Star Wars: Tales of the Empire [E04 & E05 & E06] Sinhala Subtitles | යමක් වුණාට පසු කලකිරී පලක් නැත [සිංහල උපසිරසි]
Star Wars. ස්ටාර් වෝර්ස් කියන්නෙ 1977 ඉඳන් එන ජෝර්ජ් ලූකස් මහත්තය පටන් ගත්ත ස්පේස් ඔපෙරා එකක්. එදා ඉඳන් අද වෙනකල් එක එක කතාන්දර මේ යුනිවර්ස් එකේ නිර්මාණය උනා වගේම අනාගතයෙත් කියන්න පුලුවන් කතාන්දර අප්‍රමාණ ගාණක් මේ යුනිවර්ස් එකේ ඉතුරු වෙලා තියෙනවා.
ස්ටාර් වෝර්ස් වල ලයිව් ඇක්ෂන් ෆිල්ම් ටික හැමෝම දන්නවනෙ. හැබැයි ඉතින් එතනින් මේ කතා නතර වෙන්නෙ නැ. ඇනිමේෂන් ෆිල්ම්, ඇනිමේෂන් සීරිස්, ලයිව් ඇක්ෂන් සීරිස්, ගේම්ස්, කොමික්ස්, ග්‍රැෆික්ස් නවල්ස් මේ යුනිවර්ස් එකට අයිතියි වගේම සමහරක් ඇරෙන්න බහුතරයක් ප්‍රධාන ටයිම්ලයින් එකට කැනොන් වෙනවා.
ෆිල්ම් වල තිබුනු සමහර සිද්දි ඉවර උනේ ඇනිමේෂන් සීරිස් වල. එක සීරිස් එකක තියෙන සමහර ස්ටෝරි ඉවර උනේ වෙනත්ම සීරිස් එකකදි. සමහර කොමික් වල තියෙන සිද්දි ඉවර වෙනනෙ ඇනිමේෂන් හෝ ලයිව් ඇක්ෂන් වලදි. ඉතින් මේ වගේ හැමදේම එකට කනෙක්ට් උන ලස්සන යුනිවර්ස් එකක් මේක.
ඉතින් මේ විදියට යද්දි අපි හැමෝම ආදරය කරන ඩේව් ෆිලෝනි මහත්තය නිර්මාණය කරනවා තවත් ලස්සන සීරිස් එකක්. මේක නමින් Tales Of The Jedi. විනාඩි 12-17 අතර එපිසෝඩ් 6කින් මේ සීරිස් එක සමන්විත උනා. ක්ලෝන් වෝර් සීරිස් එකට සම්බන්ද සීරිස් එකක් විදියට මේක නිර්මාණය උනා. ෆෑන් ෆේවරිට් Ahsoka මේ සීරිස් එකේ හයිලයිට් කැරැක්ටර් එක උනා.
ඒ සීරිස් එක සාර්තක උන නිසාම Tales නමින් සීරිස් තවත් නිර්මාණය කරන්න තීරණය උනා. පලවෙනි පාර ජෙඩායිලට චාන්ස් එක දුන්න නිසා ඊලඟ පාර විලන්ස්ලට චාන්ස් එක ලැබෙනවා. මේක නමින් Tales Of the Empire. මේක එපිසෝඩ් හයකින් සමන්විත උනා වගේම ස්ටෝරි දෙකකින් සමන්විත උනා. The Mandalorien S2 එකෙන් අඳුන්වල දීල Ahsoka සීරිස් එකේ ප්‍රධාන චරිතයක් උන Morgan Elsbeth ගේ අතීත කතාවක් වගේම Episode II වල ෆස්ට් ඇපියරන්ස් එක අරන් ක්ලෝන් වෝ වල එපිසෝඩ් ගනනාවක වගේම ග්‍රැෆික් නවල්ස්, ඕඩියෝ බුක් වල දැකගන්න ලැබුනු Barriss Offee ගේ කතාන්දරයක් දැකගන්න ලැබෙනවා.
ඒ වගේම අවසන් එපිසෝඩ් තුනේ ඉන්න Lyn Rakish හෙවත් Fourth Sister අපිට Obi One Kenobi සීරිස් එකෙන් ලයිව් ඇක්ෂන් දකින්නත් පුලුවන් උනා.
———
“ජෙඩායි ටෙම්පල් එකකට එල්ල කරන බෝම්බ ප්‍රහාරය හමුවේ ක්ලෝන් වෝර්ස් හිදී බැරිස්ව අත් අඩංගුවට පත්වෙනවා ඔයාලට මතක ඇති. ඉන්පසුව කාලය ගෙවී යාමත් සමඟ ජෙඩායිවරු මේ වනවිට නැත්තමට නැතී වී ගොස් අවසන්. කවුන්සිලයේ හිරමැදිරි භාරව මෙන් සිටින ලින් මේ අතර බැරිස් වෙත පැමිණෙන්නෙ ඇයව කණ්ඩායමකට බඳවා ගැනීමේ අරමුණ ඇතිවයි. එහිදි අකමැත්තෙන් වුවද තම මිතුරන්ද ඝාතනය කර තමන්ට එම අවස්ථාව ලබාගැනීමට බැරිස්ට සිදුවෙනවා. ඉන්පසු ඇයගේ පලමු මෙහෙයුම වශයෙන් ලින් සමඟම ඉතුරු වූ එක් ජෙඩායි වරයෙක්ව සොයායනවා. එම මෙහෙයුම අතරදි මුළු ගම්මානයක්ම මුලිනුපුටා දැමීමට ලින් පසුබට වන්නේද නැත. අවසානයේ ඔවුන්ට අවසන් ජෙඩායිවරයා මුණ ගැසෙනවා සහ ඇය සමඟ සටන් වදිනවා. එම ජෙඩායි හට බැරිස් ඒත්තු ගන්වනවා භාරවෙන ලෙස. එම මොහොතෙම වහා ක්‍රියාත්මක වන ලින් එම ජෙඩායි හට පහර දී එතනම මියදෙන්නට ඉඩ හැර පිටව යනවා. ලින්ගේ මෙම කෘර ක්‍රියාවන් තවත් ඉවසාගත නොහැකි වන බැරිස් වහාම ක්‍රියාත්මක වී තම බලය යොදාගෙන ලින්ව කන්දෙන් පහලට විසි කර දමනවා.”
ඇත්තටම කන්දෙන් පහලට වැටුණ ලින් මැරුණද? ලින් සහ බැරිස්ගෙ එකමුතුව මෙතනින් අවසන්ද? ඔවුන් යලි හමුවේවිද? නැත්තම් මේ ඔවුන්ගෙ අවසන් හමුවද?
මේවට උත්තර දැනගන්න නං, අනිවාරෙන්ම කතාව බලන්න වෙනවා. ඔන්න එහෙනම් අදට මං මෙතනින් නවතිනවා.
මීළඟට මේ Tales සීරිස් එකේ තුන්වෙනි සීසන් එක වෙන Tales of the Underworld සීරිස් එකේ උපසිරැසි තුළින් නැවත හමුවෙමු.
සුභ දවසක්!! ජයවේවා!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]