[box] මම හිතනවා අපේ බයිස්කෝප් සිංහලෙන් හා එකතු පහදු වෙලා ඉන්න හැමෝටම මතක ඇති; අපේ ධනුෂ්ක ලක්මාල් ධනා සොහොයුරා වරක් භාරදූර උපසි‍රැසි වැඩකට අත ගැහුවා. Prison Break. ඔහු විතරක් නෙමෙයි අන්තිමේ ඔහුගෙ සහෝදරයා වන ලක්මාල් සොහොයුරාත් එහි උපසි‍රැසි නොකඩවා ඔබ වෙනුවෙන් ලබා දෙන්න දරපු උත්සාහයත් අමතක නැතුව ඇති.…

මම හිතනවා අපේ බයිස්කෝප් සිංහලෙන් හා එකතු පහදු වෙලා ඉන්න හැමෝටම මතක ඇති; අපේ ධනුෂ්ක ලක්මාල් ධනා සොහොයුරා වරක් භාරදූර උපසි‍රැසි වැඩකට අත ගැහුවා. Prison Break. ඔහු විතරක් නෙමෙයි අන්තිමේ ඔහුගෙ සහෝදරයා වන ලක්මාල් සොහොයුරාත් එහි උපසි‍රැසි නොකඩවා ඔබ වෙනුවෙන් ලබා දෙන්න දරපු උත්සාහයත් අමතක නැතුව ඇති. කොහොම වුණත් අන්තිමේ මෙහෙව් පතරංගයකට උපසි‍රැසි දෙන්ඩ කරගැහුවට අන්තිමේ ඒ වැඩේ දිගට ගෙනියන්ඩ බැරුව ගියා. එහෙම වෙලා තියෙද්දී මේ කතා මාලාවට උපසි‍රැසි ලබා දීම සම්පූර්ණ කරන එක කරගන්ඩ බැරුව අපි හිර වුණා. ඒ කියන්නෙ අපට මේක Prison එකක් බවට පත් වුණා. ඒත් මේ වෙනුවෙන් ඔබ කළ ඉල්ලීම් නම් නැවතුණේ නෑ. ඔබ දිගින් දිගටම කරපු ඒ ඉල්ලීම් වෙනුවෙන් හිත උණු වුණ; හිත හොඳ කට්ටියක් ආපහු මේ ගැන හිත යොදවල මෙදා පාර මේ සූදානම ඒ හිර ගේ බිඳින්ඩයි. ඒ කියන්නෙ නියම Prison Break එක සිද්ධ වෙන දවස අදයි! :ඪ් එහෙමනම් මිතුරනේ, මෙන්න පිළිගන්න Prison Break!

ගියපාර අපේ සහෝලා දෙන්න එක්කම අමාරුවෙන් ඇදගෙන ඇවිදිල්ලත් දෙන්ඩ හැකිවුණේ කොටස් 10ක උපසි‍රැසි විතරනේ! මේ පාර එතන සිට ඉදිරියට තිබෙන කොටස් 12ත් සමගම පළමු කතා සමයෙහි අඩංගු කොටස් 22ටම උපසි‍රැසි එකවර නිකුත් කරන්නයි අපි මේ සැරසෙන්නේ. ධනා සහෝ මේක සිංහල කරන වැඩේට අත තිබ්බෙත් ඔබගේ විවිධ ඉල්ලීම් සලකා බලලම තමයි. ඒ වුණත් මේ සිංහල උපසි‍රැසි ගන්වන උදවිය හැමකෙනෙක්ම මේවා කරන්නේ ස්වේච්ඡාවෙන්! ඒ අය ඒ වෙනුවෙන් කැප කරන්නේ අනිත් බොහෝ දෙනෙක් විවේක වෙන්ඩ විනෝද වෙන්ඩ ගත කරන නිදහස් කාල වේලාව. ඒ අය එහෙම කරන්නෙ මේ විදිහට අනික් අය වෙනුවෙන් වෙහෙසිලා, ඒ අයට සතුටක් ගේන්ඩ කරන මේ කැපකිරීම එයාලට හරිම උතුම් දෙයක් වෙන නිසයි. ඒ වුණත් ඇතැම් වෙලාවක ඒ අයටත් මේ වෙනුවෙන් කැප කරන්ඩ තියෙන කාලය සීමිත වෙනවා. තමන්ගෙ ‍රැකියාවෙ/ ජීවිතේ ප්‍රශ්න ගැටළු එද්දි, වැඩ කඳු ගණන් ගොඩ ගැහෙද්දි අකමැත්තෙන් වුණත් ඒ දේවල් අත්හැර දමන්නටත් ඒ අයට සිද්ධ වෙනවා ඇතැම් වෙලාවල. අපේ ධනාට ඉහගහගන්ඩ බැරි තරම් වැඩ ගොඩවෙන කොට, එයාගෙ අයියත් මේ වැඩේ දිගට ඇදගෙන යන්ඩ මලයට උදව්වෙන අදහසින් මේකට උරදුන්නෙ වැඩේ ලෙස්සලා යන්ඩ නොදී කොහොමහරි දිගටම ගෙනියන අදහසින්. නමුත් කුමන හේතුවක් නිසා වුණත් ඒ වැඩෙත් අතර මග ඇණහිටියා. ඔහොම තමයි අපිට හෙමවෙලේම හැමදේම බලාපොරොත්තු වෙන විදිහට ඉවර කරගන්ඩ ලැබෙන්නෙ නැහැනෙයි!

ඉතිං ඒ අය මේ ආරම්භ කරපු අනගි වැඩේ සම්පූර්ණ කරලා ඉදිරියටත් කරගෙන යන්ඩ කියලා හිතාගෙන තව කට්ටියක් මේ වැඩේ භාරගත්තා. ඒ අය තමා චින්තක සහ ගිහාන් මධුසංක යන සොයුරන් දෙදෙනා. ඒ අය හිතුවෙ මෙච්චර දැඩි ඉල්ලීම් මැද මෙච්චර කල් වැඩේ කල් පමා වෙච්චි නිසා ටික ටික එක එක දෙනව වෙනුවට එකපාර ඔක්කොම දෙන එක හොඳයි කියලයි. ඉතිං ඒක නිසා ඔවුන් ඉතුරු උපසි‍රැසි ගොනු සියල්ල සම්පූර්ණයෙන්ම අහවර කරලා දුන්නා. දැන් අද තමා ඒ ටික ඔබ අතට පත්කරන දවස. ඉතිං ඒ අය මෙහෙම අතරමග නැවතුණ වැඩේ කෙළවරක් කරල දෙන්ඩ භාරගන්නකොට මේ වැඩේට මුලපුරපු අපේ ධනා සහෝටත් ලොකු සන්තෝෂයක් ඇති. මොකද කිව්වොත් කොච්චරවුණත් මේ වැඩේ එයා ආරම්භ නොකරන්ඩ කවදාවත් නොවෙන්ඩත් ඉඩ තිබුණ නිසා. එහෙමනම් අපි මේ වෙලාවේ ධනාවයි ඔහුගේ අයියණ්ඩියවයි ආදරයෙන් සිහි කරනවා ස්තුතිපූර්වකව.

මෙදා පාර වැඩේ කෙළවරක් වෙනාම්ම ඇදගෙන යන්ඩයි කාගෙ කාගෙත් අදහස. ඒ වුණත් නොසිදූ විදිහට නොසිතූ වෙලාවට එන බාධක ගැන සැලසුම් අපි ළඟ නෑනෙ… ඊටත් මේ වගේ දඩෝරි වැඩක් මේ දෙන්නතුන්දෙනා විතරක් ඉවර කරන්ඩ ලෑස්ති වුණොත්නම් ඒකටත් මහා කාලයක් ඕනි වෙයි. ඒ නිසා මේ වැඩේට එකතු වෙන කට්ටිය වැඩි වෙන තරමට හොඳයි. ඉක්මන්, ලේසියි වගේම ස්ථිරයි! ඒ නිසා අපි කැමතියි ඔබෙන් මේ විදිහේ ඉල්ලීමක් කරන්ඩ. ඔබ කැමතිනම් මේ වැඩේදී අපට සහයෝගය දෙන්ඩ මේ [email protected] ලිපිනයෙන් අපෙන් විමසන්න. කලින් සැරේ මුළු කතා සමයක්ම එක්කෙනෙක් භාරගත් නිසානෙ ඒ අවුල ඇති වුණේ. මේ පාර එහෙම නොවෙන්ඩ කැමති අය අතරේ කොටස් බෙදල හදල දෙන්ඩ ව්‍යාපෘතියකුත් අපේ අදියුරන් ක්‍රියාත්මක කරන්ඩ යන්නේ. ඒ නිසා බය නැතුව එකතු වෙන්ඩ ඇහැකින්! අනික බය නැතුව බලන්ඩත් ඇහැකි! හහ්

හරි එහෙමනම් ඔන්න අතගහපු වැඩක් ඉවර කරන්ඩ ලැබීමේ සන්තෝෂෙකුත් එක්ක අපි හැමෝම අද මේක ලබා දෙන්නෙ. ඒ නිසා අපි ගැන විශ්වාසයෙන් දිගටම ‍රැ‍ඳෙන්න කියන ආරාධනාව අන්තිමේදි ඔබ වෙත කරනවා. ඒ එක්කම නොකියාම බෑ; අපිත් එරිල හිටිය මේ වැඩේ ගොඩදාගන්ඩ Prison Break එකකින් අපට සහය පළ කරාපු මේ අපේ උපසි‍රැසි ශිල්පීන්ටත් මේ අවස්ථාවේ හද පිරි අවංක ස්තුතිය සමග ප්‍රශංසාව ප්‍රකාශ කරන්ඩත් මේක අවස්ථාවක් කරගන්නවා…

ඔබ වෙත මෙලෙස පළමු කතාමාලාව ගෙන එන්නට ඉහත සඳහන් සොයුරන් තමන්ගේ කාලය වැය කරමින් කල කැපවීමට අප සැමගේ ස්තූතිය හිමිවිය යුතුයි.

55,009 downloadsDownload Prison.break_.Season-01-E11-to-E22-SinhalaSubs.baiscopelk.zip472 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා”, “සදීප් ලක්මාල්”, “ගිහාන් මධුසංක” සහ “චින්තක බස්නායක” සොහොයුරන්ට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles

55,009 downloadsDownload Subtitles472 KB

216 comments

  1. Anushka

    ගොඩක් ස්තූතියි සහෝ මෙච්චර දවසක් අපි වෙනුවෙන් කාලය වැය කරල මේ කරපු දේට. ඇත්තටම ගොඩක් පිං. මේ වැඩ කටයුතු ඉදිරියටත් කරගෙන යෑමට ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව

  2. ns

    බොහොම ස්තුතියි....

  3. mudiya / මුදියා

    මේක සබ් නැතුව බලන්නත් හදල කවදහරි දෙයි කියල හිටිය.මේ කතා මාලාවට සබ් දුන්න ධනා, සදීප්, ගිහාන්, චින්තක සහෝලට අපේ හද පිරි ස්තූතිය.දිගටම වැඩේ කරන්න.ජයවේවා.බොහෝ................................ම ස්තූතියි...!

    1. vajira supun

      ayya super next sub tikath ikmanatama ona

  4. ලිට්ල් ජෝන්

    මේ පාර නම් අනිවා ඔක්කොම කොටස් ටික ඔන හරිය බ්‍රාවෝ ජයවේවා!!!

  5. Thushara

    patta patta macho anith awath denna

  6. Lahiru Dilshan

    Ela ela api balagena hitiye anith tika denakan

  7. ccnp

    Thanks

  8. chamath cafe

    ලොවෙත් නෑ එහෙනම් අනිත් ටිකත් ඉක්මනට ඉවර කරන්න කොල්ලන ශක්තිය ලැබේවා!

  9. rusuru | රුසිරු

    පට්ට පට්ට පට්ට පතුරු මචෝ

  10. chami

    maxxxxx macho

  11. vernie

    amme athi yantham. saholata pin

  12. wow

    wow....maru :)

  13. හොට්ටා

    නියමා...යි මචෝ දිගටම කරමු

  14. elakiri

    එල එලම තමා පට්ට නේ අනිත් වත් දෙන්න පුළුවන් විදියට

  15. nivinda

    Thanks bro

  16. quik

    thanks

  17. -HacKrisH-

    නියමයි... සත්තරනේ... නියමයි... තෑන්ක්ස් කිව්වා ඕන්.

  18. mihin ලංකා

    පට්ට නේ මචන්ලා දිගටම මේ වැඩේ කරමු

  19. vee

    Thnazzzzzzzzzzzzz

  20. tharanga

    ජය වේවා සබ් දාන්න කට්ට කෑව සේරටම ඉස්සරහට ඕනනේ සේරම දෙන්න :)

  21. dush

    අපිත් එරිල හිටිය මේ වැඩේ ගොඩදාගන්ඩ Prison Break එකකින් අපට සහය පළ කරාපු මේ අපේ උපසි‍රැසි ශිල්පීන්ටත් මේ අවස්ථාවේ හද පිරි අවංක ස්තුතිය සමග ප්‍රශංසාව ප්‍රකාශ කරන්ඩත් මේක අවස්ථාවක් කරගන්නවා…

    එල එල ජය වේවා ඔබ සැමට.............

  22. Isuru

    පට්ට පට්ට සහෝ නියමම වැඩක්

  23. Chanaka

    මම මේක හුඟ කාලයක් බලා හිටියා ඇත්තටම මාර සතුටුයි..බොහොම ස්තුතියි මේ ගැන වෙහෙස වෙච්ච හැමෝටම.. ඉතුරු සීසන් ටිකත් ඉක්මනටම දෙන්න ලැබේවා.. ජය වේවා...

  24. was

    සේරටම ජය වේවා... ටි වී සීසන් කිවුවොත් මේක තමා හුග දෙනෙක්ගේ අංක 1 .

  25. හසන්ත වික්‍රමරත්න

    අපේ අය වැඩක් පටන් ගත්තොත් දාල යන්නේ නැහැ කියන එකට මේක කදිම නිදසුනක්. අනික මේ වෙබ් පිටුව අපිත් එක්ක එකතු උන යාලුවන්ගේ මනාපයට කරගෙන යනවා මිසක් වැල යන අතට මැස්ස ගැහිල්ලකුත් නෙමෙයි.හැමෝටම ප්‍රශ්ණ කියන දේවල් එනවා. ඒවාට මුල් තැන දීලා තමයි මේ වගේ ස්වේච්චාවෙන් කරන වැඩ වල යෙදෙන්නේ. මේක පැයෙන් දෙකෙන් කරලා මොනවහරි වල් පල් ටිකක් කතාවට නොගැලපෙන විදිහට, අපේ හැදියාවට පටහැනිව කුණුහරුප ගහල දෙන කොල්ලෝ ටිකක් නෙමේ බයිස්කෝප් සිංහලෙන් සයිට් එකේ ඉන්නේ. ඉක්මන වගේම වැඩේ ගුණාත්මක බවට 100%ක්ම වගකියන්නත් අපේ සබ් කරන යාලුවෝ සෙට් එක බැඳිලා ඉන්නවා.මොන කතාව උනත් මැද ඉඳන් අහසින් වැටුනා වගේ දෙන්න පටන් ගන්නේ නැතුව ආරම්භයේ ඉඳන් දෙන්නේ ඒක ගැන අවබෝධයක් දීලා කතාවම ඒත්තු ගන්නන්න මිසක් මැද ඉදන් දීලා බලන් කෙනාව අමාරුවේ දානවා වගේ පහත් වැඩ කරලා ඔලු ගාන වැඩි කරගෙන පුරුදු නැති නිසා.ඒක නිසා අපේ වෙබ් පිටුව වෙත එන යන ඔයාලා හැමෝම තියපු ඒ විශ්වාසය අපි ඒ විදිහටම් තියනවා කියන එකට හොඳම නිදසුන මේක. මේ වැඩේට ඇප කැප උන් සහෝදරයෝ දෙන්නටම පින්. ඊළඟ කොටස් ටිකත් මේ විදිහටම ඉවර කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා !!!

  26. උදාර

    නියමයි සහෝලා අනර්ගයි

  27. geeth

    aniwa machan api oyalath akkai hamdama.thxz baiscope.lk

  28. kalinga

    ලොවෙත් නැත මේක නම් අනර්ගයි සුපිරියි වැඩේ නවත්වන්නේ නැතිව අමාරුවෙන් හරි ඇදගෙන යමු ජය වේවා සබ් දෙන්න ගත්ත මහන්සිය හා කැපකිරීම් වලට

  29. dedunu- yatalamatta,

    මේ කතා මාලාවට සබ් දුන්න ධනා, සදීප්, ගිහාන්, චින්තක සහෝලට අපේ හද පිරි ස්තූතිය.දිගටම වැඩේ කරන්න. ඉතුරු සීසන් ටිකත් ඉක්මනටම දෙන්න ලැබේවා.ජයවේවා.බොහෝම ස්තූතියි…!

  30. deshan

    ammata siri....meka nam pattama patta wadak meda poteth baiscopelk eka award ekak gahannama.oni...ape dana aiyata sadeep aiya e wagema gihan and chinthaka aiyalata godaak thanx...........

  31. Massina

    Thanks......Machanla..... ඔයාලා හැමෝටම ජය... බයිස්කෝප් ඔයා අපේ විෂ්වාසය තහවුරැ කරාට ස්තූතී!!!!!!!!!!

  32. h[A]s

    තැන්ක්ස් යාලුවෝ සේරටම

  33. chamara

    කරපු වැඩේ නම් බොහොම හොදයි ..
    එත් දැන් නම් ගොඩක් දෙනෙක් සිංහල නැතුවම බලල ඇති මම වගේ ..
    එත් අයෙත් සිංහල එක්කම බලන්න පුළුවන් ..
    ඒ දවස් වල අපිත් හරි කලකිරීමෙන් හිටියේ මොකද කොපමන ඇහුවත් අඩු ගන්නේ කිසිම
    ප්‍රතිචාරයක් නැතුව හිටය නිසා ..
    මේ කරපු අසම්පුරන දෙය සම්පුර්න කල
    එකොලොස් වන කොටස සිට දෙලොස් වන කොටස දක්වා ගිහාන් මධුසංක සොයුරාදහතුන්වන කොටසේ සිට විසි දෙවන කොටස දක්වා චින්තක සොයුරා
    ඔබ දෙපලට මගේ හදපිරි තුති පුද කරමි ..

  34. lasanatha!!!!!!

    අනර්ගයි මේක තමා හොදම ටි වී සීසන් එක

  35. sanju lakshan

    ඇත්තටම මම ගැන දැන ගත්තේ baiscopelk එකෙන් sinhala sub එක දෙන්න පටන් ගත්ත නිසා. පලවෙනි කොටස් 10 sinhala sub එකත් එක්ක බැලුවා. එතන ඉදන් english sub එකත් එක්ක බැලුවා, මම දැන් යන්නෙ S3 E4... මෙක පට්ට කතාවක් හැමොම බලන්න,

  36. sandun priyanga

    ගොඩක් ස්තූතියි මේ වැඩ කටයුතු ඉදිරියටත් කරගෙන යෑමට ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.!!!!

  37. prajith

    බොහොම ස්තුතියි… kolla ne

  38. චන්දිම

    මේක සබ් නැතුව බලන්නත් හදල කවදහරි දෙයි කියල හිටිය.මේ කතා මාලාවට සබ් දුන්න ධනා, සදීප්, ගිහාන්, චින්තක සහෝලට අපේ හද පිරි ස්තූතිය.දිගටම වැඩේ කරන්න.ජයවේවා.බොහෝ…………………………..ම ස්තූතියි…! තව දේයක් පුළුවන්නම් රේලික් හන්ටර් එනටයි රොස්වේල් එකටය් සබි දේන්නකෝ.....

  39. Dilan-

    Thanks saholata

  40. Chandana

    Thanks lot dear all.

  41. “චූටී මල්ලි”

    ලොකු අඩුවක් පිරෙව්වා නෙ එහෙනම් කට්ටිය සෙට් වෙලා
    එල එල අනික් ටිකටත් දෙන්න

  42. Dina

    ලක්මාල්ල දෙන්නටයි ගිහාන්ටයි චින්තකටයි ගොඩක් පින් අපි වෙනුවෙන් මේ මුලු කතා මාලවම දුන්නට.. ඇත්තටම ඔයගොල්ලො කරන මේ වැඩේ අපි කොමෙන්ටුවකින් කීවත් නැතත් අපේ හිතින් ගොඩක් අගය කරනවා.. අපි ෆිල්ම් එක හරි ටිවී සීරීස් එක හරි බලනකන් ඔයාලට පින් දිදී තමා බලන්නේ..

  43. kenny

    පිං සිද්දවෙනව කොල්ලනේ........

  44. Buddhika

    ජයවේවා........!!!

  45. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. ගොඩක් හොදයි ඔක්කෝ ම ටික එකපාර දුන්න එක. දැන් ශේප් එකේ බලන්න පුලුවන්.

  46. Sand Man

    එල එල මරේ මරු

  47. jina

    karapu wade nam siraaa.pin sidda wenawa.anith kotasuth me wage demu

  48. danushka

    thank you very much bro...denagena hitiya kawadaka hare meke sub dana bawa...sub dunna siyalu denatama thanks again....

  49. Madusanka

    Thankz thankz for all subtitles

  50. shani

    thanks. meke ethiri sub denakam balagena hitiye. thanks hamotama......

Load more comments