපිය එම ස්ථානයේ කොටා තිබෙන්නේ වෙනම කාරණාවකට. රාජ රාජ චෝලන්, ඝාතකයින්ගේ දේපළ විකිණීමට නියෝග කර තිබෙනවා. එහිදී යම් පුද්ගලයෙක් විකුණූ දේපළ වලින් කොටසක් මිලදී ගන්නවා. එම මිලදී ගත් දේපළ උඩෛයාර්කුඩි කෝවිලට පූජා කර මෙම විස්තරය සෙල්ලිපියේ සටහන් කරනවා. සත්‍ය වශයෙන්ම කරිකාලන් මරා දැමූ ස්ථානය පිළිබඳව කිසිදු සටහනක් නැහැ. එනමුත් ඔහුව කුමණ්ත්‍රණය කර හෝ ද්‍රෝහී වී මරා දමා තිබෙනවා. කරිකාලන්ගේ මරණයේ අපරාධකාරුවන් සොයාගන්නට නොහැකි වන්නට එම අපරාධකරුවන් රාජ්‍ය නිලතල වල සිටීම වෙන්නටත් පුළුවන්. PS 1 හිදී රවිදාසන් මන්ත්‍රකරුවා ලෙසින් හඳුන්වා තිබෙනවා. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට රවිදාසන් සුන්දර චෝලන්ගේ සමයේ මන්ත්‍රීවරයෙක්. “බ්‍රම්මාධිරාජන්” යන තනතුරු නාමය චෝල රාජ්‍යයේ ඉහළ නිළධාරීන්ට පමණක් හිමිවන නමක්. ඔවුන් කරිකාලන්ව මරා දැමීමට හේතුව වීරපාණ්ඩියන් රජුගේ මරණයෙන් පළිගැනීමට වෙන්නත් පුළුවන්, වෙනත් හේතුවක් වෙන්නත් පුළුවන්. සුන්දර චෝලන්ගේ අසනීප තත්වය තවත් උත්සන්න වුණා. ඊට රෝගය හේතුවක් වුවත්, තවත් පසෙකින් කරිකාලන්ගේ මරණය පිළිබඳව විමර්ශනය නිසියාකාරව සිදු නොවීම ගැන වේදනාවෙන් තැවීම නිස අසනීප තත්වය තවත් පිරිහුණා. ඔහු කරිකාලන් තැනූ රන් මාළිගයේ අවසන් හුස්ම හෙලනවා. කරිකාලන් රත්තරන් එකතු කරමින් රන් මාළිගය තැනීම නිසාවෙන් ජනතාව අතරේ අප්‍රසාදයට ලක් වූවා. පෙර කල රජවරු රත්තරන් එකතු කර දේවාලවල අංග කොටස් නිර්මාණයට ගන්නවා. එකදු කෝවිලක් හෝ නිර්මාණය නොකල කරිකාලන්ව ආදර්ශයට ගතහොත් එය අනාගතයේ රජවන රජදරුවන්ට වැරදි ආදර්ශයක් බවට කුඩා රජවරුන් විශ්වාස කලා. උත්තම චෝලන්ගේ වසර 14ක පාලන සමයේත් කරිකාලන්ගේ ඝාතනයේ විමර්ශන කටයුතු සිදුව තිබෙනවා. අවසානයේ එම ඝාතනයේ අපරාධකරුවන්ට දඬුවම් කිරීමට රාජ රාජ චෝලන් රජ වී වසර දෙකක් ගතවී තිබෙනවා. කලින් කිව්වා වගේම ඝාතකයින්ට දුන් දඬුවම් ගැන කිසිදු මූලාශ්‍රයක සඳහනක් නැහැ.
කල්කි රචනා කල ආකාරයට ආදිත්‍ය කරිකාලන් සිතේ බරක් තබාගෙන ජීවත් වූ අයෙක්. ඒ ආදරය. කරිකාලන් නන්දිනීව මුහුණ දීමට නොහැකි නිසාවෙන් හමු නොවන දුරකට වී සිටිනවා. ඒත් එක් අවස්තාවකදී නන්දිනීව හමුවීමට සිදුවනවා. ඒ ඇයව පමණක් නොවෙයි ඔහුගේ මරණයත් මුණගැසීමටයි. කරිකාලන්ට රජ වීමට කැමැත්තක් නොමැති ලෙසින් කතාවේ පෙන්වා තිබුණා. කෙසේ හෝ ඔහුව රජ කලත් මලනුවන්ව සිහසුනේ තබා ඔහු යුධ පිටියට වී සිටිනවා යනුවෙන් කියන ලෙසින් දක්වා තිබුණා. වීරපාණ්ඩියන්ගේ හිස ගසා දැමූ ආදිත්‍ය කරිකාලන් යනුවෙන් ඔහුව ගෞරව නාමයෙන් ඇමතුවා. අවට රාජ්‍යවල රජවරුන් මේ නාමය අසද්දී පවා මහත් බිය වූ බවයි පැවසෙන්නේ. පොන්නියින් සෙල්වන් කතාවේ මෙන් ප්‍රේමයකින් වේදනා විඳින අයෙකු නොවේ ඉතාමත් කෲරත්වයෙන් පිරි අයෙක්.
දකුණු ඉන්දියාවේ කීර්තිය පැතිර වූ සිංහලයෝ.
පරාක්‍රමබාහු රජ සමයේදී මේ රට සමෘද්ධිමත් භාවයේ තිබුණා. රජු විසින් නිකරුණේ සිටිය හමුදාව යුද්ධ සඳහා පිටත්කර හැරියා. මහා පරාක්‍රමබාහු රජුගේ මේ යුධ ප්‍රතිපත්තිය ද පොළොන්නරුව රාජධානිය විනාශයට බලපෑ තවත් හේතුවක්. මේ කාලය වෙද්දී චෝලයන් බොහෝ දුර්වල වී තිබුණා. 1167 – 1183 වර්ෂවල පැවති පාණ්ඩ්‍ය යුද්ධ වලදී පරාක්‍රමබාහු රජුගේ උපකාරය පරාක්‍රම පාණ්ඩියන්ට හිමිවුණා. සතුරු චෝල රාජ්‍ය සමඟින් මෙන්ම පාණ්ඩ්‍ය රාජ්‍ය තුලද සිහසුන වෙනුවෙන් යුද්ධ හටගත්තා. පරාක්‍රම පාණ්ඩියන්ට, සතුරු කුලසේකර පණ්ඩියන් හා චෝලයන්ට විරුද්ධව සටන් කිරීමට ඔහු පරාක්‍රමබාහු රජුගෙන් යුධ ආධාර ඉල්ලා සිටියා. එකල නොවෙයි ඊටත් පෙර කාලයක සිටම පාණ්ඩ්‍යයන් හා සිංහලයන් අතර එකමුතුවක් පැවතුණා. පාණ්ඩ්‍ය රජවරුන් රටින් පලා ගිය අවස්ථා වල මහින්ද රජුගේ මාළිගයේ ලැගුම්ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ මාන්තෛ ප්‍රදේශයේදී සිංහල සෙබළුන් රැස් කරද්දී කුලසේකර විසින් මදුරෙයි අගනගරය අල්ලා ගෙන පරාක්‍රමගේ බිරිඳ සහ දරුවන් මරා තිබෙනවා. කුලසේකර පාණ්ඩියන් මදුරෛ අල්ලාගත් බව සැල වූ පරාක්‍රමබාහු රජුගේ හමුදාපති වූ ලංකාපුර මදුරෙයි බලා නොගොස් රාමේෂ්වරම් අල්ලා ගෙන තිබෙනවා. පරාක්‍රමබාහු රජු විසින් සෙන්පති ලංකාපුරට මදුරෛ පාලනය පරාක්‍රම රජුගේ උරුමක්කරුවෙකුට සිහසුන බාර දෙන ලෙසට නියෝග කර තිබුණා. එම ප්‍රදේශය අවුරුදු 30ක් හෝ ඊටත් වැඩි කාලයක් පුරා සිංහලයන්ගේ පාලනය යටතේ තිබුණා. ඔහු එහි පරාක්‍රම පුරය නමින් බල කොටුවක් තැනුවා. පරාක්‍රම පුර නමින් උදාගමක්ද නිර්මාණය කලා. මේ යුද්ධයේ මුල් අවස්ථාවේ ඔවුන් කුලසේකර සමඟින් කිහිප අවස්ථාවක් සටන් වැදුණා. සෙන්පති ලංකාපුර, කුලසේකරන්ගේ හමුදාව සැතපුම් ගණන් පළවා හැරීමට කටයුතු කලා. රාම්නාත් දිස්ත්‍රික්කයේ විශාල කොටස් කීපයක් අල්ලාගත් පසුව ඔහු මදුරෛ නගරය වටලා නගරය අල්ලා ගත්තා. ලංකාපුර සෙනෙවියා දකුණු ඉන්දියාව පුරා චෝලයන් සමග නිරන්තර සටන් කරමින් මදුරෛ නගරයට වී සිටියා. ලංකාපුරගේ ආක්‍රමණකාරී ක්‍රියාකලාපය නිසා පාණ්ඩ්‍ය රටේ වැසියන් දේවාල වලට ගොස් ඔහු විනාශ වීමට පතා පොල් ගසා තිබෙනවා. ලංකාපුර ඉන් නොනැවතී බොහෝ ප්‍රදේශ ආක්‍රමණය කර අල්ලාගෙන තිබෙනවා. කෙසේ හෝ මදුරෛ බලය නැවතත් පාණ්ඩ්‍යවරුන් විසින්ම අල්ලා ගන්නවා. නමුත් සිංහල ඉතිහාස වංශ කතාවල ලංකාපුර නැවත ලංකාවට පැමිණි බවක් සඳහන් වෙන්නේ නැහැ. දකුණු ඉන්දීය ලේඛන වලට අනුව රාජ රාජ චෝලන් ලංකාපුරගේ හිස මදුරෛ නගරයේ වාහල්කඩ එල්ලා තිබූ බවක් කියැවෙනවා. ඒ වුණත් ශ්‍රී ලංකාවේ හමුදාව දෙවන රාජ රාජ චෝලන් වැනි රජවරුන් සමඟ සටන් කරමින් තවදුරටත් පාණ්ඩ්‍ය රටේම සිටි බව සඳහන්ව තිබෙනවා. පරාක්‍රමබාහු රජුගේ නාමය දකුණු ඉන්දියාව පුරා පැතිරවීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සේනාව 1181 දී පාණ්ඩ්‍යනාඩු වෙතින් නැවත කැඳවාගෙන තිබෙනවා. ඒ වුවත් ඔවුන් තවදුරටත් රාමේෂ්වරම් හි රැඳීසිට තිබෙනවා.
මේ චිත්‍රපටයේ අවසානයේ එන ගීතයක සඳහන් වෙනවා “මේ ලෝකයේ කිසිවෙක් වහල්ලුන් නොවේ යැයි කියා පාන්නට පැමිණෙන්න” ඒ පද පේළිය අපේ රටේ අපට ද ගැලපෙනවා කියලා කියන්න පුළුවන්.
පරාක්‍රමබාහු රජු විසින් එක් සේසත් කර පිහිටුවන පොළොන්නරු රාජධානිය බිඳ වැටෙන්නේ කාලිංග මාඝගේ ආක්‍රමණයෙන්. ඉතිහාසයේ අපේ රටට එල්ල වූ දරුණුම, කෲරතම ආක්‍රමණය වන්නේ මේ කාලිංග මාඝ ආක්‍රමණයයි. පොළොන්නරුව යුගයේදී රාජ්‍ය බලය අල්ලා ගන්නා කාලිංග මාඝ(1215 – 1255) දැවැන්ත ලෙසින් ඔහුගේ මිත්‍යා මත ව්‍යාප්ත කලා, වෙහෙර විහාර, ගෙවල් දොරවල් විනාශ කලා. මාඝ අපේ රටේ ප්‍රභූවරුන්, ස්වාමීන් වහන්සේලා, රජකමට උරුමකම් කියන අය දස වධ දි මරා දැමුවා. පොළොන්නරුව යුගයේදී ගවයා සඳකඩ පහනෙන් ඉවත් වෙන්නේ මේ නිසාවෙන්. අපේ රටේ රජවරුන් සිංහල අවුරුද්ද ලෙසින් සැමරුවේ වෙසක් මංගල්‍යයයි. ඒ වගේම සිංහල ජාතිය අරම්භ වෙන්නේත් වෙසක් පෝය දිනෙක. කාලිංග මාඝ ඔවුන්ගේ අවුරුදු උත්සවය සමරන්නට ජනයාට අණ කලා. ඒත් බෞද්ධයා වෙසක් සමරන්නට අමතක කලේ නැහැ. කොහොම වුණත් මේ සමඟම අප නැකතට වැඩ කිරීමට පුරුදු වුණා. ජනයා ජ්‍යෝතිෂ්‍ය නක්ෂත්‍රය හරහා තමන්ගේ හා දරුවන්ගේ අනාගතය බලා ගැනීමට ආසා කලා. මේවා ඇතැම් භික්ෂූන් වහන්සේලාටද සම්ප්‍රේෂණය වුණා. කාලිංග මාඝ මේ රටින් පිටව ගියත් ඔහුට අවශ්‍ය කල චින්තනය ලබා දී තිබුණා. කාලිංග මාඝ මේ රටට, සංස්කෘතියට, ආර්ථිකයට කළ විනාශය මේ පමණක් කියා නිම කරන්න බැහැ.
පාන්ඩියවරුන්ගේ නැගී සිටීම.
විජයාලය චෝලන්ගේ සිට වසර 300ක පමණ කාලයක් චෝල රාජ්‍යය චෝල රජවරුන් විසින් විශිෂ්ඨ ආකාරයෙන් පාලනය කරගෙන පැමිණියා. මේ වසර 300ක කාලය පුරා පාණ්ඩියවරු චෝලයන්ට කප්පම් ගෙව්වා. අභාවයට යමින් සිටි චෝල රාජ්‍යයේ තුන්වන කුලෝතුංග රජුගේ පාලන සමයේදී පාණ්ඩිය රජු කුලසේකරපාණ්ඩියන් කප්පම් ගෙවීම ප්‍රතික්ෂේප කර ස්වාධීනව රාජ්‍යය කරගෙන යන බව ප්‍රකාශ කරනවා. ඊට කිපුණු කුලෝතුංග චෝලන් කුලසේකරපාණ්ඩියන් යුධ වැදී පරාජය කර ඔහුගේ මව, සහෝදරවරු කැලෑව දෙසට පන්න පන්න පහර දෙනවා. පාණ්ඩියවරුන්ට බොහෝ අවමන් වන ආකාරයෙන් පාණ්ඩිය රාජ්‍යයේ කිරුළු පළඳවන මණ්ඩපය විනාශකර දමා තිබෙනවා. එය කුලයකට සිදුකල බොහෝ දරුණු අවමානයක්. කුලෝතුංගගේ මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාකලාපය පාණ්ඩියවරුන්ගේ හිතේ මහත් වෛරයක් ඇති කලා. මේ අවමානයෙන් ඉමහත් වෛරයක් ඇති වූ කුලසේකරපාණ්ඩියන්ගේ මලනුවන් මාරවර්මන් සුන්දරපාණ්ඩියන් මේ වෙනුවෙන් චෝල රාජ්‍ය වංශයම නසා පළිගැනීමට ඉලක්ක කරගන්නවා. කුලසේකරපාණ්ඩියන්ගෙන් පසු සුන්දරපාණ්ඩියන් රාජ්‍ය පාලනයට පත් වෙනවා. මේ සමය වෙද්දී තුන්වන රාජ රාජ චොලන් රජ කළ චෝල රාජ්‍යයේ බලය හීන වෙමින් පිරිහෙමින් පැවතුණා. මාරවර්මන් සුන්දරපාණ්ඩියන් රජු යුධ වැදී තෙවෙනි රාජ රාජ චෝලන් සමඟ ඔහුගේ පියා කුලෝතුංග චෝලන්වද පරාජය කරනවා. චෝලයන් විසින් ඉදිකරනු ලැබූ ගොඩනැගිලි ආදිය විනාශ කරනවා, අති මහත් විශාල ආකාරයෙන් අලාභ හානි සිදු කරනවා. චෝල රාජ්‍ය වංශයම මුලිනුපුටා දමා චෝලයන්ගේ කිරුළු පැළඳවීමේ මණ්ඩපයේදී ඔටුනු පළඳිනවා. එය චෝලයන්ට මහත් අවමානයක් ලබා දෙන්නක්. මේ නිසාවෙන් සුන්දරපාණ්ඩිය හට “චෝල දේශය ජයගත්” යන නම පටබැඳෙනවා. ක්‍රි.ව. 1280 දී පමණ චෝල රාජ්‍යය නැසී යනවා. ඒත් සමඟින් පාණ්ඩියවරුන්ගේ ස්වර්ණමය යුගය ආරම්භ වනවා. MGR රඟපෑ Madhuraiyai Meetta Sundarapandiyan (1978) චිත්‍රපටයට සුන්දරපාණ්ඩියන්ගේ කතාව ආශ්‍රය කරගෙන තිබෙනවා. මදුරෛ ගලවාගත් සුන්දරපාණ්ඩියන් යන්නද ඔහුට පටබැඳුනු නමක්. Ayirathil Oruvan (2010) චිත්‍රපටයේ මේ තෙවන රාජ රාජ චෝලන්ගේ පරාජයෙන් පසු චෝල රජකමට උරුමකම් කියන කුමරෙකු රැගෙන පලා යන ආකාරය දැක්වෙනවා.
මනිරත්නම්ට පොන්නියින් සෙල්වන් කොටස් දෙකකට බෙදා නිර්මාණය කිරීමට පෙළඹවීමක් ලබා දුන්නේ රාජමෞලි බාහුබලී කොටස් දෙකකින් නිර්මාණය කල නිසා බව කියනවා. පලමු චිත්‍රපටය එක්ක මේ චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු දිහා බලද්දී මේ චිත්‍රපටය ආදායම් වශයෙන් අසාර්ථක චිත්‍රපටයක් වේවිද යන්නත් සිතුණා.
වික්‍රම්ට හා කාර්තිට ලැබුණු විශේෂත්වය ජෙයම් රවීට ලැබුණේ නැහැ. මොකද පොන්නියින් සෙල්වන් කතාව අනුව මේ කතාවේ ප්‍රමුඛත්වය දෙන්නේ රාජ රාජ චෝලන් ලෙසින් විරුදාවලි ලබපු අරුන්මොළි වර්මන් වටායි. ඒ වගේම නවකතාවේදී අරුන්මොළි, කරිකාලන් හා වන්දියදේවන් තිදෙනාම එකට සිටින අවස්ථාවක් දකින්න ලැබෙන්නේ නැහැ.
වික්‍රම්ගේ රංගනය වඩාත් ආකර්ෂණීයයි. කරිකාලන් ලෙසින් රඟපෑමට වික්‍රම් ඇරෙන්න වෙනත් නළුවෙක් ගැලපෙනවද යන්න සැකයක්. මනිරත්නම්ගේ තෝරා ගැනීමේ කිසිම වරදක් කියන්නට කිසිම කෙනෙකුට බැහැ. දෙවන කොටසේ වඩා ඉඩකඩක් හිමිවුණේ නන්දිනීටයි. චිත්‍රපටයේ ආරම්භයේ ඇයගේ බාල කාලයේ සිදුවීම් පෙළක් දැක බලාගත හැකියි.
මේ චිත්‍රපටයේ ඓශ්වර්යා රායි, වික්‍රම්, ජෙයම් රවී, කාර්ති, ජෙයරාම්, ත්‍රිෂා, සෝභිතා දුලුපාලා, ඓශ්වර්යා ලක්ෂ්මි, රහුමාන්, සරත්කුමාර්, ලාල්, ක්‍රිෂෝර්, ආර්. පාර්තිබන්, ජයචිත්‍රා, මරකන්ඩ් දේශ්පාණ්ඩේ, අශ්වින් කකුමනු, රියාස් ඛාන්, බාබු ඇන්ටනි, නසාර්, නිළල්ගල් රවී, සාරා, මෝහන් රාමන්, යෝග් ජැපී යන නළු නිළි රැල මෙහි චරිත මවනවා.
පළමු චිත්‍රපටයට වගේම මේ චිත්‍රපටයටත් සංගීතය ලබා දෙන්නෙ ඒ. ආර්. රහුමාන්. රහුමාන් කොයිතරම් විශිෂ්ඨ සංගීත අධ්‍යක්ෂක වරයෙක්ද කියන්න වැල් වටාරම් අවශ්‍ය නැහැනේ. පලවෙනි කොටසේ චෝලා චෝලා, පොන්නි නදී වගේ ගීත චිත්‍රපටයට බොහෝ රුකුළක් ලබා දුන්නා වගේම ප්‍රවර්ධනය වෙනුවෙන් බොහෝ දායකත්වයක් ලැබුණා. ඒත් මේ චිත්‍රපටයට නිර්මාණය කල ගීතවල ඒ තරම් ආකර්ෂණීය ගතියක් දැනෙන්නට තිබුණේ නැහැ. කොහොම වුණත් රහුමාන්ගේ සංගීතය චිත්‍රපටයට ලබා දෙන්නේ විශාල දායකත්වයක්. මෙහි එන “අග නග” ගීතයෙන් කුන්දවෛ හට පලමුවෙන්ම වැදගත් වන්නේ චෝල රටද, තමන්ගේ පෙම්වතා, සහෝදරයන් හා පවුල ඉන් පසුවද බවට පෙන්නුම් කරනවා. පළමු චිත්‍රපටයේ පසුබිමින් යන කුඩා කොටසක් ලෙස තිබූ කොටස දිගු කර අග නග ගීතය නිර්මාණය කර තිබෙනවා. දේවරාලන් ආට්ටම් ගීතය වෙනස් කර වෙනස්ම මාදිලියකින් තනා එය පසුබිම් වාදනයක් ලෙසින් මෙහි යොදාගෙන තිබුණා. ඉලෛයෝර් සූඩාර් ගීතය ‘පුරනානුරු’ වෙතින් ලබා ගත් ගීතයක්. මේ ගීතය රචනා කලේ කුඩවායිල් කීර්තනාර්. මේ ගීතයෙන් කියැවෙන්නේ ඔල්ලෛයූර් පාලනය කල ‘ඔල්ලෛයූර් කිලාන්’ නම් වීරයාගේ පුත් ‘පෙරුන්චාතන්’ මිය ගිය අවස්ථාවේ ඔල්ලෛයූර් ගම්මුන් ඒ ගමේ ඇති ශෝක ස්වභාවය විදහා පාන ආකාරයට රචනා කර තිබෙනවා. “ආලි මළෛ කණ්ණා” යන පාසුරම් ගීතය තිරුප්පාව නම් ග්‍රන්ථයෙන් උපුටාගෙන තිබෙනවා. මේ ග්‍රන්ථය රචනා කර තිබෙන්නේ විශ්ණු දෙවියන්ගේ ආල්වාර්වරුන් 12 අතරින් එකම කාන්තා අල්වාර් වූ ආන්ඩාල් විසින්. පළමු චිත්‍රපටයේදී නන්දිනී අරන් හදාගත් දෙමව්පියන්ට ඇයව ආන්ඩාල් මෙන් ආල්වාර් කෙනෙක් ලෙස වැඩීමට අවශ්‍ය වූ බව සඳහන්. විශේෂත්වය නම් මේ ගීතයේ ජල චක්‍රයේ අවස්ථා ගැන කියවෙනවා. “ශිවෝහම්” යන සංස්කෘත මන්ත්‍රය වසර දහසකටත් පෙර ආදි ශංකරාචාර්‍යා විසින් රචනා කර තිබෙනවා. එය ඔහු විසින් රචනා කල නිර්වාණ ෂඩගම් නම් මන්ත්‍රයෙන් උපුටාගෙන තිබෙනවා. ඉන් මිනිසෙකුගේ ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳව විස්තර කෙරෙනවා.
මේ 2023 වසරේ අප්‍රේල් මස 28 දින ලොවපුරා සිනමාහල් වෙතට නිකුත් කරනු ලැබූ මේ චිත්‍රපටය, තිරගත වීම අරම්භ කර දින දෙකකින් කෝටි 100 සීමාවද, දින 3 කින් කෝටි 200 සීමාවද, දවස් 10න් කෝටි 300 සීමාවද පසු කරනු ලැබුවා. ඇත්තම කාරණාව පොන්නියින් සෙල්වන් පාර්ට් 1 ජයග්‍රහණයේ ඉහළම දායකත්වය ලැබුණේ දමිළ ප්‍රේක්ෂකයින්ගෙන්. බාහුබලී වැනි චිත්‍රපටවලට මෙන් වෙනත් භාෂාවලින් ද සාර්ථක වීමට නොහැකි වුණා. තෙළිඟු ප්‍රාන්තවල ප්‍රේක්ෂකයින් උවමනාවෙන්ම පොන්නියින් සෙල්වන් මඟහැරියා කියා දෙමළ ප්‍රේක්ෂකයින් සමාජ මාධ්‍යවල කියන්න ගත්තා. ඒ වුණත් මෑතකදී නිකුත් වුණ පිච්චෛකාරන් 2 චිත්‍රපටයේ පළමු දින තෙළිඟු ප්‍රාන්තවල ආදායම ඉ. රු. කෝටි 4 පොන්නියින් සෙල්වන් 2 චිත්‍රපටයේ තෙළිඟු ප්‍රාන්තවල ආදයම වූ ඉ. රු. කෝටි 2.82 අභිබවනවා. තෙළිඟු ප්‍රේක්ෂකයින් බොහෝ වෙලාවට චිත්‍රපටය මොන භාෂාවේද යන්න නොසළකා, හොඳ චිත්‍රපටයක් නම් අනිවාර්යයෙන්ම සාර්ථකත්වයට පත් කරනවා. අනෙත් ප්‍රාන්තවල සාර්ථක නොවූ නිසාම වෙන්නට ඇති, “දමිළයන්ගේ ආඩම්බරණීය ජයග්‍රහණය” ලෙසින් සඳහන් කර ප්‍රචාරණ දැන්වීමක්ද නිකුත් කර තිබුණා. මේ චිත්‍රපටියද නිෂ්පාදනය කරනු ලබන්නේ ලයිකා ප්‍රඩක්ෂන් සහ මනිරත්නම්ගේ මැඩ්‍රාස් ටෝකීස් යන නිෂ්පාදන ආයතනයයි. ප්‍රවර්ධන කටයුතු ගැන බලද්දී පලවෙනි කොටසට තිබූ උනන්දුව පෙනෙන්නට තිබුණේ නැහැ. වාරිසු චිත්‍රපටයේ මුළු දළ ආදායම වූ ඉ.රු. කෝටි 300 ඉක්මවීමට හැකි වනවා. මේ වෙද්දී(2023 මැයි මස) වසරේ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපටද මෙයයි. ඒත් PS 1 චිත්‍රපටයෙන් බිහි කරපු වාර්තා මේ චිත්‍රපටයට බිඳ දමන්න බැරි වෙනවා. තමිල්නාඩුවේ මුළු දළ ආදායම ඉ.රු. කෝටි 110+ක් පමණද, කර්ණාටක – ඉ.රු. කෝටි 20ක්, කේරළා – ඉ.රු. කෝටි 15ක්, ආන්ද්‍රා සහ තෙලංගානා – ඉ. රු. 14 ක් පමණ උපයා ගන්නවා. මීලඟට සූරියා රඟන, සිවා(Siruthai, Vishwasam) අධ්‍යක්ෂණය කරන Kanguva චිත්‍රපටය ලබන වසරේදී පැමිණීමට නියමිතයි. එයින් මේ පොන්නියින් සෙල්වන් වාර්ථා බිඳ දැමීමට සමත් වේවිද කියලා බලමු. PS 1 චිත්‍රපටයට තරමක් ඉහළ ප්‍රතිචාර විචාරකයන්ගෙන් ලැබුණත් බොහෝ දුරට මිශ්‍ර ප්‍රතිචාර ලැබී තිබුණා. PS 1 අවසානයේ මනිරත්නම්ගේ Twist එක නිසා චිත්‍රපටයේ නිමාව ගොඩක් වෙනස් කළා.
මනිරත්නම් දෙමළ සිනමා කර්මාන්තයේ පමණක් නොවෙයි ඉන්දීය සිනමා කර්මාන්තයේ විශිෂ්ඨ නමක් දිනාගත් අධ්‍යක්ෂක වරයෙක්. හොඳම දෙමළ චිත්‍රපටි ලැයිස්තුවේ මනිරත්නම්ගේ Nayagan, Thalapathi කියන චිත්‍රපට දෙකට ඉහළින්ම ස්ථානයක් හිමි වෙනවා. මනිරත්නම් වයසට ගියත් ඔහුගේ සිනමා නිර්මාණශීලීත්වය වයසට යන්නෙ නැහැ. ක්ලාස් මාස් ප්‍රභේද දෙක සමබර කරගත්ත අධ්‍යක්ෂකවරයෙක් කියලා ඔහුව හඳුන්වන්න පුළුවන්. පළමු චිත්‍රපටයේ සංගීතය එළිදැක්ම වෙලාවේදී කමල්, රජිණි දෙදෙනාම සහභාගි වනවා. දෙමළ සිනමාවේ ඉතිහාසයේ එකම වේදිකාවකදී දකින්න ලැබෙන ප්‍රතිවාදී තරඟකරුවන් දෙදෙනෙක් ඉන්නවා නම් ඒ මේ දෙදෙනා විතරයි.
විශ්වාසයෙන් කියන්න පුළුවන් පොන්නියින් සෙල්වන් මේ චිත්‍රපටයෙන් අවසානයි. ඒත් කතාවේ මඟහැරුණු ගොඩක් තැන් තියෙන නිසා තවත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න හැකියාවක් තියෙනවා. ඒක නියම චිත්‍රපට ද්විත්වයට සම්බන්ධ නොවෙන Spin Off චිත්‍රපටයක් වේවි.
ඓශ්වර්යා රායි Iruvar (1997), Jeans (1998), Raavanan (2010), Enthiran (2010) වගේ දෙමළ චිත්‍රපට කිහිපයකම රඟපෑවා ඓශ්වර්යා රායිව සිනමාවට හඳුන්වා දෙන්නේත් මනිරත්නම්. ඇය මුලින්ම රඟපෑ ඉරුවර් චිත්‍රපටයේත් ද්විත්ව චරිත මවනවා. නන්දිනීට ජීවය දුන්නා නම් ඒ ඇය බවට පාඨකයින්ගේ සිතේ ස්ථාවර කරගත්තා. මෙහි ඇයගේ රංගනය වෙනුවෙන් සිනමා විචාරකයන්ගේත් ප්‍රේක්ෂකයින්ගේත් බොහෝ ප්‍රශංසා හිමි වුණා. PS 1 හි නන්දිනීගේ චරිතය වෙනුවෙන් හොඳම කාන්තා දුෂ්ඨ චරිතයට හිමි සම්මානද ලබා ගන්නවා.
වික්‍රම් කඩම්බූර් මාලිගාවට පැමිණ අශ්වයා ද හසුරුවා ගනිමින් දෙබස් කතා කිරීම අනර්ඝ දර්ශනයක්. වික්‍රම් කරිකාලන්ගේ චරිතය වෙනුවෙන්ම ඉපදුණා කිව්වොත් වැරැද්දක් නැහැ. ඒත් වික්‍රම්ගේ ‘කරිකාලන්’ නම් චිත්‍රපටය කරිකාලන්ගේ මරණය මෙන්ම අභිරහසක් වී මැකී ගියා. එම කරිකාලන් චිත්‍රපටයේ ට්‍රේලර් පටයේ මුල් පිටපත නැති වුණත් අදටත් වෙනත් පිටපත් යූටියුබ් එකෙන් බලන්නට හැකියි. වික්‍රම් රඟන ගෞතම් වාසුදේවන් මේනන් අධ්‍යක්ෂණය කළ දෘවා නට්චත්තිරම් චිත්‍රපටයේ රූගත කිරීම් අවසාන කර VFX වැඩ කටයුතු කෙරෙමින් පවතිනවා. මේ චිත්‍රපටියේ ට්‍රේලරය නිකුත් වී වසර 5ක් හෝ ඊට වඩා වැඩි කාලයක්. පා. විජයි [Kabali (2016), Kaala (2018)] අධ්‍යක්ෂණය කරන තංගලාන් රූගත කිරීම් කටයුතු කෝලාර් ගෝල්ඩ් ෆීල්ඩ් හීදී සිදු කෙරෙමින් පවතිනවා. කර්නාටක ප්‍රාන්තයේ කෝලාර් ගෝල්ඩ් ෆීල්ඩ් හි පතල් කම්කරුවන්ගේ ජීවිතය පිළිබඳව සත්‍ය සිදුවීම් පාදක කරගත් මේ චිත්‍රපටයේ වික්‍රම් ගෝත්‍රික නායකයෙක් ලෙසින් රඟනවා. මේ ලඟදි දිනයකදී අසුබ ආරංචියක් අහන්නට ලැබුණා. තංගලාන් රූගත කිරීම් අතරතුරදි වික්‍රම්ගේ ඉළඇටයට හානි වීමක් වෙලා තියෙනවා. ඒත් වික්‍රම් තුවාල, කැඩීම්, බිඳීම් වුණ මේ මුල්ම අවස්ථාව නෙවෙයි කියලා දන්නවා ඇතිනේ. සිනමාව වෙනුවෙන් කැපකිරීම් කිරීම වික්‍රම්ට පුරුදු දෙයක්. ඔහුගේ දකුණු කකුලට වූ හානිය නිසා ඇලයට තබනවා පැහැදිලිවම දකින්න පුළුවන්. මහාන් (2022) චිත්‍රපටයේ උපසිරැසි ලිපියේ මම ඒ ගැන කරුණු දක්වලා තියෙනවා. කෙටි කලකට තංගලාන් රූගත කිරීම් නතර කල බවයි කියන්නේ. මේ වෙද්දි දින 105ක් රූගත කිරීම් කර අවසන්. තවත් දින 20ක් ඉතිරිව තිබෙනවා. තංගලාන් චිත්‍රපටයට මාලවිකා මෝනහන්, පසුපති, මලයාලම් නිළි පාර්වතී, ඩැනියල් කොල්ටාජිරෝනි යන අය ද චරිත නිරූපණය කරනවා. ඒ වගේම ටී. ඥානවේල් අධ්‍යක්ෂණය කරන Thalaivar 170 චිත්‍රපටයේ ප්‍රතිමල්ලවයාගේ චරිතයට වික්‍රම්ව තෝරාගත් බව සමාජ මාධ්‍යයේ සඳහන්ව තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන ලයිකා ආයතනය ඒ සඳහා වික්‍රම්‍ට ලොකූ මුදලක් ගෙවන බවටත් සඳහන්. මේවායේ ඇත්ත නැත්ත ඉස්සරහට දැනගන්න පුළුවන් වේවි.
අරුන්මොළිගේ චරිතයට පණ පෙවීමේදී ජෙයම් රවීගේ රංගනය හා චරිතය ලෙසින් පෙනීසිටීම ගැන ප්‍රේක්ෂකයින්ගෙන් විවිධ අදහස් පළ වෙනවා. මගේ අදහස හොඳ නරක මධ්‍යස්ථව තියෙනවා. පොන්නියින් පොන්නියින් සෙල්වන් චිත්‍රපටවල රංගනයෙන් රවීට වෙළඳපලේ ඇති ඉල්ලුමේ ඉහල යාමක් නම් සිදු වෙන්නෙ නැහැ. ජෙයම් රවීගේ සයිරන් නමින් චිත්‍රපටියක රූගත කිරීම් මේ වෙද්දී අවසන් වෙලා තියෙනවා. අධ්‍යක්ෂක ඇන්තෝනි බාග්‍යරාජ්. රවී සමඟින් කීර්ති සුරේෂ්, අනූපමා පරමේස්වරන්, සමුත්‍රකනී යන අය ද රඟනවා. මේ මෑතක තිරගත වුණ අගිලන් ආදායම් වශයෙන් වගේම ප්‍රතිචාර අතින්ද බොහෝ අසාර්ථක වුණා. ඒ වගේම ඉරෛවන් නම් චිත්‍රපටයක් හා නම් නොකළ JR 30 චිත්‍රපටයද පැමිණීමට නියමිතයි. ඉරෛවන් චිත්‍රපටයේ ඔහුත් සමඟින් නයන්තාර ද රඟපානවා. ඒ වගේම කල්‍යාණි ප්‍රියදර්ශන්, ක්‍රිති ශෙට්ටි රඟන ජිනී(භූතයා විය හැකියි) නම් ජෙයම් රවීගේ තවත් චිත්‍රපටයක් හා රෙඩ් ජයන්ට් නිෂ්පාදනය කරන කිරුතිගා උදයනිදි අධ්‍යක්ෂණය කරන ජෙයම් රවී සමඟින් නිත්‍යා මේනන් රඟන චිත්‍රපටයක් ද මේ ලැයිස්තුවේ තිබෙනවා.
ඉතින් කලින් කිව්වා වගේම කාර්තිව යොදාගෙන එක් චිත්‍රපටයකට වඩා චිත්‍රපට කරපු එකම අධ්‍යක්ෂකවරයා මනිරත්නම්. කාර්ති මුල් කාලයේ මනිරත්නම්ගේ සහය අධ්‍යක්ෂක වරයෙක් ලෙසින් වැඩ කලා. ලෝකේෂ් කනගරාජ්ගේ කෛදි 2 චිත්‍රපටයද ලබන වසරේදී හෝ රූගත කිරීම් ඇරඹීමට නියමිතයි. කාර්තිගේ 25 වන චිත්‍රපටය ජපාන් යන නමින් නම් කරලා තියෙනවා. එහි අධ්‍යක්ෂණය රාජු මුරුගන්, සංගීතය සපයන්නේ ජී.වී. ප්‍රකාෂ් කුමාර්. ගිය වසරේ පැමිණි කාර්තිගේ චිත්‍රපට තුනම අති සාර්ථකයි. එය පිට පිටම ජයග්‍රහණයක්. ඒ වගේම පසුගිය වසරේ නිකුත් වූ සර්දාර් චිත්‍රපටයේ දෙවන කොටසක්ද, නම් නොකළ නාලන් කුමාරස්වාමි අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක්ද පැමිණීමට නියමිතයි. ක්‍රිති ශෙට්ටි ඊට රංගනයෙන් සම්බන්ධ වෙද්දී ඒ. ආර්. රහුමාන් සංගීතය සපයනවා. ඒ අමතරව රවිතේජාගේ ටයිගර් නාගේෂ්වර් රාඕ චිත්‍රපටයට හඬින් දායකත්වය ලබා දෙනවා. කාර්ති PS 1, Sardar, PS2 විදියට පිට පිට ආදායම ඉ.රු. කෝටි 100 ඉක්මවූ චිත්‍රපටි තුනකින් Hat-trick ජයග්‍රහණයක් අත්කර ගන්නවා.
PS 1 නිකුත් වෙන්න කලින් ත්‍රිෂාගේ නම කිව්වොත් මතක් වෙන්නේ ජෙසී හා ජානූ යන චරිත දෙක. දැන් ඒ අතරට කුන්දවෛ කියන නමත් එකතු වෙනවා. ඇය PS 1 චිත්‍රපටයෙන්ම කුන්දවෛ ලෙසින් ප්‍රේක්ෂකයින්ගේ හදවතේ රැඳිලා ඉවරයි. අජිත්ගේ මීලඟට චිත්‍රපටය Vidaa Muyarchi චිත්‍රපටයේ අජිත් සමඟින් යුගළය ලෙසින් ත්‍රිෂා රඟපානවා. එය මගිල් තිරුමේනි[Meaghamann (2014)] අධ්‍යක්ෂණය කරන අතර, අනිරුද් රවිචන්ද්‍රන් සංගීතය අධ්‍යක්ෂණය කරනු ලබනවා. ත්‍රිෂාගේ ‘ද රෝඩ්’ නම් චිත්‍රපටයක්ද ඉදිරියේදි පැමිණීමට නියමිතයි. ලෝකේෂ් කනගරාජ්ගේ ලියෝ චිත්‍රපටයේද ඇය චරිතයක් ඉදිරිපත් කරනවා. ලෝකේෂ් ඇයගේ චරිතය නිශ්චිතවම මරලා දාන්නේ නැති බව කීවා. මොකද Vikram (2022) චිත්‍රපටයෙදි ගයාත්‍රීව හිත් පිත් නැතිව මරලා දැම්මා මතක ඇති. ඊට අමතරව ත්‍රිෂා, ජීතු ජෝසෆ් අධ්‍යක්ෂණය කරන ‘RAAM’ මලයාලම් චිත්‍රපටයටත්, අනිල් රවිපුඩි අධ්‍යක්ෂණය කරන නන්දමූරි බාලක්‍රිෂ්ණාගේ NBK 108ටත් සහභාගි වනවා. අනුදීප්[Jaathi Rathnalu (2021), ප්‍රින්ස් (2022)] අධ්‍යක්ෂණය කරන රවිතේජාගේ RT74 මීලඟ චිත්‍රපටයටද ඇයව සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ එක්කම ගෞරව් නාරයනන්[Thoonganagaram (2011), Ippadai Vellum (2017)] අධ්‍යක්ෂණය කරන, වේල්ස් ඉන්ටර්නැෂනල් නිෂ්පාදනය කරන චිත්‍රපටයක්ද පැමිණීමට නියමිතයි. තව Bhogi, Garjanai, Kutrappuyirchi යන චිත්‍රපට කිහිපයද නිෂ්පාදන වැඩකටයුතු සිදුවෙමින් පවතිනවා. PS 1,2 සාර්ථකත්වයෙන් පස්සෙ ත්‍රිෂා චිත්‍රපට කිහිපයක්ම අතහැර දැම්මා කියලත් කියනවා. සදුරංග වේට්ටෛ 2 චිත්‍රපටයේ වැඩකටයුතු අතරමග නතරවෙලා තියෙනවා.
පොන්නියින් සෙල්වන් 1 චිත්‍රපටයට මම බයිස්කෝප් අඩවියට ලබාදුන් උපසිරැසිය වෙනත් අඩවියක් සමඟින් පවුල් කන ෆේස්බුක් පේජ් එකක් එම උපසිරැසිය අදාල අඩවියේ කියමින් එම අඩවියේ නම ප්‍රවර්ධනය කරනවා දකින්න ලැබුණා. එම පෝස්ට් එකට මගේ නම සඳහන් කරන්න කියා ඉල්ලුවත්, මට තිත්ත කුණුහරුපෙන් ආමන්ත්‍රණය කරන්නත් වුණා. ඒ පුද්ගලයාගෙන් ඊට වඩා දෙයක් නම් බලාපොරොත්තු වෙන්න බැහැ.
ඉතින් ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන. බයිස්කෝප් ඩොට් එල් කේ. Asia Pacific Institute Of Digital Marketing 2023 වාර්ථාවට අනුව ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවි අතර 5 ස්ථානය බවටත් Baiscopelk.com වෙබ් අඩවිය පත්වනවා. බය නැතුව කියනවා අපේ ලඟ ගූගල් ට්‍රාන්ස්ලේට් නැහැ. ගුණත්වයෙන් ඉහළ උපසිරැසි ලබා දෙන්න නිරතුරුවම උත්සාහ කරනවා. විශ්වාසයෙන් රැදෙන්න අපත් සමඟම.
පලවෙනි ලිපියෙන් පොන්නියින් සෙල්වන් කතාවේ ඉතිහාසය සහ මෙය සිනමාගත කිරීමට දැරූ උත්සාහයන් ගැන තොරතුරු සාරාංශගත කරලා දක්වලා තියෙනවා. අන්තර්ජාලයෙන් දැනගත්ත තොරතුරු ඒකරාශී කරලා තමයි මේ විදිහට සාරංශ කරලා තියෙන්නෙ. අත්‍යාවශ්‍යම කාරණා විතරක් ඔයාලගෙ පහසුවට ලිපියේ ඇතුලත් කරලා තියෙනවා. කොහොම හරි මේ ලිපියේ අවසානය වෙනකල් කියවගෙන ආවා නම් ඒ ඔයා මට දෙන අගය කිරීමක්. කලින් කිව්වා වගේම PS – 1 චිත්‍රපටයට උපසිරැසිය කරන්න බාරගෙන තිබුණේ අපේ සිසිල අයියා. එයාගෙන් මේ චිත්‍රපට දෙකටම උපසිරැසි නිර්මාණය කරන්න මේ අවස්ථාව මම ලබා ගන්නවා. සිසිල අයියාට මගේ ස්තූතිය පුද කරනවා. පොන්නියින් සෙල්වන් පලමු චිත්‍රපටයේ නාමයෙන් අපේ ඇඩ්මින් අශාන් අයියට පුදුමාකාර විදියට වද දුන්නා. දැන් නම් පොන්නියින් සෙල්වන් නම ඇහුණ අහලක වත් ඉන්නේ නැහැ. එයාටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. නන් ආකාරයෙන් උපසිරැසිකරුන්ට ධෛර්යමත් කිරීමක් ලබා දෙන අපේ රවිඳු හෙෂාන් අයියවත් මතක් කරනවා. මේ පෝස්ට් එකත් පැය ගණන් හැදුවේත් එයා. ඒ වගේම මාත් එක්ක සමගියෙන් කටයුතු කරන බයිස්කෝප් ඉන්දියන් කණ්ඩායමත් මතක් කරනවා. ආයෙමත් තවත් උපසිරැසියකින් හමුවෙමු. වෙනදා වගේ ඉක්මනින්ම උපසිරැසියකින් හමුවෙන්න නම් ලැබෙන්නේ නැහැ. අදහස් දක්වමින් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 16160 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මෙම ලිපිය බොහොම වටිනවා ඔබට ජයම වේවා උපසිරැසියටත් බොහොම ස්තුතියි
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
elama
තැන්ක්ස් මා පුතී
jaya wewa bro
sub eka supiri bokka ….hdrip/webdl apu gaman dipan harida❤
පිං කියන්නේ ආයි ඉතින් අම්මෝහ්හ්හ්හ් පිං
සිංහල උපසිරැසියට වගේම මේ වටිනා ලිපියටත් බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
ස්තූතියි සහෝ!
තැන්ක්ස් සහෝ
Thanks buddy
Part 2 එකනම් අනාගෙන මනිරත්නම්
පට්ට බලාපොරොත්තුවෙන් හිටියේ part 1 බලලා ඉවරවෙලා…අපරාදේ
වෙලාවට හෝල් එකෙන් නොබැලුවේ
සිංහල උපසිරැසියට ස්තූතියි
Thnkz bro
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ …!!
ඒ ලිපියෙ දිග……සබට වඩා ඒකට මහන්සි වෙලා❤️❤️❤️❤️❤️Thanks bro
Thanks
Thanks brother
Part 2 hitapu taram gathyak na bn
anyway subata thanks
අම්මෝ බන් ඒ ලිපිය…… බයිස්කෝප්ලගෙ ලෙවල් එක වෙනම එකක් කියන්නේ ඒකනේ….
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
ස්තුතියි !
මෙව්වනේ බන් ලිපි කියන්නේ
තද කොර ඇහ්හ්
Thanks machan sub ekta wgema me thorathuru walata
Subtitle link eka support kranne nane
උපසිරැසි link එක open වෙන්නේ නෑ.
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
රොම්බ නන්‍රි
Patta
Thanks brother
මේ මහන්සියටම පට්ට තෑන්ක්ස් බොසා
later ake diga dakalama film eka epa wuna
අඩේහ් සුසුපිරියියියියියියියියියියියියියි
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
අම්මෝ බන් ලියුමේ දිග
පලවෙනි කොටසෙ ලිපිය වගේ දිග වෙන්නත් ඕනනේ. ස්තූතියි සහෝ!
පලවෙනි එකේ වගේම මේකෙත් ලිපිය සුපිරි.
ලිපියටත් උපසිරසියටත් බොහෝම ස්තූතියි සහෝ.
ජය වේවා !
බොහොම ස්තූතියි සහෝදරයා!
Thank u subtitles akata ❤❤