ඔන්න එහෙනම් පොරොන්දු උන දවසට දවසක් කලින් මම පොරොන්දු ඉටු කලා. අද තමයි පළිගැනීමේ අවසානය සනිටුහන් කරන්නේ. ඒ කියන්නේ ශාපලත් යුද්ධයට පියවර තබන්න ගන්න ප්‍රථම පියවර මගින් තමයි මේ කතා සමය අවසන් කරන්න යන්නේ. එහෙනම් ඉක්මණින්ම යමු කතාව දෙසට. කලින් කොටස ගැන මතක ඇතිනේ අපේ යාළුවන්ට. ස්පාටකස් රෝම වයින් කරත්තයක්…
ඔන්න එහෙනම් පොරොන්දු උන දවසට දවසක් කලින් මම පොරොන්දු ඉටු කලා. අද තමයි පළිගැනීමේ අවසානය සනිටුහන් කරන්නේ. ඒ කියන්නේ ශාපලත් යුද්ධයට පියවර තබන්න ගන්න ප්‍රථම පියවර මගින් තමයි මේ කතා සමය අවසන් කරන්න යන්නේ. එහෙනම් ඉක්මණින්ම යමු කතාව දෙසට.
කලින් කොටස ගැන මතක ඇතිනේ අපේ යාළුවන්ට. ස්පාටකස් රෝම වයින් කරත්තයක් ගෙනත් කොහොමද එකිනෙකා අතර තිබුණු තරහ නෝක්කාඩු දුරලපු හැටි. ඒ වගේම දකින්න ඇති තමන්ගේ තිබුණු අඩුපාඩු කම් ප්‍රායෝගිකවම පෙන්වලා දුන්නු හැටි. රෝමන් සෙබළුන් ලෙසින් ඇඳගෙන ඇවිත් ප්‍රහාරයක් එල්ල කරන්න තරම් ආරක්ෂාව දුර්වල බව පෙන්වලා දුන්නා. ඒ වගේම සෙපියා මැරුම් කනවා ඉලිතියා අතින් ඇය ග්ලෙබර්ගෙන් තම සහෝදරයා මරපු පලිය ගන්න උත්සාහයකදී. ඒ වගේම සෙපියා රෝමයට යවපු පණිවිඩයක් නිසා වෙරිනියස් හමුදාවක් සමඟ පැමිණියා. එත් අවසානයේ ඔහුටත් සිද්ධ උනේ සුපුරුදු පරිදි මරු තුරුලට යන්න. ඒ වගේම ගායස් අවසානයේ දැනගන්නවා ස්පාටකස් ඉන්න තැන ගැන ඒ වගේම අවසානයේ දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා කැටපෝල යොදා ගෙන අවසානයේ අපි දැක්කේ ඉතුරු වූ පිරිස විසුවියස් කඳු මුදුන දෙසට ගමන් කර ගායස්ගේ හමුදාවට කොටු වෙලා ඉන්නවා. එතැන් සිට තමයි අද මේ දේව උදහස දක්වන්න යන්නේ.
ස්පාටකස්ගේ පිරිස දැන් විසුවියස් කඳු මුදුනට සීමා වෙලා. එක මාර්ගයක් පමණයි එයින් පිටවෙන්න තිබෙන්නේ ඒ මාර්ගය මත රෝමන් හමුදාව බලා ගෙන ඉන්නවා නැවත පැමිණෙන ස්පාටකස්ගේ පිරිසට පහර දෙන්න. ඒ වගේම අහාර සහ අනෙකුත් අවශ්‍යතා වලින් පරිහිලා සිටින ස්පාටකස්ගේ පිරිසෙන් කිහිප දෙනෙක් ගන්න මෝඩ තීරණයක් නිසා ස්පාටකස්ට හිතට ගොඩක් සමීප කෙනෙක් අහිමි වෙනවා. ඒ වගේම අශුර් මේතාක් කල් කරගෙන ගිය දේවල් සේරම ලුක්‍රෙශියා නිසා අහිමි වෙලා යනවා. මේ ඇති මම හිතන්නේ කිව්වා. අවසානය වෙනකන් ඔයාලටම බලන්න ඉතුරු කරන්නම් එහෙනම්. බලන්න එහෙනම් ස්පාටකස් කොහොමද ඔහුගේ පළිගැනීම අවසන් කරන්නේ කියලා.
ඒ වගේම අපි බලමු හැකි ඉක්මණට ශාපලත් යුද්ධයයේ ආරම්භක පියවරත් සනිටුහන් කරන්න. බලමු ඉක්මනටම එයත් ඉවර කරලා ස්පාටකස්ගෙන් බේරෙන්න තමයි මමත් මේ දවස් වල සැලසුම් කරන්නේ. එහෙනම් යනගමන් මේ කතා සමය ගැන සහ අවසාන කතා සමය ගැන ඔයාලගේ අදහස් දක්වලා යන්න කියලා ආරාධනය කරනවා. එහෙනම් හැමෝටම ජයෙන් ජය ප්‍රාර්ථනය කරනවා!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
22,216 downloadsDownload Spartacus.S02E10.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode 3 rd Season >>
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
148 comments
Gagan
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට යාළුවා!
nadika
tnx tnx mchooooooooooooooooo. supiri
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි නදීක සහෝ !
pubudu supun
ඔන්න හසන්ත අයියේ අද ඉදන් මමත් මේ කතාව ඩවුන්ලෝඩ් කරනවා. මෙච්චර කල් වෙලාවක් නැතුව තිබ්බේ මේ කතාව බලන්න. එහෙනම් හසන්ත අයියට බොහෝම ස්තුතියි මේක සබ් කලාට :)
හසන්ත වික්‍රමරත්න
මුල ඉඳලම බලන්න ගන්න මල්ලි මැද ඉඳන් බලලා මොන කතාවක් වත් තේරුම් ගන්න බැහැ. අනික මේක අතීතයේ සිදු උන කතාවක්. ස්පාටකස් කියන්නේ මවපු චරිතයක් නෙමේ මේක රෝමයේ ජිවත් වුන චරිතයක්. ඒ වගේම අනෙක් පිරිසත් ඒ හැමෝම සත්‍ය චරිත. ස්තුතියි කොමෙන්ට් එකටත්.
Kasun
thanks saho....
niyama
eelanga ekath ikmanata pataan gamu...හසන්ත වික්‍රමරත්න
හැකි ඉක්මනින් දෙනවා ගොඩක්ම ස්තුතියි කොමෙන්ට් එකට !!
ශාන් විමුක්ති [වීමා]
චීකේයියා...
මේ දාල තියෙන පිංතූලෙ
අපි වගේ පොඩි ලමයින්ව නරක් කරනව මේ හසන්ත මාම්, චික් හරිම නරකයි, බලන්නත් පිලිකුල් සහගතයි :P"බලමු ඉක්මනටම එයත් ඉවර කරලා ස්පාටකස්ගෙන් බේරෙන්න තමයි මමත් මේ දවස් වල සැලසුම් කරන්නේ"
මොන පිස්සුද, එහෙම ලේසියෙන් බේරෙන්න වෙන එකක් නෑ හොදේ. ස්පාටකස් කියන්නෙ මාර තදයෙක්නෙ හලෝ. ගෙදරවත් ඉන්න වෙන එකක් නෑ ඔයා ස්පාටකස්ව අතෑරල දැම්මොත් එහම හොදේ.
උපසිරසියට තුති හසෝ.
ජය!
ඊලග කතා කෑල්ලත් ඉක්මනටම අරන් එන්ට හොදේ!
අපේ ස්පාටකස් ඔයා තමා දැන් ඉතින් ;)හසන්ත වික්‍රමරත්න
පින්තූරේ නම් දැම්මේ මම නෙමෙයි. විකියා එක්ක බේර ගන්න ඒවා ඔන්න. වැඩේ කියන්නේ අත දරුවෙක් නොවැ මේ පින්තූරේ හොඳ නැහැ කියලා තියෙන්නේ. පින්තූරේ දිහා ටික වෙලාවක් බලන් ඉඳලා වගේ එපා වෙලා තියෙන්නේ මට පේන විදිහට.
මම තාත්තට කෝල් එකක් දීල කියන්නම්කො මේ පොඩි එකාට ඉන්ටනෙට් තහනම් කරන්න කියලා. අපි නරක කරන නිසා....එහෙම හොඳයි නේ :Pශාන් විමුක්ති [වීමා]
එක වතවක් බොලා මට පදයක් හැදුව දැන් මගේ අන්තර ජාලය තහනම් කරන්න යනව,
මට පේන හැටියට බොල මා-පියා ඉදිරිපිට අපරාධ කරුවෙක් කරලන හැඩයි,මා තදින්ම විරුද්දයි ස්වාමීනී.
මොහු මාගේ සේවාදායක විත්ති කරුට දැඩි ලෙස මානසික බලපෑම් කරනු ලබනවා!!athula
ane aiye sub eka extract wenne nene appa
prasad
kathawa balalama comment ekak dannam,
හසන්ත වික්‍රමරත්න
ඔන්න එහෙනම් කොමෙන්ට් එකක් ඕනේ. ස්තුතියි කොමෙන්ට් එකට.
ප්‍රශන්න
අයියේ එහෙනම් 3 වෙනි කොටසත් ඉවර කලා එහෙනම්.. ඔක්කොටම කලින් කියන්න ඔන අයියේ Spartacus Gods of the Arena එක පටන් ගන්න කලින් ඔයා අපි හැමොගෙන්ම ඇහුවා Vengeance දාන්නද Gods of the Arena දාන්නද කියල මම ඒ අතර හිටියේ දාන්න කියන ගොඩේ.. එක නිසා ඔයා මට හදිස්සයට මොනවත් කර ගන්න බැරිවෙයි කියල කමෙන්ටුවකුත් දැම්මා.. මට ඒව මතක්වෙනව මේක ඉවර වෙනකොට.. ඒ වගේම මේ කතා මාලාවේ මම ආසම අදියර තමයි Vengeance කියන්නේ.. ඒත් ඒ කතා මාලාවේ දුකම කොටසත් මේක.. කලින් Blood and Sand මාලාවේ සූරගෙන් අදරය අහිමි වුන ස්පාටකස්ට ටිකක් හරි සහනයක් සපයපු මීරා මේ කොටසින් පස්සේ අපිට දකින්න වෙන්නැහැ.. දුක ඒකයි
හරි අපි ඇගිලි ගණිනනවා මේ වසරේම තිරගතවුන Spartacus war of the damend බලන්න. බලන්න දුකම කොටස් තියෙන ඒක සබ් එකක් බලනන් ආසාවෙන් ඉන්නව අයියේ.. උබට ගොඩක් පිං..
හසන්ත වික්‍රමරත්න
මගේ අංක එකේ ස්පාටකස් රසිකයා. ඉන්නම දෙන්නේ නැහැ දවසක් පරක්කු උනාම. එක්කෝ msg එවනවා. නැත්තන් FB එකට msg දානවා. ඉක්මනටම දෙන්නම් අලුත් කතා මාලාවත්. ස්තුතියි ප්‍රශන්න මල්ලි හැමදාම වගේ වද දීලා මගේ අත ඉක්මන් කරනවට. :P
ප්‍රශන්න
ටික දවසකට වද නොදී ඉන්නම්.. ටිකක් හරි ඔයාට විවේකයක් අවශ්‍යයිනේ.. අනික අපිටම කබුරලා හරියන්නැහැනේ.. හිහිහිහිහි (විහිලුවට කිව්වේ.. අනිකත් ඉක්මනට දෙනවනම් හොදා...)
bandula
Thnxxx ela
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට!
lk
Ela machoo anith awathbikmanaya denna labeuwa
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට! ඉක්මනටම දෙන්නම් ටික දවසක් දෙන්න.
amith
ඉක්මන් කලේ නැත්නම් ඉතිං අයියත් දේව උදහසට කෙසේ වෙතත් මගේ උදහසට ලක්වෙයි.
තවත් සීසන් එකක් ඉවරකලාට බොහොම ස්තූතියි
දිගටම කරම්
ජයවේවා!හසන්ත වික්‍රමරත්න
එහෙනම් ඉක්මනටම දෙන්න වෙයි නේද? මමත් ඉක්මනටම ඉවර කරන්න තමා හදන්නේ බලමු. උපරිම උත්සාහයක් ගන්නවා.
amila
Patta pattaaa hasanatha
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට!
bandula
Jaya wewa
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට! ජය වේවා!
sumudu
Bohoma pin anith kotasuth ikmanata denna labeywa
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට!
හසන්ත වික්‍රමරත්න
ඉක්මනටම දෙන්නම්, ස්තුතියි කොමෙන්ට් එකට!
chami
Supiri tv katahwa.thx
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට!
trincokolla
niyamai broo......
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට!
waruni
Thank you brother ! ude indan web site eka bala bala hititya oya me episode eka upload karanakan. Thank you very much for all the hard work. and awaiting for the next series.
හසන්ත වික්‍රමරත්න
Thanks for the valuable comments such like this. You will be able to see the next series within couple of days. Thanks again for the comment Waruni.
හසන්ත වික්‍රමරත්න
Thanks a lot for the comment Waruni. Hope to see you soon again with the new Series as well.
saliya
ela ela thanks saho.
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අපොයි මොකද්ද මේ දාල තියෙන පින්තුරේ.....මෙච්චර කාලයක් මේ කතාව බැලුවේ රෑ එකොළහෙන් විතර පස්සේ අම්මල නිදිය ගත්තට පස්සේ...මෙහෙම ගියෝතින් හැබැයි සයිට් එකට එන්න වෙන්නෙත් 11 න් පස්සේ වගේ වෙයි... ගෙදරින් එලවන්න තමයි මේ උන්දැලගේ ලෑස්තිය මයේ හිතේ.... එහෙනම් මේ සමයත් ඉවරයි නේ...අනිත් එක එනකම් ඉන්නම්...කොහෙද කොයි කොහොම උනත් බලන්නම එපයි....ජය වේවා...
හසන්ත වික්‍රමරත්න
ගෙදර අය දන්නවා ඔහොම රෑ තිස්සේ කාමරේ ඇතුලේ කරන්නේ මොනාද කියලා. :P බොරුවට නිකන් පොඩි එකා වෙන්න හදන්නේ.පින්තූරේ විතර වෙන්ටැති මෙච්චර දවස් බලන්න ඇත්තේ. අපිටනේ මේ හේවා මේවා කියන්නේ. ජය වේවා!
champi
ෂා .. මෙන්න ඉල්ලන්නත් කලින් ... මාරයි.. ස්තුතියි
හසන්ත වික්‍රමරත්න
දැන් ටිකක් දියුණු වෙලානේ :P මම කිව්වනේ ඉක්මනට දෙනවා කියලා. කිව්ව දවසට කලින් දුන්නා එහෙනම් ඔන්න. ස්තුතියි කොමෙන්ට් එකටත්.
සමීර කරුණාරත්න
KOHOMA HARI EKA IWARA KALA NE...
THAW EKANE EKATH KIMANATA IWARA KARANNA HAKI
WEWAI PATHANAWAහසන්ත වික්‍රමරත්න
සමීර මල්ලිගේ කොමෙන්ට් එකට ගොඩක් ස්තුතියි. ඒ වගේම ප්‍රාර්ථනාවත් එහෙම්ම ඉටු වේවි.
රොහාන්
හසන්ත සහෝ බොහෝම ස්තුතියි මේ කථා මාලාවත් අවසන් කළාට. සිංහල ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කරන මේ සත්කාරයට මගේ ප්‍රණාමය. ඉතින් ඉතිහාසයේ හිටපු මිනිසුන් අතර තමන්ගේ ජිවීතයත් කැපකරලා ස්පාටකස් කරන කැරැල්ලේ අවසාන සමය ඉක්මනට දෙන්න හැකියාව ලැබේවා! නැවත වතාවක් ස්තුතියි මේ කැපවීමට. ජයවේවා!
GOD BLESS YOU.හසන්ත වික්‍රමරත්න
ගොඩක් කාලෙකට පස්සේ රොහාන් සහෝදරයාගෙන් කොමෙන්ට් එකක් තියෙන්නේ. මම හිතුවේ දැන් බලන්නේවත් නැතුව ඇති කියලා. තාමත් මාත් එක්ක ඉන්නවා කියල දකින්න ලැබීමත් සතුටක්. ඉක්මනටම එකත් ඉවර කරන්න තමා අදහස.
“චූටී මල්ලි”
එහෙනම් මේ කතා සමයත් ඉවරයි නේ
එල එල
3න් වෙනි එකත් ඉක්මන්ටම දෙන්න ලැබේවා කියලා
පතනවා....හසන්ත වික්‍රමරත්න
ස්තුතියි චූටි මල්ලි. හැමදාම වගේ කොමෙන්ට් කරන කෙනෙක් ඔයා. අනිත් සීරිස් එකත් ඉක්මනටම දෙන්නම්.
ns
thanx.....
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට!
tikiri
අඩෝ මරුනේ..
මම හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට දෙඉ කියල...පට්ට...අද දවස නම් මාරු...තැන්ක්ස් මචන් හසන්තහසන්ත වික්‍රමරත්න
දුන්නු පොරොන්දුව තිබ්බ මම. මොකද කලින් කොටස දෙනකොට අන්තිම කොටසේ 50% වගේ කරලා තිබ්බේ. එකයි එහෙම කිව්වේ. :)
srk
thanks
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට!
geeth
oyanam gindara aiyya. oyate jayen jaye
හසන්ත වික්‍රමරත්න
ජය වේවා මල්ලි !! ස්තුතියි කොමෙන්ට් එකට!
Geesh
Thank you for the SEASON 3 and, i think you will be here with SEASON 4 ....... cheers ... you did very well Hasantha ....
හසන්ත වික්‍රමරත්න
Thanks for the comment. BTW I think there will be no season 4 for this TV Series. End of season 3 everything to be concluded. That means I can finish with the Spartacus sooner. :P
suna
spartacus season 3 dei kiyala nowe api balan inne.. thanx
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට! එහෙනම් නොදී ඉන්නම් නේද?
dhanushka
thanks kollo..
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට!
සාරංග ලියනගම
බොහොම ස්තූතියි හසන්ත සහෝ මේ කරන කැප කිරීමට. සීසන් 3 කට සබ් දෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවි.එහෙනම් ඊළඟ එකටත් සබ් දෙමු.. :)
බොහොම පින් සහෝ...!!!හසන්ත වික්‍රමරත්න
ස්තුතියි සාරංග සහෝ. ඔයාල කරන අගය කිරීම තමා ගොඩක්ම වටින්නේ. නැවත හමු වෙමු ඉක්මනටම.
නිරෝෂ්
thanks....
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට!
shalana
thanks sahoo
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට!
harsha
කිවුවා වගෙම ඒකත් දුන්නා ගොඩක් ස්තූතියි. ඊලඟ කොටසටත් දිනයක් දෙන්න බැරිද? ස්පාටකස්ගෙන් විතරක් නෙවෙයි අපෙනුත් බේරෙන්න තියනවා. ඉක්මන් කරපු තරමට තමයි නිදහස ලැබෙන්නේ. එහෙනම් දැන්මම වැඩෙ පටන්ගන්න. ජයවේවා
හසන්ත වික්‍රමරත්න
ඉක්මනටම දෙන්නම්. මටත් පොඩි විරාමයක් දෙන්නේ නැතෙයි. ඔව් ඔව් ඒකනම් ඇත්ත ස්පාටකස් හොඳයි වගේ. :P
sulaj chanaka
you are doing exultant thing for us. and i would like to invite to you another work. please carry on
හසන්ත වික්‍රමරත්න
Thanks for the appreciation. This what we need all the times.:D
sulaj chanaka
iamd¾glia lshkafka udkj iudcfha tla ld,hla yßhg b;sydi mdvula jf.a
Rajitha Abeysinghe
ගොඩක් ස්තුතියි සහෝ.ඔයා නියම පොරක් නේ
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි සහෝ කොමෙන්ට් එකට. පොරක් නම් නෙමෙයි ඒත් කරන වැඩේ ඉවර කරනවා කොහොම හරි. ඒ මගේ හැටි. :D
dedunu- yatalamatta,
තවත් සීසන් එකක් ඉවරකලාට බොහොම ස්තූතියි......
ජය වේවා…...හසන්ත වික්‍රමරත්න
ස්තුතියි දේදුනු සහෝ.ඔබටත් ජය වේවා. ඉක්මනටම නැවත හමු වෙමු.
saman
ela aiye ela elage episode 1 ikmanateme denna labewa kiyala prarthana karanawa ewagema kisima laba pryojanyak nathuwe sewayak widihate oyala karanae me wade api ehalinme agayae karanawa kiyalath kiyanne one
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි සමන් මල්ලි. ඔයාලගේ මේ අදහස් තමා අපිට වටින්නේ. ඉක්මනටම නැවත හමු වෙමු.
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට!
cham
@hasantha, 2,10 unata may vedio 1ka sub 1kata match wenny naa ny, kalin iwara una thani nawai patan ganny, mokak hari missing wela,
හසන්ත වික්‍රමරත්න
මම ඩවුන්ලෝඩ් කලේ නම් 422MB වීඩියෝ ෆයිල් එක මම බලන්නම් 235MB ෆයිල් එකත් ඩවුන්ලෝඩ් කරලා. හැබැයි මම කරපු එකට නම් මේක වැඩ. මොකද මම සබ් එක චෙක් කලේ ඒකත් එක්ක නිසා.
hariboy
thanks a lot dear,keep it up
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට!
mahesh
thanx sahoo.....Spartacus fillm 1th puluwannam denna
හසන්ත වික්‍රමරත්න
බලමු මේ ටික ඉවර කරලම දෙන්නම්. එහෙම නැත්තන් ඔයාලට මේකත් එපා වෙයි. මේ තරම් හිතට කාවදින්න කරලා නැහැ. 1960 කරපු එකක් නිසා.
malperera
thanks obata jaya wewa.
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට සහෝදරයා!
Chathu
thax
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට!
chamara
හසන්ත අය්යේ බොහොම තැන්ක්ස් වේවා මේ කරපු දෙයට
හොදම් හරිය තියෙන්නේ පස්සට කියනවා නේ ඒවගේ තමයි ඔයා දැන් දෙන්න යන එක
එක නිසා ඔන්න අපි බලාගෙන ඉන්නවා
සීසන් 2 ගොඩක් හොදට් සබ් දාල තිබ්බා නියමෙට් සින්ක් වෙන්න සහ ටිකක් සබ්යත්වය
වැඩියෙන් ආරක්සා කරගෙන නැතුව තද වචන එහෙම්මම දැම්මොත් තමයි හොද මොකද මේක බලන්නේ වැඩිහිටියෝ නේ
තැන්ක්ස්හසන්ත වික්‍රමරත්න
ඉක්මනටම පටන් ගන්නම් එකත්. කොමෙන්ට් එකට ස්තුතියි චාමර මල්ලි. ඔයා කරපු ඉල්ලීම නම් මට කරන්න අමාරුයි.දාන්න පුළුවන් උපරිම දැඩි වචන පාවිච්චි කරනවා අසභ්‍ය වචන ඇරෙන්න. මොකද අපේ සංස්කෘතිය එකක් එයාලගේ එක එකක්. අපි කුනුහරුප කියා ගන්න ජාතියක් නෙමේනේ. සමා වෙන්න ඕනේ ඒ ඉල්ලීම ඉටුකරන්න බැරි වීම ගැන.
hasitha
good work machan....
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට!
Desa
thank you very much.
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට!
dilan samindaka
sub genanam kiyala wedak ne ,,ithuruwat ikmanata denna
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි දිලාන් මල්ලි. ඉක්මනටම දෙන්නම්.
ravi70
patta pathuru hodee,jayen jayama weeeeeeeeeewa
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට!
Uraj Deemantha
ඔහොම යන් :)
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි කොමෙන්ට් එකට!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Spartacus: Vengeance [S02 – E10] (18+) | දේව උදහස…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/Spartacus-Vengeance1-555x250.jpg)
Thanks Machan Okkoma Sub Dunnata.