[box]පළවෙනිම පාරට මාත් ඔන්න උපසිරසියක් නිර්මාණය කරා! මේක ටිකක් පරණ ෆිල්ම් එකක් උනාට කැත නැතුව බලන්න පුළුවන් ලස්සන කතාවක් තියෙන්නේ. මේකේ IMDb අගය 6.6ක්. අනික මම හොඳ (720p) ටොරන්ට් ලින්ක් එකක් තමා දීල තියෙන්නෙත්. මම කොහොමත් අලුත් හින්දි ෆිල්ම් වලට වඩා පරණ ඒවාට තමා කැමති.. හරි එහෙනම් ඔන්න මේකයි කතාව:…

පළවෙනිම පාරට මාත් ඔන්න උපසිරසියක් නිර්මාණය කරා! මේක ටිකක් පරණ ෆිල්ම් එකක් උනාට කැත නැතුව බලන්න පුළුවන් ලස්සන කතාවක් තියෙන්නේ. මේකේ IMDb අගය 6.6ක්. අනික මම හොඳ (720p) ටොරන්ට් ලින්ක් එකක් තමා දීල තියෙන්නෙත්. මම කොහොමත් අලුත් හින්දි ෆිල්ම් වලට වඩා පරණ ඒවාට තමා කැමති..
හරි එහෙනම් ඔන්න මේකයි කතාව: අපේ කථාවේ ප්රධාන චරිතේ තමා සුරජ් කියන්නේ.. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ, සල්මන් ඛාන් තමා නළුවා. මෙයා සෙට් එකත් එක්ක බොහොම ෆන් එකේ ඉන්න කොල්ලෙක්. ෆන් එකේ හිටියට මෙයා ගෙදර ප්රශ්නයක් නිසා දුකෙන් ඉන්නේ. මෙයාගේ කොලේජ් එකට එනවා ලස්සන කෙල්ලෙක්. එයාගේ නම මුස්කාන්. කොච්චර ලස්සනද කියනවානම් මටත් පිස්සු හැදුනා! පිස්සු හැදෙන්නැතුවයැ කාජල්ව දැක්කම!(මගේ ආසම නිළිය). සුරජ්ටත් ඉතින් පිස්සු හැදෙනවා.. මේ දෙන්නා යාළුවො වෙන්න මුල පුරන්නේ සුරජ්ගේ සෙට් එකේ කොල්ලෙක් දෙන චැලේන්ජ් එකකින්. චැලේන්ජ් එක මොකක්ද කියල ඉතින් ඔයාලම බලන්න. මේ සෙට් එක මාරම වැඩ තමා කරන්නේ, හරිම ජොලියෙන් තමා ඉන්නේ. කතාව එහෙම්පිටින්ම කණපිට හැරෙන්නේ මුස්කාන්ගේ අයියා නිසා.. අයියා ඇවිත් නංගිව ගමට එක්කන් යනවා, සුරජ් ආදරේ වෙනුවෙන් භයානක තීරණයක් ගන්නවා, ඒ තමා මුස්කාන්ගේ ගමට යන එක. ඒ තීරණේ භයානක වෙන්නේ මුස්කාන්ගේ අයියා (Arbaaz Khan) නිසා. මේ කතාවේ මම ආසම චරිතේ තමා මුස්කාන්ගේ අයියාගේ චරිතය. මොකද මේ වගේ අයියෙක් තමා නංගියෙක්ට ඉන්න ඕනේ. බාගෙනම බලන්නකෝ අයියාගේ හැටි… සුරජ් ආදරේ වෙනුවෙන් මොනවගේ කැපකිරීමක් කරයිද, මුස්කාන්ගේ අයියා සුරජ්ට කැමති වෙයිද, සුරජ් ගමේදී මොන වගේ දේවල් වලට මුහුණ දෙයිද? ඔක්කොම තේරෙයි ෆිල්ම් එක බැලුවම.
මට මේකට සබ දාන්න සෑහෙන කාලයක් ගියා. පලවෙනි එකනේ.. මට උපකාර කරපු විකියා සහෝදරයාට ගොඩාක් ස්තුතියි! කට්ටිය කමෙන්ට් එකක් දාල ගියාට තරහා වෙන්නෑ හොඳේ!
1.0 GB කොපිය මෙතනින් බාගන්න 402c9b2ee15c32e4868219d8dbbf6b4726c49736 1.5 GB කොපිය මෙතනින් බාගන්න 96d4ef6a4ecdef046bf95c1582e3dd851285be65c ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,815 downloadsDownload Pyaar.Kiya_.To_.Darna_.Kya_.1998.zip92 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමික සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නාමික සඳරුවන්
Subtitles
54 comments
Ravindu
namal
patta palamu wadeyta suba pathum!!!!
tharanga
පළමු වැඩේට සුභ පැතුම්! ජය
chami
thnxxxxx
Isuru
loweth na parana films maxxa
lasidu
පළමු සබ් එකට සුභ පැතුම්!!!
wow
wow... maru :D
eraNga
මේක පට්ට ෆිල්ම් එක පොඩි කාලේ බැලුවා,,අයේ බලනො සුපිරි
ccnp
Thanks
නලින්
එළ එළ සඳරුවන් සහෝ..
කල් අරන් හරි හොද නිර්මාණයක් ගෙනාපු එකට ස්තුතිය.
පළමු එකට සුභ පතන ගමන් ඊළග එකත් දැන්ම පටන් ගන්න කියලා ඉල්ලනවා.
ජය වේවා
zumo man
elazzzzzz thnxzzzzz
shann
පළමු එකට සුභ පැතුම් මගෙනුත් .. තව ෆිල්ම්ස් සබ් දාලාම දෙන්න
ganidu
තැන්ක්ස් වේවා!
jeewantha
niyamai saho
upali
ada hindi films 2 kai ela ela ela
Fernando
bohoma pin 2 weni sub akath lagadima one :D
kalinga
සාදරයෙන් පිලිගන්නවා. බයිස්කෝප් වලට
ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල දිගටම කරන් යමු, තව හින්දි පොරක් වගේ.... එහෙම උනොත් නම් මටත් පොඩි සහනයක් ලැබෙයි වගේ....
සමීර කරුණාරත්න
අපේ මහගෙදරට සාදරයෙන් පිළිගන්නවා සහෝ...
පළමු එක හින්දි ටික්ක පරණ එක්ක තෝරගත්ත එක මාර තීරණයක්, මම හිතන්නෙ දැන් හැදෙන හින්දි ඒවට වඩා පරණ ඒවා දිගයි, සිංදු පවා තියනවා නොව(මම ඒකනේ හිංදි සබ් නොකරන්නේ). එහෙව් එක්ක පළමු එකට තෝරගත්ත කොල්ලා වැඩ කාරයෙක්, ඉතින් තව මෙහෙම වැඩ පෙන්වන්න මහ ගෙදර බෝඩ් ලෑල්ල බබලවන්න ශක්තිය, දිරිය විරිය පතනවා මම.සමීර කරුණාරත්න
හොදම කෑල්ල අමතක වුනා විකාර කියවන්න ගිහින්...
උපසිරැසට බොහොම තුතී සහෝ :Dsasanka
patta machan mamath godak asai parana hindi films valata me vage eva thava denna parana hindi film ekak danakan bala bala hitiye ekmanta thava ekak denna
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, තවත් නිර්මාණ අප වෙනුවෙන් අරන් එන්න ශක්තිය ලැබේවා, ජයවේවා.
mudiya / මුදියා
මේව නම් මරු ෆිල්ම් තමයි.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.(මේක නම් බලල නෑ)
පළවෙනි වැඩේට අපෙන් සුභ පැතුම් නාමික.දිගටම සබ් දෙන්න.
පුළුවන් නම් "අන්දාස් අප්නා අප්නා" ෆිල්ම් එකටත් කවුරු හරි සබ් දෙන්න.බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන්.
ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!vernie
kajol ta aasai salmawa dirawanne naha
Namika
බොහොම ස්තුතියි සහෝදරවරු සියලුම දෙනාට. ළඟදීම තවත් ආදර කතාවක් දෙන්නම්.
මම පරණ හින්දි පාරවල් ටිකක් දෙන්න ට්රයි කරන්නම්. පරණ කිවුවට ලස්සනම ඒවා
තෝරලා තමයි කරන්නේ. දෙවැනි සබ විදිහට ENGLISH ෆිල්ම් එකක් තමයි කරන්නේ.
බොහොම ස්තුතියි අදහස් දක්වපු සියලුම දෙනාට!සුරේන් එන්. සේමගේ
මේ දවස් වල නම්, මට ඉන්දියාව අරහන් බොලව්...
ඒ වුනාට 98 එකකට සබ් දැම්ම කියන්නෙම හෙන ගේමක් නෙව. සිංදුම 5, 6ක් තියෙනව මයෙ හිතේ. හොඳා හොඳා...
ඕං එහෙනං කොලුවට ජයෙන් ජයම කිව්ව...
uda
තව කොල්ලෙක් වැඩට බැහැලා තියෙන්නේ... බැලින්නම් දැන් අලුත් අයත් හෝ ගාලා එනවානේ මේ වගේ හොද වැඩවලට! ආ.. මාරයි මාරයි! ඒකනේ කියන්නේ හොද දේවල් වටා කට්ටිය වැඩි වැඩියෙන් එක්කාසු වෙනවා කියලා. ඒ බව අපි දන්නවා. හිත හොද කොල්ලෝ වැඩි වැඩියෙන් එන එක හරිම සතුටක් අපට :D
නියමයි සහෝ... පරණ වුණාට කමක් නෑ හොදනම් එච්චරයි. මමනම් වැඩිය හින්දි ඒවා බලන්නෙ නෑ හැබැයි. කමක් නෑ ඒකට බලන අයට වටිනවානේහ්! දිගටම දෙමු එහෙනම් හොද ඒවා. තුති සහ ජය!
කැලුම් ගුණසේකර
මුල් එකට කල් ගියාට කමක් නෑ. දෙවනි එක ඉක්මනින් දෙන්න. පලමු නිර්මාණයට උණුසුම් සුභපැතුම්.
නවීන් ලක්ෂිත
පරණ වුනත් සුපිරි ෆ්ලිම එකකින්ම ඔය වැඩ අල්ලලා තියෙන්නේ නියමයි සහෝ ඉස්සරහටත් අපිට හොඳ සබ් දෙමු එහෙනම්
පලවෙනි නිර්මාණයට සුබපැතුම්....!!!
Ashan ravihansa
balanadath hithenava lipiya dakka,a patta ekka vage a mata mathakath na podi kale meka bluvada kiyalavath eth patta ekak vage adu siz copy k thiyenevanm niyamai bagandath lesine..
Janna
Ela machan....thawa film walata sub dapan.
first 1ta magen subapathum....!!!!ශාන් විමුක්ති [වීමා]
එලකිරි මචෝ..
ඔයාවත් එහෙන්ම් ආදරයෙන් කෑදරයෙන් පිළිගන්නව එහෙනම්
අපි කෑදරෙන් පිලිගන්නෙ බයිස්කෝප් එකක් සින්හලෙන් බලන්න තියන තියන කෑදරේ නිසා බන් උබ බයවෙන්න එපා හොදේ උබව කන්නෙ එහෙම නෑ අපි :P
උබේ පලවෙනි උපසිරසියට බොහොම ස්තුතියි මචෝ...!
සින්දු ටිකත් සිංහලෙන්ම ඇති නේද උබ ඒව හැලුවෙ නෑනෙ? ;)dumindu
O O Jaane Jaana song eka tiyena eka neda? ela ela.......
dumindu
shahruk ge me film walatath sub denawada...
Koyla,Pardes,Dil To Pagal Hai,Dil Se..,Josh, Mohabbatein,Asoka,Kabhi Khushi Kabhie Gham,Devdas,Chalte Chalte,Kal Ho Naa Ho,Main Hoon Na,Swades,Kabhi Alvida Naa Kehna
විජිත් විජේකෝන්
නියමයි මචෝ පරණ හින්දි Film සේරටම උපසිරැසි දෙන්න. මාත් ගොඩක් ආසයි පරණ හින්දි Film වලට. පළමුවැනි උපසිරැසියට මගෙන් සුබ පැතුම්. පුළුවන්නම් ඉක්මනටම Darr Film එකට උපසිරැසි දෙනවද.
විජිත් විජේකෝන්
දිගටම 720p ඒවටම Sub දෙන්න
“චූටී මල්ලි”
අන්න හොද වැඩක්
මොකද ගොඩක් අය සබ් දෙන්නෙ අළුත් ඒවටනෙ
ඔයා දෙන්න පරණ ඒවට
හැබැයි හොද ගතියක් තියෙන ලස්සන ඒවාට දෙන්න
ආ....කියන්න බැරි උනානෙ ඔයාව සාදරෙන් පිළිගන්නවා අපේ උපසිරැසි කණ්ඩායමට
සබට තෑන්ක්ස්
ඔබට ජය....ss
මම කලින් යූ ටියිබ්එකෙන් මේක ඩවුන්ලෝඩ්කලා ඒකටත් සබ් හරියනවා
මෙන්න ලින්ක්එක
http://www.youtube.com/watch?v=y8J7dipxuwYරොයිලි
බොහොම ස්තූතියි නාමික සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P
danushka
niyamai machan niyamai..thanks...
RUSH
fatta mcn
රාම් රාජ්
මේක බැලුවා.නියමයි.ස්තූතියි සබ් වලට.
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍HarshA LahirU
Thanks
kamidu
Maxxa machn....al da best..parana film tama superrb
Naween
පට්ට මචන් තෑන්ක්ස්...!
Madu
thank you sooooooo much
harsha
thanks machoo
Ashan
fatta machooooooo.
Ashan
fatta machoooo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niyamai