Premium Rush (2012) Sinhala Subtitles | වේගය තමයි වැදගත්ම…[සිංහල උපසිරැසි සමඟ]
ඔයාලට මතක ඇතිනෙ මම මීට කලින් අරන් ආපු Looper 2012 ෆිල්ම් එක. මතකනෙ ඒකෙ ‘ජෝ’ගේ චරිතය(ප්‍රධාන චරිතය) රඟපෑ Joseph Gordon-Levittව. මෙදා සැරේ එයා වැඩකිඩ දාන්නෙ බයික් එකකින්, නැත්තම් පා පැදියකින්. ඒ ගැන තමයි අද මම ඔයාලට මේ අරගෙන ආපු ෆිල්ම් එකේ තියෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ David Koepp විසින්. IMDb ලකුණු 6.8ක් අරන් තියනව. ඒත් ඊට වඩා ලකුණු ප්‍රමාණයක් දෙන්න වටින ෆිල්ම් එකක්. Action සහ Thriller යන වර්ගීකරණයන්ට අයත් වන සුපිරි ෆිල්ම් එකක් මේක.
මේකෙ කතාව ගෙතිල තියෙන්නෙ නිව්යෝක් නගරයේ තියන කූරියර් සර්විස් එකක වැඩකරන පිරිසක් වටා. මෙයාල නගරෙ වටේ පාර්සල් බෙදන්නෙ බයිසිකල් වලින්. මේ කට්ටිය අතරෙ ඉන්නව ‘වයිලි’ කියල කෙනෙක්. මිනිහ තමයි ඒ හැමෝම අතරින් වැඩ්ඩ. යකාගෙ සයිකල් පැදිල්ලක් පදින්නෙ. වැඩේ කියන්නෙ මෙයාගෙ බයික් එකේ ඕනම කරන දේ නෑ. මොකද්ද දන්නවනෙ? බ්‍රේක් නෑ. ඒ මදිවට මගදි කන්දක් එහෙම සෙට් වුනොත් මාරු කරන්න ගියර් එහෙමත් නෑ. එයා කියන්නෙ බ්‍රේක් තමයි මැරෙන්න හේතුව කියල.. ඒකෙ ඇත්ත නැත්ත ඔයාලම බලන්නකො. නගරයට ඉන්නව වෙනම පොලිස් සයිකල් බලකායකුත්. එයාලත් බයික් තියන් ඕන වෙලාවක රෙඩි පිට තමයි ඉන්නෙ. හැබැයි පොලිස්කාරයන්ට වයිලිව නම් මට්ටු කරන්න හම්බ වෙන්නෙ නෑ. කොහොම හරි දවසක් මෙයාට හම්බවෙනව ලියුමක් ගිහින් දෙන්න.
මේ ලියුම ගෙනියන අතරෙ පොලිස් කාරයෙක් එයාගෙන් ඒ ලියුම ආපහු ඉල්ලනව, ඒ ලියුම දීපු කෙනාට ඒකට අයිතියක් නැති බව පවසමින්. ඉතින් තමන් බාර ගත්ත ලියුමක් ආපහු කාටවත් දෙන්න කැමති නැති මෙයා පොලිස් කාරයගෙන් බේරිලා පැනල යනව. එතැන් පටන් ඒ මිනිහ දිගටම මෙයාගෙ පස්සෙන් පන්නනව. නිව්යෝක් නගරෙ අධික වාහන තද බදය නිසා මෙයාලගෙ ගමන බයික් එකේම තමයි. ඉතින් දන්න වැඩකිඩ ඔක්කොම දාල සයිකලේ පදිනව. එතැන් පටන් මෙයා පැටලෙන්නෙ මාර අවුලක තමයි. ඉතින් තමන් විහින් ලෙඩ දා ගන්න ඕනෙ නෑ කියල හිතල මෙයා ඒ ලියුම ආපහු ගත්ත තැනටම ගිහින් දෙනව… ෆිල්ම් එක බලාගෙන යද්දි ඔයාලට තේරෙයි මොකද්ද මේ ලියුමෙ ඔච්චරටම තියන වැදගත්කම කියල. කොහොම හරි අර පොලිස් කාරය පොඩි ගේමක් දීල අර ලියුම යවන්න ඕන ලිපිනය වෙනස් කරල එයාට ඕන තැනට ගෙන්න ගන්න හදනව. වැඩේ කියන්නෙ මේ ලියුම දෙවනි වතාවට අරන් යන්න බාර දෙන්නෙ වයිලිගෙ කූරියර් සර්විස් එකේම ඉන්න වෙන කෙනෙක්ට. මිනිහත් හොඳ වැඩ කාරයෙක්. කොහොමහරි වයිලි දැනගන්නව මේ ලියුමෙ ඇත්ත විස්තරේ. ඔන්න ඔතන ඉඳන් තමයි ගේම පටන් ගන්නෙ. ‘වයිලි’ මහ පාරෙ වාහන මැද්දෙ, මිනිස්සු අස්සෙ රේස් එකක් යනව අරයගෙන් ලියුම ගන්න. මේ ඔක්කොම සිද්ද වෙන්නෙ ප.ව 5.57 ඉඳන් ප.ව 7.00 දක්වා කාලය ඇතුලත. ඔයාලම බලන්නකො අන්තිමේදි වයිලිට මේ ලියුම ගන්න ලැබෙයිද? අර පොලිස් කාරයගෙන් එයාට බේරෙන්න ලැබෙයිද? මොකද්ද මේ ලියුම? කියල.
මේ ෆිල්ම් එක යන අතරතුරේ සමහර කලින් ගියපු කොටස් නැවත නැවත පෙන්නනව. ඒකෙන් අපිට යම් යම් සිද්දීන් වල පසු තලය ගැන වැටහීමක් ලබා ගන්න පුලුවන්. මම හිතන්නෙ චිත්‍රපටයේ මනා රසවින්දනයටත් චිත්‍රපටය හොඳින් තේරුම් ගැනීමටත් ඒක ලොකු උදව්වක් වෙලා තියනව.. පට්ට ෆිල්ම් එකක්. වෙනස් ආකාරයේ චිත්‍රපටයක්. වේගවත් ක්‍රියාදාම චිත්‍රපටයක් කිව්වොත් වඩාත් නිවැරදියි. ඔයාලත් හැමෝම රසවිඳින්න.. එහෙනම් ආයෙමත් දවසක හමුවෙමු. හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
6105 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
Thanx bro
tnx
Godak sthuthi.. jaya wewa!
thank you very much
balanna patan gaththata passe balala iwara wena thuru noiwasillen hitiye. ee tharamatama kuthuhalaya! wenasma araka film ekak. wenasma themawak. thanks me wage film ekak thorala aran subs dunnata. Didula didulana wedak, honde!
thanks
thank u thanku
very interesting
pattai hodeeeeeeeeeee
බලනවා නම් මෙන්න ෆිල්ම්…. 🙂 ලොවෙත් නෑ…. 😀
elaaz!!!!
මම මේකෙන් බාගෙන බැලුව සුපිරිම සුපිරි film එක කියල වැඩක් නැ ස්තුතියි උපසිරස වලට
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
ඔන්න මමත් ගත්තා. බොහොමත්ම ස්තුතියි මේ කරන සේවයට.
පට්ට මචන්. බැලුවා කතාව නියමම කතාවක් සැහෙන කාලෙකින් ආව. ගොඩක් ස්තුතියි
අපිත් ගත්තො… Thanx සහො..ජය වේවා!
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
patta machan film ekanam …..balan inna puluvan kammeli nethuva….thankx…..
Thankz macho ubata jaya wewa!!!!!
අහ්! සමාවෙන්න ඕනි.. බොහොම ස්තූතියි කිව්ව එකට..අපි කම්පිටුටර් වලින් බලද්දි අවුලක් නැහැ කියල හිතපු නිසයි දැම්මෙ. රසවින්දනයට බාධාවක් නම් අනිත් දවසෙ සබ් එක හදද්දි ඒක අයින් කරල හදන්නම්.. ජය෴
machan pinsiddawei umbe facebook link eka ain karala sub dapan..rasawindanayata haniyak eken..
if you can consider this big thanks…
nice film broooooooooo,, thank you,,, tawe film sub dala denda ona,,,,,
niyama film eka machan ..maru…
නියම ෆිල්ම් එකක් . තෑන්ක්ස් .
ගොඩක් හොඳයි ස්තූතියි.
thanks
thanks Didula yalu
machan didula meka super film 1k…ela..thanks machooo
පට්ට ෆිල්ම් එකක්නෙ දිදුලය මේ පාර දීල තියෙන්නෙ.ලිපියත් මරු.අනිව බානව.ජයවේවා.බොහෝ……………….ම ස්තූතියි…!
film eka nam maxxa vage…banna demma.tha machan…
උපසිරැසියට බොහොම ස්තූතියි …
දිදුලගෙන් තවත් සුපිරිම උපසිරෑසියක්
ස්තුතියි උපසිරෑසියට
pattane dan ithin mekath banna wenawa 🙂
elaz saho
මම මේක ගැන අහලා තිබුනා.සබ් වලට ස්තූතියි.අනිවා බානවා.
ela macho
ela ela….saho
bohoma stuti.ela wedak.
Meke anith films tikath danna barida….??
ෆිල්ම් එක බලන්න හිතෙන ගානට ලියල තියෙද්දි නොබල කොහොමද……..
විස්තරේට වගේ ම සිංහල සබටත් බොහොම ස්තූතියි දිදුල.
Thanks saho…..
පිස්සු කොර ෆිල්ම් එකක් වගේ….. 🙂 ස්තූති … ස්තූති….. 😀
thanx broooooo.digata sub danna shakthiya lebeewa!!!!!!!!!
නියම ෆිල්ම් එකක් වගේ දිදුල සහෝ මේ පාරත් අරන් ඇවිත් තියෙන්නේ. ස්තුතියි සහෝ උපසිරැසියට.
නියමයි
ජය වේවා බයිස්කෝප්
පට්ටම ෆිල්ම් එකක් මේක…..ජයම වේවා
good
thanx…
maxxa maxxxa machan
එල තෑන්ක්ස් අයියේ
ජය වේවා සහෝ
ptta Patta , niyamai saho..!! bohoma sthuthi jayawewa..!! me wage unu unwe film denna shakthiya lebewa…!!!
මේක නියමම නිර්මාණයක්…හැමෝම බලන්න
ජය
Thanks so much didula
හරියටම හරි සහෝ. ලිපිය ලියල තියෙනවා හරියටම: තිතටම!
මේක ගැන දැනගත්තු දා හිටං මම කවදද බලන්නේ කියල උන්නු ෆිල්ම් එකක් මේ…
අනිවා මෙහෙම කතා තේමාවක් ගත්තහම මේ කෙටි කාලය සිනමාවට නගන එක හරි අඹියෝගයක්. ඒ නිසාම චිත්‍රපටය වෙනස් මුහුණුවරක් ගන්නවා නිසැකයෙන්ම. එකත් මේ වගේ ආසන්න තේමාවක් ඇති එකක් නිසා ඒක බලපු අය දන්නවා සිනමාවේ විශ්මය කොයි තරම් ද කියලා.
එහෙමනම් මේකට ස්තුතියි. හැකි ඉක්මනින් බලනවා. වෙනස්ම අත්දැකීමක් වෙන බවට සැකයක් නෑ. 😉 ජය!
නියමයි හොදේ…මේකේ ට්‍රේලර් එක බලලා පිස්සු වැටිලා තිබුනේ..දිදුල සහෝ ඔයා නම් පට්ට
ලොවෙත් නෑ මචං ජය~
සුපිරි දිදුල ඔය දීලා තියෙන්නේ
ela machan.. onna mamath gaththa.. patta film ekak wage.. ikmanatama balanna one..
ස්තුති වේවා දිදුල අයියා… ඔයා නම් එළමකිරි ආහ්…!!
ඔඃ මමත් බා ගන්නවෝ…
ජය වේවා..
මම ආසාවෙන්ම බලන උන්නු එක දිදුල සහෝට බොහොමයක් පින්
එල එල එලම කිරි ෆිල්ම් එකක්..තුති
සබ් දෙනකම් උන්නේ සහෝ 🙂
thxz
එලස්…මචං මේක නම් ඉස්තරම්
නියමයි මචං මේක සුපිරිම ඇක්ෂන් තියෙන එකක්…සබ් දුන්න එකට බොහොම තැන්ක්ස්
ලොවෙත් නෑ මචං 🙂 උබ නම් පට්ට 🙂
Thanksss loweth na
Thank u.
ela ela machan
මේකත් එනකම් බලන ඉදපු ෆිල්ම් එකක් ජය වේවා දිදුල
Thanks !! jaya !!
එල එල මචං වැඩේ නම් පට්ට
ela patta macho
Thanks macho thawath sub denna
සුපිරි වැඩක් අනිවා මේවා බලනව 🙂
ශා එල එල මේකත් දීලා නියමයි දිදුල
Thanks u
ජය වේවා…!
Thanks DIDULA
මමත් ගන්නවා මේක.ඉක්මනින් සබ් දාලා දුන්න එකට පින්
ජය වේවා තවත් සුපිරි ෆිල්ම් එකක්… 🙂
එල මචං මේක පට්ට
Thanks