Watch Trailer

Stranger Things: Tales from ’85 [S01 : E07] Sinhala Subtitles | මහා කුණාටුවකට ඇතුළු වීම… [සිංහල උපසිරැසි]

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles මෙන්න අපි අරගෙන ආවා Stranger Things: Tales from ’85 කතා මාලාවේ හත්වැනි කොටස. පහුගිය කතාවෙ අන්තිමට අපි දැක්කා අපජල උමං පද්ධතිය ඇතුළේදී මැක්ස් සහ ලූකස් අද්භූත කානු සර්පයා එක්ක සටන් කල හැටි. ඒ වගේම පාසලේ රැඳවුම් අඩස්සියේ ඉන්න විල්, නිකී සහ මයික් ඇත…

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles

මෙන්න අපි අරගෙන ආවා Stranger Things: Tales from ’85 කතා මාලාවේ  හත්වැනි කොටස.  පහුගිය කතාවෙ අන්තිමට අපි දැක්කා අපජල උමං පද්ධතිය ඇතුළේදී මැක්ස් සහ ලූකස් අද්භූත කානු සර්පයා එක්ක සටන් කල හැටි. ඒ වගේම පාසලේ රැඳවුම් අඩස්සියේ ඉන්න විල්, නිකී සහ මයික් ඇතුළු කණ්ඩායමට අද්භූත සතෙක්ගේ ප්‍රහාරයක් එල්ලවන හැටිත් දැක්කා. අද කොටසින් බලමු මොන ජංජාලයක් ඊට පස්සේ වෙයිද කියලා. අද පළ වන කතාංගය ගැන:
  • හත්වැනි කොටස –  “Chapter Seven: Enter the Storm” – “මහා කුණාටුවකට ඇතුළු වීම….”
  • අධ්‍යක්ෂක – Phil Allora, Sarah Partington
  • තිරරචනය – Dan Milano
  • මුල්වරට විකාශය කෙරුණු දිනය –  2026 අප්‍රේල් 23
  • IMDb Ratings – 6.9/10

අද මොකද වෙන්නේ?  කලින් කොටසේ පෙන්වපු හිම කුණාටුව හෝකින්ස් වෙත දරුණු වේගයකින් කඩා වදිනවා. මෙතැනදී හිම කුණාටුවට අමතරව තවත් අද්භූත සත්වයන් රංචුවක් පාසලට එනවා. විල්, මයික්, නිකී ඇතුළු පිරිසට මෙයට මුහුණදෙන්න හැකිවෙයිද? මේ අතර මැක්ස් සහ ලූකස් අද්භූත සතුන්ගේ තර්ජනය තවමත් අවසන්වී නැති බව මිතුරන්ට දැනුම් දෙන්න උත්සාහ කරනවා. ඔවුන්ගේ උත්සාහය සාර්ථක වෙයිද? මේ අතරතුර තමන්ගේ ගෙදරම කොටුවෙලා ඉන්න ඉලෙවන්, මයික් ඇතුළු පිරිස අනතුරක ඉන්න බව දැනිලා තමන්ගේ මානසික බලය උපයෝගී කරගනිමින් ඔවුන් ඉන්න තැන් ගැන හොයනවා. හදිසියේම ඇයට දර්ශනය වෙන්නේ මොකක්ද?
 අද කතාවෙන් ඉතුරු ටික දැනගනිමු.

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!

 

 

Stranger Things: Tales from ’85 Season 1 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

54 downloadsDownload Stranger-Things-Tales-from._85-S01E07.zip15 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

 

Next BT1Next BT1

 

Stranger Things: Tales from ’85 Sinhala Subtitles

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

54 downloadsDownload Subtitles15 KB

0 comments

No comments yet.