MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදමිළධනුෂ්ක ආරියරත්නනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Sathura Adi 3500 (2017) Sinhala Subtitles | සිවිල් ඉංජිනේරුවාගේ මරණයේ අභිරහස.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 22 votes.
Please wait...

මේ වතාවෙ අරගෙන ආවෙ 2017 වසරේ නිකුත් වෙච්ච horror, drama ගණයට ඇතුලත් වෙන දමිළ චිත්‍රපටියක්. ඉන්දියාවෙ චෙන්නායි නගරයේ සිදුවුන සත්‍ය සිදුවීම් කීපයක් පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරල තියෙන්නෙ. පැයයි විනාඩි 45ක් වගේ කාලයක් චිත්‍රපටිය ධාවනය වෙනවා. තිර රචනය හා අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jaison කියන අධ්‍යක්ෂකවරයා. සංගීත අධ්‍යක්ෂණය Ganesh Raghavendra කියන සංගීත අධ්‍යක්ෂකවරයාගෙන් . ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය දක්වන්නෙ Nikhil Mohan, Iniya, Rahman, Swathi Deekshith කියන නළු නිලියො ටික. Dhuruvangal Pathinaaru, Pagadi Aattam, Oru Mugathirai වගේ ඉතා සාර්ථක චිත්‍රපටි වලට ප්‍රධාන රංගනයෙන් දායක වුන Rahman මේ චිත්‍රපටියේ පොඩි චරිතයකට සම්බන්ධ වෙලා තියෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කියනවනං මෙහෙමයි, හොඳ ගොඩනැගිලි ඉදිකරන්නෙක් විදිහට කීර්තිමත් නමක් ඇති කරගන්න එක ජීවිතේ එකම සිහිනය කරගත්ත ස්ටීවන් නම් වූ සිවිල් ඉංජිනේරුවෙක්, තමන්ම ඉදිකරමින් හිටපු තට්ටු 11ක ගොඩනැගිල්ලක එල්ලිලා මැරිල ඉන්නවා. මේ මරණය දිවිනසාගැනීමක්ද, මිනීමැරුමක්ද කියල පරික්ෂා කරල විසඳන්න භාරවෙන්නෙ උප පොලිස් පරික්ෂක කරුණට. මේ පරික්ෂණය කරගෙන යන අතරතුරේ මැරුණු සිවිල් ඉංජිනේරුවරයාගේ අවතාරය ඒ අවට සැරිසරනවා කියල කට කතාවකුත් කරුණට අහන්න ලැබෙනවා. සමහර අවස්ථා වලදි මේ අවතාරෙ කරුණගෙ ඉස්සරහදිත් පේන්න ගන්නවා. කොහොම හරි ස්ටීවන්ගෙ පෙම්වතියට කසාදයක් කරගන්නත් මේ අවතාරෙ ඉඩ දෙන්නෙ නෑ. කසාද යෝජනා අරගෙන එන අයගෙ ගෙවල් වලට ස්ටිවන්ගෙ අවතාරෙ ගිහිල්ලා මනමාලයව බයකරලා කසාදෙ නවත්තන්න වැඩ කරනවා..ස්ටිවන් ගොඩක් උනන්දුවෙන් කීර්තිමත් ගොඩනැගිලි ඉදිකරන්නෙක් වෙන්න උත්සහ දරපු කෙනෙක් කියල දැනගන්න කරුණට ස්ටීවන්ගෙ මරණය මිනිමැරුමක් කියන දේ පිළිබඳ සැකයක් නැතිවෙනවා. ඉතින්, කරුණා මේ අභිරහස් මිනිමැරුම විසඳන්නෙ කොහොමද කියන දේ තමයි චිත්‍රපටියේ ප්‍රධාන සිදුවීම වෙන්නේ…කොහොම වුනත් මේ අභිරහස් මිනිමැරුම කරුණට විසඳන්න පුළුවන් වෙයිද? ඇත්තටම ස්ටීවන්ගෙ අවතාරෙ සැරිසරනවා කියල පැතිරෙන කටකතා වල තේරුම මොකද්ද? කියන දේ වලට පිළිතුරු චිත්‍රපටියේ අන්තර්ගත වෙන හින්දා ඒක බලලම දැනගන්න කියල ඉල්ලීමක් කරනවා….ජයවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4759 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/05/ධනුෂ්ක-ආරියරත්න-e1525685776490.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

33 thoughts on “Sathura Adi 3500 (2017) Sinhala Subtitles | සිවිල් ඉංජිනේරුවාගේ මරණයේ අභිරහස.. [සිංහල උපසිරැසි සමඟ]

  • tharidu sagara

    බොහොම ස්තූති සහෝ උපසිරසට.
    ජය වේවා!!!

    Reply
  • Chandima1998

    Sub ekt thank you ජය වේවා……!!!!!!!!

    Reply
  • ස්තූති සහෝ සබ් එකට , එත් පොඩි අවුලක් තියෙනවා timeline හරියට වැඩ කරන්නෙ නෑ නේ ,

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • lahiruviduranga

    Thanks for the sub bro…..

    Reply
  • wijitha_weerarathna

    film eka download karanne kohomada? software ekak onada? please danna kenek kiyanna

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks..
    Good Luck..

    Reply
  • SanjulaJeter

    Deep web 2015 film Akata. Sub Denna puluwanda

    Reply
  • tharindukavinda626

    thanks brooo

    Reply
  • සහෝ මේ සලරුව නම් මෙලෝ රහක් නෑ
    අපරාදේ ඔයාගෙයි අපෙයි කාලය

    Reply
  • harshani11112

    ස්තුති ධනුෂ්ක සහෝ…

    Reply
  • Lalani Maduwanthi

    Thank you dhanushka malli

    Reply
  • Bandara 1976

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …තව උපසිරැසි දෙන්න
    ශක්තිය ලැබෙිවා!!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • සබට ගොඩක් ස්තූතියි සහෝ, ජය……….

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක් සහෝ .

    Reply
  • gihan perera

    ෂා….නියමයි…හොඳ වැඩක් සහෝ….බොහොම ස්තුතියි සහෝ….තව හොඳ උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..

    Reply
  • ranga11112

    සිංහල උපසිරසියට ස්තූතියි සහෝ .
    mamada 1st

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *