Submergence (2017) Sinhala Subtitles | අන්ධකාර මහා සයුරේ දීප්තිමත් ආදරය…. [සිංහල උපසිරැසි සමඟ]
අපේ තාවකාලික ලැගුම්හල නම් වන්නා වූ මේ පෘථිවිය අපි හැමකෙනෙක්ම යම් දිනක හැර යනවා. ඒ තමයි ස්වභාවධර්මයේ නිතිය නමුත් ඔබට සදා කාලික නොවුවත් යම් කලක් හෝ මරණයෙන් මතුවත් ජිවත් විය හැකි කෙනෙකුගේ මතකයක් විලසින්. අපේ මේ ලෝකය කෙතරම් නම් එවැනි මතකයන්ගෙන් පිරී ඇති ද? බිලියන 7 ක් අතරේ තවත් බිලියන කියක් නම් ජිවත් වෙනවා ඇති ද? වේගයෙන් වෙනස් වෙන මේ ලෝකයේ සදාතනික ආදරය සාගරයකට උපමා කර ගෙතෙන මේ අහිමි ආදරයක හිමි මතකයක් ඔබ වෙත තබන්නයි සුදානම…
කලින් අපි මේ කතා කල ලෝකයේ වැඩි කොටසක් ආවරණය වී ඇති ජල ගෝලයේ අඳුරුතම කොන සොයා යන, ඉන් අපේ ලෝකයේ ඉතිහාසය ලොවට හඬගා කියන්නට පොර කන ඇය තමුන්ගේ ජිවිතයේ ලොකුම හීනය ඉහ අද්දර තියාන විවේක සුවයෙන් පසුවෙන්නේ ඇයගේ ජිවිතයේ උරුමක්කාරයා සොයාගෙන එනු ඇතැයි කියා සිහිනයකිවත් සිතාගෙන නොම වෙන්නට ඇති. ඇය ස්වභාවයෙන් තමුන්ගේ රැකියාව ජීවිතය කරගත් තැනැත්තියක් ඉතින් මේ අලුතෙන් හමුවෙන අමුත්තා ඇයටත් නොදැනීම ඇයගේ ජිවිතයට ඇතුල් වුනත්, ඔහු ගැන ඇය දන්නා ප්‍රමාණය ඔබටත් මටත් අල්පයි…. ඉතින් මේ විශ්වයේ රහස් සොයාගෙන යන ආදරවන්තිය දෛවයේ සරදමක් හමුවේ ජිවිතයෙන් බැට කන හැටි, විටෙක ඒ සරදමම ජිවිතයේ පන්නරය කරගෙන ඇයගේ ඉලක්කය සපුරාගෙන යන හැටි හැකිවේවි ඔබට දැකගන්නට.
ලොවක් බේරා ගැනීමට මරු කටට යාමට සුදානම් වෙන ඔහුගේ අවසාන විවේකය විය හැකි මේ විවේකය ඔහුගේ ජිවිතයේ උරුමක්කාරිය හමුවෙන ඒ සොදුරු මොහොත යැයි ඔහුත් සිහිනයකින්වත් නොහිතන්නට ඇති. සැබවින්ම ඔහු රහස් සොයා යන්නෙක්, ඔහුගේ සිත්ගත් ඇයත් එසේමයි, නමුත් ඇය රහස් සොයා මුහුදු පතුලට යන විට ඔහු රහස් සොයා යන්නේ මිනිස් සංහතියේ මිලේච්ඡයන් වෙත, ඔබ අනුමාන කළා නම් හරි, ඔහු වෘතියෙන් ඔත්තුකරුවෙක්…. ඉතින් මේ භයානක ජීවිතය ගෙවන, බැදීම් හැමදා අතේ දුරින් තියාගත් ඔහුත් නොසිතු ලෙස ඇය වෙත ආකර්ෂණය වීමට මුලික වෙන්නේ ඇය සොයා යන සාහරයමයි….
නමුත් මේ සලරුව දිව යන්නේ ඒ සොදුරු ආදරය බෙදා වෙන් කරන සාගරය මුලික කරගෙන, ඇය පෘථිවි තලයේ එහා අන්තයේ රහස් හොයනා විට, ඔහු ජරා ජීර්ණ සෝමාලියාවේ කුඩා කාමරයක ත්‍රස්තයන්ගේ සිරකරුවෙකු ලෙස ඇය නැවතත් ඔහුගේ පපුවට තුරුළු කරගැනීමට සිහින මවනවා… ඉතින් මතකයන් ලෙස දිග හැරෙන මේ ආදර කතාව හා මොවුන්ගේ වර්තමානය තුල ගෙතෙන සැබෑ ජිවිතයන්ගේ අවසානය කොහොම වේදැයි දැනගැනීමට ඔබට භාරයි….
Wim Wenders මුලිකත්වයෙන් නිර්මාණය වෙන මේ සිත්තම J. M. Ledgard ගේ නවකතාවක් ලෙස තමයි මුලින්ම ලොවට පහල වන්නේ. ඔස්කා සම්මාන ලාභී අති සුරුපී Alicia Vikander සහ James McAvoy ගේ චරිත නිරුපනයෙන් හැඩවෙන මේ Drama, Romance, Thriller කාණ්ඩයන් නියෝජනය කරන සලරුව දැන් ඔබට භාරයි.
එහෙනම් මහා සයුරේ ඔවුන් හා කිමිදෙන්න, ජීවිතය නම් උල්පතෙන් පැන් පොදක් රස විදින්න, ආයෙත් ඔබත් සමඟ එක්කාසු වෙන තෙක් ඔබ සැමට තෙරුවන් සරණයි..!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
2192 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanks saho
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
ඉසිම තෙරුමක් නැති ෆිල්ම් එකක්.කාලය අපරාදෙ .ඔබතුමාගෙ නිර්දේශ කිරිම අසාර්ථකයි .මෙව ඔය ලිපියෙ කියල තියෙන තරම් නම් නැ කියටවත්. වැඩක් නැ චිත්‍රපටය
ela saho thanks
Thanks saho sub ekata..:)
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
.sub සබ්ටයිට්ල් දෙන්න පුලුවන්ද? tv එකේ ප්ලේ වෙන්නේ නෑ .srt
Ela ela
thanx
Sub ekata thanx
Thanks saho sub ekata
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks
thanxx bro……….
tnx sahoo subata
Tks a lot..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
ස්තුතියි හසක්ත උපසිරැසියට… ජය…
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…….!
isthuthi broo
ස්තුති සහො
තෙරැවන්සරණයි
තුති වේවා සහො
thanks..
THANKS……………
subata thanks
Thank you machan sub ekata
බොහෝම ස්තූතියි හසන්ත අයියේ…!!
ජය වේවා..!! 😀
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!