අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Ravanasura (2023) Sinhala Subtitles | වේෂයන් ගෙන මිනීමරන නීතිය උගත් රාවණා [සිංහල උපසිරසි]

Rating: 7.9/10. From 14 votes.
Please wait...
Ravanasura (2023)Ravanasura (2023) Sinhala Subtitles

රවීන්ද්‍රා වෘත්තීමය වශයෙන් නීතීඥයෙක්. ආර්ථික දුෂ්කරතාවය නිසාම රවීන්ද්‍රා, කනකමහාලක්ෂ්මි නීතීඥවරිය යටතේ කනිෂ්ඨ නීතීඥයෙක් විදියට සේවය කළා. මේ කනකමහාලක්ෂ්මි එයාගේ කලින් පෙම්වතිය. කියන්න තරම් දෙයක් එයාලා අතරේ තිබුණෙ නැහැ කියලයි කියන්නෙ. රවීන්ද්‍රා ගොඩක් සැහැල්ලුවෙන්, විනෝදකාමීව, විහිළුවෙන් කාලය ගත කළා. දවසක් සින්කොක්ස් ෆාර්මා සමාගමේ R&D හාරිකා තල්වාර් කනකමහාලක්ෂ්මිට බාර දෙන්න නඩුවක් අරගෙන ආවා. හාරිකාගේ තාත්තා විජේ තල්වාර්, FDA සභාපති රාධා ක්‍රිෂ්ණා චෙන්නූරිව ඝාතනය කිරීමේ අපරාධයට වැරදිකරු වෙලා තිබුණා.

මේක විජේ තල්වාර්ව කොටු කිරීමක් කියලා එයා තරයේම කිව්වා. සාක්ෂි මුළුමනින්ම පාහේ විත්තිකාර පාර්ශවයට වාසිදායක විදියටයි තිබුණේ. මේ නඩුව බාරගන්නවා කියන්නෙ අනිවාර්යයෙන්ම පරාදයි කියලා කනකමහාලක්ෂ්මි අනුමාන කළා. දැකලා වෙලාවක් ගතවෙන්න කලින්ම රවීන්ද්‍රාට හාරිකාගේ ගැන හිතේ අදහක් ඇති වෙලා තිබුණ නිසා කනකමහාලක්ෂ්මිට කංකෙඳිරි ගාලා මේ නඩුව බාරගන්න එකඟ කරවා ගන්නවා. ඒ අනුව රවීන්ද්‍රා සාක්ෂි සෙවීම් කටයුතු කරගෙන යන්න වුණා. රවීන්ද්‍රා වෙනත් ක්‍රම වලින් විජේ තල්වාර්ව නඩුවෙන් ගලවාගන්න හැදුවත් විජේ තල්වාර් එකඟ වෙන්නේ නැහැ.

Ravanasura (2023) Sinhala Subtitles Ravanasura (2023) Sinhala Subtitles Ravanasura (2023) Sinhala Subtitles

මේ අතරෙදි හාරිකා එයාගේ තාත්තව ඇප දීලා එලියට ගන්න උත්සාහ කරනවා. ඇප ඉල්ලුම් කරන්න නම් චූදිත පාර්ශවයට වාසිදායක සාක්ෂියක් හොයාගන්න ඕන. ඒත් දැනටමත් පැරදුණ නඩුවකදි සාක්ෂි හොයාගන්නෙ කොහොමද කියලා වටෙන්ම කියද්දි රවීන්ද්‍රා එක සාක්ෂියක් ගැන ඉඟි කරනවා. තවත් අතකින් මේ රාධා ක්‍රිෂ්ණා ඝාතන සිද්දියේදී ඇත්තටම විජේ තල්වාර්ව අපරාධයට කොටු කිරීමේ උත්සායක් තිබුණා කියලා සැකයක් පොලිසියට ඇතිවෙලා තිබුණා. ඒ නිසාම DIG නරසිම්හා මූර්ති මේ නඩුව විමර්ශනය කරන්න ACP හනුමන්ත් රාඕට බාර දෙනවා.

හනුමන්ත් රාඕ විමර්ශන කටයුතු කරගෙන යද්දී, රාධා කිෂ්ණා ඝාතනයට සමාන එකම රටාවේ තවත් ඝාතන කිහිපයක් දකින්න ලැබෙනවා. එක අවස්ථාවකදි මේ ඝාතනවල චූදිතයන්ගේ සිහිය නැති වෙලා තියෙනවා. ආපහු පියවි සිහියට ඇවිත් බලද්දි එයාලා නගරයෙන් පිට ඉඳලා තිබුණා. එයාලගේ කටඋත්තරයත් විජේ තල්වාර්ගේ කටඋත්තරයටම සමානයි. හනුමන්ත් රාඕ, ඒ එක් ඝාතනයක අපරාධකාරයා වුණ බන්දුක් පෙහෙල්වාන් ගැන සෝදිසි කරන්න එයාගේ මල්ලි ගෝලි පෙහෙල්වාන්ව හමුවෙන්න ගෙදරට යනවා.

ප්‍රශ්න කිරීම් වලදි බන්දුක් පෙහෙල්වාන්ගේ ඉටි පිළිමයක් තනන්න මිනුම් අරගන්න මැඩම් ටුසෝඩ්ස් එකෙන් කෙනෙක් ආවා කියලා දැනගන්න ලැබෙනවා. ඒ වුණත් මැඩම් ටුසෝඩ්ස් ඉටි කලාගාරයේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පිළිම ප්‍රදර්ශනයට තියන්නෙ නැහැනේ. සැකයක් හිතෙන නිසාම CCTV කැමරාවලින් මේ මිනුම් අරගන්න ආව කෙනාව නිරීක්ෂණය කරනවා. තවදුරටත් සාකේත් ගැන සෝදිසි කරලා බලද්දි එයා ප්‍රොස්තෙටික් වේෂ නිරූපණ ශිල්පියෙක් කියලා දැනගන්න ලැබෙනවා. මේ ප්‍රොස්තෙටික් මේකප් වලින් සැබෑ පෙනුමට සමාන පෙනුමක් අරගන්න පුළුවන්.

දැනටමත් සාකේත්ට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් වැටිලා තිබුණා. පැමිණිල්ල දාලා තිබුණේ ඉතාමත් ජනප්‍රිය නළු බ්‍රහ්මානන්දම්. එක් චිත්‍රපටයක ගෙවීම ප්‍රමාණවත් නොවුණු නිසා බ්‍රහ්මානන්දම් රඟපාන්න බැහැ කියලා අයින් වුණ වෙලාවෙදී සාකේත් ප්‍රොස්තෙටික් මේකප් එකක් කරලා බ්‍රහ්මානන්දම් වෙනුවට වෙන කෙනෙක්ව දම්මලා ඒ දර්ශන රූගත කරලා තිබුණා. ඒත් පස්සෙ මේ ප්‍රශ්නය නීතිමය ක්‍රියාමාර්ග වලට නොගිහින් සමථයකට පත් කරගෙන තිබුණා. මේ වෙද්දි හනුමන්ත් රාඕගේ ඇස් සාකේත් දිහාවට හැරිලා තිබුණා. ඔය අතරෙදි DIG නරසිම්හා මූර්තිව, ගෝලි පහෙල්වාන් මරලා දානවා.

පුරුදු විදියටම පහුවදා ගෝලි පෙහෙල්වාන් නගරයෙන් පිටදි පොලිසිය අත්අඩංගුවට ගන්නවා. ගෝලි පහෙල්වාන් විදියට වෙස්වලාගෙන ගිහින් මේ මිනීමැරුම කළේ සාකේත් ද? සාකේත් මේ ඝාතන කරන්නේ මොකටද? රවීන්ද්‍රා ඉඟි කරපු සාක්ෂිය ඉදිරිපත් කරලා නඩුවෙන් දිනලා, වැරදිවලින් නිදහස් කරගෙන විජේ තල්වාර්ගේ බෑනා වෙන්න එයාට පුළුවන් වේවිද?

Ravanasura (2023) Sinhala Subtitles Ravanasura (2023) Sinhala Subtitles Ravanasura (2023) Sinhala Subtitles

රාවණාසුරා, කතාවටයි නමටයි සම්බන්ධයක් තියෙනවද? මේ කතාවට රාවණාව බලෙන්ම සම්බන්ධ කරලා තිබුණ ආකාරයක් තමයි දකින්න ලැබෙන්නේ. ගොඩක් ප්‍රචණ්ඩත්වය දකින්න ලැබෙන චිත්‍රපටියක් කියලා කිව්වට ඒ තරම් දෙයක් නැහැ. චිත්‍රපටය අසාර්ථක වෙන්න තිර රචනයෙන් ලොකු බලපෑමක් වෙලා තියෙනවා කියන්න පුළුවන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ රචනය කළේ සුදීර් වර්මා. Swamy Ra Ra (2013), Dohchay (2015), Keshava (2017) වගේ සාර්ථක චිත්‍රපට කිහිපයක් ඔහු ලබා දී තියෙනවා.

විශේෂයෙන් Keshava චිත්‍රපටය කෝටි 3ක වියදමකින් නිපදවා කෝටි 30ක ආදායමක් ලබා ගත්තා. රවි තේජා මේ චිත්‍රපටයට එයාගෙම RT Team Works නිෂ්පාදන ආයතනය යටතේ නිෂ්පාදනයෙන් දායක වුණා. මේක Vinci Da (2019) බෙංගාලි මනෝමය ත්‍රාසජනක චිත්‍රපටයේ කතාව අනුවර්තනය කරගෙන කළ ප්‍රතිනිර්මාණයක්.

Ravanasura (2023) Sinhala Subtitles Ravanasura (2023) Sinhala Subtitles Ravanasura (2023) Sinhala Subtitles  Ravanasura (2023) Sinhala Subtitles Ravanasura (2023) Sinhala Subtitles Ravanasura (2023) Sinhala Subtitles

රවන්නා එක්ක ශුෂාන්ත්, ජයරාම්, පාරියා අබ්දුල්ලා, මේඝා ආකාෂ්, අනූ ඉමැනුවෙල්, ශ්‍රීකාන්ත්, හයිපර් ආදි, රාඕ රමේෂ්, මුරලි ශර්මා, සම්පත් රාජ් ආදී නළු නිළියන් කැළක් මේ චිත්‍රපටයේ චරිත රඟ දක්වනවා. Dhamaka (2022) චිත්‍රපටයට සංගීතය සැපයූ බීම්ස් සෙසිරොලියෝ මේ චිත්‍රපටයය සංගීතය සපයනවා. “ප්‍යාර් ලෝනා පාගල්” ගීතය රවිතේජා ගායනා කරනු ලැබුවා.

මීට ලැබිලා තියෙන imdb අගය 5.7/10ක්. විචාරක, ප්‍රේක්ෂකයින්ගේ මිත්‍ර ප්‍රතිචාර මීට ලැබුණා. ආදායම් තත්වය බැලුවොතින්, මේ චිත්‍රපටය විශාල අසාර්ථක වීමකට ලක් වුණා. ඉ.රු. කෝටි 60ක පමණ මුදලක් වැය කළ නිෂ්පාදනය කළත් තිරගත කිරීමෙන් ලබාගත් ආදායම ආසන්නව ඉ.රු. කෝටි 23ක් පමණයි.

Tiger Nageswara Rao (2023) ලිපියේ රවන්නාගේ මීලඟට එන්න තියෙන චිත්‍රපටි ගැන සඳහන් කළා. මෑතකදී දැනගන්න ලැබුණා මූල්‍යමය ගැටළුවක් නිසා ගෝපිචන්ද් මලිනේනි හා රවි තේජාගේ චිත්‍රපටය(RT4GM) අතරමඟ නතර කලා කියලා. කොහොම් වුණත් ඒ ගැන ඊට වැඩි තොරතුරක් නැහැ. ලබන ජනවාරියේ 12 නිකුත් වෙන්න තියෙන Eagle චිත්‍රපටියේ ටීසරය යූටියුබ් නැරඹුම් වාර මිලියන 10 පසුකරලා තියෙනවා.

Ravanasura (2023) Sinhala Subtitles Ravanasura (2023) Sinhala Subtitles Ravanasura (2023) Sinhala Subtitles

ඉතින් සිනමා ලෝලීන්ගේ 100%ක් රසවින්දනය වෙනුවෙන් ගීත සියල්ලටම උපසිරැසි කර තිබෙනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk. උපසිරැසිය විතරක් ද, මේ ලිපිය, උඩින් තියෙන කවර් පික් එක පවා උස්සනවා.

අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. මුලදි නම් ඉස්සුවෙ කතාව විතරයි. දැන් දැන් අමතක විස්තර ඡේදත් එක්කම උස්සනවා. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRIP පිටපත් සඳහා ගැළපේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

4 thoughts on “Ravanasura (2023) Sinhala Subtitles | වේෂයන් ගෙන මිනීමරන නීතිය උගත් රාවණා [සිංහල උපසිරසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බලන්න ඕන ෆිලුමක් වගේ…
    …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

    Reply
  • ගොඩක්ම ස්තූතියි රවි ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *