Sherni (2021) Sinhala Subtitles | කොටි දෙන! [සිංහල උපසිරසි] (200*)
2014 ජනවාරි 14 වෙනිදා Raaz : The Mystery Continues (2009) චිත්‍රපටියට සිංහල උපසිරැසිය කරලා පටන් ගත්තු මේ වැඩේ දැන් අවුරුදු හතක් තිස්සේම හෙමින් සීරුවේ කරගෙන ඇවිත් 200ක තරම් සිංහල උපසිරසි ප්‍රමාණයකට දායක වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. පොඩි සතුටක් තියෙනවා මේකත් එක්තරා ආකාරයක අභියෝගයක් නිසා. දන්න අය දන්නවා පුළුවන් තරම් මං උපසිරැසි පල කරේ ඉන්දියන් නිර්මාණ වලටම තමා. ඒවායිනුත් බහුතරයක් හින්දි නිර්මාණ වලට. ඉංග්‍රීසි නිර්මාණ වලට නම් ටිකක් අඩුවෙන් තමා දායකත්වය දුන්නේ. ඉතින්, මේ කාලය තුල උපසිරැසිකරණය නිසා ඉගෙන ගත්තු දේ බොහොමයි, කැප කරපු දේ බොහොමයි, අඳුනගත්තු අය බොහොමයි, තරහ වුණු අය නම් නැතිම තරම්. ඒ හින්දම මේ විශේෂ අවස්ථාවේ මතක් කරන්න බොහෝ දෙනෙක් ඉන්නවා. අනිවාර්යෙන්ම එක්කෙනෙක් හරි මග ඇරෙන නිසා එකින් එක මතක් නොකර ඉන්නම්. සමූහ වශයෙන්, මේ සිංහල උපසිරැසිකරණ ගමන් මගේ හමු වෙච්ච හැම බයිස්කෝප් සහෝදර සහෝදරියෙක්වම ආදරයෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඒ වගේම අපේ මහගෙදර බයිස්කෝප් පරිපාලක මඩුල්ලේ හැම කෙනෙක්ටම මගේ හදපිරි ආචාරය පුද කරනවා මේ කරන කැප කිරීමට සහ නිතරම අපිට හයියක් වෙනවට. ඒ වගේම හැමදාමත් අපිට අදහසක් දක්වලා යන මිතුරන් ටිකව අමතක කරලා කොහොමද? ඔයාලටත් බොහොමත්ම ස්තූතියි. මගේ රත්තරන් අත් දෙක, ඇස් දෙක ඇතුළු මගේ මුළු ශරීර කූඩුවටයි, කරන හැම හිරිහැරයක්ම ඔහේ ඉවසන් ඉන්න, බැරිම තැන නොකියම හිටි හැටියේ ඕෆ් වෙන මගේ ලැප් රාජයාටයිත් ස්තූති කරන්න මට වචන මදි.
එහෙනම් මේ අරන් එන්නේ මගේ හතරවෙනි කඩඉම. කලින් කිව්වත් වගේ 200වෙනි උපසිරැසිය. හැමදාම කඩඉමකදී කියනවා වගේ ඊළඟ කඩඉම ගැන විශ්වාසයක් නෑ කියලා අද නම් කියන්නේ නැහැ. බොරු කියන්නේ මොකටද? මේ වැඩේ අත ඇරගන්න අමාරුයි. ඊළඟ කඩඉමත් තව අවුරුදු 5කින් හරි ගහයි. මැරුනේ නැත්තම් අබාධයක් වුණේ නැත්තම් ඒක අනිවාර්යයි. මෙච්චර කල් අපිත් එක්ක හිටියා වගේ දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා අන්තිමට ඉල්ලන්න තියෙන්නේ.
2017 අවුරුද්ද කියන්නේ හින්දි සිනමාවට එච්චර හොඳ අවුරුද්දක් නෙමේ. ආපු නිර්මාණ වලින් බහුතරයක් හොඳ මට්ටමේ නම් තිබ්බේ නැහැ. ඔය අතරේ එක පුංචි චිත්‍රපටියක් එලිදැක්වුණා. මතකද Newton (2017)? පුංචි චිත්‍රපටියක් කිව්වට මේක නතර වුණේ නම් ලොකු ලොකු වැඩ කරලා. ප්‍රේක්ෂක විචාරක මනාපය දසතින් දිනාගන්න ගමන්ම තිරගත කිරීම තුළින් ලබපු ආදායමෙන් Hit ලේබලය අලවගන්නත් මේ පුංචි චිත්‍රපටියට පුළුවන් වුණා. ඒ විතරක් නෙමේ ගොඩක් දෙනෙක්ට නොලැබෙන ඒ අවස්ථාව, ඔස්කා සම්මානය වෙනුවෙන් තරඟ කරන්න ලැබෙන ඒ අවස්ථාව, 90වන ඇකඩමි සම්මාන උළෙල වෙනුවෙන් ඩැහැගන්න මේ චිත්‍රපටිය සමත්වුණා. මේ හැමදේටම හේතු වුණු ඒ නිර්මාණයේ අධ්‍යක්ෂකතුමා කවුද? අමිත් වී. මසුර්කාර්.
මෙච්චර වටේ ගියේ අමිත් මහත්තයා ගාවට එන්න තමයි. ඉතින් 2021 වසරේ ඔහුගේ මීළඟ නිර්මාණය කලඑලි බැස්සා. මේ සැරේ අමිත් කියන නමට අමතරව මේ චිත්‍රපටිය රස විඳින්න ඔයාට තව හේතුවක් තියෙනවා. ඒ තමයි විද්‍යා බාලන්. විනාඩි දෙකක් හිටියත් ඇති, බාලන් නෝනා ඉන්න ඒ තිර කාලය රත්තරන් වගේ. ඒ රංගනයෙන් ඒ කටහඬින් කරන ඒ ප්‍රකාශන පසසන්න තරම් අපි කවුද? මේ වගේ කට්ටියකගේ උරමතින් ශේර්නි චිත්‍රපටිය පසුගිය සිකුරාදා දවසේ ඇමසෝන්ප්‍රයිම් හරහා විකාශය වෙන්න ගත්තේ කොරෝනා වාතාවරණය නිසා රිදීතිරයේ ප්‍රදර්ශනයකට මේවර ඉඩක් නොලැබීම හේතුවෙන්. නිව්ටන්ට වගේම තමයි මේ චිත්‍රපටියට ප්‍රේක්ෂකයන්ගේ සහ විචාරකයන්ගේ ධනාත්මක ප්‍රතිචාර මේ වන විට ලැබෙමින් පවතිනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් මේ වන විට 7.4ක ඉතාම හොඳ අගයක් වාර්තා කරලා තියෙනවා. Drama ගණයට ප්‍රිය කරන ඔයාට නම් ශේර්නි රස උල්පතක් වෙනවා නොඅනුමානයි. කම්මැලි වෙයිදෝ කියන දෙගිඩියාවෙන් බලන්න ගත්තත් පලවෙනි විනාඩියේ ඉඳන්ම ඇහැ අහකට ගන්න ශේර්නි නම් ඉඩ තිබ්බේ නැහැ. ඇබ්බැහියකින් වගෙයි මේ හෝරා දෙකම ගත කරේ.
විද්‍යා බාලන් විසින් චිත්‍රපටයේ පණ පොවන්නේ විද්‍යා කියන චරිතයටමයි. ඇය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කලාපීය වන සංරක්ෂණ නිලධාරිනියක්. වනජීවය රැකගන්න උපරිමයෙන්ම කැපවුණු කෙනෙක්. හදිසියෙම ඇයට ස්ථාන මාරුවීමක් ලැබෙනවා පිටස්තර ගම්මානයකට. ඒ අලුත් පත්වීම ඇයට ලැබෙන්නේ අභියෝග ගොඩක් එක්කයි. ඇය ඇවිල්ලා ටික දවසකින්, නිතරම කැලේ එක්ක ජීවිතේ ගෙවන මේ ගම්මානේ ගම්වැසියන්ගේ ජීවිත හදිසියේම වෙනස් වෙන්න ගන්නවා. එයාලගේ ජීවිතේ බයෙන් දෙගිඩියාවෙන් මිරිකෙන්න පටන් ගත්තේ කැලේ හිටිය කොටිදෙනක් ගම්පැත්තට සේන්දු වෙලා හැමෝගෙම ජීවිත වලට තර්ජනයක් වෙන්න ගත්ත දා ඉඳලයි. ගම්වැසියොයි කොටිදෙනයි අතරට මැදිවෙන විද්‍යා මේ ප්‍රශ්නයට මූණ දෙන්නේ කොහොමද කියන හැටි ශේර්නි සිනමාපටයෙන් දිගහැරෙනවා. විද්‍යා බාලන්ට අමතරව විජේ රාස්, නීරජ් කාබී, ශරත් සක්සේනා වගේ ප්‍රවීණ රංගධරයන්ගෙන් සිනමාපටය හැඩගැන්වෙනවා. ඉතින් රංගනයන් ගැන කිසිම කුකුසක් තියාගන්න එපා. අනිත් පැත්තෙන් අධ්‍යක්ෂණය සහ කතාව ගැනත් අමිත් මහත්මයා ඔබට සහතිකයක් සපයනවා ඇති. ඉතින් ඔයාට තවත් හිතන්න දෙයක් නෑ. ශේර්නි උපරිම වින්දනයක් ලබාදෙනවා නිසැකයි.
ශේර්නි කියන්නේ මම කඩඉමකට තියා නිකන්වත් උපසිරැසිගන්වන්න හිතන් හිටි සිනමාපටයක් නෙමේ. මේ වන විටත් නිකුත් වෙලා තියෙන වෙනත් චිත්‍රපටියක් ගැනයි මගේ ඔලුවේ තිබ්බේ. ඒත් සිසිල සහෝදරයා යෝජනා කරා ශේර්නි වෙනුවෙන් කඩඉම් උපසිරැසිය කරමුයි කියලා. පොඩි සැකයක් තිබ්බට මොකද ශේර්නි බලන්න ගත්තම රූප රාමුවෙන් රාමුව ඉදිරියට යද්දි මට තහවුරු වුණා කඩඉම ගහන්න මීට වඩා හොඳ චිත්‍රපටියක් තවත් තියෙයිද කියලා. අන්තිමේදී මට හිතුනා මං මේ බැලුවේ, මේ වසරේ දැනට බලපු හොඳම හින්දි චිත්‍රපටිය නේද කියලත්. ඉතින් දෙපාරක් නොහිතම මගේ 200වෙනි උපසිරැසිය විදිහට ශේර්නි ඉදිරිපත් කරනවා. මේ වෙනුවෙන් විශේෂයෙන්ම සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූතිවන්ත වෙනවා.
ඒ වගේම පොඩි දේකුත් කියන්න තියෙනවා. ඔයා ගොඩක් චිත්‍රපටි වලට උපසිරැසි හොයද්දි ඉංග්‍රීසියෙන් විතරක් නම ටයිප් කරලා උත්තරයක් ආවේ නැතුවම හැරිලා යනවා ඇති. ඒත් සිංහලෙනුත් නම ටයිප් කරලා ටිකක් හොයලා බලන්න. අනිවාර්යෙන්ම නෑ කියලා හිතන ගොඩක් චිත්‍රපට, කතාමාලා වල උපසිරැසි ඔයාලට හම්බෙන්න පුළුවන්. මේ සිංහලෙන් සර්ච් කරන එක ප්‍රැක්ටිස් එකක් කරගන්න. මං දැක්කා හොඳ නිර්මාණ කීපයක්ම ගොඩක් අයට මග හැරිලා තියෙනවා. සමීපම උදාහරණයක් කිව්වොත් විද්‍යා බාලන්ගෙම මීට කලින් නිකුත් වුණු චිත්‍රපටියක් වෙන ෂකුන්තලා දේවි චිත්‍රපටියට ඉතාම අඩු අවධානයක් තමා ගිහින් තියෙන්නේ. එහෙම අවධානයට ලක්නොවෙන්න සුදුසු චිත්‍රපටියක් නෙවෙයි ඒ. ඒ හින්දා ඒ ගැනත් ටිකක් ඔලුවේ තියාගන්න කියලා ආදරෙන් මතක් කරලා ඉන්නවා.
එහෙනම් ශේර්නි එක්ක මං සමුගන්නවා. ඒත් ශේර්නි අපෙන් සමුගන්නේ නිකන්ම නෙමේ, හිතන්න යමකුත් ඉතුරු කරලයි. අපි කවුරුත් ජීවත් වෙන මේ මහපොළොවේ අඟලක් අඟලක් ගානේ අපිට වගේම මෙහි ජීවත් වෙන හැම සතාටම අයිතියි. සමහරවිට අපිටත් වඩා අයිතිය තියෙන්නේ ඔවුන්ට. අපි නැතිව ඔවුන්ට පැවැත්මක් තිබ්බට අපිට කොයින්ද ඔවුන් නැතුව පැවැත්මක්. පොළොව හාරන පණුවගේ ඉඳන්ම අපේ ජීවිත වලට ඔවුන් බලපාන හැටි, ඔවුන් නැත්තම් අපේ ජීවිත වෙනස් වෙන හැටි පොඩ්ඩක් ගූගල් එකේ සර්ච් කරලා බලන්න. හැමදේම හොඳ විදිහට වෙන්න නම් කරන්න තියෙන්නේ ඉතාම පොඩි දෙයයි. ඒ තමා බුද්ධිමත්ම ජීවියෙක් වෙන මනුෂ්‍ය අපි, අපේ ආකල්ප හදාගන්න එක. සර්පයෙක් දැක්ක ගමන් ඉබේම පොල්ලක් අතට ගන්න, බල්ලෙක්ව දැක්කම ගල් ගෙඩියකට අත යන අපේ ආකල්ප හදාගන්න එකයි. එතකොට හැමදේම හොඳ විදිහට වෙනස් වෙයි. මනුෂ්‍යයාට හිතන්න පුළුවන් මනසක් දීලා තියෙන්නේ යම් හේතුවකටයි. ඒ ම්ලේච්ඡයෙක් වගේ හැසිරෙන්න නෙමෙයි. හිතන්න, හැමදේටම ආදරේ කරන්න. කාටහරි හිතෙනවා ඇති අලි කඩා පනින ගමක හිටිය නම් මූ මේ සත්ව ප්‍රේමි බයිලා කියයිද කියලා. මතක තියාගන්න ඔය ප්‍රශ්න කියන දේවල් අවුරුදු ගානක් තිස්සේ ප්‍රශ්න විදිහටම තියෙන්නේ ඒ ප්‍රශ්න වලින් වාසි ගන්න යම් කොටසක් ඉන්න නිසයි. නැත්තම් ඔය දේවල් විසඳිලා අද මනුස්සයත් කැලෑ සතාත් දෙගොල්ලම තමන්ගේ ජීවිත ගෙවාගෙන සතුටින් ඉන්නවා.
නොරිදවා නොරිදවී ජීවත්වෙන්න..!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB/HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10976 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ඔය Font Colors Use කරන්න එපා Brother! ඇස් ගලවන් යනවා
Priyuraalu 2021 සිංහල sub දෙන්නකෝ
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
200 ට හදවතින්ම සුබපතනවා මයුර. ප්‍රමාදයට සමාවෙන්න. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
200 වෙනි සිංහල උපසිරසට මගෙන් උණුසුම් සුබ පැතුම් !!! ඔබගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!!
Congratulations aiye..
Sub ekata thanks
Sub ekata thanks brooo…. Patau dennata mokak wenna atida??
Thanks !!!
බොහොම ස්තූතියි …. !
ඇත්තටම සුපිරි ෆිල්ම් එකක් අනිවාර්යයෙන්ම කට්ටිය බලන්න ඕන ෆිල්ම් එකක් .මොකද හැම ප්‍රශ්නෙකටම දේශපාලනඥයෝ ඇඟිලි ගහනවා ලංකාවෙත් එහෙමයි ඉන්දියාවෙත් එහෙමයි.
එහෙම උනාම කිසිම ප්‍රශ්නයක් හරියට විසඳ ගන්න හම්බෙන්නෑ .
mayura suraj සහෝදරයා ඔහුගේ 200 wදෙසිය වෙනි උපසිරැසිය ලබා දීලා තියෙන්නේ නියම ෆිල්ම් එකකට.හදවතින්ම මම ඔබට සුබ පතනවා තව තවත් හොඳින් එවැනි හොඳින් එවැනි නිර්මාණවලට උපසිරසි ලබා දෙන්නට අවශ්‍ය කරන කරන ශක්තිය ධෛර්යය ඔබට ලැබෙන්නට කියලා .
Godak pin oyala karana me kepawimata saho
Thanx bro……………
200 වන උපසිරැසියට උණුසුම් සුබපැතුම් !!!!
200 වෙනි උපසිරැසි ගැන්වීම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා මයුර. බොහොම ප්‍රමාද වුණා සුභ පැතුම් එක්කරන්න. සමාවෙන්න ඕනෙ ඒකට. හිතා මතා කරපු දෙයක් නෙමෙයි. වැඩ රාජකාරිත් එක්ක තවම චිත්‍රපටය බලන්නවත් උනේ නෑ. ජීවිතයේ ඔබ කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්තනා කරනවා. ඉදිරියටත් සයිට් එකේ හින්දි සිනමාව පැත්තෙන් බර කරට අරගෙන යන්න ශක්තිය සහ ධෛර්‍යය නොමදව ලැබේවා කියලත් හදවතීන්ම ප්‍රාර්ථනා කරනවා. ජය!
ඒ වගේම 200 වෙනි කඩඉමටත් සුබ පැතුම්….!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thank you.
Thanks
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦ 200වෙනි උපසිරැසියට සුබපැතුම්…..
Thanks for the subtitle. Keep it up the good work.
200ට සුභ පැතුම් මං
සබ් එකේ මොකක් හරි අවුලක් තියේද
ලයින්ස් ගානට sync වෙන්නේ නෑ
පුළුවන් නම් හදලා දෙන්න. ඔයාගේ මහන්සිය අපරාදේ නැතිනම්
thanks
ස්තූතිය
සිංහල උපසිරැසිකරණයේ 4වෙනි කඩයිමට නැත්නම්, 200වෙනි සිංහල උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා සහෝදරයා..අමුතුවෙන් ඉතින් මම වෙනම කියන්න ඕන නෑ නේ..උඹේ වැඩ හැමෝම දන්නවා බං..
එහෙනම් මේ ගෙනාව උපසිරැසියටත් බොහොම ස්තුතියි මචෝ..ඉදිරි ගමනටත් හදවතින්ම සුබ පතනවා..
ජය වේවා.!!
සබට බොහොම ස්තූතියි සහෝ.
බොහොම ස්තුතියි වගේම උනුසුම් සුබපැතුම් සහෝ
ඊලග කඩයිම් වලටත් ඉක්මනින් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Patta
Thnkz
Sub ekata thanks. Sub eka open wenne nane
Thanks jayawewa…..!
උපසිරැසියට බොහෝම ස්තුතියි
Congrats kollo
250 ikmanta ghmu
Thanks…
Mosagallu(2021) sub plzzzzz
තැන්ක්ස් මයුර
සුබපැතුම් 200ට
200 කඩයිමට සුභපැතුම්…ගොඩක් ස්තූතියි මේ ෆිල්ම් එකට සබ් දුන්නට….සුපිරි ෆිල්ම් එක.සබ් එකත් 100%ක්ම කොලිටියට සුපිරියට තිබ්බා…..
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Congratulations bro…nice work…keep going
thanks a lot saho sub ekata
Thank you
Good work friend, Thanks for the sub!
සුබපැතුම් සහෝදරයා
තෑන්ක්ස් සබ් එකට සහෝ 200වෙනි සබ් එකට සුබ පැතුම්
Thanks brother
200 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් මයූ…
හැමදාමත් කියනවා වගේ ඉතින් මයූ සබ් එකක් ගෙනාව ෆිලුමක් බාන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ.
සබ් එකේ කොලිටියත් ඉතින් ඒ වගේම තමයි.
ඒකට හපන් මුගේ ලිවිල්ල. 😛
ඉතින් ඉදිරි කඩඉමුත් ඉක්මනින් පහු කරන්න ලැබේවා කියනගමන්
පෞද්ගලික ජීවිතේ කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
දිගටම සබ් දෙමු ආ….
ජය!
ඔන්න 200ට මගෙනුත් උණුසුම් සුභ පැතුම් එහෙනම්.
ගිය කඩයිමට සුභ පතල ඒ හැටි කාලයක් නෑත් නෑත් වගේ නෙ..
ඉතිං අමුතුවෙන් කියන්න දේකුත් නෑ උඹේ වැඩ හැමෝම දන්නවා..
හැම කඩයිමකදිම කියනවා වගේ
වෙනස් වෙනස් අමුතු කතා ගේනාව කාගෙත් රසවින්දය වෙනුවෙන් හැමදාමත්.
ඒවටම හරියන්න ලිපි කෑල්ලකුත් ලියනවා..හොඳම කොටස පටන් ගන්නෙ එතනින්
මන්ද මූට කොහොම මෙහෙම වචන එනවද කියල හිතෙනව හැමදාමත්.
ඒ එක වචනයක් රත්තරන් වටිනා කාලයක් නෙවැ අන්තිමේදි..කැප කිරීම මිල කල නොහැකියි.
කොහොමහරි..දිගටම වැඩේ කරමු මෙදා නම් කියල තියේ ඇත්තම අත්තක්.
මලත් උඹ මේකේ ඉඳියි..තව අවුරුදු ගානකින් ඇවිත් බැලුවත් උඹේ සබක් තියෙයි උඩින්ම
ඉතිං ජයම වේවා කරන කියන හැමදෙයක්ම සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා
කියල තමයි කියන්න තියෙන්නේ බන්…
නිකමටවත් හිතුනේ නෑ මේකෙන් කඩයිම ගහයි කියලා නම් හැබැයි..
උපසිරසියට බොහොම තුති
250ත් ඉක්මනට ගහමු
Bohoma pin saho me karana wadeta
Oyala ntnm ithin me film tv eke ynknma apita blnna wenne na neh
Congrats brother
Also thanks for sub
ලැප් එකට කෙල උන එකේ හිතේ දුකට කල්පනා කර කර ඉන්න ගමන් නිකමට සයිටට ආවේ.. මෙන්න මයුර අයියා 200 ගහලා.. හදවතින්ම, එක හිතින්ම සුබ පතනව හොඳේ. මේ ටිකේම ඉතින් ටීවී සීරීස් අනම් මනම් වලින් සෙට් උනානේ.. හැමදාම වෙනස් විදියෙ ෆිල්ම් වලට සබ් කරන කෙනෙක්.. මගෙ පුරුද්දක් තියෙනව ඔයා සබ් කරපු ෆිල්ම් සර්ච් කරලා ඒවා ඩව්න්ලෝඩ් කරලා බලන එක.. අමුතුම කතා තියෙන ෆිල්ම් ඔයා ගේන්නේ..ajji, welcome home එහෙම.. ඒ වගේම ඕනිම දේකට නෑ බෑ නොකිය උදව් කරන අපේ හොස්ටල් එකේම හිත හොඳ අයියා කෙනෙක්.. මේකත් ඉතින් අනිවා බලනවා… හැබැයි ඉතින් ලැප් එක හදපු දවසක තමා හොඳේ.. ඊළග කඩඉම්වලටත් යන්න හදවතින්ම සුබ පතනව අයියේ.. සබට තෑන්ක්ස් හොඳේ..
හපොයි! ඔයා මේ ටිකෙ සබ් දීපු පරන ෆිල්ම් ටිකනම් එල , කාලයක් යයි එහෙනම් ආපහු ඒවගේ එකක් බලන්න?
ඒ වගේ තමා සහෝ.. හදන්න දීලා තියෙන්නෙ තාමත් හදලා නෑ ලැප් එක..
thank you bro…..තව දුර යන්න ශක්තිය ලැබේවා…
උපසිරැසිකරණ ක්ෂේත්‍රයේ සිව්වන කඩඉම නොහොත් 200 වෙනි සිංහල උපසිරැසියට උණුසුම් සුභපැතුම් මල්ලි!
අවිවාදයක් නෑ ඉතින් මේකත් සුපිරියක්ම තමයි.!
කඩඉමට උණුසුම් සුබපැතුම් මයුර සහෝ..ඉතාම නිර්මාණශීලී ඇඟට දැනෙන උපසිරැසි සපයන සයිට් එකේ තවත් ප්‍රෝ කෙනෙක්.ඔය හැකියාව තව තව ඔපමට්ටම් කරගන්න දිගටම සබ් දෙමු.සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා!!
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
සුභ පැතුම් මයිර අයියා. සයිට් එකෙන් සෙට්වුන තවත් සුපිරිම බොක්කක් තමයි ඉතින්… ඊලග කඩයිම ඌටත් වඩා හනිකට ගහමු..
තැන්කු තැන්කු
Thanks bro
Congratulations
Congratulations!
Sub akta thanks
සුබපැතුම් මයුර
දිගටම වැඩේ කරන් යමු
Thanks & congrats brother
හදවතේ ගායකයා චාමර වීරසිංහ
හදවතේ උපසිරසිකරුවා “මයුර සුරාජ්”
Congratulations for 200th sub brother
200 වෙනි උපසිරස ගැන්මවීමට ගේ උණුසුම් සුභ පැතුම් මයුර සහෝ මෙතනින් නවතින්නේ නැතුව ඊළඟ කඩයිමටත් ඉක්මනට යන්න ලැබෙන්නේ කියලා පාර්ථනා කරනවා
Thanks bokka❤️
හප්පේ මයුරයා 200ක් ගහලා නේ
කතා දෙකක් නෑ ඉතින් සයිට් එකේ ඉන්න නිර්මානාත්මකම පොර තමයි
ඊලග කඩයිමට අවුරුදු 5ක් නම් යවන්න එපා හොදෙයි සයිට් එක පැත්තෙ රවුමක් ගහන හැම වතාවකම ඔයාගේ උපසිරසියක් තියේද කියල තමයි බලන්නේ
ඔයාගේ ජිවිතේ ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
ජය වේවා!!!
කඩඉමට සුභ පැතුම් මයුර….
ඒ් ඒක්කම ස්තුතියි උපසිරැසියට…
හැරිල යන්න හදල කඩයිමකට නේද මේ දීල තියෙන්නෙ කියල දැක්ක..තව ටිකෙන් සුපිරියක් මිස් වෙනව..සුබ පැතුම් සහෝ..ඒවගේම බොහොම ස්තූතියි
voter 2019 sub eka oni..
200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
200ට ට උණුසුම් සුබ පැතුම් මයුර. ඔයාගෙ සබ් එකක් නම් ආයෙ අහන්න දෙයක් නෑ සුපිරියක්ම තමයි.
සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලත් ප්‍රාර්තනා කරනවා.
ඉදිරි කඩයිම් වලට ඉක්මණින් යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලත් ප්‍රාර්තනා කරනවා.
සුභ පැතුම් මයුරයා 200 වෙනි උපසිරසියට..
හැමදාම කියනවා වගේ “ඔබතුමා සබ් කරපු චිත්‍රපටියක් නම් ඇස් පියාගෙන උනත් ඩවුන්ලෝඩ් වෙන්න දාන්න පුලුවන්.”
ඒක මම හැමදාම කියන කතාවක් සහ උඹ ඒ විස්වාසෙ ඔය අවුරුදු 7ට කවදාවත් ඩිසපොයින්ට් නොකරපු උපසිරසිකරුවෙක්.
උපසිරසිවල හොඳකම ගැන කතා කරන්න දෙයක් නෑ මේකෙ වැටෙන කමෙන්ට් වලින්ම ඒක පෙනේවි.
මුණගැහුනු සුපිරි චරිතයක්.
ඉදිරි වැඩ වලටත් ජය..
ස්තූතියි මේ උපසිරසියටත්..
ජයෙන් ජය..!!!
200 weni upasirasiyata subhapethum! meka nan aniwa balanawa….. hindi film balanna asawak aweth oyage upasirasi nisa aiye……..
200 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් මල්ලි. බයිස්කෝප් එකෙන් මුණ ගැහුන හොඳම සහෝදරයෙක්. උදව්වක් ඉල්ලුවොත් නෑ බෑ නොකියා කරලා දෙන හිත හොඳ කෙනෙක් වගේම හිතා ගන්න බැරි වෙනස්ම චිත්‍රපටි වලට උපසිරැසි කරන හොඳම උපසිරැසිකරුවෙක්. අනාගතයට සුභ පතනවා. තව තවත් කඩයිම් වලට ඉක්මනට ළඟා වෙන්න ධෛර්යය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Ask laftan වලින් හදුනගත්ත සහෝදරයෙක්.. සබ් එකක කිසිම අඩුපාඩුවක් කියන්න නැති මට්ටමේ සුපිරිම ෆිල්ම් සිලෙක්ට් කරන හොදම මට්ටමෙ උපසිරසිකරුවෙක්.. සුභ පතනව මල්ලි අනාගතේ උබ හිතනවටත් වඩා සාර්ථක වෙන්න කියල..
200 කඩයිමට හදාතින්ම සුබපතනවා අයියේ..! අවුරුද්දක් ය්‍යන්න කලින්ම ඊලග කඩයිම ගහමු නේද..
ජයවේවා….250න් මේවගේම හමුවෙමු..!❤️
200 වැනි උපසිරසට සුභ පැතුම්. දිගටම උපසිරැස කරණයේ යෙදෙන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතර ජීවිතය අනෙකුත් සියලුම දේ සාර්ථක වෙන්න සුබ පතනවා. ස්තුතියි.
සිංහල උපසිරැසියට ස්තූතියි
200 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජය
250 වෙනි උපසිරැසියෙන් ඉක්මනින් හමු වෙමු….
ෂුබපැතුම් ෂහෝදරයා
තද කොර ඇහ්හ්හ්
thanks sahoo… suba pethum baiscope paule thawath tharuwak..digatama sub denna shakthiya lebewa….
200 වෙනි උපසිසැසියට සුබ පැතුම්, සහෝ.
තව තවත් උපසිරැසි නිර්මාණය කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…!
සයිට් එකේ සුපිරිම උපසිරසිකරුවා ඔයා තමයි
හැමදාම වෙනස් තේමාවන් සහිත ෆිල්ම් ගෙනාපු කෙනෙක්
හැමොටම එහෙම ලොකු රසවින්දනයක් නෑ
ඉදිරි කඩයිම්වලටත් ඉක්මනින්ම යමු,ඒ වගෙම ඔයාගේ ඉදිරි වැඩකටයුතු වලටත් සුබපැතුම්
200වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් මයුර අයියෙ 🙂
බයිස්කෝප් එකේ දිදුළන මැණිකක් තමයි මයුර කියන්නෙ ❤️
හැම වෙලාවකම උපසිරස උපරිම කොලිටි එකෙන් දෙන අතරේ හිත ඇදිලා යන අපූරු ලිපියක් ලියන්නත් මයුර අයියා අමතක කරන්නෙ නෑ.
ඔය කිවවට මට හිතෙනව අයියගෙ ඊළඟ කඩයිම ඔයිට වඩා ඉක්මනින් ලැබෙයි කියලා 😛
ඉතින් උපසිරසකරණයේ දිගටම යෙදෙන්නත්, දිවියේ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. 😉
ජය ✌
200වැනි උපසිරසියට හෘදයාංගම සුබ පැතුම්!
හින්දි පැත්තෙ බර අදින, ඒ වගේම බොහොම අග්‍රගණ්‍ය
සිනමාපටවලට උපසිරසි කරන්නෙක් කිව්වොත් නිවැරදියි…
ඒවගේම තමයි උපසිරසිවල කොලිටියෙත් කිසිම අඩුවක් නෑ..
ඉතින් වැඩි වැඩියෙන් සිනමාපටවලට උපසිරසි ලබා දෙමින්
ඉක්මණින් 250ත් පහු කරන්න ලැබේවා කියා පතනවා…
ඔබට ජයෙන් ජය!
සුබ පැතුම් 200ට… විද්‍යා බාලන් කිව්වොත් සුපිරි තමා ඉතිං… දිගටම සබ් කරමු…
Congrats bro
උපසිරැසියට ස්තුතියි. අනිවාර්යයෙන් මේක තමා මේ අවුරුද්දේ මේ වෙනකල් බලපු හොඳම හින්දි ෆිල්ම් එක. අනිවාර්යයෙන් හැමෝම මේක බලන්ඩ. කිව්වත් වගේ විද්‍යා ෆිල්ම් එකක විනඩි 5ක් හිටියත් ඇති ඒක ලස්සන වෙන්ඩ.
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ .. 200 වෙනි උපසිරසියටත් සුබපැතුම් සහෝ .. ජයෙන් ජයම වේවා !!
Congrats bn
Subapathum bro
මේක ඩවුන්ලෝඩ් එකේ මොකක් කියලද සර්ච් කරන්නෙ?
විද්‍යා බාලන් නම් ඉතින් කොටි දෙනක්ම තමයි ✌️
200වෙනි උපසිරැසි ගැන්වීමට ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්..!
සයිට් එකේ හින්දි පැත්තට ගොඩක් උදව් කරන කෙනෙක්,
හවුලේ වැඩ වලදී කතා කළාම ඕන උදව්වක් කරන පොරක්.
එහෙනම් ඔහොම්ම ඉස්සරහටත් යමු.
සබට ස්තුතියි මයුර අයියේ ❤️
සුපිරියක්ම දීලා නෙහ් දෙසීයට
එල එල මචන්
Congratulation MAYURA
One of the best in Baiscope
Keep going brother
200 ට උනුසුම් සුබපැතුම් සහෝ
Congrats brother
Keep it up
Congratulations & Thanks bro