අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Retribution (2023) Sinhala Subtitles | පවුම් මිලියන දෙසිය අටක්! [සිංහල උපසිරසි] [BLURAY UPDATE]

Rating: 8.3/10. From 42 votes.
Please wait...

UPDATE -> BLURAY

Liam Neeson රංගනයෙන් දායක වෙන 2023 වසරේ නිකුත් වෙච්ච අලුත්ම ෆිලුමකට තමා මේ සබ් එක ඔයාල වෙනුවෙන් අරන් එන්නේ. Liam මහත්තයා ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. වයස 70 පැන්නත් තාම හොලිවුඩයේ නැතුවම බැරි චරිතයක් තමා Liam Neeson කියන්නෙ. Thriller/Action කැටගරියෙන් නිකුත් උන මේ ෆිලුම 2023 අගෝස්තු 23 ප්‍රංශයේදි නිකුත් වෙද්දි, අගෝස්තු 25 ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරනවා.

කතාව ගැන කිව්වොත් මැට් ටර්නර් කියන්නෙ කොටස් වෙළඳපල ආයතනයක මූල්‍ය කළමනාකරුවෙක්. මනුස්සයාට අනිත් හැමදේටම වඩා වටින්නෙ තමන්ගෙ රස්සාව. ගෙදර ළමයි බිරිඳ ගැන මනුස්සයාට මතකවත් නෑ. ඉතින් දවසක් උදේක මැට් ගෙ වගේම එයාගෙ පවුලෙ අයගෙත් ජීවිතේ වෙනස් කරන සිදුවීම් මාලාවකට මුහුණ දෙන්න වෙනවා. ඒ දවසෙ උදේ මැට්ගෙ ෆෝන් එකට නිර්ණාමික කෝල් එකක් එනවා. ඇති නේද? එතනින් එහාට වෙන දේවල් ෆිල්ම් එක බලලම දැනගමු නේද? මුල ඉඳන් අගටම කුතුහලය උපරිමයෙන් තියන අන්තිම වෙනකම් හිතාගන්න බැරි කතා තේමාවක් තියන පවුලේ සැමට එක‍ට සිට නැරඹිය හැකි මේ ෆිලුම ඔයාල අනිව බලන්න ඕනෙ කියල මං නිර්දේශ කරනවා. ෆිල්ම් එකේ තව විස්තර ටිකක් පහලින් දාන්නම්.

ෆිල්ම් එකේ හොඳ කොපියක් ඇවිත් දවස් කීපයක් උනාට මේ වැඩ අස්සෙ සබ ඔයාලට අරන් එන්න ටිකක් පරක්කු උනා. වැරදි අඩු පාඩු එහෙම තිබ්බොත් සමාව ඉල්ලන ගමන් වැඩේ කරගෙන යන්න ගොඩක් උදව් කරපු විමා සහෝටත් ස්තූති කරන ගමන් දැනට මෙතනින් නවතිනවා. කොමන්ටුවක් හලාගෙන යන්න ඉතින් යන ගමන්. හැමෝම පරිස්සමින් ඉන්නෝ!!

Name – Retribution 2023

Catagory – Thriller/Action

IMDB – 5.3/10 (4K+ Vote)

Director – Nimród E. Antal

Starring – Liam Neeson, Noma Dumezweni, Lilly Aspell, Jack Champion

Box office – $13 Million

Running Time – 90m

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB / BLURAY පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

30 thoughts on “Retribution (2023) Sinhala Subtitles | පවුම් මිලියන දෙසිය අටක්! [සිංහල උපසිරසි] [BLURAY UPDATE]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි

    Reply
  • Thank you machn

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • Thanks for the sub…!

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • Thnx bro…great job…good luck…

    Reply
  • sub eka wada nane bro

    Reply
    • වැඩ බ්‍රදර්

      Reply
  • Meka remake ekak.korean film ekak.
    Sub ekata thanks Malaya…

    Reply
  • thanks a lot brother sub ekata

    Reply
  • sub eka wada na ne extract karagannath ba

    Reply
    • ගැටලුව නිවැරදි කරලා තියෙන්නේ..නැවත උත්සාහ කරන්න

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරසියට..
    ලීම් නීසන් ඉන්න නිසා මඟාරින්න බැහැනේ…

    Reply
  • ගොඩක්ම ස්තූතියි සුජි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Thanks kiyala madi…..Godakma pin…..!!!!!

    Reply
  • Thank u subtitles akata ❤❤

    Reply
  • හාහි මං විදුර මන් ඔයලාගෙ එන හැම පිල්ම් එකම වගෙ dawnlod කරනවා අලුත් pilms හොඩක් එනවා ඇයි එවා එන්නෙ නැත්තෙ tamil pilms හෙම ගොඩාක් එනවා එවාත් පුලුවන්නම් දාන්නකො ඇත්තටම ඔයාලගෙ සබ් හෙම හොදයි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි!
    මරු ෆිල්ම් එක ආ. දැන් බලල ඉවර කලේ.
    ලියම් නිශන්ගේ ටේකන් ෆිල්ම් දෙක තුනෙන් පස්සේ ඒ ජාතියෙන් ආව හොඳම එක මේක මම හිතන්නෙ.
    සබ් එකත් හොඳට තිබ්බා. 🙂

    Reply
  • බුදු සරණයි කොල්ලා

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *