අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Sniper: The White Raven (2022) Sinhala Subtitles | ලෙයට ලෙය ඉල්ලූ ස්නයිපර් වෙඩික්කරු “රේවන්” [සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 56 votes.
Please wait...

Sniper: the White Raven

Sniper: The White Raven (2022) Sinhala Subtitles

කොහොමද ඔයාලට.. අද මම ගේන්න හදන්නෙ තවත් සුපිරි ස්නයිපර් ෆිල්ම් එකක්.. මේ මගේ දෙවෙනි ස්නයිපර් ෆිල්ම් එක. IMDb 6.4 ක් ලබා ගත් Sniper: The White Raven චිත්‍රපටය යුක්‍රේන රුසියා යුද්ධයේ සත්‍යය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය නිරූපනය කරන Mykola Voronin නම් යුක්‍රේන සුපිරි ස්නයිපර් වෙඩික්කරුගේ ජීවිත කතාව අනුසාරයෙන් තමයි මේ චිත්‍රපටිය නිර්මානය වෙලා තියෙන්නෙ. වැඩි කතා ඕන නෑ.. අපි බලමු චිත්‍රපටියෙ මොකක්ද වෙන්නෙ කියල..

මයිකෝලා කියන්නෙ සාමයට ලැදි පරිසයට ආදරේ කරන ගණිත ගුරුවරයෙක්. උපාධි තුනක හිමිකාරයෙක්. මයිකෝලා තමන්ගෙ බිරිද වන නස්තා සමග නිවස අතහැර කුඩා පැල්පතක ජීවත් වෙන්න සැලසුම් කරනවා. ඒ ඔහු පරිසරයට ඇති ලැදියාව නිසා. ඉතින් මෙහෙම සතුටින් තමන්ගෙ බිරිද සමග දිවි ගෙවන මයිකෝලා ඉතා අවසනාවන්ත ඉරණමකට මුහුන පානව. එයට හේතුවන්නේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීමයි. මෙහිදී ඇතිවන යම් සිදුවීමක් නිසා මයිකෝලාට තමන්ගේ බිරිද අහිමි වෙනවා. ඉතින් තමන් දැඩිව ආදරය කල තම බිරිද අහිමි වන මයිකෝලා දැඩි සිත් තැවුලට පත් වීම නිසා තමන්ගේ සියලු ප්‍රතිපත්ති අමතක කර යුක්‍රේන හමුදාවට එකතුවෙනවා. මේක තමයි මයිකෝලා ලෝකප්‍රසිද්ධ ස්නයිපර් වෙඩික්කරු වීමේ පලමු පියවර.

මයිකෝලා මේ අභියෝගය ජයගන්නෙ කොහොමද ? නස්තාගේ පලිය ගන්න මයිකෝලාට පුලුවන් වෙයිද ? මයිකෝලාට “රේවන් ” ලෙස අමතන්නේ ඇයි ? ඉතින් මේ ඔක්කොටම පිළිතුරු Sniper: The White Raven නැරඹීමෙන් දැනගන්න පුලුවන් වෙයි.. ඒ වගේම කියන්න ඕන, මේ චිත්‍රපටය තුල වැඩිහිටියන්ට වඩාත් සුදුසු දර්ශන කිහිපයක්ම අඩංගු වෙනවා. ඒ ගැනත් ඔබගේ අවධානය යොමු කරන්න. එහෙනම් අපි තවත් අලුත් චිත්‍රපටියකින් නැවත හමුවෙමු. එතෙක් ඔයාට සුභ දවසක්…!

Sniper: The White Raven, Sniper: The White Raven Sinhala Sub, Sniper: The White Raven Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

14 thoughts on “Sniper: The White Raven (2022) Sinhala Subtitles | ලෙයට ලෙය ඉල්ලූ ස්නයිපර් වෙඩික්කරු “රේවන්” [සිංහල උපසිරසි]

  • බොහෝම ස්තූතියි…

    Reply
  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • Thanks machan sub ekata

    Reply
  • Thanks a Lot “Ishan”

    Reply
  • Thank u sinhala subtitles akata

    Reply
  • Thank you wewa kolla..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *