Watch Trailer

Spartacus [S03 – E01] (18+) | රෝමයේ සතුරන්…[සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ පියවර තබන්නේ යන්නේ ශාපලත් යුද්දයේ පළමු අදියරට. කොටස් දහයකින් සමන්විත මේ කතා සමයේ පළමු කොටස සිංහල උපසිරැසි සහිතව පොරොන්දු පරිදි ගෙන එන්නයි මේ සූදානම. අපි මේ දක්වා මේ Spartacus නැමති ඓතිහාසික රෝම කතාවේ කොටස් 29 ක් අවසන් කර හමාරයි. එය සමන්විත වෙන්නේ Blood and Sand කතා සමයේ කොටස් 13 ක්, God o…

Spartacus
එහෙනම් මේ පියවර තබන්නේ යන්නේ ශාපලත් යුද්දයේ පළමු අදියරට. කොටස් දහයකින් සමන්විත මේ කතා සමයේ පළමු කොටස සිංහල උපසිරැසි සහිතව පොරොන්දු පරිදි ගෙන එන්නයි මේ සූදානම. අපි මේ දක්වා මේ Spartacus නැමති ඓතිහාසික රෝම කතාවේ කොටස් 29 ක් අවසන් කර හමාරයි. එය සමන්විත වෙන්නේ Blood and Sand කතා සමයේ කොටස් 13 ක්, God of the Arena කතා සමයේ කොටස් 6 ක් සහ Vengeance කතා සමයේ කොටස් 10 ක් එකතු වීමෙනුයි. තවත් කොටස් දහයක් ඇතුලත් මේ කතාවේ අවසානය සනිටුහන් වෙනවා. ඒ වෙනකොට මමත් උපසිරැසි පේලි 25,000 කට අධික ප්‍රමාණයක් මේ කතාව වෙනුවෙන් සිංහලට හරවලා අවසන් වේවි. ආපහු මුලට ගිහින් බැලුවම හිතා ගන්න බැරි තරමේ දුරක් ඇවිත් තියෙන්නේ. ඉතින් මම පළමු කතාසමය ආරම්භයේදීම හැමෝටම පොරොන්දුවක් දුන්නා මේ කතාව අවසානයක් දක්වා ගෙන යනවා කියලා. ඒ පොරොන්දුව ඉටු කරන්න තවත් කොටස් 9ක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. ඒ කොටස් 9ත් මම හැකි විගසින් ඔයාලට දෙන්න උත්සාහ කරනවා. මොකද පුද්ගලික ජිවිතයේ යෙදෙන අතවශ්‍ය දේවල් වෙනුවෙන් සමහර අවස්ථා වලදී මට කාලය යොදන්න වෙනවා. එවැනි අවස්ථා සිදු උනා Vengeance කතා මාලාව ගෙනෙන අතර තුර. මොකද අපිට කලින් කියන්න බැහැ අපිට යෙදෙන වැඩ වගේම අපේ ජිවිත ගැනත්. මම හිතනවා එහෙම ප්‍රමාද වීමක් උනොත් ඒ ගැන කාරුණිකව හිතලා අපේ යාලුවෝ වැඩ කරාවි කියලා.

එහෙනම් මම කතාව ගැන කියන්නම්, කලින් කතා මාලාවේ අවසාන කොටසේ අවසානය මතක ඇතිනේ කොහොමද ස්පාටකස් පළි ගැනීම සනිටුහන් කලේ කියලා. විසුවියස් කන්ඳෙන් බැහැල ඇවිත් නොහිතපු අවස්ථාවක ග්ලෙබර්ගේ ආයුධ වලින්ම ඔහුව විනාශ කලා. ඒ වගේම ඉලිතියා සහ ලුක්‍රෙශියා අතර තිබුන අව්‍යාජ මිතුරු කමේ උච්චතම අවස්ථාව එළඹුණේත් අවසාන කොටසේදී. ස්පාටකස්ට දාව ලැබුණු දරුවා සමඟ ලුක්‍රෙශියා ප්‍රපාතයට පැන්නා. ඉලිතියා ගැන එතනින් පසු තොරතුරක් දැන ගන්න ලැබුනේ නැහැ. ඒ වගේම ග්ලෙබර්ගේ මුව තුලට අසිපත යවා පළිගැනීම සනිටුහන් කරමින් කිව්වේ අපි දැන් හමුදාවක් බවට පත් වෙනවා කියා.

එලෙස අවසාන වූ ඒ කොටස අද ශාපලත් යුද්ධයේ ඇරඹුමත් සමග මෙසේ සටහන් වෙනවා. ස්පාටකස් බොහෝ පිරිසකගේ නායකයෙක් දැන්. ඔහු වටා විශාල පිරිසක් රොක් වෙලා ඉන්නවා. ඒ ඔහු විසින් පහරදීම් කරලා මුදවා ගත් වහල් ජනතාව නිසා. ඔහු මේ වෙනකොට ලුකානියා වහල් පතලට පහරදී එහි සිටින වහලුන් සියල්ලම මුදවාගෙන ඉන්නේ. ඒ වගේම තවත් බොහෝ ස්ථානවලට. මේ වනවිට ස්පාටකස් මර්ධනය කිරීමේ සටන මෙහෙයවන්නේ රෝමයේ තවත් මහේස්ත්‍රාත්වරු දෙදෙනෙක් විසින් ඔවුන් නමින් කොසිනියස් සහ ෆියුරියස්. මේ වනවිට ස්පාටකස් ඇතුළු කැරලිකාර හමුදාව මේ රෝම හමුදාවට දැඩි ලෙස පහරදෙමින් තර්ජනයක් වෙලා තියෙන්නේ. එහෙනම් මේ ඇති මම කිව්වා අද කොටසේ ආරම්භය ඔයාලම බලන්න.

මීළඟ කොටසින් හමු වෙනකන් එහෙනම් හැමෝටම ජයෙන් ජය ප්‍රාර්ථනය කරනවා!!!

Spartacus: War of the Damned (2010) on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

21,733 downloadsDownload Spartacus.S03E01.zip83 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 2 nd Season                                                                                    Next Episode >>

 

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

21,733 downloadsDownload Subtitles83 KB

80 comments

  1. බට්ටිගේ නිවහන

    ස්තුතියි බොහොම. ඉක්මණටම දුන්නාට මේ කොටසත්. මෙච්චර කාලයක් අදහස් නොදැක්වුවත් නොවරදවාම කතාව බැලුවා. ගෙදර ගිහින් බා ගන්න ඕන.

  2. Chathu

    thax ma thax machan..........

  3. rajitha

    mechchara ikmanata dei kiyala hithuwe na.tnx saho..jayawewa...!!

  4. lakchan

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  5. pradeep

    thank u very much,keep u a good work

  6. dilan samindaka

    thx bro denakan balagana hitiye,,ikmanata anith tika denna puluwan wei kiyala hithanawa thx lottttttttttt

  7. chami

    thnxxxxxxxxxxxxxx

  8. elakiri

    එලකිරි මචං දෙනකම් උන්නේ

  9. wow

    wow... maru :D

  10. upali

    ela ela ela

  11. tharanga

    පට්ට හොදේ මචෝ

  12. mihin ලංකා

    ඔන්න බාන්න දැම්ම. දිගටම සබ් දෙමු

  13. quik

    thanks

  14. hh

    ade maxxa macho onna math banwa :P

  15. Bandula

    bohoma pin sahota

  16. elakiri

    එළකිරි මචං

  17. chamath cafe

    මේක එනකම් උන්නේ. ජයම වේවා!!!

  18. isuru

    Thanks so much bro

  19. shann

    නියමයි සහෝ ඔහොම යන් :)

  20. Sisira Hegoda

    Thanks

  21. zumo man

    elazzz thnxzz

  22. pubudu

    maxxxxxxxxxxxxxxxxxa :P

  23. amilatk

    jayen jaya!!

  24. rasta boy

    niyamai hasantha aiye.eth aiya Vengeance eka parakku karadi mama okkoma baluwa.

  25. DilanH

    ela ela niyamayi

  26. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන දුරක් ඇවිත් නේන්නම්. මම අහන්නේ සබ් දැම්මා වගේම පොඩි පරක්කුවටත් කොච්චරනම් බැනුම් අහන්න ඇතිද? ඉතුරු ටිකත් දුන්නහම සෑහෙන සහනයක් නම් දැනේවි. ඒක විශ්වාසයි. ජය෴෴ :P :P

    1. සමීර කරුණාරත්න

      රොයිලි අයියා ඊයේ වින්ද සැනස්නුම ගැන බොහොම ප්‍රීතියෙන් ඉන්න පාටයි මේ කතාවෙන් පෙන්නෙ....!

  27. සමීර කරුණාරත්න

    ඔයා මේ කරල තියෙන්නෙ බොහොම අමාරු වගේම වටිනා වැඩක්, එක් පැත්තකින් ඉතිහාස පාඩමක්, අනෙක් පැත්තෙන් ලේසියෙන් කෙනෙක්ට තේරුම් ගන්න අපහසු කතාවක් අමාරුවෙන් තේරුම් අරගෙන අනිත් උදවියගේ පහසුව තකා උපසිරැස යෙදීම. මම නම් ඉතින් තවම මේක බලුවෙ නැති බව ඔයා දන්නවනේ....! නමුත් මේ අදිශ්ඨානයට මම හදවතින්ම සුභ පතනව, එහෙනම් කොහොම හරි මේ කතා මාලාව ඉවර කරන බව දන්න නිසා ඒකට සුභ පතනවා....! ජය....!

  28. “චූටී මල්ලි”

    හරිනෙ රොයිලි අරහෙන් එකක් ඉවරකරන කොට මෙයා
    මෙහෙන් තව එකක් පටන් ගන්නවා
    අන්න එහෙම තමා වෙන්න ඔනි
    එල එල, පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කරන්න ඔයා දරන මහන්සියට
    මගෙ ප්‍රනාමය
    අනික් ටිකත් ඉක්මනටම දෙන්න
    ඔබට ජය........

  29. Thilina pubudu

    Thanks machan

  30. ශාන් විමුක්ති [වීමා] 〠

    එහෙමනම් හසෝ
    ජොබ් එකයි, පවුලේ වැඩයි එක්කම මේ වගේ දෙයක් කරන එක මාරම කැපකිරීමක්
    එහෙම කැපවෙන විදිහ ගොඩ දෙනෙක්ට දැනෙන්නෙ නෑ බන්
    මොන තරම් වැඩ තිවුනත් බොලා කොහොම හරි සීසොන් තුන වෙනකම්ම මේක අරගෙන ආවනෙ, මාරම වැඩක් තමා බන් ඒකනම් එලම කිරි
    මේ පොඩි කොපියටනම් නොසෑහෙන ස්තූතියි බන් හැමදාම පොඩි කොපියක් දෙන්න බලහන් හොදේ.
    ජයෙන් ජය! :D

  31. ප්‍රශන්න

    අප්පට සිරි වැඩ පටන් වගේ ආයිත්... බලමු... බලන් හිටියෙ දානකම්ම ස්තුතියි බොහොම.

  32. Geesh

    ane ammmme ............... ela kiri sudu mameeeeeee

  33. yohan

    thankz bro.. :)

  34. Påsìñðú Yáshëñðrà

    thnx bn !!

  35. Amith

    niyamai ayya
    wena mahansiya hadawathinma agaya karanawa
    obata jayen jaya

  36. mahesh

    ela sahooooo......

  37. ravi70

    obata hardayangama suba pathum mae karana meheya wenuwe,godak pinjayen jaya

  38. රොහාන්

    මෙන්න හසන්ත සහෝ නැවතත් මගේ ප්‍රියතම කථා මාලාව සමඟ කරළියට ඇවිල්ලා.අපි දන්නවා හසන්ත පොරොන්දු ඉටු කරන කෙනෙක් කියලා ඒකයි මෙච්චර දුර එන්න පුලුවන් වුනේ ඒ විතරක් නෙමෙයි ඒ ගුණාංගය නිසාම තව ගොඩක් දුර යන්න පුලුවන් කෙනෙක්. මගේ හදවතින්ම ස්තුති කරනවා මේ කරන කැපවීමට.වැඩ රාජකාරි මැද්දේ අපේ සතුට වෙනුවෙන් කරන මේ මහන්සිය අගය කළේ නැත්නම් ඒක හරිම පහත් වැඩක්.ඉතින් නැවතත් ස්තුතියි සබ් වලට ඒ වගේම පටන් ගත්ත දේ අවසන් කරන්නත්,තවත් අලුත් දේ අප වෙනුවෙන් තබන්නත් ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!
    GOD BLESS YOU.

  39. ruchira

    jayama wewa

  40. tikiri

    එල එල නමෝ විත්තියෙන් එහෙනම් පටන ගමු වෙඩේ.

  41. Shaggy

    මේ කොටස එනකම් බලාගෙන හිටියෙ, තෑන්ක්ස් සහෝ....

  42. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  43. kapila

    ubata pin machan

  44. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. අනිත් 9ටත් ඉක්මනට ලැබේවි නේද? මමත් ඔන්න බාගන්නවා. ජයවේවා.

  45. akila

    Ayye ohege wadena hoda........niyamay.......maru.....ohoma yanko......ekanewey.....ayyage winrar eken vitarak dena sub file 1 fox walin open korana kota error enawa aluth ekak dagena baluwoth narakada..........mokadda me awla......tawa pahasuwata.....

  46. ISHAA

    ela ela niyamayi

  47. indikasmidf

    ෙමච්චර කාලයක් අදහස් ෙනාදැක්වූවාට මුල ඉදලම අනිවාර්යයෙනන් බැලුවා තෑන්ක්ස් හසන්ත නියම වැඩක් ඔයාෙග් ෙවලාෙව් වටිනාකම අපි ෙහාදටම දන්නවා ඒ් මහන්සියට කවදා හරි ෙහාද ප්‍රථිපලයක් ලැෙබයි අනිවා......

  48. RAVEEN MAX

    THANX BROTHER...

  49. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පේ මේක දීලාදා...
    දැන් නේ බලන්න වුනේ...
    කොහෙද..
    ඊයේ දවසෙම කොටන එකනේ කරේ.....
    එල එල...
    මේක දෙනකම් හිටියේ,,,,, දැන් ඉතින් ඉතිරි වෙලා තියෙන්නේ ෆාලොවින්ග් එකයි, මේකයි තමයි...
    අනේ ඉක්මනට ඉවර ව4අ එපා කියලා පතනවා..
    පස්සේ බලන්න එකක් නැතිව යයි, ඒකයි....
    ජය වේවා!!!

  50. danushka

    sha kathawanam pattai machan...mechchara ekmanata dei kiyala hithuwewath ne..thanks ...jaya wewa!!!

Load more comments