Spartacus: Gods of the Arena [E03] Sinhala Subtitles | මහා කෙළඹියා [සිංහල උපසිරැසි සමඟ]
ආයෙත් සුපුරුදු වේගයට මේ කතාව දෙන්න තමයි සූදානම, අද එහෙනම් තෙවන කොටස ලබා දෙන්නයි මේ හදන්නේ. කලින් පොඩ්ඩක් වේගය අඩාල වෙන්න හේතුව අසනීප වෙලා සිටි නිසා. ඒ නිසා පොරොන්දු උන විදිහට මට කතාව දෙන්න අපහසු උනා. ඇත්තටම මට මේක කියන්න අවශ්‍ය උනේ නැහැ එත් හිතුනා මම හිතා මතා ප්‍රමාද කරනවාදෝ කියලා හිතනවා ඇති කියලා. දැන් නම් අවුලක් නැහැ එකයි කිව්වේ සුපුරුදු වේගයට පැමිණියා කියලා.
මතකද අවසාන කොටස මොකද සිද්ධ උනේ කියලා. වෙනදා වගේ මම අදත් කියන්නම් මොකද උනේ කියලා. “බැටියාටස්” පහු ගිය සතියේ තමන්ට පහරදුන්න එකට පළිගැනීම ඉෂ්ඨ සිද්ධ කර ගන්නවා. ඒ “වෙටියස්” හට පහරදීලා ඒ අතරදීම තරඟ වලට අවස්ථාවක් උදා කර ගන්නවා. ඒ උනාට “බැටියාටස්ට” මොනම දේ ගන්නත් ලේසි වෙන්නේ නැහැ. මොකද ඔහුට වෙනවා පුද පඬුරු පූජා කරන්න යම් දෙයක් ලබා ගන්න. ඉති කලින් සතියේ මේ පඬුර විදිහට ගොදුරු උනේ “ගැනිකස්” සහ “මෙලිට්ටා” එහෙම නැතිනම් “ඔනෙමේයස්ගේ” බිරිඳ. ඒ අතරතුරේ “ඔනෙමේයස්” විසින් කලින් සිටි “ඩොක්ටෝරේ” මරුමුවට පත් උනා. එහෙමයි අවසානය සනිටුහන් උනේ.
එහෙනම් අද කතාව ගැනත් මඟ පෙන්වීමක් දෙන්නම්. ලුඩුසයේ ඇත්ත අයිතිකාරයා නැවත පැමිණෙනවා. ඒ කවුරුන්ද කියලා මම කියන්නේ නැහැ. ඒ වගේම ඔහු විසින් “බැටියාටස්” අතින් සිදුවූ වැරදි නිවැරදි කර, කලින් සතියේ කල් පරිත්‍යාග කැප කිරීම් හැම දෙයක්ම දමන්නයි සූදානම් වෙන්නේ. අවසානයේ දැක ගන්න පුළුවන් කොහොමද “ක්‍රික්සස්” සහෝදරත්වයේ සලකුණ ලබා ගත්තේ කියන හැටිත්, ඒ කියන්නේ හොඳ සටනක් තියෙනවා අද කතාව අවසානයේ. එහෙනම් මීළඟ කොටස සමඟ ඉතා ඉක්මනින්ම එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13292 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
72 thoughts on “Spartacus: Gods of the Arena [E03] Sinhala Subtitles | මහා කෙළඹියා [සිංහල උපසිරැසි සමඟ]”