Seethakaathi (2018) Sinhala Subtitles | පුරාවෘත්තගත කලාකරුවෙකුගේ ආත්මීය සංචාරය [සිංහල උපසිරසි සමඟ]
සුබ දවසක් වේවා බයිස්කෝප් හිතමිතුරනි..! දමිළ සිනමා රසිකයන්ගේ මනදොළ පිනවන්න අද ගෙනාවේ හැමෝම බලන් හිටපු විජේ සේතුපතිගේ අලුත්ම චිත්‍රපටිය. හැමදාම වගේ සාම්ප්‍රදායික ක්‍රියාද්‍රාම වර්ගිකරණයේ චිත්‍රපටිම බලන එකේ අද බලමුද පොඩ්ඩක් වෙනස් කතාවක්? කොහොමත් විජේ සේතුපති කියපුවාම අපේ හිත්වල ඇඳෙන්නෙත් වෙනස්ම වැඩක් කරන මනුස්සයෙක්වනේ. තමන්ගේ රසිකයන් වෙනුවෙන් අලුත්ම ජාතියේ අත්හදාබැලීම් කරන මොහු මේ වතාවෙත් වෙනස්ම වැඩකින් ඇවිත් ඉන්නවා.
වේදිකාව මතින් ඉපදෙන නලුවෙක් වේදිකාව මතම අවසන් හුස්ම හෙලනවනම්..?
මරණයෙන් පස්සෙත් ආත්මය තුළින් රඟපානවනම්..?
අද කාලේ කලාව වෙනුවෙන් වෙහෙසෙන කලාකාරයෙක්ගේ ජීවිතය කොයි වගේද..?
මම මේ කියන්නේ වර්තමානයේ තියෙන වාණිජ සිනමාපට ගැන නෙමෙයි.
ඉහලම රසයක් විඳින්න පුලුවන් විදියේ කලා නිර්මාණ වෙනුවෙන් මහන්සි වෙන මිනිස්සු ගැනයි!”
IMDb දර්ශකයේ අතිදැවැන්ත 7.5 අගයක් ලබා ගනිපු මේ චිත්‍රපටය තිරගත වීම ඇරඹෙන්නේ පසුගිය දෙසැම්බර් මස 20 වනදා. අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපතත් Balaji Tharaneetharan විසින්. නිෂ්පාදකවරු තුන්දෙනෙක්ගේ දැවැන්ත නිෂ්පාදනයක්. Govind Vasantha ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වුණු Seethakaathi සඳහා Trident Arts සමාගමත් එකතු වෙලා ඉන්නවා. පසුගිය Galatta සිනමා උළෙලේදී ප්‍රධාන ධාරාවේ සම්මාන 2 කට නිර්දේශ වන්නටත් මෙම සිනමාපටය සමත් වුණා.
Best Debutante Supporting Actor – Sunil Reddy
Best Debutante Cinematographer – Saraskanth
Naduvula Konjam Pakkkatha Kanom හි සාර්ථකත්වයෙන් පසු Balaji Tharaneetharan නිවේදනය කරනවා තමන්ගේ ඊළඟ චිත්‍රපටය කලාකරුවකුගේ ජීවිතය වටා ගෙතුණු වෙනස්ම විදිහේ නිර්මාණයක් වන බවට. 2012 වර්ෂයේ සිටම විවිධ ඉඟි ලබාදුන්නත් ඔහු මේ පිළිබඳව වැඩිදුර විස්තර ඉදිරිපත් කරන්නේ 2017 වර්ෂයේදී. එතනදී ඔහු මාධ්‍යයට ප්‍රකාශ කරනවා තමන්ගේ ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ විජේ සේතුපති කියලා. ඒ අනුව නිල වශයෙන් 2017 වර්ෂයේ අප්‍රේල් මාසයේදී Seethakaathi හි නිෂ්පාදන කටයුතු පටන් ගැනෙනවා. මේ තමයි විජේ සේතුපතිගේ 25 වන චිත්‍රපටය. වසර 8ක් තුළ චිත්‍රපට 25කින් අමුතුම වැඩ ගොඩක් කරපු නළුවෙක් තමා විජය සේතුපති කියන්නේ.
ඔහුට අමතරව Mouli,Archana,Ramya Nambeeshan,Bagavathi Perumal සහ Bharathiraja වැනි ප්‍රවීණ නලු නිළියන් රාශියකුත් මේ සඳහා රංගනයෙන් දායකත්වය සපයලා තියෙනවා. ඒකෙන්ම පේනවා මේ වැඩේ සුලුපටු නොවන විත්තිය.
නුඹ ඔහුගේ අනුකරණයද..
නුඹ ඔහුගේ සෙවණැල්ලක්වත්ද..
ඔහු හා නෙක බැඳි ආත්මයද කියනු මැන..
ඔබගේ ඒ චලනයෙන්..මහා උත්තම කටහඬෙන්..
මුලුමනින්ම ඔහු මෙන්ම ය..
මහා ගිනි ජාලාවකින් වසා ලූ වද
හෙතෙම මිය හොස් නැති හැඩයි..!!”
Drama කැටගරියට අයිති නිසා අනෙක් චිත්‍රපටවලට සාපේක්ෂව සිංදු එහෙම ටිකක් දිගයි. දිගයි කියලා අතහරින්න යැ? විශේෂයෙන්ම Govind Vasantha වගේ ප්‍රවීණයෝ ඉන්නකොට. මුලදී නොවැම්බර් 16 වනදා Seethakaathi තිරගත වන බවට ආරංචිමාර්ග ලැබුණත් ඉවරයක් නැති බාධාවීම් හමුවේ දෙසැම්බර් 20 වනදා තිරගත කිරීම් අරඹන බවට දැනුම් දුන්නා. ඒ චිත්‍රපටයේ තුන්වන පෝස්ටරය මාධ්‍යයට එළි දැක්වීම සමගාමීවයි. තිරගත වීම ඇරඹීමටත් පෙර සිටම යහපත් ප්‍රෙක්ෂක ප්‍රතිචාරයක් දිනාගන්න සමත් වුණා වගේම විචාරක ප්‍රතිචාරත් ඉතා ඉහළ මට්ටමක රඳවා ගන්න මෙම සිනමා පටය සමත් වෙලා තියෙනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Web-DL පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2359 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිනු වීරක්කොඩි” සොහොයුරාට සහ බේනුක නිම්හාන් සේනාධීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
දෙන්නාටම සබට බොහොම තුති කිව්වා.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
Thank you
thnx bro sub ekata…
Sub ekata thanx
pattamai aah kiyala wedak na sub eka paharamai
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you for the subtitle.
thanks
උපසිරැසියට බොහොම ස්තූතියි.
දෙදෙනාටම බොහොම ස්තුති සහො
තෙරැවන්සරණයි
Thanks …
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
කතාව මොන වගේද සහෝ? කතාව ගැන පොඩ්ඩක් කියන්න බැරිද? මුල හරිය වත් කියන්න. සබට ස්තූතියි.
ජයවේවා සහෝ.නියමයි
නියමයි සහෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….
සබ් එකට ස්තූතියි සහෝ
subata thanks sahola
සබ් එක දුන්නට දෙන්නටම බොහොම ස්තූතියි.
බොහොම ස්තුතියි උපසිරැසියට ..!
Thank u brothers..