Watch Trailer

Revolution [S01 : E20] Sinhala Subtitles – The Dark Tower | අඳුරු කුළුණ….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න මේ කතා මාලාවේ පළමු අදියරේ අවසාන කොටස. හැබැයි දෙවෙනි අදියර මේ අවුරුද්දෙම සැප්තැම්බර් මාසේ විකාශය වෙන්න ගන්නවා කියලා තමා ආරංචිය තියෙන්නේ. ඒ වගේම මේ කතා මාලාවේ තද රසිකාවියක් වෙච්ච නෙරංජි බොහොම හොඳ විචාරයක් Revolution ඇසුරෙන් කියවෙන මානසික රීතීන්…… නමින් මෙන්න මෙතන ලියලා තියනවා. කියෙව්වට පා…


හොඳයි මෙන්න මේ කතා මාලාවේ පළමු අදියරේ අවසාන කොටස. හැබැයි දෙවෙනි අදියර මේ අවුරුද්දෙම සැප්තැම්බර් මාසේ විකාශය වෙන්න ගන්නවා කියලා තමා ආරංචිය තියෙන්නේ. ඒ වගේම මේ කතා මාලාවේ තද රසිකාවියක් වෙච්ච නෙරංජි බොහොම හොඳ විචාරයක් Revolution ඇසුරෙන් කියවෙන මානසික රීතීන්…… නමින් මෙන්න මෙතන ලියලා තියනවා. කියෙව්වට පාඩුවෙන්නෙ නෑ ඕන්. හොඳයි කලින් පහුගිය කොටස මතක් කර ගම්මු.

විදුලිය විසන්ධි වෙච්ච දා කුළුණ තුළ ඉඳගෙන රැන්ඩ්ල් ගේ නියෝගය ක්‍රියාත්මක කරපු ජෙන්කින් මෙතෙක් කලක් කුළුණ ආරක්ෂා කරපු බවක් පෙන්වනවා. ඒ වගේම් ඔවුන් එය තුළම පවුල් වශයෙන් ජිවත් වෙමින් පිටතට නොයමින් තමා මේ කාර්යය කරනු ලැබ තියෙන්නේ. ඒ වගේම ඔවුන් ග්‍රේස්ව බේරාගෙන මෙන්ම කුළුණට ඇතුල් වෙන මොන්රෝ ප්‍රමුඛ කණ්ඩායමටත් ප්‍රහාරයක් එල්ල කරනවා. කෙසේ හෝ අවසානයේ ඔවුන්ගේ ආරක්ෂාව යටතට රේචල්ව, ඇරොන්ව හා චාලිව ගනු ලබනවා. ඒත් ඔවුන් විදුලිය නැවත දීමේ රේචල් ගේ අදහසට එකහෙළාම විරුද්ධයි. ඊට හේතුව තමා එවිට ලෝකයම ගිනිගැනීමේ අවදානම ක් තිබීම.

මේ අතර කුළුණ ඇතුළේදී මයිල්ස් හා මොන්රෝ නැවත මූණට මූණ හමුවෙනවා. ඒ වගේම කුළුණට ඇතුල් වීමට නොහැකි වී ජන හමුදාවේ අත් අඩංගුවට පත්වූ නෙවිල් හා ජේසන් කැරැල්ලක් ඇති කිරීමට මුල පුරනවා. ඉතින් අද බලමු විදුලිය දෙන්න ලැබෙයිද? මොන්රෝ පහකොට බලයට ඒමේ නෙවිල්ගේ ප්‍රයත්නයට කුමක් වේවිද? අවසාන කොටස එහෙනම් හැමෝම බාගෙන බලන්න කියලා කියන ගමන් කමෙන්ට් එකක් දාගෙනම යන්න කියලත් ඉල්ලනවා.

හොඳයි එහෙනම් මේ සමු ගැන්මයි. හැමෝටම ආයුබෝවන්!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

10,296 downloadsDownload Revolution.2012.S1E20.Sinhala.zip60 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

10,296 downloadsDownload Subtitles60 KB

140 comments

  1. ns

    thanx....

  2. isira

    koi welawe eida kiyala bala bala hitiye thanksssssssssssssssss

  3. Chanaka

    subtitle is not indicated pls help

  4. Kandynif

    dear brother
    how to downlode subtitle i think u forget to uplode that link

  5. කැලුම් ගුණසේකර

    ලොකු දෙයක් 5ට කලින් දුන්න එක. ස්තුතියි රොයිලි සහෝ. දැන් ම බානවා.

  6. දිනුර

    නියමයි සහෝ

  7. නලින්

    ස්තුතියි රෝයිලි අයියා.

    මේ කථාවේ මුල් කොටස් කිහිපයක් විතරයි මට බලන්න ලැබුනේ

    ජය වේවා රෝයිලි අයියා!

  8. yasas

    patta machan

  9. ganidu

    බොහොම පින් මචෝ

  10. isuru

    thnxxxxxxxxxx jaya wewa baiscope.

  11. upali

    ela ela ela ela

  12. mahima

    ස්තුතියි රෝයිලි අයියා.

  13. උදාර

    අපේ නම්බර් 1 කේ සයිට් එක බයිස්කෝප් සැමදා දිලේවා! සබ් දිගටම දෙන්න රොයිලි අයියා ජය

  14. ganidu

    තෑන්ක්ස් වේවා!

  15. tharanga

    එකත් ඉවරයි නේ. පට්ට අයියේ,

  16. wow

    wow... maru :D

  17. නීනු

    ගොඩාක් ස්තූතියි... අයියා

  18. Bandula

    maxxa machan :D

  19. naleen

    loweth na patta hode :D

  20. Asitha

    Jaya weva රොයිලි sahoo...!! thnx :)

  21. amilatk

    jayen jaya!

  22. shann

    සුපිරිම කතාව අපරාදේ .... ඉවර වෙනවා නේදෙවෙනි එකත් එනකම් ඉන්න එපයි :(
    ජය වේවා! තවත් සබ් එක්ක හොදම දේ දෙන්නට ලැබේවා!

  23. waruna

    gr8 work

  24. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අම්මෝ..මේක දෙනකම් ඉන්නම බැරිව බලං හිටියේ....
    දැන් නම් මේක බලන්නත් ලෝබයි වගේ...
    ඒ අස්සේ විමා මට ලින්ක් එකක් එව්වා අද උදේ කතාවේ අවසානය ගැන අන්ගිරීසියෙන් ලියල තියෙන, මෙන්න බලා ගනින් කතාවට මොකෝ වෙන්නේ කියලා අවසානයේ....
    මම ලොවෙත් ඒක බැලුවේ නැ...
    ඒ මම අන්ගිරිසි නොදන්නා නිසා නෙවි හොදේ....

    අනික මොකද්ද මේ සමුගැන්මයි, ආයුබෝවන් කතාව...
    රොයිලි අයියේ පිස්සු නම් කෙලින්න එපා හොදේ....ආයේ පට්ටම කතාවක් අරං එන්න හොදේ....
    අපි බලං ඉන්නවා....දැන්ම මේක බාන්න දානවා...
    බාලා, බලල තව කොමන්ටුවක් දාන්නම්....

    ඒක නෙවි රොයිලි සහෝ...
    හෝම්ලෑන්ඩ් එකේ තුන්වෙනි සීසන් එක ගැන ආරංචියක් නැද්ද....
    පිපිරුමෙන් සි අයි ඒ එකේ සෙට් එකක්ම මැරුණා, බ්‍රොඩි මාරු උනා...
    ඊට පස්සේ මොකෝ වෙන්නේ...ඒකත් පොඩ්ඩක් කියන්න හොදේ....
    එහෙනම් ජය වේවා...
    ආයේ එන්නම්...

  25. ccnp

    Thanks

  26. hh

    digatama subs denna labeywa.thxz

  27. Kavindu Rowel

    Niyamai roily aiya......great work.........

  28. kalinga

    ටි වී කතාත් ඉවර එකේ ෆිල්ම්ස් ටිකක් සබ් දාලා දෙමු නේ. THANKS :)

  29. zumo man

    elazz thnxzzz

  30. vee

    maxxa royli

  31. Buddhi Lasantha

    Nice Work...

  32. DilanH

    ela ela royili ayya mulu kathamalawatama Godak pin!!

  33. lk

    nice :D

  34. lakchan

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaa ........................

  35. Suhith

    thanks a lot.

  36. Nilanka

    එලකිරි.ජය වේවා!!!

  37. Oshan

    Thanks රොයිලි bro..

  38. නීනු

    සමහර ඒවා නම් උඩ යට ගියා නේද? නියමයි.

  39. Dhanushka

    Thanks!!!!!!!!!!!!!!!!

  40. delmar

    රොයිලි අයියේ....
    මම ලියන්නම් දක්ෂ කෙනෙක් නෙමෙයි...ඒ වුනත් අද වගේ දවසක මොකුත් නොකියා යන එක මදිපුංචිකමක්...
    සදුදා උදේ කියන්නේ කාටත් එපා වෙන වෙලාවක්...
    අපෝ....තව සතියක්...පිස්සු හැදෙනවා..කියලා හිතෙන්නේ අපි කාටත්...
    මටත් එහෙමයි...ඒ වුනත් ක්ෂණිකයකින් මට ඒ හැගීම නැති වෙලා ගියා අඩේ අද රෙවලූෂන් යනවා නේද කියලා මතක් උනාම...ඉතිං සදුදා උදේ ඉදං අගහරුවාදා උදේ වෙනකං බලං ඉන්නවා මම හොද ටොරන්ට් එකක් අප් කරනකං...ඔන්න ඉතිං අගහරුවාදා උදේ පාන්දර ඒකත් බාගත්තා කියමුකෝ....
    ඉතිං අගහරුවාදා වැඩට ආපු වෙලේ ඉදං රොයිලි අයියා සබ් දානකංම මගේ රාජකාරිය තමා බයිස්කෝප් සිංහලෙන් හෝම් පේජ් පිටුව රීෆ්‍රෙෂ් කරන එක...
    ඉතිං කතාව ගැන කියනවානම් ඇත්තටම කියන්න දෙයක් නෑ...පුපිරියි.....
    තාත්වික කතාවක්...ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්...හැම චිත්‍රපටියකම තියනවා වගේ ප්‍රධාන නළුවෝ දෙන්නා කොච්චර වලි ගියත් මැරෙන්නේ නැති සීන් එක මේකෙත් තියනවා...ඒක ඉතිං කෝකටත් පොදුයිනේ...ඒ ඇරුණාම ගොඩක් තාත්විකයි...
    ඊළගට, උපසිරැසි...අයියේ මේ සත්තකටමයි කියන්නේ සිංහල උපසිරැසි නොතිබුනානම් මේ කතාවෙන් ටිකක්වත් තේරෙන්නේ නෑ කියලා හොද විශ්වාසයක් තියනවා..අපිට ඉතිං කඩ්ඩ අවුල්නේ කොහොමත්...
    ඉතිං අයියේ ගොඩක් පිං ඔයාලා අතිං කයිට් කරං මේ කරපු දේට...
    ඉතිං එහෙමනම් දෙසැම්බර් ඉදං පෙබරවාරි වෙනකං ඉවසුවා වගේ ඉවසහං මයෙ අම්මේ සැප්තැම්බර් වෙනකං

    1. delmar

      හිතාගන්නවත් බෑ අවසානේ ගැන...
      ඇත්තටම මම කොහෙත්ම බලාපොරොත්තු වුනේ නෑ මේ වගේ අවසානයක්...
      පට්ටයි...සුපිරියි...කියන්න වචනත් නෑ..
      දැන් කොහොමද බං රොයිලි අයියේ මම සැප්තැම්බර් වෙනකං ඉවසන්නේ?

  41. Lahiru

    ela thanks

  42. deshan

    thank you....wewaaaa roily aiya.......dewani ekatath sub denna kiyala illanawa...elama wewa....

  43. පියුම් මධුශංඛ

    අඩේ බොක්කත් කූල් උනා බුකියේ මේක දාලා තියෙනවා දැක්කම.......... තැන්කූ සහෝ....

  44. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ...කතාව නම් බැලුවා..ඒත් කවුරුහරි කියනවද ඒ මොකද්ද උනේ....
    රන්ඩල් කාරයා ඒ මොකද්ද කරේ.....
    කිසි දෙයක් හිතා ගන්න බැරි උනා අන්තිම ටිකේ...

    බැස් නම් මරුනේ නැති එක හොදයි...
    නෙරංජි මෙයා කිව්ව සේරමැ හරි නොවැ..
    අනේ නෙරන්ජියෝ...
    මේ කොටස ගැනත් මොනවා හරි ලියලා ලිපියක් දාන්න කියලා ඉල්ලනවා....
    නිකන් හොල්මන් වගේ මටනම්.....

    1. රොයිලි

      රැන්ඩ්ල් ලොකුම සමූහාණ්ඩු දෙකට පහර දෙන්න මිසයිල යැව්වා. එතකොට ගුවාන්තනාමෝ වල ඉන්න හිටපු ඇමරිකානු ජනාධිපතිට ආපහු ඇමරිකා එක්සත් ජනපදය පිහිටුවන්න ලේසි වෙන නිසා.

    2. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      අආහ්හ්හ්...තැන්ක්ස් රොයිලි සහෝ...
      බොහොම ස්තුතියි තේරුම් කෙරුවට....
      දැන් ඉතින් හිටුකෝ සැප්තැම්බර් වෙනකම්.....
      එපා වෙනවා....

  45. Chathu

    thax machan... uba karapu kepaweemata.... api wenuwen

  46. Janitha

    Thank you for uploading all the episodes of the first season. Hope you will continue the second season too. Thank you very much again. :)

  47. wappula

    බොහෝම පින් roily සහෝදරයා ගොඩාක් ආශාවෙන්
    මේ කථාව බැලුවේ ...

  48. Saminda harshana

    thank you ....roili ayya

  49. තරින්ද්‍ර දිලිප්

    මෙච්චර කල් ඉක්මනට සබ් දුන්නට රොයිලි සහෝට බොහොම පින්.ඉතිං එහෙමනම් නොවැම්බර් ඉදං පෙබරවාරි වෙනකං ඉවසුවා වගේ සැප්තැම්බර් වෙනකං ඉන්න ගියාම....ඇඩෙනවා තනි ඇහැට.......ජය වේවා රොයිලි සහෝ.!!!!තව තවත් සබ් දැමීමට ධෛර්යය,වාසනාව ලැබේවා.....

  50. chathuwa

    ඔන්න නියම වැඩක් ඉවර කර....මම ගොඩක් පිං කියනවා.ගොඩක්ම පිං වනදා ඕනි මේ කතාව එක දිගටම දීම පිලිබදව....එල මචෝ.season 2 ඔහොමම දියන් මචං.එල

Load more comments