Slumdog Millionaire (2008) Sinhala Subtitles | මිනිසාමයි ලොව තිරිසන් වන්නේ [සිංහල උපසිරැසි සමඟ]
මේ මගේ දෙවැනි උපසිරැසි ගැන්වීම. මේ චිත්‍රපටය ගැන නම් ඔයාලට වැඩි විස්තරයක් අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද මීට කලින් මේ ගැන උපසිරැසි රහිතව විස්තරයක් බයිස්කෝප් වෙබ් අඩවියේ පළ වෙලා තියෙනවා. කොහොමවුණත් මමත් පොඩි විස්තරයක් කියන්නම්.
“ජමාල් මලික්”. ඒ තමයි ප්‍රධාන චරිතය. මුම්බායේ මුඩුක්කුවක ඉපදුණු නූගත් දරුවෙක්. කුඩාකල සිටම අසන්නට දකින්නට ලැබෙන්නේ විශමාචාරයන්ගෙන් පිරුණු දූෂිත පරිසරයක්. සමාජයේන් ලැබෙන්නේ අවනම්බු විතරයි. නමුත් එක් දවසකදී ඔහු මේ සියළු දූවිලි අළු ගසා දාලා ලෝකය ඉදිරියේ නැගී සිටිනවා. එයට ඔහු අත්වැලක් කරගන්නේ තම මුඩුක්කු ජීවිතයේ ලැබූ කටුක අත්දැකීම්.
මේ චිත්‍රපටයට ඔස්කාර් සම්මාන රාශියක් හිමි වුණා. ඒ ගැන නම් සමහර අය කියන්නේ බටහිර රටවලින් ඉන්දියාවට ඔළුව අතගාලා ඇනපු ටොක්කක් කියලා. මොකද මේ චිත්‍රපටය පුරාම කියවෙන්නේ ඉන්දියාවෙ සාඩම්බර ඉතිහාසයට යටින් දිවෙන ගඳ ගහන සංස්කෘතියක් ගැන. නමුත් මෙය ඉතා සාර්ථක නිර්මාණයක් බව නම් අවිවාදයෙන්ම පිළිගන්න සිදු වෙනවා. ඒ වගේම සමහර ඉන්දියානු විචාරකයන් පවසන්නේ නම් ඉන්දියානු වීදි දරුවන් විදින දුක් ගැහැට වලින් හරි අඬක් තරම්වත් මේ චිත්‍රපටයෙන් නිරූපණය වෙලා නැහැ කියලා.
මේ චිත්‍රපටය ගැන කථා කරද්දී A.R රහුමාන්ගේ සංගීතයත් සුවිශේශී තැනක් ගන්නවා. IMDb දර්ශකයේ 8.1 rating හිමිකරගත් මේ කලා කෘතිය ඔබ සැමගේ රස වින්දනයට අපූරු යමක් එක් කරාවි කියා මම බලාපොරොත්තු වෙනවා. ඊලඟ උපසිරැසිය සමඟ නැවත හමුවෙමු.
මීට පෙර පළකල ලිපිය.
මේ ගැන ඉතින් මට කියන්න දෙයක් නෑ නෙද?කමක් නෑ..මම ලගදි දැක්ක ටොරන්ට් වල ඩීවීඩී රිප් එකක් තියනව..ඒක දෙන්න ඕන නිසයි ලියන්න හිතුනෙ…නිකමට වත් මේක බැලුවෙ නැති කෙනෙක් ඉන්නව නම් එයාට පුලුවන් බාගන්න..මේ ෆිල්ම් එකෙන් විශ්ණු දෙවියන්ට අපහාස වන බව කියා මේක මුල් කාලෙ ඉන්දියාවෙ තියගත කෙරුනෙත් නෑ හරියට..කොහොම උනත් හැමෝම දන්නව ඇතිනෙ මෙ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන 9ක් දිනාගත් බව..ෆිල්ම් එක බලල නැතත් කතාව ඔයාලට එහෙන් මෙහෙන් ඇහිල ඇති..මමත් පොඩ්ඩක් කියන්නම්..මෙහි ප්‍රදාන චරිතය වන ජමාල් මලික් ප්‍රසිද්ද රූපවාහිණී වැඩසටහනකට පෙනී සිටිනව,ඔහු පාසල් අධ්‍යාපනයවත් හරි හැටි නොලැබු කෙනෙක්..මෙහිදි විශේෂ බුද්ධිමතුන්ට පවා උත්තර දෙන්න අමාරු ප්‍රශ්ණ රාශියකට ඔහු උත්තර දෙනව..ඔහු මේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්නෙ කොහොම්ද කියන එක සොයා බැලීම හරහා තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ..මගේ මේ වැල්වටාරම් කියවන්න දෙයක් නෑ,කෙළින්ම කියන්න තියෙන්නෙ Slumdog Millionaire බලන්න කියල තමයි..
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 24337 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2013/01/SHK-Hasara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SHK හසාරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/01/25
72 thoughts on “Slumdog Millionaire (2008) Sinhala Subtitles | මිනිසාමයි ලොව තිරිසන් වන්නේ [සිංහල උපසිරැසි සමඟ]”