අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපටඇනිමේෂන්එළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිජපන්නවීන්ද්‍ර ධනුශාන්බලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Boruto: Naruto the Movie (2015) with Sinhala Subtitles | බොරුටෝ [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.3/10. From 11 votes.
Please wait...
Boruto-Naruto the Movie (2015)

ඉතින් යාළුවනේ, ඔන්න ආයෙමත් සැරයක් සෑහෙන කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරගෙන ආවා. කලින්සැරේ වගේම මේකත් Naruto Movie එකකටම තමයි. මේ පාර sub එක හැදුවේ Naruto Movies අතරින් අන්තිමටම ආව Movie එකට. ඒ තමයි Boruto : Naruto The Movie කියන චිත්‍රපටිය.

Hiroyuki Yamashita කියන අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් නිමවුණ මේ චිත්‍රපටිය 2015 වසරේ තමයි තිරගත වෙන්නෙ. IMDb Ratingsවල 8.3ක් වගේ ඉහල අගයක් වාර්තාකරන්න මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. චිත්‍රපටියේ කතාව දිහාට හැරුනොත්, මේ කතාවේ ප්‍රධාන චරිත තමයි බොරුටෝ උසුමාකි, සරඩා උචිහා, මිට්සුකි කියන කට්ටිය. මේ චිත්‍රපටිය ඇරඹෙන්නේ සස්කේ උචිහා කගුයා මාලිගාවෙන් ලියවිල්ලක් අරගෙන එන්න ගියාම එතැනදී ඇතිවෙන සටනකින්. බොරුටෝ, සරඩා, මිට්සුකි කියන තුන්දෙනා Chunin විභාගයට මුහුණදෙන්න ඉන්න කණ්ඩායමක්. බොරුටෝ එයාගෙ තාත්තා නරුටෝත් එක්ක ඉන්නෙ සෑහෙන්න තරහකින්. ඒකට හේතුව තමයි එයා හිතාගෙන ඉන්නෙ එයාගෙ තාත්තගේ කාර්යබහුලකම නිසා එයා බොරුටෝයි එයාගෙ නංගි ගැනයි හොයල බලන්නේ නෑ කියලා. මුලින්ම Chunin විභාගයට යන්නෙ නැහැයි කියල හිතන් ඉන්න බොරුටෝ, තාත්තට එයාගෙ හැකියාව පෙන්නන්නම ඕනේ කියල හිතිලා මේකට සහභාගිවෙන්න ඕනේ කියල තීරණය කරනවා. බොරුටෝ තමන්ගේ ගුරුවරයා විදිහට සරඩාගේ තාත්තා සස්කේව තෝරගන්නවා. ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා. මේ තුන්දෙනාගේ කණ්ඩායම Chunin විභාගය සමත්වෙයිද, විභාගය අතරතුර මොනවා සිද්ධවෙයිද, බොරුටෝ තමාගේ ගුරුවරයා විදිහට සස්කෙවම තෝරාගන්නේ ඇයි, බොරුටෝයි එයාගෙ තාත්තයි අතර සම්බන්ධයට මොනවා වෙයිද, මිට්සුකි කියන්නේ කවුද කියන ප්‍රශ්නවලට උත්තර ඔයාලට මේ චිත්‍රපටිය බලලම දැනගන්න පුළුවන්. කලින් කියන්න බැරිවුනානේ බොරුටෝයි සරඩායි එක්ක එකම කණ්ඩායමේ හිටියට එයාලා දන්නෙ නෑ මිට්සුකි කියන්නේ කාගේ කවුද කියලා. මේකට උපසිරැසි හදද්දීත් මට මගේ යාළුවා රවීශ්‍ය තාරුන් ගොඩක් උදව්කලා. මේකට උදව්වුන හැමෝටම ස්තූතිවන්ත වෙන ගමන්ම ඔයාලා හැමෝටම මේ චිත්‍රපටිය රසවිඳින්න කියලා ඉල්ලාහිටිනවා.

ඉතින් එහෙනම් ආයෙ දවසක් උපසිරැසියකින් හමුවෙන තුරු ඔබට ජයෙන් ජය!

Boruto: Naruto the Movie (2015) on IMDb
(function(d,s,id){var js,stags=d.getElementsByTagName(s)[0];if(d.getElementById(id)){return;}js=d.createElement(s);js.id=id;js.src=”http://g-ec2.images-amazon.com/images/G/01/imdb/plugins/rating/js/rating.min.js”;stags.parentNode.insertBefore(js,stags);})(document,’script’,’imdb-rating-api’);

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

BORUTO -NARUTO THE MOVIE- (1280×720 x264 AAC)

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/01/NaveendraD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන්ද්‍ර ධනුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

23 thoughts on “Boruto: Naruto the Movie (2015) with Sinhala Subtitles | බොරුටෝ [සිංහල උපසිරසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *