අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Symbol aka Shinboru (2009) Sinhala Subtitles | සංකේතය [සිංහල උපසිරසි]

Rating: 7.3/10. From 7 votes.
Please wait...

Symbol aka Shinboru (2009) Sinhala Subtitles

බයිස්කෝප් සමග රැදී සිටින ඔබ සැමට ආයුබෝවන් කියන්න කැමැතියි. ඔන්න මගේ පස්වන උපසිරැසිය ලෙස මම මෙම චිත්‍රපටය ගෙන එන්න කැමැතියි.

しんぼる, Shinboru, සංකේතය, යනු ජපන් ජාතික අධ්‍යක්ෂකවරයෙකු වන හිතොෂි මත්සුමොටො (Hitoshi Matsumoto) විසින් අධ්‍යක්ෂණය කර ඔහු විසින්ම රඟපෑ 2009 වසරේ නිකුත් වූ ජපන් අධි යථාර්ථවාදී ප්‍රහසන චිත්‍රපටයකි. එය හොඳම නළුවා සහ හොඳම දෘශ්‍ය ප්‍රයෝග යන කාණ්ඩ යටතේ ආසියානු චිත්‍රපට සම්මාන සඳහා නිර්දේශ විය.

මෙම චිත්‍රපටය ජපන් ප්‍රේක්ෂකයින් විසින් සෘණාත්මක ලෙස පිළිගත්තත්, ජපානයෙන් පිටත වාණිජකරණය නොවූවත්, බටහිරින් එයට පුදුම සහගත ලෙස උණුසුම් ප්‍රතිචාර ලැබුනා. IMDb හි 6.9ක අගයක් දරන මෙම චිත්‍රපටයමිනිසෙක් බිත්තිවල බොත්තම් පිරුනු හැර හිස් සුදු කාමරයක අවදි වන අතර, ඔහුට අවශ්‍ය දේ ලබා ගැනීමට කුමන බොත්තම ඔබන්නේදැයි ඔහු විසින්ම සොයා බැලිය යුතුය යන තේමාව යටතේ ගොඩ නැගේ.

කතාව

චිත්‍රපටයේ ප්‍රධාන කතාන්දර දෙකක් අඩංගු වෙනවා. පළමුවැන්න මෙක්සිකෝවේ සිදු වන අතර එදින රාත්‍රියේ තරඟයකට සූදානම් වන විට එස්කාගොට් මෑන් (Escargot Man) වෙස්මුහුණු දාගත්තු මල්ලවපොර ක්‍රීඩකයෙකු සහ ඔහුගේ පවුලේ අය වටා කේන්ද්‍රගත වේ. මල්ලවපොර ක්‍රීඩකයා වයසින් වැඩෙන නිසාත් ඔහුගේ ප්‍රතිවාදියා ඔහුට වඩා ප්‍රබල සහ තරුණ නිසාත් ඔහුගේ පවුලේ අය ඔහු ගැන කනස්සල්ලෙන් ඉන්නෙ. කොහොම හරි, එයාගෙ පුතා සහ පියා තරඟය නැරඹන්න උනන්දුවෙන් තමයි ඉන්නෙ චිත්‍රපටයේ මෙම කොටස් ස්පාඤ්ඤ භාෂාවෙන් දෙබස් සහිත යථාර්ථවාදීව ගලාගෙන යනවා.

දෙවන පැත්ත, වඩා අධි යථාර්ථවාදී මේ කථා වස්තුවේ ජපන් ජාතිකයෙක් (හිතොෂි මත්සුමොටො, Hitoshi Matsumoto වන චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා) මිනිහා හිස් සුදු කාමරයක් ඇතුලෙ අවදි වන අතර, ඒකෙන් පැන මට මහත් අරගලයක් කරනවා. ඉතින් මේකේ හස්‍යවාදීම කොටස් තියෙන්නෙ චිත්‍රපටයේ මේ පැත්තේ. මොකද මිනිහට හරි හරි වැඩ තමයි වෙන්නෙ.

නිෂ්පාදනය

හිතොෂි මත්සුමොටො, Hitoshi Matsumoto චිත්‍රපටය යනු තිර රචනය සහ අධ්‍යක්ෂණය කළ පුද්ගලයා පමණක් නොව, සුදු කාමරයේ සිරවී සිටින මිනිසා ලෙසද රඟපායි. ඉදිරිපත් කිරීමෙහි විශාල කොටස් වාචික නොවන, සන්නිවේදනය මත පදනම් වී ඒකීය අවකාශයක පිහිටුවා ඇති බැවින්, しんぼる, Shinboru, සංකේතය, චිත්‍රපටය “අරගාමි” (Ryuhei Kitamura) සහ “කියුබ්” චිත්‍රපට මාලාව වැනි, චිත්‍රපට සමඟ සැසඳිය හැකියි.

චිත්‍රපටයේ සටහන සදහා Wikipedia උපයෝගි කරගන්නා ලදී.

ඔබ සැමට ජය!

Symbol, Symbol aka Shinboru, Symbol aka Shinboru (2009) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය DVDrip පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නාමල් දනුෂ්ක (Monee) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Symbol aka Shinboru (2009) Sinhala Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *