Watch Trailer

Stranger Things: Tales from ’85 [S01 : E06] Sinhala Subtitles | මහා කුණාටුවක අබියස… [සිංහල උපසිරැසි]

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles මිත්‍රවරුනි, අද අපි අරගෙන ආවා Stranger Things: Tales from ’85 කතා මාලාවේ හයවැනි කොටස. පහුගිය කතාවෙ අන්තිමට අපි දැක්කා HIC කණ්ඩායම නැවත එකතු වෙන හැටි. ඒ වගේම ඔවුන් එල්ගේ පින්තූරය ආපහු ලබාගත්ත විධිය. ඒ වගේම නගරේ අපවහන කාණුව ඇතුලේ ඉන්න අද්භූත සතාවත…

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles

මිත්‍රවරුනි, අද අපි අරගෙන ආවා Stranger Things: Tales from ’85 කතා මාලාවේ  හයවැනි කොටස.  පහුගිය කතාවෙ අන්තිමට අපි දැක්කා HIC කණ්ඩායම නැවත එකතු වෙන හැටි. ඒ වගේම ඔවුන් එල්ගේ පින්තූරය ආපහු ලබාගත්ත විධිය. ඒ වගේම නගරේ අපවහන කාණුව ඇතුලේ ඉන්න අද්භූත සතාවත් දැක්කා. වැඩි විස්තර නැතුව අද කොටසේ වෙන දේ බලමු. අද පළ වන කතාංගය ගැන:
  • හයවැනි කොටස –  “Chapter Six: A Storm Is Coming” – “මහා කුණාටුවක අබියස…”
  • අධ්‍යක්ෂක – Ashe Jacobson
  • තිරරචනය – Ray Utarnachitt
  • මුල්වරට විකාශය කෙරුණු දිනය –  2026 අප්‍රේල් 23
  • IMDb Ratings – 6.7/10

අද මොකද වෙන්නේ?  1984 නොවැම්බර් 12 වැනිදා රාත්‍රියේ, රසායනික ආරක්ෂක කබා පැළඳගෙන සිටින හමුදා නිලධාරීන් කණ්ඩායමක් මියගිය අප්සයිඩ් ඩවුන්  රාක්ෂයන් පුළුස්සා දැමීමට ගිණි විදින යන්ත්‍ර භාවිතා කරමින් ඉන්නවා. ඔවුන් පණුවන් වැනි ජීවීන් පිළිබඳවද අත්හදා බැලීම් සිදු කරන අතරේ එක සතෙක් හැරෙන්න අනික් හැම පණුවෙක්ම පරීක්ෂණ වලින් මැරෙනවා. ඒ සතා පැටව් දාලා පැනල යන්න හැදුවත් උන්ව ගිනිදැල් විදින යන්ත්‍රයෙන් පුළුස්සනවා, නමුත් ඒ සතා මියයන්න කලින් බීජාණු වර්ගයක් සුළඟට විසි කරනවා. 1985 ජනවාරි 15 වැනිදා, නිකීගේ අම්මා, ඇනා පන්ති කාමරය ඇතුලෙදි මියගිය තක්කාලි ශාකයක් යළි ලියලවන්නට රසායනිකයක් යොදාගනිමින් පරීක්ෂණ කරමින් ඉන්නවා. මේ අතර තමන්ගේ යාළුවන් එක්ක සිත් බිඳගෙන ඉන්න නිකී තමන්ට හෝකින්ස් හැර යන්න ඕනේ බව කියනවා. නමුත් අම්මා ඒකට විරුද්ධ වෙනවා තමන් ලොකු සොයාගැනිමක අබියස ඉන්නා බව කියමින්. විල් බයර්ස් උත්සහ කරනවා කොහොමහරි නිකීව යාලු කරගන්න. ඒකට උපායක් විධියට විධියට ඔහු නිකීවයි, මයික්වයි එක්ක පාසලේදී එකට රැඳවුම් භාරයට යන්න හේතුවෙන විධියට බොරුවට ගිනි අනතුරු ඇඟවීමක් නිකුත් කරනවා. කොහොමහරි මෙතැනදී රැඳවුම් පන්තිය පවත්වාගෙන ගිය පුහුණුකරු අතුරුදන් වී ඇති බව දැනගන්නවා. ඔහුට මොකද වුණේ? මේ අතර මැක්ස්  සහ ලූකස් පාරේ යද්දී පොඩි පිරිමි ළමයෙක් සෙල්ලම් කරමින් හිටපු බෝලයක් නගරයේ කාණුව අස්සට ගිය බව කියමින් උදව් ඉල්ලනවා. මේක ඇතුළේදී මැක්ස් සහ ලූකස්ට මුහුණ දෙන්න වෙන සිදුවීම මොකක්ද? මේ අතරේ රොසාරියෝ ඩස්ටින්ට හෙළි කරන රහස මොකක්ද? අද කතාවෙන් ඉතුරු ටික දැනගනිමු. අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!

 

 

Stranger Things: Tales from ’85 Season 1 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

73 downloadsDownload Stranger-Things-Tales-from._85-S01E06.zip17 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

 

Next BT1Next BT1

 

Stranger Things: Tales from ’85 Sinhala Subtitles

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

73 downloadsDownload Subtitles17 KB

0 comments

No comments yet.