MENU

18+AllBimsara Yashan (ඔලිව)Box-office HitsComicsFeatured ArticlesMarvel ComicsMaxxASinhala Subtitleඅමුතුයිඇනිමේෂන්ඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නබියජනකයුද්ධවික්‍රමාන්විතසිංහල උපසිරැසිෆැන්ටසි

Predator: Killer of Killers (2025) Sinhala Subtitles | මාරයන්ගෙත් මාරයා! [සිංහල උපසිරසි] (18+)

Rating: 8.6/10. From 13 votes.
Please wait...

Predator: Killer of Killers (2025) Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ඊයේ දින නිකුත් වුණ අළුත්ම ප්‍රෙඩටර් චිත්‍රපටයේ උපසිරැසයි. දැන් ඔයාලගෙන් කොමෙන්ට් එකක්වත් වැටෙන්නැති නිසා උපසිරැසි කරන එකට තිත තියනවයි කියලා හිතුවත් මේ වගේ සුපිරි චිත්‍රපට එද්දි ඒ වැඩේ කරන්න හිතෙන්නෙම නෑ. කොහොම හරි චිත්‍රපටය නිකම් බලලා හිත හදන් ඉන්න පුළුවන් වුණ දවසට මෙහෙම හරි ඉදල හිටලා එකක් දෙකක් උපසිරැසි ගේන එක හරි නවතීවි ඔයාලගෙන් සහයෝගයක් නොතිබුණොත්. හරි එහෙනම් ඒවගෙන් වැඩක් නෑ, අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු.

ඒත් ෆිල්ම් එක පැත්තට එන්න කලින් ගොඩක් දෙනෙක්ට මේක ගැන තියෙන පටලවීම් ටිකක් අපි ලෙහන් ඉමු. මුලින්ම කියන්න ඕනේ මේක ඇනිමේටඩ් ෆිල්ම් එකක්, ඒක නම් කට්ටිය දන්නවා ඇතිනේ. අනිත් එක තමයි ගොඩක් අය හිතන් ඇත්තේ මේක ඇන්තොලොජියක් කියලා, ඒ කියන්නේ වෙනස්ම කතා ටිකක්(මේකෙ නම් තුනයි) ඇතුලත් එක කතාවක්. ඒ කතා ටික එකට සම්බන්ධ වෙන්නෑ, වෙනස්ව යන්නේ. අන්න එහෙම ඇන්තොලොජි ෆිල්ම් එකක් කියලනේ ඔයාල මේක හිතන් ඉන්නේ? ඔව්, ඉතින් මේක ඔෆීශියලිම ඇන්තලොජියක් කියලනේ නිකුත් වුණේ. ඇත්තටම මේක එහෙම එකක්ද? ඔව්, ඇත්තටම ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔව්… සහ නෑ. මොකක්?! මොනාද කියවන්නේ මනුස්සයෝ කියලා හිතනවද දැන් ඔයාලා?.. හරි හරී මෙහෙමයි, ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න අමාරුයි මේකෙදි, ඒ ඇයි කියලා මං කියන්නෑ. මොකද ඒකයි නියම ප්‍රශ්නේ ඔයාලා කුතුහලයෙන් ඉදලා හොයාගන්න ඕන කරන!

හරි එහෙනම් මං මේකෙ කතා තුනේ ස්වභාවෙ ගැන ටිකක් කියන්නම්කෝ තව ටිකක් පැහැදිලි වෙන්න. මේකේ මුල්ම කතාව දිව යන්නේ වයිකිංවරු වටායි, පළිගැනීමක් පිළිබඳ සිද්ධියක්. දෙවෙනි කතාව යන්නේ ජපානයේ සමුරායි නිවුන් සහෝදරවරු දෙන්නෙක් වටායි, රන්ඩු ආරවුලක් පිළිබඳ සිද්ධියක්. තුන් වෙනි කතාව යන්නේ දෙවන ලෝක යුද්ධය වටායි, පියාඹන්න හීන දකින ධෛර්යමත් ගුවන් නියමුවෙක් පිළිබඳ සිද්ධියක්. එකිනෙකට හාත්පසින් වෙනස්, වෙනස්ම කාල රාමු තුනක්නේ? එහෙනම් ලොවෙත් ඇන්තොලොජියක් තමා. ඔව්, එහෙම තමයි හැබැයි එහෙමත්ම නෙමේ.. ඔන්න ඔන්න ආයෙත් විකාර කරනවානේ. හරි හරි, ඒක ඔයාලට භාරයි, මේක හරියටම ඇන්තොලොජියක් නොවෙන්නේ කොහොමද කියනේක හොයාගන්න.

මේක අධ්‍යක්ෂණය කරන්නේ අපි කවුරුත් හොඳින් දන්නා මීට කලින් ආපු ප්‍රෙඩටර් Prey (2022) චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරූ Dan Trachtenberg මහතා විසින්. මේ වර්ශයේ ඉදිරියේදී නිකුත් වීමට නියමිත ප්‍රෙඩටර් ලයිව් ඇක්ශන් චිත්‍රපටය, Predator: Badlands චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙත් මෙතුමාම තමයි. ආයෙ කියන්න ඕනේ නෑ මෙතුමා නම් ප්‍රෙඩටර් චිත්‍රපටම හදන්න ඉපදුන කෙනෙක්. මොකද මේ ඇනිමේටඩ් චිත්‍රපටයත් ප්‍රේ එක වගේම සුපිරියට හදලා තියෙනවා. ඉතින් ඉදිරියේදී නිකුත් වීමට නියමිත බෑඩ්ලන්ඩ්ස් චිත්‍රපටය ගැනත් බයක් නෑ. ඒ වගේම මේකට මේ වෙද්දි IMDb දර්ශකේ 7.9 ඉතාමත් ඉහල අගයකුත් කුණු තක්කාලි 97% ඉතාමත් නැවුම් ප්‍රතිශතයකුත් ගන්න හැකිවෙලා තියෙනවා.

කොහොම හරි මේක නිකුත් වුණේ නම් ජූනි හය වෙනිදා HULU සහ ඩිස්නි ප්ලස් ස්ට්‍රීමින් සර්විස්වලට, කෙලින්ම ප්‍රේ චිත්‍රපටයට සම්බන්දයි කියලා කියවෙන චිත්‍රපටයක් විදිහටයි. මේකට හඩ දායකත්වෙන් සම්බන්ධ වෙනවා Lindsay LaVanchy / Louis Ozawa Changchien / Rick Gonzalez / Michael Biehn වැනි අය.

එහෙනම් ඔච්චරයි ප්‍රධාන වශයෙන් චිත්‍රපටය ගැන කියන්න තියෙන්නේ ස්පොයිල් නොවෙන විදිහට. හැබැයි අන්තිමේදි ඔයාලා පුදුම වෙයි දකින දේට. ඒවටත් ලෑස්ති වෙලාම බලන්න එහෙනම්.

අපි ගියා, ජයවේවා!

Predator: Killer of Killers (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 973 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Predator: Killer of Killers (2025) Sinhala Subtitles

Thisara Neo - Admin

Hail Hydra

17 thoughts on “Predator: Killer of Killers (2025) Sinhala Subtitles | මාරයන්ගෙත් මාරයා! [සිංහල උපසිරසි] (18+)

  • යුරාන් ධනුක

    නියමයි සහෝ… ඔයා දෙයි කියලා හිතුවා
    ගින්දර වගේ ඉක්මනටම දීලානේ
    ජයවේවා!!!

    Reply
  • Nalaka Pushpakumara

    Thank you….

    Reply
  • Thanks for sub bro please keep it

    Reply
  • Janitha Madhushan

    Thankz ma bokka

    Reply
  • යෂ් ක

    සබට තුති ඉක්මනට දෙනවට උපහාර

    Reply
  • Sulochavidumina

    Gmmc thma saho

    Reply
  • kavinda gamage

    බොහොම ස්තුතියි මේ උතුම් සේවය වෙනුවෙන්

    Reply
  • thank you broo supiri aaa

    Reply
  • Thanks Guys for quick upload , patta

    Reply
  • Film ekak apu gamanma sub Dena ekata ekenma

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *