Roman Holiday (1953) with Sinhala Subtitles | රජ කුමරියකගේ රෝම සවාරිය [සිංහල උපසිරසි සමඟ]
මම ගොඩක් කාලෙක ඉඳන් බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරසි ලබාගත්තත්, වේලාව හරියට නොමැතිකම නිසා බයිස්කෝප් වෙබ් අඩවියට සිංහල උපසිරසික් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුනෙම නෑ. ඉතින් මාත් හිතුවා උපසිරසක් කරන්න. ඒ ගැන වෙබ් අඩවියෙන් මුලින්ම විමසුවම විමා සහෝදරයා තමා මේ අවස්ථාව මට ලබා දුන්නේ. ඒ පිළිබඳ ඔහුට මුලින්ම ස්තූති කරන්න ඕනෙ.
මම මුල්ම උපසිරස විදියට තෝරගත්තෙ නම් ගොඩක් පරණ කළු සුදු චිත්‍රපටයක්. මම ගොඩක් හොලිවුඩ් චිත්‍රපට නරඹලා තියෙනවා, ඒ අතරින් මේක මගේ ප්‍රියතම චිත්‍රපට වලින් එකක්. මේක ඕනම කෙනෙක්ට නරඹන්න පුළුවන් විදියේ ලස්සන රොමැන්ටික් කොමඩි කථාවක්. ඒ වගේම මුල ඉඳන් අගටම කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට බලන්න පුළුවන් එකක්.මේක නිපදවලා තියෙන්නෙ 1953දී, මේකට රංඟනයෙන් දායක වෙන්නේ 50-60 දශක වල හොලිවුඩයේ ඉතා ප්‍රකට රංඟන ශිල්පීන් දෙන්නෙක්. ඒ Gregory Peck සහ Audrey Hepburn. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ William Wyler. මොහු තමා ඉතිහාසයේ වැඩිම ඔස්කාර් සම්මාන ගණනක් දිනු Ben-Hur චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ. මේ චිත්‍රපටය ඉතා ඉහළ IMDB අගයක් ලබා තිබෙනවා. 8.1 ක IMDB අගයක් අරන් මෙය IMDB දර්ශකයේ 244 වැනි තැන පසුවෙනවා. මේ චිත්‍රපටයේ කළ රංඟනය සඳහා Audrey Hepburn හට එම වසරේ පැවති ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය ලැබෙනවා. ඊට අමතරව තවත් ඔස්කාර් සම්මාන 2ක් ඇතුළුව තවත් සම්මාන 7ක් ලබා තියෙනවා. චිත්‍රපටයයේ අන්තර්ගතය විදියට තියෙන්නෙ සිනහවෙන්, ආදරයෙන් පිරැණ, යථාර්වාදී අවසානයක් තියෙන , හිතට වදින ලස්සන කථාවක්.
දැන් චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කිව්වොතින්, කථාව පටන් ගන්නෙ යුරෝපයේ නම සඳහන් වෙන්නෙ නැති රටක ඔටුන්න හිමි තරැණ කුමාරිකාවකගෙන්. ඇය යුරෝපා රටවල දේශපාලනික හා සබඳතා වර්ධනය කරගැනීමේ දීර්ඝ සංචාරයක නියැලෙනවා. ඒ අතරතුර ඇය ඉතාලියේ රෝම නගරය කරා පැමිණෙනවා. මේ දීර්ඝ සංචාරය නිසා ඇය හොඳටම හෙම්බත් වෙලයි සිටින්නෙ. පසුව ඇයට ඇතිවෙච්ච ආතතිය නිසා ඇය රාත්‍රි කාලයේදී මාලිගාවෙන් පැන යනවා. පසුව හරියට සිහියක් නැතුව රාත්‍රියේ මහපාරේ සිටින ඇයට හමුවෙනවා තරැණ ඇමරිකන් මාධ්‍යවේදියෙක්ව. එතනින් පස්සෙ තමා කථාව පටන් ගන්නෙ. චිත්‍රපටය සම්පුර්ණෙන්ම වගේ රෑගත කරලා තියෙන්නේ රෝම නගරයේ.
මේකෙ ලබා දී තිබෙන බ්ලු රේ කොපිය කොලිටියෙන් ඉතා උසස් එකක්. මේක කළු සුදු එකක් කියලා අතහරින්න එපා. මොකද මේ වගේ අහිංසක රොමැන්ටික් කොමඩි කතා වර්තමාන සිනමාවේ වැඩිය දකින්නට ලැබෙන්නෙ නැති නිසා. තවත් උපසිරසකින් ළඟඳීම හමුවෙන්නම්. ස්තුතියි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති සිංහල උපසිරසි සියලුම BR පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1393 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ealama saho thanks
me wage parana ewatama sab denna
Thanks..
Good Luck..
Thanks
Thank You Sub Ekata
Direct Download Link | No Ads | No PoP Up Ads | No Waiting | 726MB | 480p BrRip
* http://goo.gl/AHVYoI
උපසිරසියට ගොඩක් ස්තුතියි! පරණ එකක් නිසා බලන්නම ඕන.
http://www.torrentdownloads.me/torrent/1651967854/Dracula+Has+Risen+From+The+Grave+1968+DVDRip+XviD-BLooDWeiSeR+avi
හැකිනම් මෙයට උපසිරසිදෙන්න.
#Hail_Hydra
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට ස්තූතියි සහෝ
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
සබ් ඒකට ස්තූතියි! Alfred Hitchcock ගේ ෆිල්ම් ටිකකට සබ් කරමුද?
නියමයි නියමයි
සිංහල
උපසිරැසියට ස්තූතියි
දිගටම සබ් කරන්න
අවැසි ශක්තිය හා
කාලය
ලැබේවා !
ජයෙන් ජයම
වේවා !!!!!
Jun 30, 20
සබ් එකට ගොඩාක් ස්තූතියි
wadakma na antimai appa. mewata sub denawata wada baiscope eke lipiyak withatak dala thiyana=Jennifers Body UNRATED (2009) ඇය යක්ෂනියක්. සුරූපි යක්ෂනියක් sub denna
සහෝ මේ චිත්‍රපට බලන අයත් ඉන්නවා, ඒ අයටත් සාධාරණයක් ඉටුවෙන්න ඕන. අලුත් ඒවා තොගපිටින් තියෙන්නේ. ඒ නිසා මෙවැනි උපසිරසියක් ගොඩක්ම වටිනවා.
සැලෙන්න එපා… මේ වගේ ෆිල්ම් මිස් උනොත් මිස් උනාම තමා… බොහොම වටිනවා මේ වගේ ඒවා ඇදලා අරං සබ් දෙන එක…