Rear Window (1954) | හිත ඇත්නම් පත කුඩාද… [සිංහල උපසිරැසි සමඟ]
[box]Psycho චිත්‍රපටයට පසුව මම ඔයාල වෙත අරන් එන ඊළඟ Hitchcock චිත්‍රපටය තමයි “Rear Window”. සෑම හිච්කොකියානු චිත්‍රපටයකම වගේ මේ සිනමාපටයත් මුල සිට අග දක්වාම කුතුහලයෙන් සහ විශ්මයෙන් අනූනව ගලාගෙන යනවා. ඒ වගේම රන්වන් කෙසැති සුරූපිනියගේ වික්‍රමයත් ඔබට දැකගන්න පුලුවන්.
මේ චිත්‍රපටයට පාදක වෙන්නේ අනතුරකින් පාදය බිඳීගොස් ඇඳට සීමාවී සිටින මැදිවියේ වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්ට මුහුණපාන්නට සිදුවෙන සිදුවීමක්. තමාට සිදුවූ අකරතැබ්බය නිසා සමාජ ඇසුර මගහැරීගිය ඡායාරූප ශිල්පි ජෙෆර්ජිව හමුවෙන්නට පැමිණෙන්නේ රක්ෂණ සමාගම් හෙදියක් වන ස්ටෙලා සහ ඔහුව විවාහ කරගැනීමේ අදහසින් ඔහුව හමුවීමට එන සුරූපී නිරූපිකාව ලීසා පමණයි. ඉතින් අපේ වීරයා කාන්සිය මගහරවා ගැනීමට කරන්නේ තම කුටියේ ජනේලයෙන් දකින්නට ලැබෙන අසල්වැසියන්ගේ තොරතුරු තම දුරදක්නයෙන් විපරම් කිරීමයි.
ඉතින් මෙහෙම අසල්වැසියන් ගැන ඔත්තු බලන අපේ වීරයාට මිනීමැරුමක් ගැන සැක පහලවෙනවා. මේ ගැන මුලදී නොසලකා හැරියත් තම මිතුරියන් දෙදෙනාටත් මේ බව එත්තුගන්වන්නට අපේ වීරයාට හැකිවෙනවා. මේ අභිරහස විසඳීමට තම පැරණි මිත්‍රයකු වන රහස් පරීක්ෂක ඩොයිල්ගේ සහය පැතුවත් ඔහුගෙන් ලැබෙන්නේ අවඥාසහගත කරුණු දැක්වීම් විතරයි. රහස් පරීක්ෂකයා උදවු ලබාදීම ප්‍රතික්ෂේප කලවිට ජෙෆ්ගෙ සහයට එන්නේ අපේ වීරවරිය ලීසා. ඉතින් ලීසාගෙ සහයෙන් අපේ වීරයා කොහොමද රෝදපුටුවක් උඩට වෙලා මේවගේ භයානක අපරාධයක් විසඳන්නේ, ඔයාලට බලාගන්න පුළුවන් වේවි “Rear Window” රසවින්දොත්.
IMDB දත්ත සමුදායේ ලකුණු 8.7ක් ලබාගෙන හොඳම චිත්‍රපට 250 අතර 28වන තැන රැඳී සිටින මේ චිත්‍රපටය Rotten Tomatoes වෙබ් අඩවියේ 100%ක විචාරක ආකර්ෂණයක් දිනාගෙන කුණුතක්කාලි අතර නැවුම් බව රඳවාගෙන තිබෙනවා. ඒ වගේම වසර 100ක ඇමෙරිකානු සිනමා ඉතිහාසයේ වඩාත්ම ත්‍රාසජනක චිත්‍රපට සියය අතරින් 14 වන ස්ථානය දිනාගෙන තිබෙනවා.[/box]
SInhala Subtitles
-- Count 3425 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සචිත්-රූපසිංහ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් රූපසිංහ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you very much
නියමයි.. බොහෝම ස්තුතියි උපසිරැසියට
Thank You Sachit brother & Baiscope Team For The Sub, it was a beauty, love it. All The Best To Baiscope Team…….
බොහොම ස්තුතිය
Meka godak aya balanna asa na parana nisa.. Eth athththama maru film ekak.. eka maru une ube sub ekath hindamai.. Sthuthi sahodaraya.. jaya wewa
Plssss. Mata kauruhari pahadili krlaa denwd, meke antimata vnne mkkd kyla. Mata terum gnna baa. Me minimaruwa attatama mini maruma kalada? Antimata doily rahas parickshakaya ahnne nurse gen one nm oyatath balanna oneda eke thoppi dana pettiye tynw kyla. Ethakota nurse puduma vela apahu harila balanne mkd?
elama saho thanks
මෙන්න ෆිල්ම්…..
පරණ උනත් මේවා තමයි ෆිල්ම්…කියන්නේ…
සබ් එකට බොහොම ස්තුතියි සහෝ……
Alfred Hitchkok “SUSPICION”1957
dannako plssssssssssssssssssssssss
Patta Ayye tawa Hitchkok ge ekak dannako
PSHYCO movie ekat baluwa patta aaaa thanks
Maxxa ayya !!!!! GO AHEAD
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ස්තුතියි සචිත් සහෝ
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බැලුවා නියම ෆිලම් එකක්.ස්තූතියි.
ඔය 622ක් සබ් එක අරගෙන තියෙන්නෙ 😀 හැබෑටම හොද වැඩක් සහෝ! වටිනවා…
@ සචිත් රූපසිංහ
නියමයි සහෝ, ඔයාගේ ඒ තේරීම නියමයි! ඔන්න රාවයක් යනවා ඔහුගේ ජනකාන්ත නිර්මාණයට පෙරබැදි සිනෙරුවක් හැදෙන්නට යන බවට. තවමත් සනාථ වෙලා නෑ. හරිහමන් විස්තරයක් නෑ. පැහැදිලි තොරතුරු ලැබුණ සැණින් මංසලේ ඇති! ජය!
Super, මෙ වගෙ ෆිල්ම් තමයි ඔනෙ
thanks mate
Thanks lot bro..digtma sub denna!!!
@Uda
Ingmaar Bergman, Tarkovskiගෙ සිනමාවන් රසවිඳින්න තවමත් අපේ සහෘදයින් සූදානම්ද කියල මට සැකයි සහෝ. කොහොම උනත් අදහසට ස්තුතියි. මම හිතන්නේ ඊට කලින් Stanly Kubrikව කට්ටියට හඳුන්වල දුන්නොත් හොඳයි කියල. ස්තුතියි අදහසට.
එහෙනම් කුබ්රික් ගේ shinning මුලින්ම දෙන්න
බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් නොවැ. ජය෴෴ 😛 😛
නියම කතාවක් වගේ. මමත් බාගන්නවා ඔන්න. බොහොම ස්තූතියි සචිත් සහෝ. ජයවේවා!
thamkz me wage maxxa film walata subtitle denawata
ලිපියෙ තියෙන විදිහට ලොවෙත් නැති පට්ටම සුපිරි මහරක්නෙ.Psycho ෆිල්ම් එකත් බැලුවෙ ඊයෙද පෙරේදද කොහෙද.මරු ඒකත්.නියමයි සචිත්.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!
නියමයි සහෝ ඔයා ගේන්නෙම සුපිරි කතා,එල එල,ජයවේවා.
thnxx bro!!!
එලනෙ
පහරක් වගේ…
තව දෙන්න මේ වගෙ ලස්සන ඒවාට
ඔබට ජය…..
උපරිමයි සචිත්…………
උදා කියල තියෙන දෙන්නගෙ ෆිල්ම්ස් ටිකකුත් දෙන්න පුළුවන් නම් මසුරන්. කොහොමවුණත් සචිත් තව ටිකක් හිච්කොක් සහ රායි පස්සෙ එළවනවා දකින්න මං ආසයි.
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.
Ela ela
thnx bro
බොහොම අගෙ සචිත් හිච්කොක් තව අතිශය සුපිරි බයිස්කෝප් එකක් සිංහල උපසිරැස එක්ක අපි වෙත අරගෙන ආවට. Psycho උපරිම රසවින්ද බවත් නොකියාම බැහැ. මෙයත් ඒ වාගේම අනගි බයිස්කෝප් එක්ක බවට සැකයක් නැහැ. පොඩි කොපිය මසුරන් හොදේ. එහෙනම් බොහොම ස්තුතියි උපසිරැසට, නැවත හොදම සිනමා නිර්මාණයක් ඉක්මනින් අප වෙත ගෙන එන්න කියලා ඉල්ලනවා…. පරණ එකක් වුනාට කමක් නැහැ හොදේ….!
ස්තුතියි සහෝ උපසිරැසියට
ela ela maxxaa..goda dawasakin ennath bari unaa…..250 n ekak nam aniwaa balanawa…jya wewaa!!!!
THANKS A LOT
නියමයි රුපේ .. පට්ට පතුරු මුවි එකක් නේ
මෙවගේ එවා තව ගෙනේන් සහෝ
ජය වේවා..
thankssss
Thank u very much brother.
මේවා තමයි සුපිරි චිත්‍රපටි! කිව්වත් වගේ මම මෑතක දුටුවා, එක්තරා වෙබ්පළක හිච්කොක්ගේ සිනමා රීතීන්ගේ ආභාෂය ලැබූ ඇගයිය හැකි මට්ටමේ චිත්‍රපටි 10ක් ගැන තොරතුරු දක්වා තිබෙනවා වෙසෙසින්ම. ඒ ගිය වසරේ තිරයට ආ Hichcoc (2012) යන චිත්‍රපටය සමගාමීව සිදු කෙරුණක්. ඉතින් ගිය වසරේ මොහුගේ ජීවිතය හා ඇළැලුණු සිදුවීම් සහිත චිත්‍රපට 2ක්ම තිරයට ආවා වගෙයි මගේ මතකය.
හැකිනම් ඒවාත් අප වෙනුවෙන් අරගෙන එන්න කියන ඉල්ලීම කරනවා සහෝ! මේ වගේම හැකිනම් ස්වීඩන මහා නිර්මාණකරු Ingmar Bergman ගේ සහ රුසියානු මහා නිර්මාණකරු Andrey Tarkovsky ගේ චිත්‍රපටත් රැගෙන එන්නට හැකිනම් වටිනවා. ඔවුනගේත් තිබෙන්නේ තමනටම ආවේණික භාවිතාවක්. ඒ වගේම ලෝක සිනමාවට නව මානයක් මුසු කරන්නට සමත්කම් පෑ අති විශිෂ්ට අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක්. කවුරුන් හෝ ඒ සම්බන්ඬ්අවත් අවධානය යොමුකරනවානම් අපේ මේ බයිස්කෝප් විබපළ වින්දනයෙන් ඔබ්බට ගිය අධ්‍යයන මධ්‍යස්ථානයක් බවට පෙරළා ගත හැකි වෙනවා අපට.
ඉතින් මේ වෙනුවෙන් බොහොම තුති සහෝ. මේවා පැරණි නිසා අපේ හුග දෙනෙක් මේවා දකින්නේ දණිස්සට පහළින්. ඉතින් ඒවායේ ඇත්තටම තිබෙන අගය ගැන මේ විදිහට අපව දැනුවත් කරනවාට බොහොම සතුටුයි! ජය!
maru ekak wage
ela ela ha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….. බුදු සරණයි……………
patta machan…
thanks…
මේ වගේ පරණ සුපිරි ෆිල්ම් වල sub දීලා ඔයාල කරන්නේ සුපිරිම වැඩක් ඇත්තම කියනවනම් මම මේ site එකෙන් film 50 ක විතර sub බාලා අද තමා comment එකක් දැම්මේ
shaa,,, ela kiri film akak..
තෑන්ක්ස් වේවා!
නියමයි… තුති
සුපිරිම කතා තමා හිච්කොක් ගේ ඒවා, මෙයාගේ අනිත් ඒවාත් ඕනේ. මචෝ. ජයම පතනවා.
gr8 film 😀 tx
elazzz thnxzzzz
බොහොම පින්
පට්ට හොදේ දිගටම සබ් දෙන්න
jayen jayama wewa!!!1
එලස් මචෝ පට්ටම එකක් නේ ගෙනැත් තියෙන්නේ..
thanks
ජය වේවා බාන්න දැම්ම
wow… maru 😀
එල මචං කතාවේ හැටියට එක දිගට බලන්න පුළුවන් රහස් පරීක්ෂක කතාවක් වගේ.නියමයි දිගටම සබ් දෙන්න ලැබේවා!
thnxxxxxxxxxxxxxxxx
ලොවෙත් නෑ මචං මේවා තමා ෆිල්ම්ස් සුපිරි… දිගටම සබ් දෙන්න,..
patta patta supiri film akak wage
තෑන්ක්ස් සහෝ