MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Spartacus: Vengeance [S02 – E07] (18+) | සක්‍රමේන්තුව…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

Spartacus Vengeanceඔන්න එහෙනම් උපසිරසි දහසට පසුව සත් වැන්න සමඟින් එකතු වෙන්න තමයි අද මේ සූදානම් වෙන්නේ. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටසත් මතක් කර ගෙන අද කතාව දෙසට යොමු වෙමු.

හයවෙනි කොටසේදී සිද්ධ උනේ මල්ලවපිටියේ කල සටනින් නැවත ගම බිම් බලා එන ස්පාටකස් ඇතුළු පිරිස කොහොමද ඉදිරියට මුහුණ දෙන්නේ කියලා. ඒ වගේම ක්‍රික්සස් නේවියා යන දෙදෙනාගේ මුණ ගැහීම. එසේම දකින්න ඇති ගැනිකස් කෙසේද මේ ස්පාටකස් ගෙන යන සටන දකින්නේ කියලත්. ඒ අතර තුර කැපුවා වල ස්පාටකස්ට එරෙහිව සටන් කරන ගායස් තම බලය අනවරත කරන්න අශුර් නමැති කපටි පුද්ගලයා සමඟ කඳවුරු බඳින හැටිත්. අවසානයේ දුටුවේ අශුර් රැස් කරගත් හමුදාව විසින් ගායස්ගේ එදිරිවාදියා වූ සේපියස් ඔහුගේම නිවසේදී ඝාතනය කරන හැටි. එහෙනම් අද දැන් පිවිසෙන්න යන්නේ අද කොටසට.

අද දකින්න දේවල් බොහොමයි. ස්පාටකස්ගේ අරමුණ විකාරයක් ලෙස දැකපු ගැනිකස් කැපුවා වලට නැවතත් පය තබනවා. ඒ ඔහුගේ නිදහසේ සලකුණ වූ රුඩිස් එක රහිතව. එහිදී අද ඔහුට සිද්ධ වෙනවා මෙතෙක් කල් ගෙවපු නිදහස් ජිවිතේ ගැන නිදහසේ හිතන්න අපහසු තත්වයක්. ඒ වගේම ලුක්‍රෙශියා කබලෙන් ලිපට වැටිලා අශුර්ගේ වහලියක් වෙන්න ඇයට සිද්ධ වෙලා. ඒ වගේම ස්පාටකස් තම පිරිස වැඩි කරගැනීමේ උත්සාහයක නිරත වෙනවා. බලා ගන්න පුළුවන් ඒ උත්සාහය කොපමණ සාර්ථකද කියලත්. අවසානයේ ප්‍රශ්න බොහොමයක් ඉතුරුකරන මේ කොටස මීළඟ කොටසට සම්බන්ධ කමක් දක්වනවා. එහෙනම් අද කොටසත් එක්ක එකතු වෙන්න කියන ගමන් මීළඟ කොටස සමඟ හැකි ඉක්මනින් එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 19207 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

<< Previous Episode                                                                                    Next Episode >>

 

73 thoughts on “Spartacus: Vengeance [S02 – E07] (18+) | සක්‍රමේන්තුව…[සිංහල උපසිරැසි සමඟ]