Watch Trailer

Stranger Things: Tales from ’85 [S01 : E05] Sinhala Subtitles | පත්තර කන්තෝරුවේ ජංජාලය [සිංහල උපසිරැසි]

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles හොඳයි, අද මේ පළවෙන්නේ Stranger Things: Tales from ’85 කතා මාලාවේ පස්වැනි කොටස. වැඩි විස්තර නැතුව අද කොටසේ වෙන දේ බලමු. අද පළ වන කතාංගය ගැන: පස්වැනි කොටස – “Chapter Five: The Weekly Watcher” – “පත්තර කන්තෝරුවේ ජංජාලය” අධ්‍යක්ෂක – Ben Choi තිරරචනය…

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles

හොඳයි, අද මේ පළවෙන්නේ Stranger Things: Tales from ’85 කතා මාලාවේ පස්වැනි කොටස. වැඩි විස්තර නැතුව අද කොටසේ වෙන දේ බලමු. අද පළ වන කතාංගය ගැන:
  • පස්වැනි කොටස –  “Chapter Five: The Weekly Watcher” – “පත්තර කන්තෝරුවේ ජංජාලය”
  • අධ්‍යක්ෂක – Ben Choi
  • තිරරචනය – Joshua Pruett
  • මුල්වරට විකාශය කෙරුණු දිනය –  2026 අප්‍රේල් 23
  • IMDb Ratings – 6.7/10

පහුගිය කතාවෙ අන්තිමට අපි දැක්කා ස්ටීව් සහ ඩස්ටින් කසළ දාහකයක් තුළදී අද්භූත සතුන් දෙන්නෙක්ව පුළුස්සා විනාශ කළ ආකාරය. ඒ වගේම ලී මෝලේදී පහරදුන් අද්භූත සතා එක්ක එල් ගත්ත පින්තූරය මයික්ගේ අතින් වැටිලා වීඩියෝ ආකේඩ් එකේ කීත් අහුලගන්නවා. ඔහුගෙන් ඒක ආපහු ලබාගන්න උත්සහ කළත් අසාර්ථක වෙලා ඔවුන් හොපර්ගේ නිවෙසට යනවා. ඉන්පස්සේ මොකද වෙන්නේ? හදිසියේ ආපු අනාරාධිත අමුත්තන්ගේ පැමිණීම ගැන හොපර් කලබල වෙලා එල්ගේ යාළුවො හැමෝටම පිටවෙන්න කියනවා. එතනින් එලියට ඇවිත් මයික් කියනවා නිකී ඇත්තටම HIC කල්ලියට අයිති නැහැ කියලා. මේක ඇහිලා නිකී අවුල් වෙලා එතනින් පිටවෙනවා. පහුවදා HIC කණ්ඩායම කීත්ගේ පස්සෙන් බයිසිකල් වලින් එලෙව්වත් කීත් කියනවා තමන් අර පින්තූරය වීක්ලි වොචර් ටැබ්ලොයිඩ් පත්තරේ කර්තෘට විකුනපු බව. මේක අහලා HIC කණ්ඩායම පත්තර කන්තෝරුවට හොරෙන් රිංගන්න සැලසුමක් හදනවා. ඉන්පස්සේ මොකකින් මොකක් වෙයිද? ඔවුන් කාර්ය මණ්ඩලයට අහුවෙයිද? අද කතාවෙන් ඉතුරු ටික දැනගනිමු.අද කොටසින් බලමු. අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!

 

 

Stranger Things: Tales from ’85 Season 1 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

64 downloadsDownload Stranger-Things-Tales-from._85-S01E05.zip17 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

 

Next BT1Next BT1

 

Stranger Things: Tales from ’85 Sinhala Subtitles

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

64 downloadsDownload Subtitles17 KB

0 comments

No comments yet.